Songs about Suicide

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Post songs you know with themes based on suicide.

    I was just listening to this below song and it occurred to me how few songs are there actually about ending ones life.



    Please post songs of any language and any genre.
     
    • Like
    Reactions: thilihare and DAMER

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    මේ ගීතය ලියවිලා තියෙන්නෙ පෙම්වතුන් දෙන්නෙක් සියදිවි හානිකරගැනීමේ කතා පුවතක් පාදක කර ගනිමින්..
    ආදරය කරල.ආදරය විදල,දෙන්නට දෙන්න තේරුම් අරගෙන .අනාගත ජීවිතය මෙහෙමයි කියල බලාපොරොත්තු පැතුම් පොදි බැදගන්නෙ... පෙම්වතුන් දෙදෙනා ආදරයෙන් දින්න..ඒ කියන්නෙ අවසානයේ දෙදෙනා එක්වීමයි....

    පෙරුම් පුරාගෙන ආ සංසාරයේ
    පැතුමද සුනු විසුනුව වැටුනේ

    පද වලින් කියවෙන්නේ පෙම්වතුන් දෙදෙනා සංසාරයේ පෙරුම් පුරල පෙරුම් පුරල මේ භවයේදී ඔවුන් හමුවෙලා....ඉතින් සබෑ පේම වන්තයන්ගේ දිනුම් කණුව තමා විවාහය...ඉතින් මේ දෙන්න තීරණය කලා විවාහ වෙන්න..නමුත් මේ දෙන්නට ඔවුන්ගේ පාර්ශවයන්ගෙන් ඔවුන්ගේ විවාහයට විරුද්ධ වෙලා ... ඒ කියන්නෙ ඔවුන්ගේ අනාගත පැතුම් සේරම මවුපියන්ගේ විරුද්ධත්වය නිසා සුනු විසුනු වෙලා ගිහින්....

    කාටද රිදුනේ කවුරුද හැඩුවේ
    දුමිරිය මොහොතක් නතර උනේ

    පදවලින් කියන්නෙ අනාගත පැතුම් සේරම මවුපියන්ගේ විරුද්ධත්වය නිසා සුනු විසුනු වෙලා ගිය කල ඔවුන් තීරනය කලා දෙදෙනාම සිය දිවි හානිකරගන්න....මේවගේ අවස්ථාවකදි සැබෑ පේමවන්නයන්ට දැනෙන දුක ඉවසන්න බැරි බව මෙයින් කිය වෙනවා...ඉතින් මේ මේදෙන්නා කොච්චියට පැනලා තියෙන්නෙ මේ ආත්මේ එක්වෙන්න බැරිනම් එකට මියැදෙන්න හරි පුලුවන් නේද කියල...........

    ඒ සිදුවීම ආශයෙන් මේ සින්දුව ගොඩනැගිල තියෙන්නෙ..ගීතයේ ඉතිරි පද වලින් කියනිනේ ජීවිතයේ දී මෙසේ තිරණ නොගෙන ජීවත් වෙන්න කියල....

    මලක් වගේ රොන් සුවද වගේ
    ජීවිතයේ සුව අපමන වේ
    දොලක් වගේ දිය දෝත වගේ
    ජීවිතයේ අම සිසිල දැනේ

    ජීවිතය මලක් වගේ ලස්සනයි...සුවදයි.. සුවදායකයි...දොලක් වගේ ගලාගෙන යනව... ගල්වල හැපෙනවා..ඒත් නවතින්නෑ..ගල්වල හැපි හැපි ඉදිරියට යන්න ඕනි ...පුශ්ණ වලින් පැන යන්න එපා ඒවාට මුහුණ දීල ඉදිරියට යන්න එයටයි ජීවිතය කියන්නෙ.....

    වරක් නෙතග කදුලඅලි පිරුනාදෝ
    හිතට දරාගනු බැරි දුක් වීදෝ
    දිවිය මොනතරම් සුන්දරදෝ
    දුකම කොයිතරම් සතුටක් දෝ

    ජීවත් වෙනකොට සතුට සේම දුකත් එක හා සමානව ලැබෙනවා....හිතට දුකක් ආවාම ඕනිම ලොක්කේ උනත් අඩනවා..දුක නිවෙනෙකම් අඩන්න එතොකොට දුකට හේතුව තේරෙම් ගන්න පුලුවන් හිත හදාගන්න පුලුවන්...හිත ගලක් කරගෙන දැනෙ දුක විද ගන්න...ජීවත් වෙන්න පුලුවන් එතකොටයි....

    " දිවිය මොනතරම් සුන්දරදෝ
    දුකම කොයිතරම් සතුටක් දෝ"

    මේ ගීතයේ වටිනාම පද ටික මෙයයි....හිතල බලන්න ඇත්ත නේද?මේකට උපහැරන නෑ මොකද ජීවිතයේ අරුත මෙයයි..........


    _____________________________________________________
    උපුටා ගැනීම:
    PHP:
    [HTML]http://chamathrox.blogspot.it/2012/01/blog-post_26.html[/HTML]
     
    • Like
    Reactions: maxboysl