Sri Lanka to get Bajaj four-wheeler

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
මිල අඩු කාරය වෙනුවට බජාජ් අපිට අළුත් වාහනයක් හදයි

ටාටා නැනෝ රථයටත් වඩා මිල අඩු මෝටර් රථයක් නිපදවීමට ඉන්දියානු බජාජ් සමාගම ගත් උත්සාහය අත්හැර දැමූ බව එම සමාගම පවසා තිබේ.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ ඒ වෙනුවට ලංකාව හා බංග්ලාදේශය වැනි රටවල් ඉලක්ක කර මගීන් හා බඩු ප්‍රවාහනය කිරීමට අඩුමිල සැහැල්ලු වාහනයක් නිර්මාණය කරන බව බජාජ් පවසා තිබෙන බවත් මෙම කුඩා සැහැල්ලු වාහනය රෝද හතරකින් යුක්ත එකක් බවයි.

මීට පෙර බජාජ් සමාගම තීරණය කර තිබුණේ ඉන්දියානු ටාටා සමාගම විසින් නිර්මාණය කළ නැනෝ මෝටර් රථයටත් වඩා මිල අඩු ඩොලර් 2500 ක පමණ මිලක් ගන්නා මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමටයි.

කෙසේවෙතත්, ලාභ අඩු එවැනි මෝටර් රථයක් නිෂ්පාදනය කර සිය මුදල් විනාශ කර දැමීමට අකමැති නිසා අදාළ තීරණය හකුලා ගත්බව සමාගම පවසා තිබෙන බව සඳහන්ය.

අදාළ අඩුමිල මෝටර් රථය ප්‍රංශයේ Renault හා ජපානයේ Nissan යන සමාගම් සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කිරීමට සැලසුම් කර තිබුණි.
වෙළඳාම අතින් ඉන්දියාවේ දෙවැනියට විශාලතම යතුරු පැදි නිෂ්පාදන සමාගම බජාජ් සමාගමයි.