Spondylosis.රෝගය

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    බෙල්ලට කොලරයක් දමන Spondylosis රෝගය
    spondylosis1.jpg

    බෙල්ලේ කොලරයක් පැලැඳගත් රෝගීන් අද රටේ සුලබව දක්නට ලැබෙන අතර මේ රෝගී තත්ත්වය ආයුර්වේද ප්‍රතිකාර මඟින් නිට්ටාවටම සුවපත් කර ගැනීමට හැකියාවක් ඇත.


    ආයුර්වේදයේදී මේ රෝගී තත්ත්වය මන්‍යාස්ථම්භය හෙවත් සර්වයිකල් ස්පොන්ඩිලොසීස්
    (Cervical Vertebral Syndrome SpondyLosis)යනුවෙන් හඳුන්වා දේ.

    මෙම රෝගය ඇතිවන්නේ බෙල්ල ආශ්‍රිතවයි. බෙල්ලේ ඇති ග්‍රීව කශේරුකා පීඩාවට පත්වී එතැනින් මේ රෝගය ආරම්භ වේ. අස්ථි අවසන්ධි වූ විට එතැන වෙනස් වීමක් අසාමාන්‍ය ලෙස අස්ථි නැවීම හා දිගහැරීමත් මේ රෝගයට හේතු වෙයි.


    මේ රෝගයට ස්ත්‍රී පුරුෂ භේදයක් නැත. අවුරුදු 40 - 50 මැදි වයසේ අයට මේ රෝගය වැලැඳීමේ අවදානම වැඩි අතර මීට අමතරව නාන තටාකවල දිය ක්‍රීඩාවේ යෙදෙන විට නොදැනුවත්කම නිසා බොහෝ විට හිස තටාකය පතුලේ වැදීමෙන්
    ග්‍රීව කශේරුකාව අවසන්ධි වී මේ රෝග තත්ත්වයට පත්වේ.
    එමෙන්ම බෙල්ල එකම ඉරියව්වේ තබාගෙන සිටීමෙන්ද (එනම් පරිගණක ආශ්‍රිතව) මන්‍යාස්ථම්භ රෝගී තත්ත්වයට පත්වේ. හදිසි අනතුරුවලට ලක්වීමෙන්ද මේ තත්ත්වය ඇතිවේ.
    රෝග ලක්ෂණ


    1. ගෙල පිටුපස ඇතිවන වේදනාව සහ ගෙල හැරවීමට, දිගහැරීමට අපහසු වීමෙන් ඇතිවන වේදනාව.
    උරහිස්වල වේදනාව
    සුව නොවන හිසරදය
    ඉහළ ගාත්‍රාවල වේදනාව (අත්වල)
    පපුවේ ඇතිවන වේදනාව
    කතා කිරීමට ඇති අපහසුතාව
    ඇස් පෙනීම දුර්වල වීම
    කණ අභ්‍යන්තරයේ ඇතිවන ශබ්ද
    දෙපා අප්‍රාණික වීම
    ඔක්කාරය සහ ක්ලාන්තය
    සමහර රෝගීන්ට මේ සියලුම රෝග ලක්ෂණ පහළ වන අතර සමහර අයට මින් කීපයක් පමණක් රෝග ලක්ෂණ ඇතිවේ.


    රෝගී තත්ත්වය පිළිබඳ මත
    බොහෝ දෙනකුගේ උරහිස් සන්ධි හරිහැටි ක්‍රියා කරවීමට නොහැකි වේ. කැටි උරහිස නමින් ජනමතයක් වේ. බටහිර වෙදකමේදී ජ්පධලඥද ඉඩධභතඤඥප නමින් හඳුන්වයි. පපුවේ වම් පසින් වේදනා ගෙනදෙන නිසා හෘදයාබාධ රෝගයක් යැයි පමණක් රෝගීන් වරදවා සිතයි.


    ඒ නිසා ඇතැම් වෛද්‍යවරු මන්‍යාස්ථම්භය නම් මේ රෝගී තත්ත්වය මනාව වටහා නොගෙන ප්‍රතිකාර කරති. ඒ හේතුවෙන් රෝගය උත්සන්න විය හැකිය. එබැවින් දක්ෂ වෛද්‍යවරුන් ලවා මනාව පරීක්ෂා කොට මෙම රෝග තත්ත්වයට පිළියම් ලබාගත යුතුයි. බොහෝ විට මේ රෝගී තත්ත්වය ඇතිවන්නේ මැදි වයසේ පුද්ගලයන්ටය. ඒ නිසා බොහෝ දෙනෙක් වයසට යෑමේදී ඇතිවන අස්ථි දිරාපත් වීම නිසා ඇතිවන රෝගයක් යැයි සිතා සුවකළ නොහැකි රෝගයක් සේ දකී.
    ඒ නිසා ග්‍රිව කශේරුකාවේ ස්වභාවය මනාව ඉතාම හොඳින් වටහාගෙන ඒ ආශ්‍රිතව මන්‍යාස්ථම්භය රෝගයට ප්‍රතිකාර කළ යුතුයි.


    ග්‍රීව කශේරුකාවේ ස්වභාවය
    සාමාන්‍ය කෙනකුගේ ග්‍රීිව කශේරුකාවේ කශේරුකා 7 පමණ පිහිටා ඇත. ඒ සමඟම අන්තර් කශේරුකා 6ක් තිබේ. අන්තර් කශේරුකා තුළින් සුෂුම්නාව ආශ්‍රිත ස්නායු බාහිරට පැමිණේ. මෙම කශේරුකාවන්ගේ කඳේ පිහිටි හරස් ප්‍රසර තුළින් මොළයට ලේ ගමන් කරන රුධිර නාළ පිහිටා තිබේ.
    පළමු වැනි ග්‍රීව කශේරුකාව හිස් කබලට සම්බන්ධ වන අතර දෙවැනි කශේරුකාව මුද්දක් මෙන් පිහිටයි. බෙල්ල නැවූ විට ගෙඩියක් මෙන් මතුවී තිබෙන්නේ ගෙලෙහි අන්තිම කශේරුකාව වන 7 වැනි ග්‍රීව කශේරුකාවයි.


    රෝග තත්ත්වයට ප්‍රධාන හේතු
    හදිසි අනතුරු, ක්‍ෂණිකව බෙල්ල ක්‍රියා කරවීම, අස්ථි දිරාපත් වීම, හදිසි අනතුරු නිසා ග්‍රීව කශේරුකා එකක හෝ කීපයක අවසන්ධි වීමක් හෙවත් වෙනස් වීමක් ඇතිවේ. මේ නිසා ඒ සම්බන්ධ ස්නායු මූලයන් තෙරපීමෙන් වේදනාව හා හිරිය ගෙනදේ. දේශීය වෙදකමේදී පළමුව එය සන්ධි ගන්වා නියම ස්ථානයට පමුණුවා ප්‍රතිකාර කිරීමෙන් රෝගියා සුවපත් වේ. කශේරුකාවත් අන්තර් කශේරුකා බිම්බත් දිරාපත් වූ විට අන්තර් කශේරුකා අතර ඇති හිඩැස කෙටි වේ. මෙය හිසේ බර ඉසිලීමෙන් හා හිස එහා මෙහා කරවීමෙන් වේදනාව වැඩිවේ.


    හදිසියේ වන හිස ගැස්සීමෙන්ද මෙම තත්ත්වය උග්‍ර වේ. මේ නිසා හිස ඉදිරියට හා පසුපසට ක්‍රියා කළ නොහැකි වන්නේ වේදනාව ඇතිවන නිසාය. අන්තර් කශේරුකාවල පිහිටි සිදුරු ආශ්‍රිතව කශේරුකා කඳේ කෙළවර පිහිටි අස්ථිමය වැඩීම නිසා ස්නායු තෙරපීමෙන් වේදනා ගෙනදේ. එසේ තෙරපුණු විට ගෙලේ ඇති මාංස පේශීන්ගේ තදවීමක් ඇතිවේ.


    එමෙන්ම ගෙල එහා මෙහා හැරවීමේදී තද වේදනාවක් ඇතිවේ. එම වේදනාව උරහිස දිගේ දෑත් දක්වා ගමන් කරයි. මේ නිසා සුසුම්නාව හරහා රුධිර නාළ ගමන් කරන මාර්ගය අවහිර වුවහොත් ඉතා දරුණු රෝග ලක්ෂණ පහළ කරයි.
    දෙකකුල් අප්‍රාණික වී මලබද්ධය අපහසු වී ක්ලාන්තය, සිහිකල්පනාව වෙනස්වීම් ඇතිවීම තදබල හිසරදය ඇතිවීම මේ අතර වේ.
    ග්‍රීව කශේරුකාවල සිදුවන භග්න අස්ථි ඇට කැඩීම්, අස්ථි පැනීම්වලින් මෙම අන්තර් කශේරුකා සිදුරු කළ ඉදිමීම්, ලේ ගැලීම් සිදුවේ. සමහරවිට මේවායින් කැඩුණු කැබැලි ස්නායු මූලයන් තෙරපන අතර සුෂුම්නාවද තෙරපීමට ලක්වේ.


    සහජයෙන් ඇතිවන විකෘතිතා නිසා කශේරුකා මූලයන් හා සුෂුම්නාවේ තෙරපීම හටගනී. මෙය සහජ විකෘතිවලින් වුවද ස්නායු මූල තෙරපීම නිසා වේදනාව හටගනී.
    වෛද්‍ය විද්‍යාවේදී දිරාපත් වීමට භාවිතය වන්නේ 4, 5, 6 යන (අස්ථි) කශේරුකාවන්ය. ග්‍රී්‍රිව කශේරුකා 1, 2 ස්නායුවල ග්‍රී්‍රිවයෙන් උඩ කොටසට විහිදෙන අතර ග්‍රීව කශේරුකා 3, 4 ස්නායු විහිදෙන්නේ හරස් අතටය. ග්‍රිව කශේරුකා 5, 6 ස්නායු සැපයෙන්නේ ග්‍රී්‍රිවයේ පහළ කොටසටය. ඒ අනුව වේදනාවද වෙනස් වේ.


    ප්‍රතිකාර සඳහා උපදෙස්
    තෙරපීම නතර කිරීමක් වශයෙන් කොලරයක් පලඳී. මෙහි හොඳ පැත්ත මෙන්ම නරක පැත්තක්ද ඇත. කොලරයකින් ස්නායු මූල තෙරපීම වළක්වයි. ඒ නිසා මෙය පැලැඳිය යුත්තේ ගැස්සෙන වාහනවල යනවිටත්, ක්‍රීඩා කරන විටත්ය. මෙය නිතරම පැලැඳීම සුදුසු නැත. මෙය නිතරම පැලැඳීමෙන් ගෙලෙහි පිහිටා ඇති මාංස පේෂීන් ක්‍ෂය වන අතර රුධිර සම්පාදනයට බාධා සිදුවේ. එමෙන්ම කොලරය පැලැඳීමේදී වේදනාවක් දනවයි නම් එය පැලැඳීම සුදුසු නැත.


    කෙසේ වෙතත් කොලරයක් පැලැඳීමෙන්ම පමණක් රෝගය සුව වෙතැයි සිතීම ඥානාන්විත ක්‍රියාවක් නොවේ. රෝග ලක්ෂණ පහළ වීමෙන් අනතුරුව ඔ-අචර පරීක්ෂාවෙන්
    ඛ්. ඊ. ඉජචද පරීක්ෂාවෙන් මේ රෝගී තත්ත්වයම දැයි නිශ්චිත වශයෙන්ම හඳුනා ගත හැකිය. එවිට සාර්ථකව ප්‍රතිකාර ලබා ගත හැකිය.
    දේශීය ප්‍රතිකාර
    බාහිර වශයෙන් ත්‍රිදෝෂවලට අනුව සිදු කෙරෙන ප්‍රතිකාරවලදී ඒ ඒ රෝගවලට නිදාන වූ ඔෟෂධීය තෙල් ගෑම සුදුසු වේ.


    එමෙන්ම බාහිරව සිදු කරන ඔෟෂධීය ආලේප අස්ථි දිරායෑම වළක්වන අතර අස්ථිවල මතුවන අවහිරතාද වළක්වයි. මේ අනුව දේශීය වෙදකම හේතුකොටගෙන ග්‍රීිව කශේරුකාවල අවහිරතා මඟහරවා මෘදු භාවය ඇතිකොට වේදනාව පහකෙරේ. මේ සඳහා විශේෂිතම වූ කෂාය වර්ගද දෙනු ලැබේ. කෂාය, ගුළි, කල්ක ආදියෙන් දෝෂ සමනය වී ශාරීරික සෝතස් හෙවත් සියුම් මාර්ග අවරෝධතා මඟහැරීමෙන් රෝගියා සුවපත් වේ. ආමවාත, රක්තදූෂිත වැනි සන්ධි ගත රෝග නිසාද වැලැඳෙන මේ රෝගී තත්ත්වය අපථ්‍ය ආහාර වන වට්ටක්කා, කරවිල, බල මාළු, ඉස්සො, තක්කාලි, සැමන්, ටින්මාළු, අන්නාසි හා අච්චාරු වැනි ආහාරවලින් වැළැකී සිටීමෙන් මේ රෝගය සුවපත් කළ හැකිවේ.

    ආයුර්වේද වෛද්‍ය
    නිලු ජාගොඩආරච්චි