Sri Lanka Future Films

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    චිත්‍රපට නිර්මාණය කරගෙන ඒවා ප්‍රදර්ශනය කර ගන්නට නොහැකිව වසර ගණනාවක් එක එක සංස්ථා වල, මණ්ඩල වල පෝළිම් වල ඉන්න දක්ෂයන්ට තියෙන බාදක කම්කටොළු, ඔය අනෙකුත් රජ කතා, පුරාණ කතා, මල් කතා නිර්මාණය කරන නිර්මාණකරුවන්ට නැත්තේ ඇයි?
    ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දී චිත්‍රපට නිම කොට තිරගත කර ද හමාරය. නමුත් අර කී හොඳ, ගුණාත්මක බවින් ඉහළ, ප්‍රේක්ෂකයාට හිතන්නට යමක් ඉතිරි කරන, උපරිම රසාස්වාදයක් හැම පැතිකඩකින් ම ලබා දීමට පොහොසත් පිටපත් පාදක කරගෙන (ආධුනිකන් හෝ ප්‍රවීණයන් හෝ අතින්) නිර්මාණය වන චිත්‍රපට දීර්ඝ කාලයක් සිනමාහලක් සොයා ගන්නට නොහැකිව වේලෙන්නට සිදු වී තිබෙන්නේ මන් ද? මෑත කාලයේ දී මීට පෙන්වා දිය හැකි හොඳ ම උදාහරණය නම් 'බොර දිය පොකුණ' සහ 'නිනෝ ලයිව්' වැනි චිත්‍රපට නිම කර වසර 8 කටත් වඩා කල් ගත වූවායින් අනතුරුව තිරගත වීමට මග පෑදීමයි. තව ද පසුගිය වසරේ පැවැත්වුනු දෙරණ හෙට දවසේ සිනමාව තුලින් හොඳම චිත්‍රපටය ලෙස තේරී පත් වුනු 'බහුචිතවාදියා' චිත්‍රපටයත්, ඊටත් පෙර නිම වූ 'සූවිසි විවරණ' චිත්‍රපටයත් තවමත් ප්‍රදර්ශනය ඇරඹී තියා හෝ ඒවායේ පූර්ව ප්‍රචාරක පටවත් මිනිසුන් අතරට ගොස් නොතිබීම දැක්විය හැකියි. එක් පිරිසකට එවන් දුර්භාග්‍යමත් තත්ත්වයක් උදා වී තිබිය දී, සුනිල් ආරියරත්නගේ 'යශෝධරා' චිත්‍රපටය එක වසරක නිම කර ඊලඟ වසරේ දී වෙසක් උත්සවයට සමගාමීව ප්‍රදර්ශනය කර ගැනීමට පවා අවස්ථාව උදා වීම පුදුම සහගත ය. මෙහි ඉතා බැරෑරුම් අවුලක් තිබෙන බව පැහැදිලි ය. තුමිඳු කියූ අන්දමට සිස්ටම් අවුල මෙය නොවේ ද? කළණ කියූ අන්දමට කොල්ලන් චිත්‍රපට හැදුවත් සිනමා හල් නොමැති වීම මෙය නොවේ ද? මෙලෙස හැඳි දෙකකින් ගුණාත්මක චිත්‍රපට වලට එක් අයුරකිනුත්, තොරොම්බල් චිත්‍රපට වලට තව අයුරකිනුත් බෙදීමේ කලා ක්‍රමවේදය කුමක් ද? සංවාදයට විවෘතයි.
     
    • Like
    Reactions: djnick

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    mama hithanne bn un set ekak thama oya gema denne.
    ekek dennek neme, directorsla, producerla, theater aithi un. oya okkoma set wela mafia ekak karanne. wena ekekta enda amarui athulata. anith eka politics. MR ge kaale uta support unge film eliyata awa sutu sutu gala wena unta thanak naa. dan unp ponilage supporterslage film thama run wenne, anith unta thanak naa. lankawe film industry ekenam goda emak hithanna amarui.
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    mama hithanne bn un set ekak thama oya gema denne.
    ekek dennek neme, directorsla, producerla, theater aithi un. oya okkoma set wela mafia ekak karanne. wena ekekta enda amarui athulata. anith eka politics. MR ge kaale uta support unge film eliyata awa sutu sutu gala wena unta thanak naa. dan unp ponilage supporterslage film thama run wenne, anith unta thanak naa. lankawe film industry ekenam goda emak hithanna amarui.

    මේක මහ කරුමයක්. දෙරණ film festival එක බැලුව කෙනෙක් නම් තේරුම් ගන්න පුළුවන් දැන් halls වල යන කසි කබල් වල තරම :baffled: film festival එකේ ආධුනික චිත්‍රපට වල වුනත් ගත යුතු දෙයක් තිබුනා. :yes: