Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Social Phobia / සමාජ භීතිකාව - ජයගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Social Phobia / සමාජ භීතිකාව - ජයගමු

Social Phobia / සමාජ භීතිකාව - ජයගමු

විශාදය ගැන ඊලග පෝස්ට් එක දාන්න කලින් කීප දෙනෙක්ගේ ඉල්ලීමක් ඉටු කරන්න හිතුවා, කලින් ත්‍රෙඩ් එකෙ වගෙම PM වගෙකිනුත් අහල තිබ්බා Social Phobia/ Sociophobia නැත්නම් Social Anxiety Disorder (SAD) ගැන පෝස්ට් එකක් හදන්න කියලා.

විශාදය කලින් පෝස්ට් බලපු නැති අය මෙතනින් බලන්න..

#psychiatry dd

එහෙනම් අපි පටන්ගමු.....

මම තේරුම් ගැනීමෙ පහසුව තකා මෙම සාකච්ඡාව ප්‍රශ්න සහ පිලිතුරු (Q & A) ක්‍රමයකට කරන්නම්

1. මුලින්ම බලමු මොකක්ද Phobia කියන්නේ??

--- යම්කිසි දෙයක් හෝ අවස්තාවක් කෙරෙහි ඇති අසාමන්‍යය හෝ අධික බය හේතු කරගෙන ඒවා මගහැරීම තමයි අපි Phobia එකක් කියල කියන්නේ...

2. සමාජයේ බහුලව දක්නට ලැබෙන Phobia කීපයක් නම්,

1. Arachnophobia - මකුළුවන් කෙරෙහි ඇති බය.

2. Ophidiophobia - නයි කෙරෙහි ඇති බය.

3. Glossophobia - පිරිසක් ඉදිරියේ කතා කිරීමට ඇති බය.

4. Monophobia ---- - තනිවම සිටීමට ඇති බය.

5. Social Phobia- ස්මාජ භීතිකාවා..

මේ වගේ Phobia සිය දහස් ගනනක් අපිට කියන්න පුලුවන්.... අනික් Phobia දැනගන්න ඕනෙනම් මෙතනින් බලන්න...

නමුත් අද අපි කතා කිරීමට යන්නේ Social Phobia ගැනයි...

3. මොක්ද්ද මේ Social Phobia කියන්නේ??

----- කෙටියෙන්ම කිව්වොත් සමාජය තුල ගැවසීමටත්, අන්‍යොන්‍යය සබදතා පැවැත්වීමටත් ඇති බියයි..

4. අනික් අය මේ අයව දකින්නේ කෙසේද??

----- ලැජ්ජාශීලී, නිශ්ෂබ්ද, පසුගාමී, නිශේදිත, මිතුරු නොවන, නොසැලකිලිමත්, කලබල, කම්මැලි පිරිසක් විදියටයි.

5. නමුත් ඇත්තටම ඔවුන්??

----- යහළුවන් ඇතිකර ගැනීමට කැමති, කන්ඩායම් වලට සහභාගී වීමට කැමති, සමාජ අන්තර්ක්‍රියා වලට කැමති, නමුත් ඔවුන්ගේ Social Phobia තත්වය නිස ඒවා කිරීමට බය පිරිසකි.

6. බලපාන හේතු??

----- Social Phobia කියන්නේ තමන්ට විතරක් තියෙන දෙයක් නෙවෙයි, ගොඩාක් අය මුහුන දෙන දෙයක්, නමුත් මෙය ඇතිවන අවස්තා පුදගලයාගෙන් පුද්ගලයාට වෙනස්. අපි බලමු ඒ වගෙ පොදු හේතු කිහිපයක්, බලන්න ඔබට අදාල දෙයත් එතන තියෙනවාද කියල, නැත්නම් පහලින් කොමෙන්ට් එකක් දාන්න..

1. නුහුරු අලුත් පුද්ගලයින් මුනගැසීම.

2. ප්‍රසිද්දියේ කතා කිරීම.

3. වේදිකාවක් මත යමක් ඉදිපත් කිරීම.

4. වටපිටවේ අයගේ අවධානයට ලක්වීම.

5. යමක් කරන විට වෙනත් අයෙක් බලා සිටීම.

6. විවේචනයට ලක් වීම.

7. විශේෂ පුද්ගලයින් සමග කතා කිරීම.

8. පංතියකදී ගුරුවරයකු කතා කිරීම.

9. Date එකකදී.

10. මීටිමක කතා කිරීම.

11. විභාගයකදී.

12. පොදු වැසිකිලි භාවිතයේදී.

13. දුරකතන ඇමතුමකදී.

14. පාටි වලදී.

මේ වගෙ දෙවල් වලදී Social Phobia බහුලව ඇති වෙනවා

7. රෝග ලක්ෂන??

----- සමාජය සමග කටයුතු කරන විට කලාතුරකින් තමන්ට එක බය Social Phobia කියල හිතන්න එපා, කතාවක් කිරීමට, විභාගයකට පෙර අපිට බියක් ඇතිවීම සාමන්‍යය දෙයක්. ඒවා Social Phobia නොවෙයි මොකද එම කුඩා බිය අපගේ ජීවිත්යේ එදිනෙදා කටයුතු වලට බලපැමක් ඇති වෙන්නේ නැති නිසා. නමුත් ඒ බිය මගින් පගේ ජීවිත්යේ එදිනෙදා කටයුතු වලට බලපැමක් එනවානම් එය බොහෝ විට Social Phobia විය හැකියි.

අපි දැන් බලමු Social Phobia හිදී ඇතිවන රෝග ලක්ශන කිහිපයක්.

> මානසික රෝග ලක්ෂන --

1. සමාජය සමග ගැවසෙන විට ඇති අධික සබකෝලය හා සාංකාව.

2. ඉදිරියෙදී පිරිසක් සමග කරන්නට ඇති දෙයක් සිතමින්, දවස්, සති, මාස ගනන් පීඩා විදීම.

3. අනෙක් අය විශේශයෙන් තමන් නොදන්නා අය බලාගෙන සිටින විට හෝ විනිශ්චය වීමට ඇති අධික බය.

4. තමන් අපසුතාවට, ලැජ්ජාවට පත්වෙන ආකාරයට ක්‍රිය කරයි කියා තමුන්ම බිය වීම.

5. තමන් කලබල වී සිටින බව අනික් අය දැන ගනීයැයි ඇති බිය.

> කායික රෝග ලක්ෂන --

පිරිසක් ඉදිරියේදී...

1. මුහුන රතු වීම.

2. හුස්ම ගැනීමේ අපහසුව.

3. බඩ දැගලීම, වමනය ගතිය.

4. වෙව්ලීම.

5. හද ගැස්ම වැඩි වීම.

6.දාඩිය දැමීම.

7. ක්ලාන්ත ගතිය සහ කලාන්තය දැමීම.

> හැසිරීම සම්භන්ද ලක්ශන --

1. සමාජ ඝට්ටනය අවම කිරීම, (එමගින් තමන්ට අවාසි සිදුවුනද.)

2. සමාජයේ ගැවසෙන විට නිශෂබ්ද වීම සහ සැගවීම.

3. ඕනෑම තැනකට තමාට පහසු විශ්වාසවන්ත අයෙකු ගෙන යාම.

4. සමාජයට යෑමට පෙර මත් පැන් පානය.

දැන් Social Phobia කියන්නේ මොකක්ද කියලා අදහසක් හැමෝටම ඇති, නමුත් අපිට අවශ්‍යය වන්නේ රෝගය ගැන විස්තර වලට වඩා ඒවයෙන් ගොඩ එන විදිය දැනගන්නයි...

මේකෙදිත් මගෙ කලින් විශාදය පෝස්ට් එකෙ දැම්මා වගෙම මනස පුහුනු කරන්න ඔනෙ විදිහක් තියෙන්වා...

