SRI LANKA OLD PARLIAMENT

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    SRI LANKA OLD PARLIAMENT

    ග්‍රීසියේ දේවස්‌ථානයක්‌
    ලංකාවේ පාර්ලිමේන්තුවකට පෙරළුණු හැටි


    53046451_1d5b033803_o.jpg

    පැරණි දේවස්‌ථානවල ඡායාරූප ඇතුළත් පොතක "පාතීනන්" නැමති දේවස්‌ථානයක ඡායාරූපයක්‌ විය. එය බැලූ බැල්මට ලංකාවේ පරණ පාර්ලිමේන්තුවට මුළුමනින්ම සමානය. ගාමිණි හෝල් අසල තිබූ පරණ පොත් කඩයක විකිණීමට තිබූ මේ පොතේ එම ඡායාරූපය සහිත පිටුව පෙනෙන ලෙස තිබුණු නිසා අතට ගෙන බැලීමට විමසිලිමත් වීමි. එම පොත් කඩයෙන් පාර්ලිමේන්තුවේ පුස්‌තකාලයාධිපති වූ ටී. වී. ගුණතිලක මහතාගේ ලේඛකයකුත් අවසානයේ මට එම පොත් කඩයෙන් සොයා ගත හැකි විය. එම සටහන "පාතීනන්"" ගොඩනැඟිල්ලේ ආකෘතියට මුළු මුනින්ම සමාන විය.


    මේ පැරැණි පාර්ලිමේන්තුවේ ඉතිහාසය 1912 තරම් ඈතකට විහිදී යන්නකි. එය එවකට ලංකාණ්‌ඩුකාර ශ්‍රීමත් හෙන්රි මැකලම් ගේ අදහසකි. බ්‍රිතාන්‍ය කිරීටයේ තත්ත්වය නොහොත් "කොලිටියට" ගැලපෙන අංගෝපාංගවලින් හෙබි ගොඩනැඟිල්ලක්‌ සඳහා "පාතීනන්" නමැති දේවස්‌ථානයේ සැලැස්‌ම තෝරා ඇත්තේද "ශ්‍රීමත් හෙන්රි විසිනි".


    මේ වකවානුවේ රජය විසින් නව කමිටුවක්‌ පත්කොට ඇත්තේ මහලේකම් කාර්යාලය, මන්ත්‍රණ සභා කාර්යාලය සහ රජයේ කාර්යාල සඳහා නව ගොඩනැඟිලි ඉදිකිරීම සඳහාය.


    නව කමිටුවේ නිර්දේශය 1920 ජූනි මාසයේ රජය විසින් පිළිගන්වන ලදී. 1920 අගෝස්‌තුවේ දී පැරැණි පාර්ලිමේන්තුවේ "චිත්‍ර සටහන්" නොහොත් ප්ලෑන් එකට නිල අනුමැතිය ලැබිණි. තුන්මහල් ගොඩනැඟිල්ලක්‌ වූ එය 1925 අප්‍රේල් මාසයේදී අවසාන වශයෙන් රජයේ අනුමැතියට ලක්‌විය. මුල් සැලැස්‌මේ විදුලි සෝපානය නොහොත් "ලිෆ්ට්‌‌" එක කියා හැඳින්වෙන ඒවා නොතිබුණු බැවින් ඒවාද එක්‌කොට 1927 ජුනි මාසයේදී එම ගොඩනැඟිල්ලට යන මුළු වියදම රු. 40,50,000 කට "ඇස්‌ටිමේට්‌" කරන ලද බැව් "දිනමිණ" පුවත්පත වාර්තාකොට තිබිණි.


    කවුරුත් දන්න මේ පරණ පාර්ලිමේන්තු භූමිය පස්‌ගොඩ කර හැදූ බිමක්‌ බව බොහෝ දෙනා නොදන්නා කරුණක්‌ විය හැකිය. රජයේ වැඩ මණ්‌ඩලය විසින් ගාලුමුවදොර හමුදා බැරැක්‌ක සහ බේරේ වැව අතර ගොඩ කළ මේ ඉඩම තුළ ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීම මහ අභියෝගයක්‌ විය. ගොඩ කළ ද දණහිසක තරමටම ඒ ඉඩම එරීම මීට හේතුවයි.


    ෆයිල් ගැසීම යනුවෙන් නූතන දැවැන්ත ගොඩනැඟිලි ඉදිකිරීමේදී අඩි විස්‌සක පමණ කොන්ක්‍රීට්‌ කණු පොළවට බැස්‌සවීම දැනුදු සිදු කරන්නකි. ලංකාවේ ෆයිල් බැස්‌සවීම 1927 වැනි තරම් අතීතයට හිමිකම් කියන බව අපට වැටහී යන්නේ පැරැණි පාර්ලිමේන්තුව ගොඩනැඟීම ගැන කරුණු සෙවීමෙනි. දනහිසක්‌ එරුණු ඒ ඉඩමේ අවසන් තීරණය වූයේ කොන්ක්‍රීට්‌ ෆයිල් නොහොත් "සවි ගැන්වූ කොන්ක්‍රීට්‌ ජම්බාර කණු" මත ගොඩනැඟිල්ල ඉදිකළ යුතු බවය.


    පැරැණි පාර්ලිමේන්තුව පංචවිධි ශෛලියන්ගෙන් එකක්‌ වූ "අයෝනික ශෛලිය" ගුරු කළ ගත් එකක්‌ විය. එහි මුල් ආකෘතිය "ඇතිනි" නම් ග්‍රීක දෙව් දුවට පුද කරන්නක්‌ විය. එය ඇතෑන්ස්‌ නුවර ඇක්‍රොපොලිස්‌ ගොඩනැඟිලි තිබුණු කඳු ඉස්‌මත්තේ ගොඩනඟා තිබුණේ කිසිදු ෆයිල් බැස්‌සවීමකින් තොරව පිහිටි බිමකය.


    ඉදිරිපිටින් ඇති මුහුදේ ඝෝෂාව මෙන්ම හිරු බැස යැමේදී සභා ගර්භයට හිරු එළිය වැටීමෙන් සිදුවන අපහසුතාව මඟහැරීම රැස්‌වීම්වල අරමුණ විය. අවසානයේ තීරණය වූයේ ඉඩමේ නැගෙනහිර පැත්තේ ගොඩනැඟිල්ල ඉදිකිරීමටය. හමා එන සිසිල් මුහුදු සුළං අඛණ්‌ඩව ගොඩනැඟිල්ල තුළට "නොනැවතී" ගලා ඒම එහි එක්‌ අරමුණක්‌ විය.

    මේ ගොඩනැඟිල්ල සඳහා යොදා ගත් අමුද්‍රව්‍ය ගැනද මෙහිදී සඳහන් කළ යුතුය. ආවට ගියාට මිලදී ගත් ගොඩනැඟිලි ද්‍රව්‍ය මේ සඳහා කිසිත් යොදාගෙන නැත.


    මේ පාර්ලිමේන්තුව සඳහා අවශ්‍ය ගල් නිපදවීම මුළු ලංකාව පුරා සමීක්‍ෂණයක්‌ කිරීමට ලංකාවේ වැඩ පිළිබඳ උපදේශක මණ්‌ඩලයට සිදුවිය.


    ඔවුන් විසින් කුරුණෑගල, හංවැල්ල ආදී ගඩොල් කැපීමට නම් දැරූ බොහෝ තැන්වල කරක්‌ ගසා අවසානයේ නැවතුනේ රුවන්වැල්ලේ ගල් වළකය. එම රුවන්වැල්ලේ ගල්වළ අත්පත් කරගෙන මෙම ගොඩනැඟිල්ල සඳහා විශේෂයෙන් සැකසූ "ගල්" සපයා ගන්නා ලද බව ඉතිහාසයේ සඳහන් වේ.


    මෙම ගොඩනැඟිල්ලේ විශේෂත්වය එතරම් ඈත අතීතයක ඉදිකරන ලද මෙය ගිනි ගැනීමෙන් තොර ගොඩනැඟිල්ලක්‌ වීමය. බිත්ති වලට යොදා ඇත්තේ වානේ රාමුය. ගොඩනැඟිල්ල තුළට මුහුදු ඝෝෂාව ඒම වැළැක්‌වීමට මුල් කාලයේ කොරොප්ප සහ ලිනෝලිගම් පලස්‌ අතුරා තිබූ බව ද සඳහන්ය.


    සභා ගර්භයක්‌ තුළ ඇතිවන දෝංකාරය එහි කටයුතු පවත්වාගෙන යැමට මහත් බාධාවකි. මේ ගොඩනැඟිල්ලේ දෝංකාර නැවැත්වීමට යොදාගෙන තිබුණේ උක්‌ රොඩු බව කිව්වහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. එම සභා ගර්භයේ බිත්ති මෙන්ම සිවිලිමටද යොදාගෙන ඇත්තේ "සෙලොටෙක්‌ස්‌" නම් තහඩු වර්ගයකි. එම තහඩු වර්ගයේ පැටිකිරිය සොයාගෙන යද්දී සොයා ගත හැකි වූයේ ඒවා නිපදවන්නට යොදා ගන්නේ උක්‌ රොඩු බවය.


    අද පාර්ලිමේන්තුවට ඕනෑම අපරාධකරුවෙකුට සල්ලි විසිකර මනාප එක්‌කර ගත හැකි වුවද පරණ පාර්ලිමේන්තුවේ එහෙම නැත. එහි ඩී. එස්‌. සේනානායක ආවද, කොතලාවල ආවද, සෙවල බණ්‌ඩා ආවද, ගොඩ විය යුත්තේ පියවරෙන් පියවරය. එහි නැඟිය යුතු පිය ගැටපෙළ ගණන 30 කි. එක පිය ගැට පෙළක දිග අඩි 50 කි.


    මෙම පැරැණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල විවෘත කොට ඇත්තේ 1930 ජනවාරි 29 වැනි දිනය. එහෙත් ඒ පාර්ලිමේන්තුව වශයෙන් නොව ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභා මන්දිරය එහි නම විය.


    1251445835colombo-sri-lanka2.jpg
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    එසේ නම් මෙම ගොඩනැඟිල්ල "පාර්ලිමේන්තුව" ව&#

    එසේ නම් මෙම ගොඩනැඟිල්ල "පාර්ලිමේන්තුව" වූයේ කෙසේද?


    1931 සිට 1947 දක්‌වා රාජ්‍ය මන්ත්‍රණ සභාව වූ මෙම ගොඩනැඟිල්ල 1947 සිට 1972 දක්‌වා නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලය විය. 1972 දී බණ්‌ඩාරනායක මැතිනිය මෙය ජාතික රාජ්‍ය සභාව බවට පත් කළේය. අවසානයේ 1978 සැප්තැම්බරයේදී "පාර්ලිමේන්තුව" නමැති හංවඩුව ගසා මේ ගොඩනැඟිල්ල බෞතිස්‌ම කරන ලදී.

    අද දියවන්නාවේ "හැටහුටාමාරක්‌" මන්ත්‍රීවරු සිටියද මුලින්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිටියේ 49 ක්‌ පමණි. අද පාර්මේන්තුවේ ඔවුන් සිටියා නම් සියල්ලන් ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් බවට නිතැතින් පත්වනු ඇත. ඒ අද ඇමැතිවරුන් ඊට වඩා වැඩි නිසාය.

    1949 දී සෝල්බරී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව බිහි විය. එහි දී මන්ත්‍රී සංඛ්‍යාව 49 සිට 101 දක්‌වා වැඩි විය.

    බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නද එහි සෑම මන්ත්‍රී කෙනකුටම "පුටුවක්‌" දීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් බැඳී නැත.


    බ්‍රිතාන්‍ය එය හඳුන්වන්නේ ඓතිහාසික සිද්ධියක්‌ ලෙසය. එය බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්‌ඩලයේ ඒකමතික තීරණයක්‌ විය.


    නමුත් ලංකාවේ හැම මන්ත්‍රීවරුයකුටම සභාවේ අසුනක්‌ හිමිකිරීම අනිවාර්ය අංගයක්‌ විය.


    මුල් ගොඩනැඟිල්ලේ ගැලරි ආසන 200 ක්‌ විය. නමුත් මන්ත්‍රීවරුන් වැඩිවීමේදී මේ සංඛ්‍යාව කෙමෙන් අඩුවිය.


    1972 වන විට මන්ත්‍රී සංඛ්‍යාව 157 වූයේ කෙසේ දැයි ඔබට ප්‍රශ්නයක්‌ පැනනැඟිය හැක. සිදු වූයේ කුමක්‌ද? 1959 ඡන්ද කොට්‌ඨාස බෙදා වෙන්කිරීමේදී කොමිසම නිර්දේශ නිසා මන්ත්‍රී සංඛ්‍යාව 101 සිට 157 දක්‌වා වැඩි වීමය.

    බ්‍රිතාන්‍ය කිරීටයේ "බත් ඉඳුල් ලෙව කෑ" ලංකා පාර්ලිමේන්තුවේ බිල්ඩිමේ මුදුනේම හයිකර තිබූ බ්‍රිතාන්‍ය රාජ්‍ය කිරීටකයේ රාජා රාජ්‍ය ලාංඡන රාජයා දොහොත් මුදුන් දී බිමට පත බෑවේ 1972 දීය. ඉන්පසු ඊට ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය සවිකොට ගන්නා ලදී. මෙම පාර්ලිමේන්තු ඉතිහාසය තුළ පවත්වා ඇති දැවැන්තම උත්සව දෙකක්‌ ඇත. 1930 දි ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභාව විවෘත කිරීම ඉන් පළමු වැන්නය. මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්‌ඩලය විසින් 1949 දී කථානායක ආසනය සහ සෙන්කෝලය පරිත්‍යාග කිරීම දෙවැන්නයි. නමුත් මහ රැජින ලංකාවට පැමිණි අවස්‌ථාවේ පාර්ලිමේන්තුවට ආවේ නැත්දැයි ප්‍රශ්නයක්‌ ඔබට දැන් පැන නඟින්නට පුළුවන. සෙනට්‌ මන්ත්‍රී මණ්‌ඩලයත් නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයත් යනුවෙන් හැඳින්වුණු පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්‌ඩල ත්‍රිත්වයම මහ රැජින ඇමතූ එම ඓතිහාසික උත්සවය පවත්වා ඇත්තේ "පාර්ලිමේන්තුවේ" නොව නිදහස්‌ අනුස්‌මරණ ශාලාවේය.


    පැරැණි පාර්ලිමේන්තුවේ කාගේත් සිත් ගන්නා තැනක්‌ වූයේ භෝජනාගාරයයි. එහි වූ විස්‌කි, බ්‍රැන්ඩි ඇති තරම් තිබූ බාර් එක මන්ත්‍රීවරුන් සභාව කල් තැබූ වේලාවලදී "පොඩි ෂොට්‌" එකක්‌ දමා විඩාව නිවා ගැනීමට කියාපු තැනක්‌ විය. ගාලු මුවදොර පිස එන සිසිල් සුළඟින් නව ජීවයක්‌ ලබමින් උස්‌ ආසනවලට වී සිගරට්‌ උරමින් "මහ හයියෙන්" සිනාසෙන පක්‍ෂ විපක්‍ෂ කවුරුත් එදා දැක ගත හැකි සුලබ දසුනක්‌ වී ඇත. ඒ සැම අත ගැවසුනු සුවිශේෂි දෙයක්‌ නම් සිගරැට්‌ ටින්ය,... ගෝල්ඩ්ප්ලෙක්‌, ඩිමෝරියා නෙවිකට්‌ එකල ජනප්‍රිය සිගරැට්‌ ටින් විය.


    මන්ත්‍රීවරු 101 සිටි කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තරමටම වැදගත් පිරිසක්‌ වූයේ පත්තර වාර්තාකරුවන්ය. ඉඩකඩ මදිකම නිසා ඔවුන්ට සභාගර්භයේම කොනක කොටු කොට "ප්‍රෙස්‌ බොක්‌ස්‌" නමින් වෙන්කොට තිබිණි.


    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සම ආසනවල ඉඳගැනීමට සිදුවීම නිසා එකල වාර්තාකරුවන්ට "සම්පූර්ණ යුරෝපීය" ඇඳුමෙන් සැරසී පැමිණීම අනිවාර්ය විය.


    ටයිකෝට්‌ නැතිව පාර්ලිමේන්තු ගියද ප්‍රෙස්‌ බොක්‌ස්‌ එකේ කොටසක පරණ කෝට්‌ බෑයක්‌ද හදිසියට ගැනීමට තබා තිබිණි . එහි විශේෂත්වය එහි පිට සම්පූර්ණයෙන් දිය වී තිබීමයි. නමුත් ඉදිරිපසින් බැලූවිට සම්පූර්ණ ඇඳුමක්‌ වූ බැවින් ජාම බේරාගැනීමට එය ප්‍රමාණවත් විය. වරක්‌ වැදගත් අණපනතක්‌ සම්මත කිරීමේදී එය වාර්තා කිරීමට පැමිණි වාර්තාකරුවකු හදිසියේම මේ කෝට්‌බෑයද දමාගෙන සභාවට වාර්තාකරන්නට විය. නමුත් මුළු සභාවම ටික වේලාවකින් සිනහ ගන්වමින් ඔහු පාර්ලිමේන්තුව දෙවනත් කරමින් එළියට පැන දුවන්නට විය. සිදු වී තිබුනේ කුමක්‌ද? කාලයක්‌ භාවිතයට නොගෙන තිබූ කෝට්‌ බෑයේ සිටි "තෙල් කූඹින්ද වාර්තාකරුට තදබල ප්‍රහාරයක්‌ එල්ල කිරීමයි.


    56 පෙරැලියත් සමග ජයපැන් බී කොළඹට ආ ජන ගඟ පාර්ලිමේන්තුව ආක්‍රමණය කරන්නට විය. "මේවා දැන් අපේ" යයි කියූ ජනතාව සභාගැබේ වාඩි වෙමින් සැනසුනු අතර සෑහීඹකට පත් නොවූ පිරිස්‌ කථානායක අසුනේ පවා වාඩි වෙමින් "මේවා දැන් අපේ" යයි පවසන්නට වූහ.


    56 දී බොහෝ මන්ත්‍රීවරු ටයි - කෝට්‌ ටොප් - හැට්‌ ගලවා රෙද්ද බැනියමට බහින්නට විය. පාර්ලිමේන්තුවේද "මත්පැන්හල්" වසා දැම්මේ මේ වකවානුවේය. නමුත් මේ වකවානුව වන විටත් පාර්ලිමේන්තුවේ සිංහලෙන් හෝ දෙමළෙන් කතා කිරීමට පූර්ව අනුමැතිය ගත යුතු විය. මෙම භාෂා දෙකෙන්ම පූර්ව අනුමැතියකින් තොරව කතා කිරීමේ වරප්‍රසාදය හිමි වූයේ සිංහල භාෂා පනත සම්මත වූවාට පසුවය.

    මන්ත්‍රීවරයෙකු කරන කතාවේ සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම එකවර ඇසෙන ක්‍ෂණික පරිවර්තන සේවයක්‌ මුළු ආසියාවේම ආරම්භ කොට ඇත්තේ ලංකාවේය.

    මේ අතර බණ්‌ඩාරනායක යුගයෙන් පසු අගමැති පදවියට පත් දහනායක සිය හවුල්කරුවන්ට එලව එලවා පහර දෙත්දී පාර්ලිමේන්තුව විසිරෙව්වේ පැදුරටත් නොකියාය. ඔහු මැතිවරණය පැවැත්වූයේ 1959 මැතිවරණ කෙට්‌ඨාස බෙදා වෙන් කිරීමේ කොමිසමේ නිර්දේශය අනුවය. ඉන් සිදු වූයේ 101 වූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 157 ක්‌ වීමය. අලුත් මන්ත්‍රීවරු 56 දෙනාට සභා ඝර්භය තුළම අසුන් පැනවීමට අවසානයේ සිදු විය. ඉඩකඩ මදි නිසා අවසානයේ සභා ගැබේ වූ "ප්‍රෙස්‌ බොක්‌ස්‌" එක කඩා ඉහළ ගැලරියට යවා ඉඩ ලබා ගන්නට සිදුවිය.

    බණ්‌ඩාරනායක මැතිනිය ලෝකයේ ප්‍රථම අගමැතිනිය වී පාර්ලිමේන්තු ආවත් ඇයට පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට අයිතිය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව නොවීය. අගමැතිනි ලෙස උත්තර මන්ත්‍රී මණ්‌ඩලයේ අසුන්ගෙන පාර්ලිමේන්තුව තුළ නායකත්වය සී. පී. ද සිල්වාට පැවරීමට මැතිනිය තීරණය කළේ මේ නිසාය. මේ නිසා පාර්ලිමේන්තුවේ අගමැති අසුන තිබුණේ "හිස්‌වය" ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාලයක්‌ කථානායක ධූරය හොබවා ඇත්තේ ශ්‍රීමත් වෛත්‍යලිංගම් දුරේසාමිය. 1936 මාර්තු 17 වැනිදා සිට 1947 ජූලි 04 දක්‌වා වසර 11 ක්‌ මාස 03 ක්‌ සහ දින 18 ක්‌ සේවය කරමින් ඔහු වාර්තා තබා ඇත. නමුත් ලංකාවේ ප්‍රථම කථානායක වූයේ ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතාය. 1923 දී ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභාවේ ප්‍රථම උප සභාපතිවරයා වූයේ සර් ඩී. බී. ය.

    කථානායකවරයා හදිසියේ මිය ගියහොත් උප කථානායකවරයාව එම තනතුර ට පත් කිරීමේ සම්ප්‍රදායට අනුව කෙටුම්පත් සකස්‌ කෙරුණේ 1934 දී. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායක µ්‍රeන්සිස්‌ මොලමූරේ මහතා 1951 දී මිය ගිය මොහොතේ එය මුල්වරට අත්හදා බලන්නට ප්‍රායෝගිකව ඉඩකඩ සැලසිනි. ඇල්බට්‌ එµa. පීරිස්‌ට කථානායක ධූරය හිමිවන්නේ මේ නිසාය.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    පාර්ලිමේන්තුවේ අඩුම ධූර කාලයක්‌ කථානායකවරයා වූයේ ටී. බී. සුබසිංහ මහතාය. 1960 මාර්තු 30 සිට 1960 අප්‍රේල් 23 දක්‌වා ඔහුගේ ධුර කාලය විය. ඉන්පසු අඩුම ආයු කලක්‌ කටයුතු කළ කථානායකවරයා හරියටම වසරක්‌ කථානායක ධුරය හෙබ වූ අනුර බණ්‌ඩාරනායකය. 2000 ඔක්‌තෝබර් 10 සිට 2001 ඔක්‌තෝබර් 10 දක්‌වා හරියටම වසරක කාලයක්‌ කථානායක ධුරයේ කටයුතු කළේය. ඔහු කථානායක වීමේ විශේෂ අවස්‌ථා කිහිපයකි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අගමැති මව්පිය දෙපළගේ එකම පුතු අනුරය. එමෙන්ම අනුර ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිනිය මෙන්ම දෙවරක්‌ ජනපති ධූරය හෙබ වූ චන්ද්‍රිකා ගේ එකම සොහොයුරාද ඔහු විය. එමෙන්ම ඔහු කථානායක ධුරයට පත්වන්නේ විපක්‍ෂ මන්ත්‍රීවරයෙකු ලෙසය.


