Software Engineers Remote - හිතන්න ඔනේ කාලයක්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    ලංකාවෙ සැලරි වගේ තුන් ගුණයක්වත් හම්බෙන direct remote job ලංකාවෙ ඉදන් කරනවනං අවුලක් නෑ රිස්ක් එකක් තිබ්බට ලැබෙන ගාන හින්දා. උන් මාස 6ක විතර සවයිව් වෙන්න පුලුවන් ෆන්ඩ් එකක් තියාගෙන වැඩේ කරන් ගියානම් කිසිම අවුලක් නෑ.

    හැබැයි ලංකාවෙම කම්පැනියක සාමාන්‍ය යන රේට් යන ජොබ් එකක් කරනවානම් කන්ට්‍රැක්ට් බේස්ඩ් ටැක්ස් කැපෙන්නෙ නැති එකෙන් 50000ක් විතර වාසි වෙනවා කියලා අමුම ගොන් කමක් මේ වෙලාවෙ හැටියට. ප්‍රොජෙක්ට් ඉවර උන ගමන් ගුණ බුස තමා. සාමාන්‍ය සැලරි එකක් නිසා සවයිව් වෙන්න ෆන්ඩ් එකක් හදාගන්න එකත් ලේසි නෑ.

    මේ වෙලාවෙ හොදම දේ ලංකාවෙ ලේබර් ලෝ එකට යන, සාමාන්‍ය විදිහට ETF/EPF කැපෙන, ටැක්ස් කැපෙන කම්පැනි එකක වැඩ කරන එක විතරයි. පුලුවන්නම් වෙන සයිඩ් ඉන්කම් එකකුත් හදන් යන ගමන්ම.
     
    • Like
    Reactions: jennt