Sri ලංකාවෙන්~බොලිවුඩයට~තවත්~**තරුවක්*
බොලිවුඩ් සිනමාට එක්වූ ශ්‍රී ලාංකික රූ රැජිණක් වන ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් මේ දිනවල බොලිවුඩ් රසික රසිකාවියන් අතර ජනප්‍රිය තාරකාවියක් බවට සිටියි. ඒ අතරම තවත් ශ්‍රී ලාංකික සුරූපිණියක් බොලිවුඩ් සිනමාවට පා තැබීමට සූදානමින් සිටින බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඇය 2009 වසරේ දී දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගනිමින් එම වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක රූ රැජිණ තරගාවලිය නියෝජනය කළ ගම්‍යා ප්‍රසාදිනී විජේදාසය. එහිදී ඇය අවසන් තරගකාරිණියන් 25 දෙනා අතරට තේරීපත්වීමට ද සමත්වූවාය. 1986 වසරේ දෙසැම්බර් මස 06 වන දින උපත ලද ගම්‍යා කොළඹ, මියුසියස් විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ද, සිංගප්පූරුවේ දී සිය ද්විතීයික අධ්‍යාපනය ද ලබා තිබේ. මනෝ විද්‍යාව පිළිබඳ පිළිබඳව උපාධිධාරිණියක වන ඇය මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද හදාරමින් සිටියි.
මෙම ශ්‍රී ලාංකික සුරූපිණිය මනිෂ් මනික්පූරි අධ්‍යක්ෂණය කරනු ලබන "අලාප්" චිත්‍රපටය සඳහා සිය කුළුඳුල් රංගන දායකත්වය ලබාදෙමින් බොලිවුඩ් සිනමාවට පා තැබීමට සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම චිත්‍රපටය සඳහා සිය සහභාගිත්වය තහවුරු කිරීමට පෙර ගම්‍යා එම චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් හමුවී ඇත්තේ චිත්‍රපටය චරිතයක් සඳහා රංගනයෙන් දායකවීමේ අරමුණිනි. කෙසේවෙතත් පසුව "අලාප්" චිත්‍රපටයේ එන, ඉන්දීය රොක් සංගීත කණ්ඩායමක් වන "අග්නි" විසින් සංගීත සංයෝජනය කරන ලද ගීතයක් සඳහා රංගන දායකත්වය ලබාදීම වෙනුවෙන් ගම්‍යා තෝරාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් මෙන් බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය තුළ සිය වෘත්තීය ගොඩනගාගැනීමට ඇය බලාපොරොත්තු වන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. "මම මෙම ගීතයේ රූගත කිරීම් වෙනුවෙන් රායිපූර් බලා ගුවන්ගත වුණේ එය ශ්‍රවණය කිරීමටත් පෙරයි. චිත්‍රපටයේ එන එක් චරිතයක විවාහ ගිවිසගැනීමේ උත්සව අවස්ථාවක ගීතමය ජවනිකාවක් සඳහායි මම රංගන දායකත්වය ලබාදෙන්නේ. කණිකා ජෝශි හා බොනී චක්‍රබෝර්ති විසින් මෙම ගීතය ගායනා කරනු ලබනවා" සිය රංගනය පිළිබඳව අදහස් දක්වමින් ගම්‍යා සඳහන් කර තිබේ.
ශ්‍රී ලාංකික තරුණියක වන ගම්‍යාට එම ගීතයෙහි අන්තර්ගත පද රචනාව පිළිබඳව වැටහීමක් නොවන බව ද සඳහන්ය. "ඇත්තෙන්ම එය අඩුපාඩුවක් නොවේ. චට්ටිස්ග්‍රාහ්හි නක්සලයිට්වාදය මැඩපැවැත්වීම සඳහා සංගීතය යොදගනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම චිත්‍රපටය තුළින් කතාබහට ලක්වනවා" ඒ පිළිබඳව ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගම්‍යා විජේදාස ප්‍රකාශ කර ඇත. මෙහිදී ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් පිළිබඳව ද ගම්‍යාගෙන් මාධ්‍යවේදීන් විමසා ඇති අතර ඇයගේ බොලිවුඩ් ආගමනය සඳහා දෙදෙනා අතර කිනම් ගනුදෙනුවක් සිදුවී ද යන්න පිළිබඳව ද විමසීමට ලක්කර තිබේ. "මට ශ්‍රී ලංකාවේ දී ඇයව හමුවුණා. නමුත් ඉන්දියාවේ දී ඇය සමග සංවාදයක් පැවැත්වීමට තරම් අවස්ථාවක් මට ලැබුණේ නෑ. ශ්‍රී ලාංකිකයකු විදිහට ජැක්ලීන් බොලිවුඩ් ක්ෂේත්‍රය තුළ මේ දක්වා පැමිණි ගමන ගැන ඇත්තෙන්ම ආඩම්බරයට පත්වෙනවා" එහිදී ඇය සඳහන් කර තිබේ. "ඇත්තෙන්ම මම ජැක්ලීන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් ඇය මට සහයදීමට ඉදිරිපත් වන්නේ නම් එය මට ප්‍රසාද අවස්ථාවක් වේවි. අප දෙදෙනා එක්ව බොලිවුඩ් ක්ෂේත්‍රයේ දිගු දුරක් ගමන්කිරීම ශ්‍රී ලාංකික ජනතාවටත් සතුටුදායක ආරංචියක් වේවි. ජැක්ලීන් මට ජ්‍යොෂ්ඨ ශිල්පිණියක්. ඇය අද සිටින තත්ත්වයට පැමිණීමට බොහෝ වෙහෙස වී කටයුතු කර තිබෙනවා. මට අරමුණත් එසේ වැඩ කිරීමයි" ක්ෂේත්‍රයේ ඉදිරි ගමන වෙනුවෙන් ජැක්ලීන්ගේ සහය අපේක්ෂා කරන්නේද යන පැනය වෙත පිළිතුරු ලෙස ගම්‍යා පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සිය රට තවදුරටත් යුද්ධයෙන් පීඩාවිඳින රටක් ලෙස නොහැඳින්වීම පිළිබඳව ද ගම්‍යා සිය සතුට පළකර තිබේ. සිය මව්බිම පිළිබඳ ගම්‍යා අදහස් දක්වා ඇත්තේ මෙසේය."කිසියම් විශේෂිත තත්ත්වයන් මත පුද්ගලයින් අපූරු කලා නිර්මාණයන් එළිදැක්වීමට පෙළඹෙනවා. සිනමා අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර ඒ බව පෙන්නුම් කර තිබෙනවා. මේ වනවිට ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් මුදවාගෙන වසර 02 ට වැඩි කාලයක් ගතවී තිබෙනවා. ත්‍රස්තවාදීන් විසින් අත්පත්කරගෙන තිබූ භූමි ප්‍රදේශ නැවතත් අප විසින් අත්පත්කරගෙන තිබෙනවා. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පැහැදිලි දර්ශනයක් දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාව ලද දෙවන උපතින් පසු බොහෝ ජාත්‍යන්තර සිනමා නිර්මාණකරුවන් ඔවුන්ගේ චිත්‍රපටවල රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාව තෝරාගත් අවස්ථා දැකගන්න පුළුවන්. දීපා මෙහෙතාගේ Midnight´s Children චිත්‍රපටය ශ්‍රී ලංකාවේ රූගත කළ එවැනි එක් නිර්මාණයක්" තමන් රංගනය සඳහා ඉමහත් ඇල්මක් දක්වන බවත්, සිය ශාස්ත්‍රපති උපාධියේ අධ්‍යයන කටයුතු තිබිය දී මෙසේ රූගත කිරීම් සඳහා යොමුවූයේද එමනිසා බව "අලාප්" චිත්‍රපටයෙන් පසුව ඇගේ ඉදිරි ගමන පිළිබඳව අදහස් දැක්වූ ගම්‍යා අනාවරණය කළ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. "රංගනයට සම්බන්ධවීමට පෙර ඒ පිළිබඳව ස්ථුර අධ්‍යාපනික පසුබිමක් ලබාගැනීමට මට අවශ්‍යයි. මගේ අරමුණ අදාළ විෂයෙහි සර්ව සම්පූර්ණ කාන්තාවකට බවට පත්වීමයි" ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

issuwe

ඔය පාරවල් ගානෙ ඉන්න කෙල්ලො පෙරෙතියො වගෙ හිටියත් මිට වඩා සිදෙවී පාටයි