    ආර්. එස්‌. පැල්පොළ මහතා කථානායක ලෙස නොමැකෙන සටහන් තබා ඇත්තේ "ක්‌ලාන්තය" නිසාය. ඔහු "ක්‌ලාන්තය" නිසා කථානායක පුටුවේ ඇද වැටීම නිසා ඔහුට බෙහෙත් කිරීමට පිටතින් වෛද්‍යවරු ගෙන්වීමට අවශ්‍ය වූයේ නැත. ඒ වන විට දොස්‌තරවරු දුසිම් භාගයක්‌ පමණ මන්ත්‍රීවරු වූ නිසා පැල්පොළ මහතා පරීක්‍ෂා කළේත් සභාගර්භයෙන් පිටතට රැගෙන ගියේත් "මන්ත්‍රී" දොස්‌තර මහත්වරු වීම විශේෂ කාරණයකි.


    "මෙකල" මෙන් "එකල" වැදගත් විවාද පාර්ලිමේන්තුවේ පැවත්වෙද්දී අතරමැද "ඉන්ටවල්" දී සභාව කල් තැබීමක්‌ සිදු වූයේ නැත. එකල පාර්ලිමේන්තුවේ ස්‌ථාවර නියෝග අත්හිටුවා විවාදයක්‌ පටන් ගත් විට අනිවාර්යෙන්ම එය අවසානය දක්‌වාම යායුතු විය. තවද වැදගත් විවාදයක්‌ පටන් ගත්විට වඩාත් "විඩාවට" පත්වූයේ පාර්ලිමේන්තු නිලධාරීන් සහ පුවත්පත් වාර්තා කරුවන්ය. එක දිගට රෑ දවල් නොබලා අවසන් කෙරෙන විවාද පැවැත්වෙන විට "කවදා ගෙදර යන්න වේදැය" සැකයක්‌ ඔවුන් තුළ විය.


    1970 දී සුවිශේෂි සිද්ධියක්‌ වූයේ හවුල් රජය බලයට පත්වී ප්‍රථම වතාවට බණ්‌ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවේ අගමැති අසුනේ අසුන් ගැනීමය.


    මේ අතර ඡන්ද කොට්‌ඨාස බෙදා වෙන්කිරීමේ කොමිසමක්‌ බණ්‌ඩාරනායක මැතිනිය විසින් පත් කරන්නේ මේ අතරය. එම කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 168 දක්‌වා වැඩි කිරීමට මැතිනියට නිර්දේශ කරන ලදී. පරණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 168 කට ඉඩ මදි නිසා දැනට ලෝක වෙළෙඳපළ ඇති භූමියේ නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට "මැතිනිය"" සැලසුම් කළාය. ඇයට චීන ජනරජයේ නොමඳ සහාය ඊට ලැබෙන බවට රට පුරා රාවයක්‌ පැතිර ගොස්‌ තිබිණි. නමුත් ඒ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල සිහිනයක්‌ පමණක්‌ ලෙස ඉතිහාසයට එක්‌ වීම සරදමකි.


    මේ අතර 1977 දී හයෙන් පහක බලයක්‌ ඇතිව බලයට පත් එජාප යේ අගමැති ආර්. ප්‍රේමදාස මහතා සැප පහසුකම් ඇති නව පාර්ලිමේන්තු සංකීර්ණයක්‌ ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ නිශ්චිත ස්‌ථානයක ඉදිකිරීමට යෝජනාවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 1979 ජූලි 04 වැනි දින ඉදිරිපත් කළ එම යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත කරන ලදී. නව පාර්ලිමේන්තුවේ වැඩ ඇරැඹෙන්නේ ඉන් පසුවය.


    1982 අප්‍රේල් 29 වැනි බ්‍රහස්‌පතින්දා පූර්වභාග දහය පසුවී මිනිත්තු විසිඅටට යෙදුණු සුබ මොහොතින් ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා විසින් දියවන්නාවේ නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල විවෘත කරන ලදී.


    වජිර ලියනගේ ලිපියක් ඇසුරින් දිවයින පුවත්පතින් උපුට ගන්න ලදි