Song help, pls come here

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
brahaspathita wadiya lokui mage ran kada oyawa
flash light walata wediya eliyai obe hinawa
medonata wadiya hondai obe kinkini nalawa
platinum kandakatath wadiya watinawa mata oyawa
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මදුරු දඟර පත්තු කරල ඔබ ගාවින් තියන්නම්
එලි වෙනකන් නිදි මර මර මදුරුවො ටික තලන්නම්
අකමැත්තක් නැති දාකට පොඩි අඩියක් ගහන්නම්
වැඩ නැති හැම වේලාවෙම ඔබ ගාවින් සිටින්නම්

බ්‍රහස්පතිට වැඩිය ලොකුයි මගෙ රන් කඳ ඔයාව
ෆ්ලෑශ් ලයිට් වලට වැඩිය එලියයි ඔබෙ සිනාව
මැඩොනාට වැඩිය හොඳයි ඔබෙ කිංකිණි නලාව
ප්ලැටිනම් කඳකටත් වැඩිය වටිනව මට ඔයාව

ගෙදර දොරේ හැම වැඩක්ම මං තනියෙන් කරන්නම්
ඈලි මෑලි දුබල දාට රට කිරි පිටි පොවන්නම්
කෑම කන්න හොර වෙනකොට පණු බෙහෙතුත් පොවන්නම්
කන්න කැමති ඕන දෙයක් ඔයාට මං කවන්නම්

බ්‍රහස්පතිට වැඩිය ලොකුයි.....

ශොපින් දාට ගන්න තරම් බඩු කරපිට ගේන්නම්
ක්‍රිකට් මැචස් ගහන දාට කුස්සියෙ වැඩ කරන්නම්
බනින තරම් බැනුම් අහන් ඔබ සමඟින් සිටින්නම්
මාව දාල ගිය දාකට වෙන කෙල්ලෙක් ගේන්නම්

බ්‍රහස්පතිට වැඩිය ලොකුයි එතකොට මට එයාව
ෆ්ලෑශ් ලයිට් වලට වැඩිය එලියයි ඇගෙ සිනාව
මැඩොනාට වැඩිය හොඳයි ඇගෙ කිංකිණි නලාව
ප්ලැටිනම් කඳකටත් වැඩිය වටිනව මට එයාව