Sri Lankan Airlines විකුණනවා...,ඒත් කවුරුවත් ගන්නේ නෑ..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_d0f3d8ab91.jpg


    (අජන්ත කුමාර අගලකඩ)

    දැඩි ණය බරකට මුහුණ දී ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇතත් මේ දක්වා කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    එබැවින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ලෝක බැංකුවේ ද සහාය ඇතිව නව සැලැස්මක් සකස් කරමින් සිටින බවද එම ආරංචි මාර්ග කියයි.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජ්‍ය බැංකුවලට, ඛනිජ තෙල් සංස්ථාවට හා වෙනත් ආයතනවලට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි සියයක්(රුපියල් කෝටි 31,657ක්)පමණ වන බව පැවසේ.

    ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි තිහක් පමණ වන බව දැනගන්නට ඇත.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 5,600 ක පමණ ස්ථිර කාර්ය මණ්ඩලයක් ඇති අතර,කොන්ත්‍රාත් හා අනියම් සේවකයින් පන්සියයක් පමණ සිටින බව වාර්තා වේ.

    පොදුවේ ගත් කල ආයතනය තුළ සේවක අතිරික්තයක් නොමැති නමුත්,ඇතැම් අංශවල දැඩි සේවක අතිරික්තයක් තිබෙන බව දැනගන්නට ඇත.

    ආයතනය තුළ කළමනාකරුවන් 300ක් පමණ සිටිය යුතු නමුත්,කළමනාකරුවන් හයසීයක් පමණ සිටින සිටින බව වාර්තා වේ .

    එහෙත් අත්‍යවශ්‍ය සේවාවල හිඟයක් පවතින බව එහි සේවකයෝ පවසති.

    සමාගම සතුව ගුවන් නියමුවන් 290 දෙනකු සිටිය යුතු වුවත් ,දැනට සිටින්නේ 268 දෙනකු පමණක් බව දැනගන්නට ඇත .පසුගිය අවුරුදු තුන තුළ නියමුවන් පනස් දෙදෙනකු ඉවත්ව ඇත.

    ගුවන් සමාගම සතුව ගුවන් යානා 24 ක් තිබෙන අතර එම සියලුම යානා කල් බදු පදනම යටතේ ලබා ගත් ඒවා වේ.යානා හයක් පමණ අමතර කොටස් සහ එන්ජින් නොමැතිව සේවයෙන් අයින් කර ඇති අතර,පාවිච්චි කරන යානා ගණන 18 කි.

    කල් බදු පදනම යටතේ ලබා ගන්නා යානයක් සඳහා දළ වශයෙන් මාසයකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 7ක් පමණ ගෙවීමට සිදුව ඇත.

    අවුරුදු විසිතුනක් තිස්සේ පාවිච්චි කරන ලද යානා දෙකක් පසුගියදා නැවත භාර දෙනු ලැබූ අතර,එම එක් යානාවක් සඳහා මාසිකව ගෙවා ඇති මුදල අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අසූපන් දහසක් පමණ වේ.

    . ඉකුත් කොරෝනා සමයේ ගුවන් සමාගමේ සේවකයන් අඩු කිරීමට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හදුන්වාදෙනු ලැබුවද විශ්‍රාම ගොස් ඇත්තේ අත්‍යවශ්‍යම සේවකයින් පිරිසක් පමණක් බවත්,ඉවත් කළ යුතු සේවකයින් ඉවත් වී නොමැති බවත් දැනගන්නට ඇත.

    ලංකාදීප
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    රජය ව්‍යාපාර කරන්න ඕනේ නැහැ පාඩු නම්.
     
    • Like
    Reactions: NRTG

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හදුන්වාදෙනු ලැබුවද විශ්‍රාම ගොස් ඇත්තේ අත්‍යවශ්‍යම සේවකයින් පිරිසක් පමණක් බවත්, ඉවත් කළ යුතු සේවකයින් ඉවත් වී නොමැති බවත් දැනගන්නට ඇත.
    :lol: :poop:
     

    Sen-lu

    Well-known member
  • ඉකුත් කොරෝනා සමයේ ගුවන් සමාගමේ සේවකයන් අඩු කිරීමට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හදුන්වාදෙනු ලැබුවද විශ්‍රාම ගොස් ඇත්තේ අත්‍යවශ්‍යම සේවකයින් පිරිසක් පමණක් බවත්,ඉවත් කළ යුතු සේවකයින් ඉවත් වී නොමැති බවත් දැනගන්නට ඇත.
    වැඩ පුලුවන් උං යනව නිකමො ඉතුරු වෙනව. කොහොමත් මට නම් දැං මේ රීස්ට්‍රක්චර් බයිලාව ගැන සත 5ක විස්වාසයක් නෑ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,352
    113
    mulinm investor knk hoyla thbbe sewakayo iwath nokarana kondesiya pita neh... ochchr loss ekk ithm ehem gnna kwuruth kmthi wenne nhne...:lol: mkd oke lokum prshne thynneth oya wadi staff ekemane
     
    • Like
    Reactions: NRTG

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    වැඩ පුලුවන් උං යනව නිකමො ඉතුරු වෙනව. කොහොමත් මට නම් දැං මේ රීස්ට්‍රක්චර් බයිලාව ගැන සත 5ක විස්වාසයක් නෑ.
    නිස්සෝ සුදුස්සෝ යටකොට, පුස්සෝ වැඩ දෙනවා යමරෙට
    සෙතක් කොහෙද එහෙම රටකට ඕයි
    :P :P

    syu-013.gif
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    ආයතනය තුළ කළමනාකරුවන් 300ක් පමණ සිටිය යුතු නමුත්,කළමනාකරුවන් 600 පමණ සිටින සිටින බව වාර්තා වේ .

    Rajapaksha hathikare tama oka balen wikkanan hari 😂