Sri Lanka Through A Foreigner’s Perspective: 10 Weird Things

sika2

Well-known member
  • Nov 15, 2013
    3,601
    2,402
    113
    නිධානයක් උඩ
    ස්වීඩන් වගේ රටවල කෙල්ලො පට්ට කැමතියි බන් ලංකාවට. බලපන් අපේ උන්ගෙ මොන වැරදි තිබ්බත් ඒව වැරදි විදිහට නෙමේ එයා දකින්නෙ. එහෙම තමා කෙල්ලො ඉන්න ඕනෙ. බීච් එකක් පැත්තෙ ගියොත් ඇති තරම් ඉන්නව ඔය වගේ කෙල්ලන්ව දාගත්තු අපේ කොල්ලො. උන්ගෙ ජීවිතේ ඉතින් ගොඩම තමා. මේ කෙල්ලො පට්ටම කැමතියි අපේ කොල්ලන්ට.

    උඹ නං...

    :angry::angry:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    5. වොඩ්කා බෝතල් වලින් වතුර බීම



    මේක නම් ලංකාවට එන විදේශිකයන්ට නිතරම දකින්න ලැබෙන දෙයක්. මට ලැබුණු අත්දැකීම ඔබට කියන්නම්. නිකමට හිතන්න ඔබ ඉන්නේ ට්‍රැෆික් එකකට මැදි වෙලා කියලා. ඔබ ඉන්න ත්‍රී වීල් එකේ රියදුරා එක පාරටම සීට් එක අස්සෙන් වීදුරු බෝතලයක් ඇදලා ගන්නවා. හොඳට බැලුවාම ඒක වොඩ්කා බෝතලයක්. ටිකක් වටපිට බලලා මිනිහා උගුරු හත අටක් බෝතලේටම කට තියලා බීගෙන බීගෙන යනවා. මම මුලින්ම මේ වගේ දෙයක් දැක්කම මාව හොල්මන් වුණා. එළිමහනේ ප්‍රසිද්ධ තැන් වල සැර මත්ද්‍රව්‍ය පානය කරනවා නෙවෙයි කියන එක එක පාරටම තේරුම් ගන්න ටිකක් අපහසුයි.

    බලාගෙන යද්දී මේකත් ලංකාවේ මිනිස්සුන්ට හරිම සාමාන්‍ය දෙයක්. මද්‍යසාර බෝතල් වල තමයි වැඩි දෙනා බොන්න වතුර දාගෙන යන්නේ. විශේෂයෙන්ම කන්තෝරුවකට දවල් කාලයේ ගියොත් බලාගන්න පුළුවන් හැමෝම වැඩ කරන මේසේ උඩ අරක්කු, වොඩ්කා, බ්‍රැන්ඩි බෝතල් තියාගෙන ඉන්නවා. සැරින් සැරේට වැඩ කරන අතරේ බෝතලෙන්ම බොනවා. (මතක් වෙද්දීත් හිනා) ලංකාව ඔවුන්ටම ආවේණික ගති සිරිත් තියෙන අමුතු රටක් වුණත් වැඩ කරන වෙලාවට සැර මත්ද්‍රව්‍ය පානය කරන රටක් නෙවෙයි කියන එක තේරුම් ගන්න ටිකක් වෙලා යනවා.

    හැබැයි ඔවුන්ගේ මේ පුරුද්ද ඇත්තටම අපි අගය කළ යුතුයි. ඔවුන් මේ විදිහට වීදුරු බෝතලයක වතුර ගේන එක නිසා ප්ලාස්ටික් වතුර බෝතල් වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඒක පරිසර දූෂණය අඩු කරන්න විශාල වශයෙන් දායක වෙනවා ඇති.


    මේක පට්ට:rofl: