නව රියදුරු බලපත්‍රය නිකුත් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුවේ දී ද රුපියල් කෝටි 400කට අධික මුදලක් රජයට අහිමි කර ඇතැයි චෝදනා එල්ල වනවා.
මෙහිදී සිදුවී ඇතැයි කියන වංචාවන් සෙවීමට ස්වාධීන කොමිසමක් පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීම සඳහා වන පරිගනක පද්ධතියක් සහ තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම, ගිවිසුම් කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම හා එම පද්ධතිය දෙපාර්තමේන්තුවට අත්පත් කර ගැනීම යන කාරණයට අදාලව පුද්ගලික සමාගමකට කොන්ත්‍රාත්තුව ලබා දී තිබුණා.
එහෙත් එම කොන්ත්‍රාත්තුව බාර ගත් අදාළ පුද්ගලික සමාගම විසින් ගිවිසුම් ගත කාලය තුළ ගිවිසුම පරිදි කටයුතු කිරීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට රු. මි. 4000ක් හෙවත් රුපියල් කෝටි 400කට අධික මුදලක් අහිමි කර ඇතැයි වාර්තා වනවා.
දැනට විගණන වාර්තා විසින් පෙන්වා දී කාරණා අනුව 2009 වසරේ සිට 2017 වසර දක්වා වු කාලයක් සදහා සැපයුම්කාර සමාගමට රු. මි. 7467.65ක් ගෙවා ඇති බවත්, ගිවිසුම අවසන් වූ පසු 2016. මාර්තු මස සිට 2017 දෙසැම්බර් 31 දින් දක්වා තවත් රු. මි. 1856.65ක් ගෙවා ඇති බවත් සඳහන් වනවා.
කෙසේ වුවද රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීම සඳහා වන පරිගනක පද්ධතියක් සහ තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම, ගිවිසුම් කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම හා එම පද්ධතිය දෙපාර්තමේන්තුවට අත්පත් කර ගැනීම යන කාරණයට අදාලව දෙපාර්තමේන්තුව විසින් ගෙවා ඇති සමස්ත මුදල රු. 5,610,749,042කි.
නව රියදුරු බලපත්‍රය හඳුන්වා දිමේ දී මේ රට තුළ කිසිදු ප්‍රයෝජනයක් නැති ඉලෙක්ට්‍රොනික චිපයක් එයට ඇතුළත් කර ඇති නමුත් එම චිපයෙන් ප්‍රයෝජනයක් ගත හැකි උපාංග කිසිවක් රථවාහන පොලිසියට හෝ හඳුන්වා දි නොමැති බව වාර්තා වනවා.
එමෙන්ම රු. 300කට ගත හැති බලපත්‍රයකට මහජනතාවට රු. 1300ක් වැනි වැඩි මුදලක් ගෙවීමට සිදුව ඇති අතර ඉන් දෙපාර්තමේන්තුවට නොව අදාල සමාගමට වාසි සැලසී ඇති බවත් හෙළිව තිබෙනවා.
කෙසේ වුවද මෙම කාරණය මගින් විශාල මුදල් වංචාවක් සිදුවී ඇති නිසාත්, රජයට විශාල මුදලක් අහිමි කර ඇති නිසාත්, අදාල සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කර එම සමාගම ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීම අත්හිටුවීම සඳහා එම සමාගම අසාදු ලේඛනගත කිරීමටත්, මෙම කාරණයට වගකිව යුතු නිලධාරින් සිටින්නේ නම් ඔවුන් සම්බන්ධව නිත්‍යානුකූලව පියවර ගැනීමටත් රජය තීරණය කර තිබෙනවා.

Last edited: