මීට ස්වල්ප මොහොතකට පෙර ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදාවේ සහ යුද හමුදා පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබේ. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් කිහිප දෙනෙකු සමඟ සුහද සාකච්ඡාව නිරත වෙමින් සිටියදීය.
සාකච්ඡාව සදහා ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති, බස්නාහිර ජනතා පෙරමුණේ නායක මනෝගනේෂන් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සහභාගී වී ඇත. අද පස්වරුවේ සරත් ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව මොවන් මෙලෙස සුහද සාකච්ඡාවක නිරතවී තිබේ.
මේවන විට සරත් ෆොන්සේකා මහතාගේ කාර්යාලය ආරක්ෂක අංශ විසින් වටලා ඇති අතර දේශපාලන පක්ෂ නායකයින් කාර්යාලය තුළ සිරවී සිටී
More Detals:-
Please visit:-
www.kukula.ace.st