Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
SRI LANKA OLD PARLIAMENT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SRI LANKA OLD PARLIAMENT

ග්‍රීසියේ දේවස්ථානයක්

ලංකාවේ පාර්ලිමේන්තුවකට පෙරළුණු හැටි

පැරණි දේවස්ථානවල ඡායාරූප ඇතුළත් පොතක "පාතීනන්" නැමති දේවස්ථානයක ඡායාරූපයක් විය. එය බැලූ බැල්මට ලංකාවේ පරණ පාර්ලිමේන්තුවට මුළුමනින්ම සමානය. ගාමිණි හෝල් අසල තිබූ පරණ පොත් කඩයක විකිණීමට තිබූ මේ පොතේ එම ඡායාරූපය සහිත පිටුව පෙනෙන ලෙස තිබුණු නිසා අතට ගෙන බැලීමට විමසිලිමත් වීමි. එම පොත් කඩයෙන් පාර්ලිමේන්තුවේ පුස්තකාලයාධිපති වූ ටී. වී. ගුණතිලක මහතාගේ ලේඛකයකුත් අවසානයේ මට එම පොත් කඩයෙන් සොයා ගත හැකි විය. එම සටහන "පාතීනන්"" ගොඩනැඟිල්ලේ ආකෘතියට මුළු මුනින්ම සමාන විය.

මේ පැරැණි පාර්ලිමේන්තුවේ ඉතිහාසය 1912 තරම් ඈතකට විහිදී යන්නකි. එය එවකට ලංකාණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මැකලම් ගේ අදහසකි. බ්‍රිතාන්‍ය කිරීටයේ තත්ත්වය නොහොත් "කොලිටියට" ගැලපෙන අංගෝපාංගවලින් හෙබි ගොඩනැඟිල්ලක් සඳහා "පාතීනන්" නමැති දේවස්ථානයේ සැලැස්ම තෝරා ඇත්තේද "ශ්‍රීමත් හෙන්රි විසිනි".

මේ වකවානුවේ රජය විසින් නව කමිටුවක් පත්කොට ඇත්තේ මහලේකම් කාර්යාලය, මන්ත්‍රණ සභා කාර්යාලය සහ රජයේ කාර්යාල සඳහා නව ගොඩනැඟිලි ඉදිකිරීම සඳහාය.

නව කමිටුවේ නිර්දේශය 1920 ජූනි මාසයේ රජය විසින් පිළිගන්වන ලදී. 1920 අගෝස්තුවේ දී පැරැණි පාර්ලිමේන්තුවේ "චිත්‍ර සටහන්" නොහොත් ප්ලෑන් එකට නිල අනුමැතිය ලැබිණි. තුන්මහල් ගොඩනැඟිල්ලක් වූ එය 1925 අප්‍රේල් මාසයේදී අවසාන වශයෙන් රජයේ අනුමැතියට ලක්විය. මුල් සැලැස්මේ විදුලි සෝපානය නොහොත් "ලිෆ්ට්" එක කියා හැඳින්වෙන ඒවා නොතිබුණු බැවින් ඒවාද එක්කොට 1927 ජුනි මාසයේදී එම ගොඩනැඟිල්ලට යන මුළු වියදම රු. 40,50,000 කට "ඇස්ටිමේට්" කරන ලද බැව් "දිනමිණ" පුවත්පත වාර්තාකොට තිබිණි.

කවුරුත් දන්න මේ පරණ පාර්ලිමේන්තු භූමිය පස්ගොඩ කර හැදූ බිමක් බව බොහෝ දෙනා නොදන්නා කරුණක් විය හැකිය. රජයේ වැඩ මණ්ඩලය විසින් ගාලුමුවදොර හමුදා බැරැක්ක සහ බේරේ වැව අතර ගොඩ කළ මේ ඉඩම තුළ ගොඩනැඟිල්ලක් ඉදිකිරීම මහ අභියෝගයක් විය. ගොඩ කළ ද දණහිසක තරමටම ඒ ඉඩම එරීම මීට හේතුවයි.

ෆයිල් ගැසීම යනුවෙන් නූතන දැවැන්ත ගොඩනැඟිලි ඉදිකිරීමේදී අඩි විස්සක පමණ කොන්ක්‍රීට් කණු පොළවට බැස්සවීම දැනුදු සිදු කරන්නකි. ලංකාවේ ෆයිල් බැස්සවීම 1927 වැනි තරම් අතීතයට හිමිකම් කියන බව අපට වැටහී යන්නේ පැරැණි පාර්ලිමේන්තුව ගොඩනැඟීම ගැන කරුණු සෙවීමෙනි. දනහිසක් එරුණු ඒ ඉඩමේ අවසන් තීරණය වූයේ කොන්ක්‍රීට් ෆයිල් නොහොත් "සවි ගැන්වූ කොන්ක්‍රීට් ජම්බාර කණු" මත ගොඩනැඟිල්ල ඉදිකළ යුතු බවය.

පැරැණි පාර්ලිමේන්තුව පංචවිධි ශෛලියන්ගෙන් එකක් වූ "අයෝනික ශෛලිය" ගුරු කළ ගත් එකක් විය. එහි මුල් ආකෘතිය "ඇතිනි" නම් ග්‍රීක දෙව් දුවට පුද කරන්නක් විය. එය ඇතෑන්ස් නුවර ඇක්රොපොලිස් ගොඩනැඟිලි තිබුණු කඳු ඉස්මත්තේ ගොඩනඟා තිබුණේ කිසිදු ෆයිල් බැස්සවීමකින් තොරව පිහිටි බිමකය.

ඉදිරිපිටින් ඇති මුහුදේ ඝෝෂාව මෙන්ම හිරු බැස යැමේදී සභා ගර්භයට හිරු එළිය වැටීමෙන් සිදුවන අපහසුතාව මඟහැරීම රැස්වීම්වල අරමුණ විය. අවසානයේ තීරණය වූයේ ඉඩමේ නැගෙනහිර පැත්තේ ගොඩනැඟිල්ල ඉදිකිරීමටය. හමා එන සිසිල් මුහුදු සුළං අඛණ්ඩව ගොඩනැඟිල්ල තුළට "නොනැවතී" ගලා ඒම එහි එක් අරමුණක් විය.

මේ ගොඩනැඟිල්ල සඳහා යොදා ගත් අමුද්‍රව්‍ය ගැනද මෙහිදී සඳහන් කළ යුතුය. ආවට ගියාට මිලදී ගත් ගොඩනැඟිලි ද්‍රව්‍ය මේ සඳහා කිසිත් යොදාගෙන නැත.

මේ පාර්ලිමේන්තුව සඳහා අවශ්‍ය ගල් නිපදවීම මුළු ලංකාව පුරා සමීක්ෂණයක් කිරීමට ලංකාවේ වැඩ පිළිබඳ උපදේශක මණ්ඩලයට සිදුවිය.

ඔවුන් විසින් කුරුණෑගල, හංවැල්ල ආදී ගඩොල් කැපීමට නම් දැරූ බොහෝ තැන්වල කරක් ගසා අවසානයේ නැවතුනේ රුවන්වැල්ලේ ගල් වළකය. එම රුවන්වැල්ලේ ගල්වළ අත්පත් කරගෙන මෙම ගොඩනැඟිල්ල සඳහා විශේෂයෙන් සැකසූ "ගල්" සපයා ගන්නා ලද බව ඉතිහාසයේ සඳහන් වේ.

මෙම ගොඩනැඟිල්ලේ විශේෂත්වය එතරම් ඈත අතීතයක ඉදිකරන ලද මෙය ගිනි ගැනීමෙන් තොර ගොඩනැඟිල්ලක් වීමය. බිත්ති වලට යොදා ඇත්තේ වානේ රාමුය. ගොඩනැඟිල්ල තුළට මුහුදු ඝෝෂාව ඒම වැළැක්වීමට මුල් කාලයේ කොරොප්ප සහ ලිනෝලිගම් පලස් අතුරා තිබූ බව ද සඳහන්ය.

