Sri Lanka is ruled by Rajapaksa Family – America

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    1_39322763932E+12.jpg



    ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාධරයන් සහ ආගමික සුළුතරයට එරෙහිව දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙමින් තිබෙන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි.

    යුද ගැටුම්වලින් අනතුරුව රටේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමෙහිලා කිසිදු ප්‍රගතියක් දැක්වීමට මෙන්ම යුද අපරාධ චෝදනා පිළිබඳව වගවීම ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බවටද රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකා ආණ්ඩුවට චෝදනා කරයි.

    ජෝන් කෙරී ඒ බව කියා සිටියේ, ගතව ගිය වසරේ ලොව පුරා රටවල මානව හිමිකම් වාතාවරණය පිළිබඳ වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත් කරමිනි.

    මේ තත්වය යටතේ තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධ තවත් යෝජනාවකට සහයෝගය දක්වන බව ඔහු යලිත් වරක් තහවුරු කළේය.

    “මානව හිමිකම් සහ මානව ගෞරවය උල්ලංඝනය කරන රටවල් අපේ අවශ්‍යතාවයන් මෙන්ම මානවීය අවශ්‍යතාවයන්ටද අභියෝග කරන බව අප දන්නා නිසි, අපි එයට සහාය දෙන්නේ,” යනුවෙන්ද ඔහු පැවසීය.

    ගතව ගිය වසරේත් ශ්‍රී ලංකාවේ අතුරුදහන් කරවීම ඇතුළු බොහෝ මානව හිමිකම් උල්ලංඝනයන් සිදු වූ බව පෙන්වා දෙන වාර්ෂික වාර්තාව, ජනමාධ්‍ය ආයතනවලට සහ අධිකරණයට එල්ල වූ ප්‍රහාර මෙන්ම පොලිසියට එල්ල වන වද බන්ධන චෝදනා සම්බන්ධයෙන් වගකිවයුත්තන් නීතිය ඉදිරියට පැමිණවීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වූ බවද සඳහන් කරයි.

    ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන් ආණ්ඩුව ඇතුළු ශ්‍රී ලංකාවේ සමස්ත පරිපාලනයේ ආධිපත්‍යය හොබවන බවද එහි ද එහි සඳහන්ය.

    - BBC