සියලු මචන්ල වෙත,
'ශ්‍රී ලංකාවට බිංදුව' කියල කියන එක සම්පූර්ණයෙන් වැරදියි. ගේම් එක ටීම්ස් දෙකම හොඳට සෙල්ලම් කරා. වැඩියෙන් හොඳ ටීම් එක දින්න එච්චරයි.
හැබැයි අපි මෙතනදි කල්පනා කරල බලන්න ඕන කාරණා කීපයක් තියෙනව.
මම දැන් ජීවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ. ඕස්ට්‍රේලියාව කප් එක දින්න කියල මෙහේ කිසි කෙනෙක් රතිඤ්ඤා පත්තු කරේ නෑ. ඊයෙ රෑ නිවුස් වලටයි අද උදේ නිවුස් වලටයි ස්පෝට්ස් අයිටම් එකක් හැටියට කිව්ව. උදේ පත්තරේ පිටු බාගයක් දාල තිබුන. දැන් හැමෝටම ඒක අමතකයි. ක්‍රිකට් ටීම් එක දැන් වෙස්ට් ඉන්ඩීස් ටුවර් එකට ලෑස්ති වෙනව. අද ඔෆිස් එකේ වැඩට ආවම මෙලෝ මිනිහෙක් ඔය කප් එක ගැන කතා කරේ නෑ. සාමාන්‍ය විදියට වැඩ කරන් යනව.
මෙකෙන් අදහස් වෙන්නේ නෑ ඕස්ට්‍රලියාවෙ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සළකන්නෙ නෑ කියල. ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරක් නෙමෙයි, හැම ක්‍රීඩා වලම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ සැළකිල්ල නියම විදියට ලැබෙනව. ඒ නිසා තමයි ක්‍රිකට් වගේම ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩල තරඟ වලදි ඕස්ට්‍රේලියාව ඉස්සරහින් ඉන්නෙ.
ලංකාවෙ ක්‍රිකට් වලට ලොකු පිස්සුවක් තියෙනව. ඒකට කමක් නෑ, මොකද ඒකෙන් මිනිස්සුනට රටේ ප්‍රශ්න වලින් මොහොතකට හරි ඉවත් වෙලා සතුටක් ලබන්න පුලුවන්. ක්‍රිකට් ක්‍රීඩකයො ෆයිනල් එක පැරදිල ආවත් එයාර් පෝට් එකෙදි මල් මාල දැම්මට කමක් නෑ. හැබැයි මේ සැලකිල්ල අනිත් ක්‍රීඩාවල අයටත් ලබා දෙන්න ඕන. කට්ටියට මතක ඇති සිංගප්පූරුවෙදි ජාත්‍යන්තර මලල ක්‍රීඩ වලියේ රන් පදක්කම දිනපු උපමාලි සොයුරිය. මේ ගෑණු ලමය අන්තිම තරඟය දිව්වෙ සපත්තු නැතුව, වැස්සට සපත්තු තෙමුන හින්දා. ඒ ලමයට තිබුනෙ එක සපත්තු කුට්ටමයි. මේ ළමය රන් පදක්කම් දිනල ලංකාවට ආවම එයාර් පෝට් එකදි පිළිගන්න ක්‍රීඩා අමාත්‍යාංශයේ බල්ලෙක්වත් අඩු ගානේ හිටියෙ නෑ. මෙන්න මෙහෙමයි ලංකාවට ජයග්‍රහණය අරන් දුන්න අනිත් ක්‍රීඩකයන්ට සළකන්නෙ.
අපේ කට්ටිය ඕස්ට්‍රේලියාවෙන් ඉගෙන ගන්නේ මෙහේ තියෙන නරක දෙවල් විතරයි. හැම ක්‍රීඩා වලම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දක්ෂ කම අනුව සමානව සැළකීම වගේ දේවල් ඉගෙන ගන්න පාටක් පේන්න නම් නෑ.
මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ 180 ට පාගන්න පුලුවන් හයිවේ තියෙන හින්ද නෙමෙයි. රටේ භෞතික සහ මානුෂික දියුණුව මුලු සමාජයෙම ඇතිවෙන විදියට ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන හින්ද.