අපි එහෙනන් බලමු කොහොමද Social Phobia වලින් ගොඩ එන්නෙ කියලා... මම කියන්නේ නෑ මේ දේවල් කරන්න ලේසියි කියලා, අමාරුයි, හැබැයි අමාරු දේ කලොත් හොද ප්‍රතිපල ලැබෙයි.

8. කොහොමද ගොඩ එන්නේ??

මම මෙය - මානසික පුහුනුව සහ ප්‍රතිකාර ක්‍රම කියන මාතෘකා දෙක යටතේ කතා කරන්නම්..

මානසික පුහුනුව...

මම මේය කරුනු 6ක් යටතේ කත කරන්නම්.

ඒවා තමයි.

1. සෘනාත්මක සිතුවිලි වලට අභියෝග කරන්න.

2. තමන් කෙරෙහි නොව, අනෙක් අය කෙරෙහි අවදානය යොමු කරන්න.

3. හුස්ම පාලනය කරන්න.

4. ඔබේ භීතිකවට මුහුන දෙන්න.

5. වඩා සමාජීය වීමට වෑයම් කරන්න.

6. කාංසාවට එරෙහි ජීවන රටාවකට හුරුවන්න. (Antianxiety lifestyle)

අපි මේ එකිනෙක ගැන දැන් කතාකරමු.

1. සෘනාත්මක සිතුවිලි වලට අභියෝග කරන්න.

-Social Phobia සහිත පුදගලයෙක්ට විවිධ සෘනාත්මක සිතුවිලිම් ඇති වෙනවා. ඒවා කීපයක් තමයි--

> මම මෝඩයෙක් වගේ පෙනෙයි.

> මම කටහඩ වෙව්ලයි, ලැජ්ජා වෙන්න වෙයි.

> මිනිස්සු මම මන්දබුද්දිකයෙක් කියල හිතයි.

> මට කියන්න දෙකුත් නැහැ ලොකුවල, අනික් අයට කම්මැලි හිතෙයි.

ඔබ කල යුත්තේ අමාරුවෙන් හෝ මෙම සිතිවිලි වලට එරෙහිව අභියෝග කිරීමයි.. ඒ කොහොමද??

>>> පියවර - 1 - සමාජය තුල ගැවසෙන විට ඔබ නොදැනුවත්වම ඔබ තුල ඇතිවන බිය හදුනාගන්න.

හිතන්න ඔබට දෙනවා ඔබ රැකියාව කරන තැන Presentation එකක් කරන්න, එතකොට ඔබ කලින්ම හිතාගන්නව "වැඩක් නෑ මට මෙක කරන්න බෑ, මම වැඩේ කා ගනියි" කියල..

ඔන්න ඔබට ඇති උනා බියක්, එනම් සෘනාත්මක සිතුවිල්ලක්, එය අදුනාගැනීමයි ඔබ මුලින්ම කරන්න ඔනෙ...

මෙය අවස්තවෙන් අවස්තාව වෙනස්, ටිකක් කල් කරනකොට ඔබටම තේරෙයි මට මේ තියෙන බයට හේතු වෙල තියෙන්නේ මට නොදනුවත්වම ඇතිවන එක සිතුවිල්ලක් කියන එක. මෙ උදාහරනයේදී නම් "මට හරියට වැඩක් කරන්න බෑ" කියන එකයි.

>>> පියවර - 2 - ඔබ ඉහත හදුනාගත් සිතුවිල්ල හොදින් විශ්ලේශනය කර එයට අභියෝග කරන්න.

දැන් ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරගන්න,,

මම කොහොමද කියන්නේ මට මේක බෑ කියල?, මම කොහොමද දන්නේ මම වැඩේ අනාගනියි කියලා?, මම කලබල වෙලා පොඩ්ඩක් වැරදුනා කියලා මිනිස්සු හිතයිද මම වැඩ බැරි කෙනෙක් කියලා?

මේ වගෙ ඔබට ඇතිවන සෑම සෘනාත්මක හැගීමකට එරෙහිව ප්‍රශ්න කරන්න, ඔබෙ යටිසිතට ඔබේ පාලනය දෙන්න එපා, සෑම විටම ප්‍රශ්න කරන්න. එවිටම ඔබට තෙරෙවි මම බොරුවට නේද බය වෙලා තියෙන්නේ කියන එක,

මේ ක්‍රමය කාලයක් පුහුන කරන විට ඔබ නොදැනුවත්වම ධනාත්මකව හිතන්න අරන්, මොක්ද සෘනාත්මක සිතුවිලි වලින් ඔබම ඔබව හෙම්බත් කරගෙන නිසා..

මෙ දේ දවසින් දෙකෙන් කරන්න පුලුවන් දෙයක් නෙවේ, හොද අදිශ්ටානයක් එක්ක කාලයක් යන දෙයක්..

අපි ඊලග කොටසට යන්න කලින් බලමු -- අපේ Social Phobia ඇතිවන්නට උපකාරී වන සිතුවිලි ක්‍රම ටිකක්...

1. සිත කියවීම (Mind reading) - අපි හිතනවා අනෙක් පුද්ගලය හිතන දේ අපි දන්නවා කියලා. ඔබ, තමන් ගැන හිතන සෘනාත්මක ආකාරයටම ඔහුත් ඔබ ගැන සිතනවා කියලා ඔබ කියනවා.

2. ශාස්ත්‍ර කීම/ අනාගතය (Fortune telling) - අපි අනාගතය කියනවා, අපි දැනටමත් හිතාගෙන ඉන්නෙ ඉස්සරට අපි කරන වැඩේ අසාර්තක වෙනවා කියලා. එහෙම හිත් හිත පීඩා විදිනවා.

3. ව්‍යසනයක් සේ සිතීම (Catastrophizing) - අපි කලබල වෙලා ඉන්න බව මිනිසුන් දැනගත්තොත් මහා විනාසයක් වෙන්නෙ කියල සිතීම.

4. පුද්ගලාරෝපණය (Personalizing) - අනික් අය තමන් ගැන සෘනාත්මක විදිහට හිතනවා යයි සිතීම, ඒ වගේම අනික් අයට සිදුවන අයහපත් දේකට තමන් වගකිවයුතු බව සිතීම.

2. තමන් කෙරෙහි නොව, අනෙක් අය කෙරෙහි අවදානය යොමු කරන්න.

අපි හැමෝම සමාජීය ක්‍රියාකාරකම් වලදී කලබල වෙන්වා. නමුත් ---- ඇති පුද්ගලයා හිතන්නට ගන්නවා "හැමෝම මගේ දිහා බලන් ඉන්නේ, මම හොදට ඉන්න ඕනේ, මම කලබල වෙලා ඉන්නේ කියල පෙන්නන්න හොද නෑ" කියලා. එහෙම හිතල සම්පූර්න අවදානය යොමු කරන්නේ තමන් ඉන්න විදිහට, කතා කරන, ඇදුමට වගෙ දේ වලට. ඔහු උත්සහ කරනවා සෑම විටම මෙ දේවල් සකසමින් තමන් කලබල නෑ කියල පෙන්නන්න. නමුත් මේකෙන් වෙන්නේ තමුන් කලබලයි කියන එක ඉත හොදින් පෙන්වීමයි.

මේ දෙයින් වැලකීමට අපට පුලුවන් අප ගැන නොවේ වටෙ ඉන්නා අය. සිදුවන දේ ගැන අවදානය යොමු කරන්න, එයින් තමාගේ කලබල ගතියද පහව යාවි.

මෙන්න මෙහෙමයි ඒක කරන්නෙ---

>> අනික් පුද්ගලයින් කෙරෙහි අවදානය යොමු කරන්න - ඔවුන් ඔබ ගැන සිතන දේ කෙරෙහි නොවේ.

>> මතක තබාගන්න කාංසාව (Anxiety) කියන්නේ ඔබ සිතන තරම් පෙනෙන/ දෘශ්‍යමාන දෙයක් නොවෙයි. - ඔබ කලබල වෙලා ඉන්නේ කියල සමහර පුද්ගලයින් දැනගත්තත්, එක ඔවුන් ගනන් ගන්නේ නැහැ. මොකද කලබල වීම හැම කෙනෙක්ටම පොදුයි.

>> කියන දේට අවදානය යොමු කරන්න, තමන්ගේ සෘනාත්මක සිතුවිලි වලට නොවේ.

>> මේ මොහොතේ සිදුවන දේ ගැන අවදානය යොමු කරන්න. ඉදිරියේදී සිදුවන්නට තිබෙන දෙයක් ගැනවත්, අතීතයෙ සිදු වූ දෙයක් ගැනවත් නෙවෙයි.

3. හුස්ම පාලනය කරන්න.

අපි ඉහතදීත කතා කලා කාංසාව ඇති විට අපගේ විවිධ කායික වෙනස්කම් සිදුවනවා කියා. ගොඩාක් බහුලවම වන දෙයක් තමයි හයියෙන් ඉක්මනින් හුස්ම ගැනීම.

මෙහිදී අපගේ සිරුරේ CO2 සහ O2 සමබරතාවය බිද වැටී තව තවත් ලක්ශන ඇති වෙන්න පුලුවන්. කැර්කිල්ල, හුස්ම ගැනීමෙ අපහසුව, පපු ගැස්ම වැඩි වීම, මාංශ පේශී තද වීම වැනි.

මේ සියලු දේ පාලනය කරන්න පුලුවන් අපිට හුස්ම පාලනයෙන්.

බලමු පියවර වශයෙන් එය කරන්නේ කොහොමද කියලා.

>>>>> පහසුවෙන් වාඩි වෙන්න - කොන්ද කෙලින්, උරහිස ලිහිල් කරගෙන වාඩිවෙන්න. එක් අතක් පපුවේ තබා ගන්න, අනෙක් අත උදරය මත තබා ගන්න.

>>>>> සෙමින් තත්. 4ක් වැනි කාලයක් ගැඹුරු හුස්මක් ගන්න. උදරය මත තබාගත් අත ඉහලට එසවෙනවා ඔබට දැනෙයි. පපුව මත ඇති අත මදක් ඉහලට එසවේ.

>>>>> තත්. 2ක් හුස්ම අල්ලන් ඉන්න.

>>>>> දැන් සෙමෙන් තත්. 6ක් පුරාවට කටින් හුස්ම පිට කරන්න.

>>>>> මෙය කිහිප වරක් කරන්න. ඔබගේ හුස්ම පාලනය වේවී.

( බෞද්ධයෙක් නම් ආනාපානාසතිය පුහුනු කරන්න, දවසට මින්. 5ක් පමන සෑහේ)

4. ඔබේ භීතිකවට මුහුන දෙන්න.

මෙය වඩාත්ම උපකාරී වන ක්‍රමයක් කිව්වොත් නිවැරදියි. තමන්ට බය හිතෙන අවස්තා මග හැරීමෙන් වන්නේ ඒ සදහා බය තව තවත් වැඩි වීමයි. එපමනක් නොවේ, තමන්ගේ ඉලක්ක කරා යන්නටත් එය බාදාවක්.

නමුත් ඔබ වඩාත්ම බිය අවස්තාවන් වලට එක වරම මුහුන දෙන්න එපා.

පොතක් ගන්න, එහි ලියාගන්න තමන් බය මොන වගෙ දේවල් වලටද කියලා, ඊලගට ඒවාට ඔබ බයේ පිලිවෙලට අංකයක් දෙන්න. වඩාත් බය අවස්තාවට අංක 1 දෙන්න.. ඊලගට ඔබ අඩුම බය අවස්තාවෙන් පටන් ගන්න, එයට මුලින් මුහුන දෙන්න.. අපහසුනම් ඔබ ලගින් සිටින ඔබ කැමති අයෙකුගෙ උදව් ලබාගන්න.

මෙහිදී වැදගත්ම ආයුදය නම් ඉවසීමයි.

අපි මේකට කියන්නේ Graded exposure to fearfull situations කියලා.

උදාහරනයක් බලමු.. රැකියවේදී අනෙකුත් සම සේවකයින් සමග ඉන්න අවස්තාවක් ගමු. මෙන්න මෙහෙමයි ඔබ ඒ අවස්තාවට මුහුන දෙන්නේ. නමුත් මේ සියල්ල එකම දවසෙ කරන්න හදන්න එපා.

>>> පියවර 1 - උදෑසන හමුවන සේවකයින්ට Goodmorning කියා ආචාර කරන්න.

>>> පියවර 2 - ඔවුන් කරන වැඩ පිලිබදව විමසන්න.

>>> පියවර 3 - ඔවුන් සති අන්තයෙ කල දෙවල් ගැන අහන්න, තමන් ගැන කියන්න.

>>> පියවර 4 - Staff room එකේ තේ බොන්න යන්න.

>>> පියවර 5 - Staff room එකේ දවල් කෑමට යන්න.

>>> පියවර 6 - Staff room එකේ කෑම කන ගමන් අනෙක් සේවකන් සමග කතා කරන්න. (දේශගුනය, ක්‍රීඩා වගෙ දේ.)

>>> පියවර 7 - වැඩ ඇරීමෙන් පසු සේවකයෙක්ට තේ එකකට ආරාධනා කරන්න.

>>> පියවර 8 - සේවක කන්ඩායම් සමග කෑමට එලියට යන්න.

>>> පියවර 9 - තමන්ගෙ පෞද්ගලික විස්තර ඔවුන් සමග බෙදාගන්න.

>>> පියවර 10 - Staff පාටි වලට යන්න..

5. වඩා සමාජීය වීමට වෑයම් කරන්න.

කන්ඩායම් සමග කරන ක්‍රියා වලට අමාරුවෙන් හෝ වැඩි වැඩියෙන් නිරත වන්න.

උදා -

> රැකිය ස්තානයේ සංවිදානය කරන ශ්‍රමධානයක්.

> ගමේ අවුරුදු උත්සවේ.

> වෙසක් එකට කට්ටිය එක්ක අකතු වෙල කරන පහන් කූඩු, දන්සැල්.

> පාසලේ කටයුතු, විනෝද සවාරි.

6. කාංසාවට එරෙහි ජීවන රටාවකට හුරුවන්න. (Antianxiety lifestyle)

මානසික පුහුනුව පමනක් නොවේ අපගේ ජීවන රටාව පවා කාංසාවට බලපානවා. ඒ නිසා අපි ජීවන රටාවත් කාංසාවට එරෙහිව හදාගමු.

>>>>> කැෆීන් (caffeine) සහිත බීම නවත්වන්න/ අඩු කරන්න - එනම් කෝපි, තේ, සෝඩා, ශක්තිජනක බීම වගේ දේ.

>>>>> ක්‍රියාශීලී වන්න - දවසට මිනි.30 ක් පමන ව්‍යායාමක යෙදෙන්න. අකමැතිනම් ඔබ කැමති ශරීරය වෙහෙස වන ක්‍රියාවක යෙදෙන්න..(ක්‍රීඩාවක්, බයිසිකල් පදින්න, නටන්න.)

>>>>> ඔබගේ ආහාරයට ඔමෙගා 3 මේදය (Omega- 3 fat) එකතු කරගන්න - සැමන්, හාල්මැස්සෝ, සාඩින්, හුරුල්ලා, කුම්බලාවා, වැනි මාලු වර්ග, මූදු පැළෑටි ආශ්රිත ආහාර වැනි දේ.

>>>>> මත්පැන් පානය අඩු කරන්න/ නවතන්න.

>>>>> දුම් පානය සම්පූර්නයෙන් නවතන්න.

>>>>> රාත්‍රියෙ නිදි මරන්න එපා, හොද නින්දක් ගන්න.

මානසික පුහුනුව යටතේ අපිට මේ දේවල් පුහුනු කරන්න පුලුවන්, කරලා බලන්න, වෙනසක් ඔබටම දැනේවි.

දැන් අපි බලමු ප්‍රතිකාර ක්‍රම කීපයක්.

ඔබ ඉහත ක්‍රම සියල්ලම කරලත් තවමත් ඔබට කිසිදු සහනයක් නොමැතිනම් ඔබට වෛද්‍යවරයෙකුගෙ උපදෙස් අවශ්‍යයයි. (නමුත් ඔබ ඔබටම බොරු කරගන්නේ නැතුව ඉහත ක්‍රම කැපවීමෙන් කර බලන්න.) වෛද්‍ය විද්‍යාවේ එන ප්‍රතිකාර ක්‍රම කීපයක් ගැන අපි දැන් බලමු.

මෙහි කොටස් දෙකයි.

1. චිකිත්සාව

2. ඖෂධ ප්‍රතිකාර.

1. චිකිත්සාව.

>> මේ යටතේ ප්‍රදානතම ප්‍රතිකාර ක්‍රමය තමයි CBT (Cognitive - Behavioral Therapy ) කියන්නේ.

Social Phobia සදහා CBT පහත කොටස් වලින් සමන්විතයි. (මම ඉහත කතා කල ක්‍රම වලට මෙය බෙහෙවින් සමාන බව ඔබට පෙනෙයි.)

1. කාංසාවේ (Anxiety) කායික රෝග ලක්ශන පාලනයට උගෙනීම - ශ්වසන අභ්‍යාස හා අනෙකුත් Relaxation techniques තුලින්.

2. ඔබගේ සෘනාත්මක සිතුවිලි වලට එරෙහිව අභියෝග කරන්න.

3. පියවර වශයෙන් ඔය බිය දක්වන අවස්තා වලට මුහුන දෙන්න.

4. මීට අමතරව කන්ඩායම් ක්‍රියා වල ඔබ නිරත කිරීම, ව්‍යායාම වල යෙදවීම වගෙ දේ සිදු කරනවා.

2. ඖෂධ ප්‍රතිකාරය.

>>> අපි කාංසාවේ රෝග ලක්ශන වලින් සහනයක් සැලසීමට ඖෂධ යොදාගන්නවා. නමුත් මෙය රෝගය සුව කිරීමේ ප්‍රතිකාර ක්‍රමයක් නොවේ. ඔබ මානසික පුහුනුවේදී ඒ සදහා යම්කිසි උදව්වක් මේ මගින් ලබා දෙන්න පුලුවන්.

අපි බලමු මෙහිදී භාවිතා වන ඖෂධ කීපයක් ඉතා කෙටියෙන්(ගැඹුරෙන් ඒ ගැන පස්සේ ත්‍රෙඩ් එකකින් කතා කරන්නම්.)

1. Beta Blockers - මෙවා මානසික ලක්ශන නොවෙයි, අත, කටහඩ වෙව්ලීම, දාඩිය දැමීම, හෘද ස්පන්දනය වැනි කායික රෝග ලක්ශන පාලනයට යොදාගන්නවා.

2. Antidepressants (විශාදනාශක.) - අධික Social Phobia හිදී භාවිතා කරනවා.

3. Benzodiazapines - මේවාට සාමන්‍යයෙන් ඇබ්බැහි වීමක් වෙන්න පුලුවන්, ඒ නිසා අපි මෙවා භාවිතා කරන්නේ ඉහත කියපු ඖෂධ අසාර්තක උනොත් විතරයි.

ටිකක් දීර්ඝ ලිපියක්, හිතනව මේක හොදට කියවල ප්‍රයොජනයක් ගනියි කියලා. කාටහරි වැදගත් වෙයි කියලා හිතනවා.

එහෙනම් මෙතනින් මම අද පෝස්ට් එක නවත්වන්නම්.

මගේ ඊලග ත්‍රෙඩ් එකෙන් විශාදයට ලබදෙන ඖෂද කෙතරම් දුරට සාර්තකද යන්න කතාකරන්නට හිතුවා, මොකද මට PM වගයක් ආවා බෙහෙත් ගත්තාට කමක් නැද්ද, දැන් කාලයක් තිස්සේ ගන්නවා අඩුවක් නැ කියල, පිලිතුරක් ලැබෙයි ඊලග ත්‍රෙඩ් එකෙන්..

( My next Thread - විශාදය 4 - විෂාදනාශක කෙතරම් දුරට සාර්තකද? )

හොදනම් රෙප් එකක් දීල යන්න.

ස්තූතියි... සුබ දවසක්

My Previous threads

විශාදය 3 - ශරීරයට බලපෑම.

විශාදය 2 - මානසික විසදුම් 6 ක්.

විශාදය 1 - බලපාන ප්‍රධානතම කරුනු 6.

ව්‍යායාම තුලින් මානසික සුවය.....

EQ & Life (ජීවිතය සහ චිත්තවේගාත්මක ඵලය(EQ))

Mental Illnesses - Don't GiveUP... Be strong.

මානසික රෝග ජයගන්න, නැගීසිටින්න (sinhala translation).

10 Brutal truths of life...ජීවිතයේ තිත්ත ඇත්ත - 10ක්.

STUDY TIPS.. පාඩම් කරන අයට මතක තබාගැනීමේ ක්‍රම.

[QUOTE="divoomdelux, post: 23179077, member: 189016"] [b]Social Phobia / සමාජ භීතිකාව - ජයගමු[/b] [SIZE="5"] [COLOR="DarkRed"][SIZE="6"][U][B][CENTER]Social Phobia / සමාජ භීතිකාව - ජයගමු[/CENTER][/B][/U][/SIZE][/COLOR] [CENTER][IMG]http://www.ai-therapy.com/blog/wp-content/uploads/2014/02/erase-social-anxiety.jpg[/IMG][/CENTER] [COLOR="darkred"]විශාදය ගැන ඊලග පෝස්ට් එක දාන්න කලින් කීප දෙනෙක්ගේ ඉල්ලීමක් ඉටු කරන්න හිතුවා, කලින් ත්‍රෙඩ් එකෙ වගෙම PM වගෙකිනුත් අහල තිබ්බා Social Phobia/ Sociophobia නැත්නම් Social Anxiety Disorder (SAD) ගැන පෝස්ට් එකක් හදන්න කියලා. [/COLOR] [COLOR="Blue"]විශාදය කලින් පෝස්ට් බලපු නැති අය මෙතනින් බලන්න.. [/COLOR][URL="http://www.elakiri.com/forum/tags.php?tag=%23psychiatry+dd"][COLOR="Red"][SIZE="6"][I][B]#psychiatry dd[/B][/I][/SIZE][/COLOR][/URL] [COLOR="DarkRed"]එහෙනම් අපි පටන්ගමු..... මම තේරුම් ගැනීමෙ පහසුව තකා මෙම සාකච්ඡාව ප්‍රශ්න සහ පිලිතුරු (Q & A) ක්‍රමයකට කරන්නම් [/COLOR] [COLOR="Red"][B]1. මුලින්ම බලමු මොකක්ද Phobia කියන්නේ??[/B][/COLOR] [COLOR="Blue"]--- යම්කිසි දෙයක් හෝ අවස්තාවක් කෙරෙහි ඇති අසාමන්‍යය හෝ අධික බය හේතු කරගෙන ඒවා මගහැරීම තමයි අපි Phobia එකක් කියල කියන්නේ...[/COLOR] [COLOR="red"][B]2. සමාජයේ බහුලව දක්නට ලැබෙන Phobia කීපයක් නම්, [/B][/COLOR] [COLOR="Blue"]1. Arachnophobia - මකුළුවන් කෙරෙහි ඇති බය. 2. Ophidiophobia - නයි කෙරෙහි ඇති බය. 3. Glossophobia - පිරිසක් ඉදිරියේ කතා කිරීමට ඇති බය. 4. Monophobia ---- - තනිවම සිටීමට ඇති බය. 5. Social Phobia- ස්මාජ භීතිකාවා..[/COLOR] [COLOR="DarkRed"]මේ වගේ Phobia සිය දහස් ගනනක් අපිට කියන්න පුලුවන්.... අනික් Phobia දැනගන්න ඕනෙනම් [URL="https://www.fearof.net/"][SIZE="5"][COLOR="Red"]මෙතනින්[/COLOR][/SIZE][/URL] බලන්න...[/COLOR] [COLOR="Blue"]නමුත් අද අපි කතා කිරීමට යන්නේ Social Phobia ගැනයි...[/COLOR] [COLOR="red"][B]3. මොක්ද්ද මේ Social Phobia කියන්නේ??[/B][/COLOR] [COLOR="blue"]----- කෙටියෙන්ම කිව්වොත් සමාජය තුල ගැවසීමටත්, අන්‍යොන්‍යය සබදතා පැවැත්වීමටත් ඇති බියයි..[/COLOR] [COLOR="red"][B]4. අනික් අය මේ අයව දකින්නේ කෙසේද??[/B][/COLOR] [COLOR="blue"]----- ලැජ්ජාශීලී, නිශ්ෂබ්ද, පසුගාමී, නිශේදිත, මිතුරු නොවන, නොසැලකිලිමත්, කලබල, කම්මැලි පිරිසක් විදියටයි.[/COLOR] [COLOR="red"][B]5. නමුත් ඇත්තටම ඔවුන්??[/B][/COLOR] [COLOR="blue"]----- යහළුවන් ඇතිකර ගැනීමට කැමති, කන්ඩායම් වලට සහභාගී වීමට කැමති, සමාජ අන්තර්ක්‍රියා වලට කැමති, නමුත් ඔවුන්ගේ Social Phobia තත්වය නිස ඒවා කිරීමට බය පිරිසකි.[/COLOR] [COLOR="red"][B]6. බලපාන හේතු??[/B][/COLOR] [COLOR="blue"]----- Social Phobia කියන්නේ තමන්ට විතරක් තියෙන දෙයක් නෙවෙයි, ගොඩාක් අය මුහුන දෙන දෙයක්, නමුත් මෙය ඇතිවන අවස්තා පුදගලයාගෙන් පුද්ගලයාට වෙනස්. අපි බලමු ඒ වගෙ පොදු හේතු කිහිපයක්, බලන්න ඔබට අදාල දෙයත් එතන තියෙනවාද කියල, නැත්නම් පහලින් කොමෙන්ට් එකක් දාන්න..[/COLOR] [COLOR="blue"][I]1. නුහුරු අලුත් පුද්ගලයින් මුනගැසීම. 2. ප්‍රසිද්දියේ කතා කිරීම. 3. වේදිකාවක් මත යමක් ඉදිපත් කිරීම. 4. වටපිටවේ අයගේ අවධානයට ලක්වීම. 5. යමක් කරන විට වෙනත් අයෙක් බලා සිටීම. 6. විවේචනයට ලක් වීම. 7. විශේෂ පුද්ගලයින් සමග කතා කිරීම. 8. පංතියකදී ගුරුවරයකු කතා කිරීම. 9. Date එකකදී. 10. මීටිමක කතා කිරීම. 11. විභාගයකදී. 12. පොදු වැසිකිලි භාවිතයේදී. 13. දුරකතන ඇමතුමකදී. 14. පාටි වලදී.[/I][/COLOR] [COLOR="blue"]මේ වගෙ දෙවල් වලදී Social Phobia බහුලව ඇති වෙනවා [/COLOR] [COLOR="red"][B]7. රෝග ලක්ෂන??[/B][/COLOR] [COLOR="blue"]----- සමාජය සමග කටයුතු කරන විට කලාතුරකින් තමන්ට එක බය Social Phobia කියල හිතන්න එපා, කතාවක් කිරීමට, විභාගයකට පෙර අපිට බියක් ඇතිවීම සාමන්‍යය දෙයක්. ඒවා Social Phobia නොවෙයි මොකද එම කුඩා බිය අපගේ ජීවිත්යේ එදිනෙදා කටයුතු වලට බලපැමක් ඇති වෙන්නේ නැති නිසා. නමුත් ඒ බිය මගින් පගේ ජීවිත්යේ එදිනෙදා කටයුතු වලට බලපැමක් එනවානම් එය බොහෝ විට Social Phobia විය හැකියි.[/COLOR] අ[COLOR="blue"]පි දැන් බලමු Social Phobia හිදී ඇතිවන රෝග ලක්ශන කිහිපයක්.[/COLOR] [COLOR="DarkRed"][B]> මානසික රෝග ලක්ෂන --[/B][/COLOR] [COLOR="Blue"]1. සමාජය සමග ගැවසෙන විට ඇති අධික සබකෝලය හා සාංකාව. 2. ඉදිරියෙදී පිරිසක් සමග කරන්නට ඇති දෙයක් සිතමින්, දවස්, සති, මාස ගනන් පීඩා විදීම. 3. අනෙක් අය විශේශයෙන් තමන් නොදන්නා අය බලාගෙන සිටින විට හෝ විනිශ්චය වීමට ඇති අධික බය. 4. තමන් අපසුතාවට, ලැජ්ජාවට පත්වෙන ආකාරයට ක්‍රිය කරයි කියා තමුන්ම බිය වීම. 5. තමන් කලබල වී සිටින බව අනික් අය දැන ගනීයැයි ඇති බිය.[/COLOR] [COLOR="darkred"][B]> කායික රෝග ලක්ෂන --[/B][/COLOR] [COLOR="blue"]පිරිසක් ඉදිරියේදී... 1. මුහුන රතු වීම. 2. හුස්ම ගැනීමේ අපහසුව. 3. බඩ දැගලීම, වමනය ගතිය. 4. වෙව්ලීම. 5. හද ගැස්ම වැඩි වීම. 6.දාඩිය දැමීම. 7. ක්ලාන්ත ගතිය සහ කලාන්තය දැමීම.[/COLOR] [COLOR="darkred"][B]> හැසිරීම සම්භන්ද ලක්ශන --[/B][/COLOR] [COLOR="blue"]1. සමාජ ඝට්ටනය අවම කිරීම, (එමගින් තමන්ට අවාසි සිදුවුනද.) 2. සමාජයේ ගැවසෙන විට නිශෂබ්ද වීම සහ සැගවීම. 3. ඕනෑම තැනකට තමාට පහසු විශ්වාසවන්ත අයෙකු ගෙන යාම. 4. සමාජයට යෑමට පෙර මත් පැන් පානය.[/COLOR] [COLOR="blue"]දැන් Social Phobia කියන්නේ මොකක්ද කියලා අදහසක් හැමෝටම ඇති, නමුත් අපිට අවශ්‍යය වන්නේ රෝගය ගැන විස්තර වලට වඩා ඒවයෙන් ගොඩ එන විදිය දැනගන්නයි... මේකෙදිත් මගෙ කලින් විශාදය පෝස්ට් එකෙ දැම්මා වගෙම මනස පුහුනු කරන්න ඔනෙ විදිහක් තියෙන්වා...[/COLOR] [COLOR="DarkRed"]අපි එහෙනන් බලමු කොහොමද Social Phobia වලින් ගොඩ එන්නෙ කියලා... මම කියන්නේ නෑ මේ දේවල් කරන්න ලේසියි කියලා, අමාරුයි, හැබැයි අමාරු දේ කලොත් හොද ප්‍රතිපල ලැබෙයි.[/COLOR] [COLOR="red"][B]8. කොහොමද ගොඩ එන්නේ??[/B][/COLOR] [COLOR="darkred"]මම මෙය - මානසික පුහුනුව සහ ප්‍රතිකාර ක්‍රම කියන මාතෘකා දෙක යටතේ කතා කරන්නම්..[/COLOR] [COLOR="red"]මානසික පුහුනුව...[/COLOR] [COLOR="darkred"]මම මේය කරුනු 6ක් යටතේ කත කරන්නම්. ඒවා තමයි.[/COLOR] [COLOR="Red"][I]1. සෘනාත්මක සිතුවිලි වලට අභියෝග කරන්න. 2. තමන් කෙරෙහි නොව, අනෙක් අය කෙරෙහි අවදානය යොමු කරන්න. 3. හුස්ම පාලනය කරන්න. 4. ඔබේ භීතිකවට මුහුන දෙන්න. 5. වඩා සමාජීය වීමට වෑයම් කරන්න. 6. කාංසාවට එරෙහි ජීවන රටාවකට හුරුවන්න. (Antianxiety lifestyle)[/I][/COLOR] [COLOR="DarkRed"]අපි මේ එකිනෙක ගැන දැන් කතාකරමු.[/COLOR] [COLOR="Red"][B][U]1. සෘනාත්මක සිතුවිලි වලට අභියෝග කරන්න.[/U][/B][/COLOR] [COLOR="Blue"]-Social Phobia සහිත පුදගලයෙක්ට විවිධ සෘනාත්මක සිතුවිලිම් ඇති වෙනවා. ඒවා කීපයක් තමයි-- > මම මෝඩයෙක් වගේ පෙනෙයි. > මම කටහඩ වෙව්ලයි, ලැජ්ජා වෙන්න වෙයි. > මිනිස්සු මම මන්දබුද්දිකයෙක් කියල හිතයි. > මට කියන්න දෙකුත් නැහැ ලොකුවල, අනික් අයට කම්මැලි හිතෙයි.[/COLOR] [COLOR="blue"]ඔබ කල යුත්තේ අමාරුවෙන් හෝ මෙම සිතිවිලි වලට එරෙහිව අභියෝග කිරීමයි.. ඒ කොහොමද??[/COLOR] [COLOR="DarkRed"][B]>>> පියවර - 1 - සමාජය තුල ගැවසෙන විට ඔබ නොදැනුවත්වම ඔබ තුල ඇතිවන බිය හදුනාගන්න.[/B][/COLOR] [COLOR="Blue"]හිතන්න ඔබට දෙනවා ඔබ රැකියාව කරන තැන Presentation එකක් කරන්න, එතකොට ඔබ කලින්ම හිතාගන්නව "වැඩක් නෑ මට මෙක කරන්න බෑ, මම වැඩේ කා ගනියි" කියල.. ඔන්න ඔබට ඇති උනා බියක්, එනම් සෘනාත්මක සිතුවිල්ලක්, එය අදුනාගැනීමයි ඔබ මුලින්ම කරන්න ඔනෙ... මෙය අවස්තවෙන් අවස්තාව වෙනස්, ටිකක් කල් කරනකොට ඔබටම තේරෙයි මට මේ තියෙන බයට හේතු වෙල තියෙන්නේ මට නොදනුවත්වම ඇතිවන එක සිතුවිල්ලක් කියන එක. මෙ උදාහරනයේදී නම් "මට හරියට වැඩක් කරන්න බෑ" කියන එකයි.[/COLOR] [COLOR="darkred"][B]>>> පියවර - 2 - ඔබ ඉහත හදුනාගත් සිතුවිල්ල හොදින් විශ්ලේශනය කර එයට අභියෝග කරන්න.[/B][/COLOR] [COLOR="blue"]දැන් ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරගන්න,, මම කොහොමද කියන්නේ මට මේක බෑ කියල?, මම කොහොමද දන්නේ මම වැඩේ අනාගනියි කියලා?, මම කලබල වෙලා පොඩ්ඩක් වැරදුනා කියලා මිනිස්සු හිතයිද මම වැඩ බැරි කෙනෙක් කියලා? මේ වගෙ ඔබට ඇතිවන සෑම සෘනාත්මක හැගීමකට එරෙහිව ප්‍රශ්න කරන්න, ඔබෙ යටිසිතට ඔබේ පාලනය දෙන්න එපා, සෑම විටම ප්‍රශ්න කරන්න. එවිටම ඔබට තෙරෙවි මම බොරුවට නේද බය වෙලා තියෙන්නේ කියන එක, මේ ක්‍රමය කාලයක් පුහුන කරන විට ඔබ නොදැනුවත්වම ධනාත්මකව හිතන්න අරන්, මොක්ද සෘනාත්මක සිතුවිලි වලින් ඔබම ඔබව හෙම්බත් කරගෙන නිසා..[/COLOR] [COLOR="DarkRed"]මෙ දේ දවසින් දෙකෙන් කරන්න පුලුවන් දෙයක් නෙවේ, හොද අදිශ්ටානයක් එක්ක කාලයක් යන දෙයක්..[/COLOR] [COLOR="Red"]අපි ඊලග කොටසට යන්න කලින් බලමු -- අපේ Social Phobia ඇතිවන්නට උපකාරී වන සිතුවිලි ක්‍රම ටිකක්...[/COLOR] [COLOR="Blue"][B]1. සිත කියවීම (Mind reading) -[/B] අපි හිතනවා අනෙක් පුද්ගලය හිතන දේ අපි දන්නවා කියලා. ඔබ, තමන් ගැන හිතන සෘනාත්මක ආකාරයටම ඔහුත් ඔබ ගැන සිතනවා කියලා ඔබ කියනවා. [B]2. ශාස්ත්‍ර කීම/ අනාගතය (Fortune telling) -[/B] අපි අනාගතය කියනවා, අපි දැනටමත් හිතාගෙන ඉන්නෙ ඉස්සරට අපි කරන වැඩේ අසාර්තක වෙනවා කියලා. එහෙම හිත් හිත පීඩා විදිනවා. [B]3. ව්‍යසනයක් සේ සිතීම (Catastrophizing) -[/B] අපි කලබල වෙලා ඉන්න බව මිනිසුන් දැනගත්තොත් මහා විනාසයක් වෙන්නෙ කියල සිතීම. [B]4. පුද්ගලාරෝපණය (Personalizing) -[/B] අනික් අය තමන් ගැන සෘනාත්මක විදිහට හිතනවා යයි සිතීම, ඒ වගේම අනික් අයට සිදුවන අයහපත් දේකට තමන් වගකිවයුතු බව සිතීම. [/COLOR] [COLOR="red"][B][U]2. තමන් කෙරෙහි නොව, අනෙක් අය කෙරෙහි අවදානය යොමු කරන්න.[/U][/B][/COLOR] [COLOR="blue"]අපි හැමෝම සමාජීය ක්‍රියාකාරකම් වලදී කලබල වෙන්වා. නමුත් ---- ඇති පුද්ගලයා හිතන්නට ගන්නවා "හැමෝම මගේ දිහා බලන් ඉන්නේ, මම හොදට ඉන්න ඕනේ, මම කලබල වෙලා ඉන්නේ කියල පෙන්නන්න හොද නෑ" කියලා. එහෙම හිතල සම්පූර්න අවදානය යොමු කරන්නේ තමන් ඉන්න විදිහට, කතා කරන, ඇදුමට වගෙ දේ වලට. ඔහු උත්සහ කරනවා සෑම විටම මෙ දේවල් සකසමින් තමන් කලබල නෑ කියල පෙන්නන්න. නමුත් මේකෙන් වෙන්නේ තමුන් කලබලයි කියන එක ඉත හොදින් පෙන්වීමයි. මේ දෙයින් වැලකීමට අපට පුලුවන් අප ගැන නොවේ වටෙ ඉන්නා අය. සිදුවන දේ ගැන අවදානය යොමු කරන්න, එයින් තමාගේ කලබල ගතියද පහව යාවි.[/COLOR] [COLOR="DarkRed"]මෙන්න මෙහෙමයි ඒක කරන්නෙ---[/COLOR] [COLOR="Blue"][B]>> අනික් පුද්ගලයින් කෙරෙහි අවදානය යොමු කරන්න - ඔවුන් ඔබ ගැන සිතන දේ කෙරෙහි නොවේ. >> මතක තබාගන්න කාංසාව (Anxiety) කියන්නේ ඔබ සිතන තරම් පෙනෙන/ දෘශ්‍යමාන දෙයක් නොවෙයි. - ඔබ කලබල වෙලා ඉන්නේ කියල සමහර පුද්ගලයින් දැනගත්තත්, එක ඔවුන් ගනන් ගන්නේ නැහැ. මොකද කලබල වීම හැම කෙනෙක්ටම පොදුයි. >> කියන දේට අවදානය යොමු කරන්න, තමන්ගේ සෘනාත්මක සිතුවිලි වලට නොවේ. >> මේ මොහොතේ සිදුවන දේ ගැන අවදානය යොමු කරන්න. ඉදිරියේදී සිදුවන්නට තිබෙන දෙයක් ගැනවත්, අතීතයෙ සිදු වූ දෙයක් ගැනවත් නෙවෙයි.[/B][/COLOR] [COLOR="red"][B][U]3. හුස්ම පාලනය කරන්න.[/U][/B][/COLOR] [COLOR="blue"]අපි ඉහතදීත කතා කලා කාංසාව ඇති විට අපගේ විවිධ කායික වෙනස්කම් සිදුවනවා කියා. ගොඩාක් බහුලවම වන දෙයක් තමයි හයියෙන් ඉක්මනින් හුස්ම ගැනීම. මෙහිදී අපගේ සිරුරේ CO2 සහ O2 සමබරතාවය බිද වැටී තව තවත් ලක්ශන ඇති වෙන්න පුලුවන්. කැර්කිල්ල, හුස්ම ගැනීමෙ අපහසුව, පපු ගැස්ම වැඩි වීම, මාංශ පේශී තද වීම වැනි.[/COLOR] [COLOR="blue"]මේ සියලු දේ පාලනය කරන්න පුලුවන් අපිට හුස්ම පාලනයෙන්.[/COLOR] [COLOR="DarkRed"]බලමු පියවර වශයෙන් එය කරන්නේ කොහොමද කියලා. [/COLOR] [COLOR="Blue"][I]>>>>> පහසුවෙන් වාඩි වෙන්න - කොන්ද කෙලින්, උරහිස ලිහිල් කරගෙන වාඩිවෙන්න. එක් අතක් පපුවේ තබා ගන්න, අනෙක් අත උදරය මත තබා ගන්න. >>>>> සෙමින් තත්. 4ක් වැනි කාලයක් ගැඹුරු හුස්මක් ගන්න. උදරය මත තබාගත් අත ඉහලට එසවෙනවා ඔබට දැනෙයි. පපුව මත ඇති අත මදක් ඉහලට එසවේ. >>>>> තත්. 2ක් හුස්ම අල්ලන් ඉන්න. >>>>> දැන් සෙමෙන් තත්. 6ක් පුරාවට කටින් හුස්ම පිට කරන්න. >>>>> මෙය කිහිප වරක් කරන්න. ඔබගේ හුස්ම පාලනය වේවී.[/I] ( බෞද්ධයෙක් නම් ආනාපානාසතිය පුහුනු කරන්න, දවසට මින්. 5ක් පමන සෑහේ) [/COLOR] [COLOR="red"][U][B]4. ඔබේ භීතිකවට මුහුන දෙන්න.[/B][/U][/COLOR] [COLOR="blue"]මෙය වඩාත්ම උපකාරී වන ක්‍රමයක් කිව්වොත් නිවැරදියි. තමන්ට බය හිතෙන අවස්තා මග හැරීමෙන් වන්නේ ඒ සදහා බය තව තවත් වැඩි වීමයි. එපමනක් නොවේ, තමන්ගේ ඉලක්ක කරා යන්නටත් එය බාදාවක්. නමුත් ඔබ වඩාත්ම බිය අවස්තාවන් වලට එක වරම මුහුන දෙන්න එපා. පොතක් ගන්න, එහි ලියාගන්න තමන් බය මොන වගෙ දේවල් වලටද කියලා, ඊලගට ඒවාට ඔබ බයේ පිලිවෙලට අංකයක් දෙන්න. වඩාත් බය අවස්තාවට අංක 1 දෙන්න.. ඊලගට ඔබ අඩුම බය අවස්තාවෙන් පටන් ගන්න, එයට මුලින් මුහුන දෙන්න.. අපහසුනම් ඔබ ලගින් සිටින ඔබ කැමති අයෙකුගෙ උදව් ලබාගන්න. මෙහිදී වැදගත්ම ආයුදය නම් ඉවසීමයි.[/COLOR] [COLOR="blue"][I]අපි මේකට කියන්නේ Graded exposure to fearfull situations කියලා.[/I][/COLOR] [COLOR="DarkRed"]උදාහරනයක් බලමු.. රැකියවේදී අනෙකුත් සම සේවකයින් සමග ඉන්න අවස්තාවක් ගමු. මෙන්න මෙහෙමයි ඔබ ඒ අවස්තාවට මුහුන දෙන්නේ. නමුත් මේ සියල්ල එකම දවසෙ කරන්න හදන්න එපා.[/COLOR] [COLOR="Blue"][B]>>> පියවර 1 -[/B] උදෑසන හමුවන සේවකයින්ට Goodmorning කියා ආචාර කරන්න. [B]>>> පියවර 2 -[/B] ඔවුන් කරන වැඩ පිලිබදව විමසන්න. [B]>>> පියවර 3 -[/B] ඔවුන් සති අන්තයෙ කල දෙවල් ගැන අහන්න, තමන් ගැන කියන්න. [B]>>> පියවර 4 -[/B] Staff room එකේ තේ බොන්න යන්න. [B]>>> පියවර 5 -[/B] Staff room එකේ දවල් කෑමට යන්න. [B]>>> පියවර 6 -[/B] Staff room එකේ කෑම කන ගමන් අනෙක් සේවකන් සමග කතා කරන්න. (දේශගුනය, ක්‍රීඩා වගෙ දේ.) [B]>>> පියවර 7 -[/B] වැඩ ඇරීමෙන් පසු සේවකයෙක්ට තේ එකකට ආරාධනා කරන්න. [B]>>> පියවර 8 -[/B] සේවක කන්ඩායම් සමග කෑමට එලියට යන්න. [B]>>> පියවර 9 -[/B] තමන්ගෙ පෞද්ගලික විස්තර ඔවුන් සමග බෙදාගන්න. [B]>>> පියවර 10 -[/B] Staff පාටි වලට යන්න..[/COLOR] [COLOR="red"][U][B]5. වඩා සමාජීය වීමට වෑයම් කරන්න.[/B][/U][/COLOR] [COLOR="blue"]කන්ඩායම් සමග කරන ක්‍රියා වලට අමාරුවෙන් හෝ වැඩි වැඩියෙන් නිරත වන්න.[/COLOR] [COLOR="blue"][I]උදා - > රැකිය ස්තානයේ සංවිදානය කරන ශ්‍රමධානයක්. > ගමේ අවුරුදු උත්සවේ. > වෙසක් එකට කට්ටිය එක්ක අකතු වෙල කරන පහන් කූඩු, දන්සැල්. > පාසලේ කටයුතු, විනෝද සවාරි.[/I][/COLOR] [COLOR="red"][U][B]6. කාංසාවට එරෙහි ජීවන රටාවකට හුරුවන්න. (Antianxiety lifestyle)[/B][/U][/COLOR] මානසික පුහුනුව පමනක් නොවේ අපගේ ජීවන රටාව පවා කාංසාවට බලපානවා. ඒ නිසා අපි ජීවන රටාවත් කාංසාවට එරෙහිව හදාගමු. [COLOR="blue"][I]>>>>> කැෆීන් (caffeine) සහිත බීම නවත්වන්න/ අඩු කරන්න - එනම් කෝපි, තේ, සෝඩා, ශක්තිජනක බීම වගේ දේ. >>>>> ක්‍රියාශීලී වන්න - දවසට මිනි.30 ක් පමන ව්‍යායාමක යෙදෙන්න. අකමැතිනම් ඔබ කැමති ශරීරය වෙහෙස වන ක්‍රියාවක යෙදෙන්න..(ක්‍රීඩාවක්, බයිසිකල් පදින්න, නටන්න.) >>>>> ඔබගේ ආහාරයට ඔමෙගා 3 මේදය (Omega- 3 fat) එකතු කරගන්න - සැමන්, හාල්මැස්සෝ, සාඩින්, හුරුල්ලා, කුම්බලාවා, වැනි මාලු වර්ග, මූදු පැළෑටි ආශ්රිත ආහාර වැනි දේ. >>>>> මත්පැන් පානය අඩු කරන්න/ නවතන්න. >>>>> දුම් පානය සම්පූර්නයෙන් නවතන්න. >>>>> රාත්‍රියෙ නිදි මරන්න එපා, හොද නින්දක් ගන්න.[/I][/COLOR] [COLOR="blue"][B]මානසික පුහුනුව යටතේ අපිට මේ දේවල් පුහුනු කරන්න පුලුවන්, කරලා බලන්න, වෙනසක් ඔබටම දැනේවි.[/B][/COLOR] [COLOR="red"][B]දැන් අපි බලමු ප්‍රතිකාර ක්‍රම කීපයක්.[/B][/COLOR] [COLOR="DarkRed"]ඔබ ඉහත ක්‍රම සියල්ලම කරලත් තවමත් ඔබට කිසිදු සහනයක් නොමැතිනම් ඔබට වෛද්‍යවරයෙකුගෙ උපදෙස් අවශ්‍යයයි. (නමුත් ඔබ ඔබටම බොරු කරගන්නේ නැතුව ඉහත ක්‍රම කැපවීමෙන් කර බලන්න.) වෛද්‍ය විද්‍යාවේ එන ප්‍රතිකාර ක්‍රම කීපයක් ගැන අපි දැන් බලමු. [/COLOR] [COLOR="darkred"]මෙහි කොටස් දෙකයි. 1. චිකිත්සාව 2. ඖෂධ ප්‍රතිකාර.[/COLOR] [COLOR="Red"]1. චිකිත්සාව.[/COLOR] [COLOR="Blue"]>> මේ යටතේ ප්‍රදානතම ප්‍රතිකාර ක්‍රමය තමයි CBT (Cognitive - Behavioral Therapy ) කියන්නේ. Social Phobia සදහා CBT පහත කොටස් වලින් සමන්විතයි. (මම ඉහත කතා කල ක්‍රම වලට මෙය බෙහෙවින් සමාන බව ඔබට පෙනෙයි.) [I]1. කාංසාවේ (Anxiety) කායික රෝග ලක්ශන පාලනයට උගෙනීම - ශ්වසන අභ්‍යාස හා අනෙකුත් Relaxation techniques තුලින්. 2. ඔබගේ සෘනාත්මක සිතුවිලි වලට එරෙහිව අභියෝග කරන්න. 3. පියවර වශයෙන් ඔය බිය දක්වන අවස්තා වලට මුහුන දෙන්න. 4. මීට අමතරව කන්ඩායම් ක්‍රියා වල ඔබ නිරත කිරීම, ව්‍යායාම වල යෙදවීම වගෙ දේ සිදු කරනවා.[/I][/COLOR] [COLOR="Red"]2. ඖෂධ ප්‍රතිකාරය.[/COLOR] [COLOR="Blue"]>>> අපි කාංසාවේ රෝග ලක්ශන වලින් සහනයක් සැලසීමට ඖෂධ යොදාගන්නවා. නමුත් මෙය රෝගය සුව කිරීමේ ප්‍රතිකාර ක්‍රමයක් නොවේ. ඔබ මානසික පුහුනුවේදී ඒ සදහා යම්කිසි උදව්වක් මේ මගින් ලබා දෙන්න පුලුවන්. අපි බලමු මෙහිදී භාවිතා වන ඖෂධ කීපයක් ඉතා කෙටියෙන්(ගැඹුරෙන් ඒ ගැන පස්සේ ත්‍රෙඩ් එකකින් කතා කරන්නම්.)[/COLOR] [COLOR="blue"][B]1. Beta Blockers -[/B] මෙවා මානසික ලක්ශන නොවෙයි, අත, කටහඩ වෙව්ලීම, දාඩිය දැමීම, හෘද ස්පන්දනය වැනි කායික රෝග ලක්ශන පාලනයට යොදාගන්නවා. [B]2. Antidepressants (විශාදනාශක.) - [/B]අධික Social Phobia හිදී භාවිතා කරනවා. [B]3. Benzodiazapines - [/B]මේවාට සාමන්‍යයෙන් ඇබ්බැහි වීමක් වෙන්න පුලුවන්, ඒ නිසා අපි මෙවා භාවිතා කරන්නේ ඉහත කියපු ඖෂධ අසාර්තක උනොත් විතරයි. [/COLOR] [COLOR="DarkRed"]ටිකක් දීර්ඝ ලිපියක්, හිතනව මේක හොදට කියවල ප්‍රයොජනයක් ගනියි කියලා. කාටහරි වැදගත් වෙයි කියලා හිතනවා. [/COLOR] [COLOR="darkred"]එහෙනම් මෙතනින් මම අද පෝස්ට් එක නවත්වන්නම්. මගේ ඊලග ත්‍රෙඩ් එකෙන් විශාදයට ලබදෙන ඖෂද කෙතරම් දුරට සාර්තකද යන්න කතාකරන්නට හිතුවා, මොකද මට PM වගයක් ආවා බෙහෙත් ගත්තාට කමක් නැද්ද, දැන් කාලයක් තිස්සේ ගන්නවා අඩුවක් නැ කියල, පිලිතුරක් ලැබෙයි ඊලග ත්‍රෙඩ් එකෙන්..[/COLOR] [COLOR="Red"]( My next Thread - විශාදය 4 - විෂාදනාශක කෙතරම් දුරට සාර්තකද? ) [/COLOR] [COLOR="DarkRed"]හොදනම් රෙප් එකක් දීල යන්න. ස්තූතියි... සුබ දවසක්[/COLOR][/SIZE] [COLOR="RoyalBlue"][SIZE="5"][U][B][CENTER]My Previous threads[/CENTER][/B][/U][/SIZE][/COLOR] [CENTER] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1849927"][COLOR="royalblue"][SIZE="5"]විශාදය 3 - ශරීරයට බලපෑම[/SIZE][/COLOR][/URL]. [URL="http://www.elakiri.com/forum/showthread.php?p=23172610#post23172610"][COLOR="royalblue"][SIZE="5"]විශාදය 2 - මානසික විසදුම් 6 ක්[/SIZE][/COLOR][/URL]. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1849700"][COLOR="royalblue"][SIZE="5"]විශාදය 1 - බලපාන ප්‍රධානතම කරුනු 6[/SIZE][/COLOR][/URL]. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1839743"][COLOR="royalblue"][SIZE="5"]ව්‍යායාම තුලින් මානසික සුවය....[/SIZE][/COLOR][/URL]. [COLOR="RoyalBlue"][SIZE="5"][I][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1839889"][COLOR="RoyalBlue"][SIZE="5"]EQ & Life (ජීවිතය සහ චිත්තවේගාත්මක ඵලය(EQ))[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1839462"][COLOR="RoyalBlue"][SIZE="5"]Mental Illnesses - Don't GiveUP... Be strong.[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1839561"][COLOR="RoyalBlue"][SIZE="5"]මානසික රෝග ජයගන්න, නැගීසිටින්න (sinhala translation).[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1839595"][COLOR="royalblue"][SIZE="5"]10 Brutal truths of life...ජීවිතයේ තිත්ත ඇත්ත - 10ක්.[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1839727"][COLOR="royalblue"][SIZE="5"]STUDY TIPS.. පාඩම් කරන අයට මතක තබාගැනීමේ ක්‍රම[/SIZE][/COLOR].[/URL][/I][/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom