Sri Lanka army defied last minute order to keep Rajapaksa in power: Sirisena ally

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මිත්‍රවරුනි, වැඩේ යට ගහන්න කලින් වහාම මෙය අත්සන් කරමු!!!


    Petitioning අග්‍රාමාත්‍ය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය රනිල් වික්‍රමසිංහ
    2015 ජනාධිපතිවරණයට පසු දින අළුයම සිදුවූ සිද්ධි පිළිබඳ සත්‍යය රටට හෙළි කරනු

    https://www.change.org/p/%E0%B6%BB%E...B6%B1%E0%B7%94

    2015 ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල නිකුත්වීමේ ඇනහිටීමක් ජනවාරි 9 වනදා අළුයම 3.00 ත් 4.00 ත් අතර සිදුවූ බව සියළු ශ්‍රී ලාංකිකයෝ දුටුහ. මෙය තාක්ෂණික දෝෂයක් ලෙස ප්‍රසිද්ධ කලද, පසුදින අපහට දැනගන්නට ලැබුනේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ මහතා සමග මුණගැහුනේත්, රාජපක්ෂ මහතා යම් හේතුවකින් ප්‍රතිඵල සම්පූර්ණ වීමට පෙරම ධුරය අතහැර ගියේත් මෙම කාල සීමාව තුලම බවය. තවද එදිනම අළුයම පොලිස්පතිගේ හෝ ඡන්ද කොමසාරිස් වරයාගේ අනුදැනුමකින් තොරව හමුදා ඒකක කොළඹ සැරිසැරූ බවට රාවයක් පැතිර ගියේය.

    මේ වන විට බී.බී.සී ඇතුළු විදේශ මාධ්‍ය ගණනාවක වාර්තා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහුගේ සහෝදරයා 9 වන දින අළුයම හමුදා කුමන්ත්‍රණයකින් බලයේ රැඳී සිටීමට උත්සහ දැරූ බවත්, එම අණ පිළිපැදීම හමුදා නිළධාරීන් ප්‍රතික්ෂේප කළ බවත්ය. මෙය සත්‍යයක් නම් එදින අළුයම ශ්‍රී ලංකාව එහි නිදහස් ඉතිහාසයේ කිසිදා නොවූ විරූ විනාශයක අබියසටම පැමිණියේය.

    රට මෙවන් අවදානමකට ඇත්ත වශයෙන්ම ලක්වුයේ නම් එය දැනගැනීමට පුර්ණ අයිතියක් සියළු ශ්‍රී ලාංකිකයින් හට ඇත. එමෙන්ම එවැන්නක් හෙළි කිරීම යහපාලන භූමිකාවක් ඔස්සේ බලයට පැමිණි රජයක් පැහැර හැරීම කොහෙත්ම පිළිගත නොහැක.

    ජනවාරි 9 වනදා අළුයම සිද්ධි වාරණයෙන් තොරව වහාම රටට හෙළි කරන්න!

    රනිල්ලා අහිංසක වැඩි බන්. ඔහොම බලුවදක් කෙරුවම මහින්දව පයින් ගහල එලියට දාන්න ඕනේ හරිනම්.
     
    රනිල්ලා අහිංසක වැඩි බන්. ඔහොම බලුවදක් කෙරුවම මහින්දව පයින් ගහල එලියට දාන්න ඕනේ හරිනම්.

    රනිල් බුරුල දෙනවා වැඩියි. මහත්මා ගතිගුණ හොඳයි. එත් අපරාධ හොයද්දි මහත්තය වෙලා බෑ