Snowden (2016) ඔහු ද්‍රෝහියෙක්ද? වීරයෙක්ද?

encoderdk

Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    Snowden (2016) ඔහු ද්‍රෝහියෙක්ද? වීරයෙක්ද?

    Snowden (2016)
    x265 BrRip 720p 10bit

    MV5BMTg2MzYzNzgzOF5BMl5BanBnXkFtZTgwOTg4NzQ4OTE@._V1_SY1000_CR0,0,641,1000_AL_.jpg


    එක එක අයට ඔහු වෙනස් විදියේ කෙනෙක්. සමහරෙක්ට ඔහු වීරයෙක්. සමහරෙක්ට ඔහු ද්‍රෝහියෙක්. වරෙක ඔහු එරෙහි වන්නෙක්,තවත්ව රෙක ඔහු දේශප්‍රේමියෙක්, ඒවගේම අනාවරණය කරන්නෙක්. ඔහුගේ නම එඩ්වඩ් ස්නෝඩන්. ඇමරිකාවේ උපත ලද ඔහු ඉතා දක්ෂ වෘත්තිමය පරිගනක ශිල්පියෙක්. ඔහු ඇමරිකාවේ රහස් තොරතුරු ආයතනය (CIA)වෙනුවෙන් සහ ජාතික ආරක්ෂක ආයතනය (NSA)වෙනුවෙන් වගේම තවත් ප්‍රධාන ආයතන වෙනුවෙන් සේවය කල දක්ෂ සේවකයෙක්. නමුත් ප්‍රධාන වශයෙන් හැමෝම ඔහුව හදුනන්නේ ඇමරිකානු රජයේ රහසිගත ආවේක්ෂණ (නිරීක්ෂණ)වැඩසටහන් ගැන ලෝකයට අනාවරණය කල කෙනා වශයෙන්. මුළු ලෝකයේම දුරකතන වාර්තා එකතුකිරීම ආදී ඇමරිකානු රජයේ නීතී විරෝධී ක්‍රියාකාරකම් ගැන ලොවට අනාවරණය කල ඔහුට විරුද්ධව බරපතල චෝදනා ගොනු කෙරුනු අතර පසුව රුසියාවට පැනගිය ඔහු අද වන විටත් රුසියානු රජයේ රැකවරණය යටතේ ජීවත්වෙනවා.

    ඉතින් මං ඉහතින් සදහන් කල එඩ්වඩ් ස්නෝඩන්ගේ සත්‍ය කතාව ඇසුරෙන් නිර්මාණය කල චිත්‍රපටිය තමා Snowden කියන්නේ. Biography,Drama,Thrillerයන කාණ්ඩයන්ට අයිතිවෙන මේ චිත්‍රපටිය මිනිත්තු 134ක් දිවයනවා. සැප්තැම්බර් මස 16වෙනිදා තමයි චිත්‍රපටිය නිකුත්වුනේ. imdb 7.4ක අගයක් අරගෙන තියෙනවා. ප්‍රධාන චරිතය වන එඩ්වඩ් ස්නෝඩන් විදියට සුපිරි නළු Joseph Gordon-Levittරංගනයෙන් දායක වෙනවා. ඒවගේම Shailene Woodley, Melissa Leo,Zachary Quinto,Nicolas Cage වැනි දක්ෂ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා. මේ වසරේ නිකුත්වුන ආන්දෝලනාත්මක චිත්‍රපටියක් විදියට හදුන්වන්න පුළුවන්. තවදුරටත් චිත්‍රපටිය ගැන කියන්න අවශ්‍ය වෙන්නේ නෑනේ. කොහොමත් මේක මේ වසරේ නිකුත්වුන සුපිරියක් කියලා හදුන්වන්න පුළුවන් වගේම අවධානය දිනාගත් චිත්‍රපටියක්.


    Source
    Biascopelk

    LINK
    http://x265mkv.com/download-snowden-2016-720p-10bit-web-dl-x265-hevc/
     
    Last edited:
    • Like
    Reactions: rudr@

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,298
    1
    13,201
    113
    Gotham City
    කුඩ්ඩා;20999499 said:
    Me hary poter needa?

    ඩාර්ක් නයිට් රයිසස් එකෙ තරුණ පොලිස් කාරයාට(රොබින්) ඉන්නෙ මූ තමා. බෘස්වෙන් අන්තිඅට බැට්මෑන් ලෙගසි එක ඉතුරු කරන්නෙ මූට.
    තව ඉන්සෙප්ෂන් එකෙත් ඉන්නවා පොර.