සභා ගර්භයක් තුළ ඇතිවන දෝංකාරය එහි කටයුතු පවත්වාගෙන යැමට මහත් බාධාවකි. මේ ගොඩනැඟිල්ලේ දෝංකාර නැවැත්වීමට යොදාගෙන තිබුණේ උක් රොඩු බව කිව්වහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. එම සභා ගර්භයේ බිත්ති මෙන්ම සිවිලිමටද යොදාගෙන ඇත්තේ "සෙලොටෙක්ස්" නම් තහඩු වර්ගයකි. එම තහඩු වර්ගයේ පැටිකිරිය සොයාගෙන යද්දී සොයා ගත හැකි වූයේ ඒවා නිපදවන්නට යොදා ගන්නේ උක් රොඩු බවය.

අද පාර්ලිමේන්තුවට ඕනෑම අපරාධකරුවෙකුට සල්ලි විසිකර මනාප එක්කර ගත හැකි වුවද පරණ පාර්ලිමේන්තුවේ එහෙම නැත. එහි ඩී. එස්. සේනානායක ආවද, කොතලාවල ආවද, සෙවල බණ්ඩා ආවද, ගොඩ විය යුත්තේ පියවරෙන් පියවරය. එහි නැඟිය යුතු පිය ගැටපෙළ ගණන 30 කි. එක පිය ගැට පෙළක දිග අඩි 50 කි.

මෙම පැරැණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල විවෘත කොට ඇත්තේ 1930 ජනවාරි 29 වැනි දිනය. එහෙත් ඒ පාර්ලිමේන්තුව වශයෙන් නොව ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභා මන්දිරය එහි නම විය.

[QUOTE="hemalsilva, post: 7633182, member: 7335"] [CENTER][B][SIZE="6"][COLOR="Blue"]SRI LANKA OLD PARLIAMENT ග්‍රීසියේ දේවස්ථානයක් ලංකාවේ පාර්ලිමේන්තුවකට පෙරළුණු හැටි[/COLOR][/SIZE][/B] [IMG]http://farm1.static.flickr.com/27/53046451_1d5b033803_o.jpg[/IMG][/CENTER] [B][SIZE="3"]පැරණි දේවස්ථානවල ඡායාරූප ඇතුළත් පොතක "පාතීනන්" නැමති දේවස්ථානයක ඡායාරූපයක් විය. එය බැලූ බැල්මට ලංකාවේ පරණ පාර්ලිමේන්තුවට මුළුමනින්ම සමානය. ගාමිණි හෝල් අසල තිබූ පරණ පොත් කඩයක විකිණීමට තිබූ මේ පොතේ එම ඡායාරූපය සහිත පිටුව පෙනෙන ලෙස තිබුණු නිසා අතට ගෙන බැලීමට විමසිලිමත් වීමි. එම පොත් කඩයෙන් පාර්ලිමේන්තුවේ පුස්තකාලයාධිපති වූ ටී. වී. ගුණතිලක මහතාගේ ලේඛකයකුත් අවසානයේ මට එම පොත් කඩයෙන් සොයා ගත හැකි විය. එම සටහන "පාතීනන්"" ගොඩනැඟිල්ලේ ආකෘතියට මුළු මුනින්ම සමාන විය. මේ පැරැණි පාර්ලිමේන්තුවේ ඉතිහාසය 1912 තරම් ඈතකට විහිදී යන්නකි. එය එවකට ලංකාණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මැකලම් ගේ අදහසකි. බ්‍රිතාන්‍ය කිරීටයේ තත්ත්වය නොහොත් "කොලිටියට" ගැලපෙන අංගෝපාංගවලින් හෙබි ගොඩනැඟිල්ලක් සඳහා "පාතීනන්" නමැති දේවස්ථානයේ සැලැස්ම තෝරා ඇත්තේද "ශ්‍රීමත් හෙන්රි විසිනි". මේ වකවානුවේ රජය විසින් නව කමිටුවක් පත්කොට ඇත්තේ මහලේකම් කාර්යාලය, මන්ත්‍රණ සභා කාර්යාලය සහ රජයේ කාර්යාල සඳහා නව ගොඩනැඟිලි ඉදිකිරීම සඳහාය. නව කමිටුවේ නිර්දේශය 1920 ජූනි මාසයේ රජය විසින් පිළිගන්වන ලදී. 1920 අගෝස්තුවේ දී පැරැණි පාර්ලිමේන්තුවේ "චිත්‍ර සටහන්" නොහොත් ප්ලෑන් එකට නිල අනුමැතිය ලැබිණි. තුන්මහල් ගොඩනැඟිල්ලක් වූ එය 1925 අප්‍රේල් මාසයේදී අවසාන වශයෙන් රජයේ අනුමැතියට ලක්විය. මුල් සැලැස්මේ විදුලි සෝපානය නොහොත් "ලිෆ්ට්" එක කියා හැඳින්වෙන ඒවා නොතිබුණු බැවින් ඒවාද එක්කොට 1927 ජුනි මාසයේදී එම ගොඩනැඟිල්ලට යන මුළු වියදම රු. 40,50,000 කට "ඇස්ටිමේට්" කරන ලද බැව් "දිනමිණ" පුවත්පත වාර්තාකොට තිබිණි. කවුරුත් දන්න මේ පරණ පාර්ලිමේන්තු භූමිය පස්ගොඩ කර හැදූ බිමක් බව බොහෝ දෙනා නොදන්නා කරුණක් විය හැකිය. රජයේ වැඩ මණ්ඩලය විසින් ගාලුමුවදොර හමුදා බැරැක්ක සහ බේරේ වැව අතර ගොඩ කළ මේ ඉඩම තුළ ගොඩනැඟිල්ලක් ඉදිකිරීම මහ අභියෝගයක් විය. ගොඩ කළ ද දණහිසක තරමටම ඒ ඉඩම එරීම මීට හේතුවයි. ෆයිල් ගැසීම යනුවෙන් නූතන දැවැන්ත ගොඩනැඟිලි ඉදිකිරීමේදී අඩි විස්සක පමණ කොන්ක්‍රීට් කණු පොළවට බැස්සවීම දැනුදු සිදු කරන්නකි. ලංකාවේ ෆයිල් බැස්සවීම 1927 වැනි තරම් අතීතයට හිමිකම් කියන බව අපට වැටහී යන්නේ පැරැණි පාර්ලිමේන්තුව ගොඩනැඟීම ගැන කරුණු සෙවීමෙනි. දනහිසක් එරුණු ඒ ඉඩමේ අවසන් තීරණය වූයේ කොන්ක්‍රීට් ෆයිල් නොහොත් "සවි ගැන්වූ කොන්ක්‍රීට් ජම්බාර කණු" මත ගොඩනැඟිල්ල ඉදිකළ යුතු බවය. පැරැණි පාර්ලිමේන්තුව පංචවිධි ශෛලියන්ගෙන් එකක් වූ "අයෝනික ශෛලිය" ගුරු කළ ගත් එකක් විය. එහි මුල් ආකෘතිය "ඇතිනි" නම් ග්‍රීක දෙව් දුවට පුද කරන්නක් විය. එය ඇතෑන්ස් නුවර ඇක්රොපොලිස් ගොඩනැඟිලි තිබුණු කඳු ඉස්මත්තේ ගොඩනඟා තිබුණේ කිසිදු ෆයිල් බැස්සවීමකින් තොරව පිහිටි බිමකය. ඉදිරිපිටින් ඇති මුහුදේ ඝෝෂාව මෙන්ම හිරු බැස යැමේදී සභා ගර්භයට හිරු එළිය වැටීමෙන් සිදුවන අපහසුතාව මඟහැරීම රැස්වීම්වල අරමුණ විය. අවසානයේ තීරණය වූයේ ඉඩමේ නැගෙනහිර පැත්තේ ගොඩනැඟිල්ල ඉදිකිරීමටය. හමා එන සිසිල් මුහුදු සුළං අඛණ්ඩව ගොඩනැඟිල්ල තුළට "නොනැවතී" ගලා ඒම එහි එක් අරමුණක් විය. මේ ගොඩනැඟිල්ල සඳහා යොදා ගත් අමුද්‍රව්‍ය ගැනද මෙහිදී සඳහන් කළ යුතුය. ආවට ගියාට මිලදී ගත් ගොඩනැඟිලි ද්‍රව්‍ය මේ සඳහා කිසිත් යොදාගෙන නැත. මේ පාර්ලිමේන්තුව සඳහා අවශ්‍ය ගල් නිපදවීම මුළු ලංකාව පුරා සමීක්ෂණයක් කිරීමට ලංකාවේ වැඩ පිළිබඳ උපදේශක මණ්ඩලයට සිදුවිය. ඔවුන් විසින් කුරුණෑගල, හංවැල්ල ආදී ගඩොල් කැපීමට නම් දැරූ බොහෝ තැන්වල කරක් ගසා අවසානයේ නැවතුනේ රුවන්වැල්ලේ ගල් වළකය. එම රුවන්වැල්ලේ ගල්වළ අත්පත් කරගෙන මෙම ගොඩනැඟිල්ල සඳහා විශේෂයෙන් සැකසූ "ගල්" සපයා ගන්නා ලද බව ඉතිහාසයේ සඳහන් වේ. මෙම ගොඩනැඟිල්ලේ විශේෂත්වය එතරම් ඈත අතීතයක ඉදිකරන ලද මෙය ගිනි ගැනීමෙන් තොර ගොඩනැඟිල්ලක් වීමය. බිත්ති වලට යොදා ඇත්තේ වානේ රාමුය. ගොඩනැඟිල්ල තුළට මුහුදු ඝෝෂාව ඒම වැළැක්වීමට මුල් කාලයේ කොරොප්ප සහ ලිනෝලිගම් පලස් අතුරා තිබූ බව ද සඳහන්ය. සභා ගර්භයක් තුළ ඇතිවන දෝංකාරය එහි කටයුතු පවත්වාගෙන යැමට මහත් බාධාවකි. මේ ගොඩනැඟිල්ලේ දෝංකාර නැවැත්වීමට යොදාගෙන තිබුණේ උක් රොඩු බව කිව්වහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. එම සභා ගර්භයේ බිත්ති මෙන්ම සිවිලිමටද යොදාගෙන ඇත්තේ "සෙලොටෙක්ස්" නම් තහඩු වර්ගයකි. එම තහඩු වර්ගයේ පැටිකිරිය සොයාගෙන යද්දී සොයා ගත හැකි වූයේ ඒවා නිපදවන්නට යොදා ගන්නේ උක් රොඩු බවය. අද පාර්ලිමේන්තුවට ඕනෑම අපරාධකරුවෙකුට සල්ලි විසිකර මනාප එක්කර ගත හැකි වුවද පරණ පාර්ලිමේන්තුවේ එහෙම නැත. එහි ඩී. එස්. සේනානායක ආවද, කොතලාවල ආවද, සෙවල බණ්ඩා ආවද, ගොඩ විය යුත්තේ පියවරෙන් පියවරය. එහි නැඟිය යුතු පිය ගැටපෙළ ගණන 30 කි. එක පිය ගැට පෙළක දිග අඩි 50 කි. මෙම පැරැණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල විවෘත කොට ඇත්තේ 1930 ජනවාරි 29 වැනි දිනය. එහෙත් ඒ පාර්ලිමේන්තුව වශයෙන් නොව ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභා මන්දිරය එහි නම විය.[/SIZE][/B] [CENTER][IMG]http://www.lkholidays.net/admin/gal/1251445835colombo-sri-lanka2.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom