Sri Lankan e-visa අද සිට පරීක්ෂණ මට්ටමින්
sri lankan e visa website :- www.eta.gov.lk
ජනවාරි 01 වනදා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකයි කෙටි කාලීන අවශ්‍යතාවයන් සඳහා මෙරටට එන විදේශිකයින්ට අන්තර් ජාලය ඔස්සේ වීසා සඳහා පූර්ව අනුමැතිය ලබාදීමේ ක්‍රම වේදය නිළ වශයෙන් ආරම්භ වේ.
අද කොළඹදී පැවති උත්සවයකදී “විද්‍යුත් සංචරණ අනුමැතිය“ නැමති මෙම ක්‍රමවේදය නිළ වශයෙන් ආරම්භ වූ අතර ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මෙහිදී පැවසුවේ දෙසැම්බර් 31 දක්වා මෙම ක්‍රමය පරීක්ෂණ මට්ටමින් ක්‍රියාත්මක කරන බවත් එම කාලය තුළ විදේශ තානාපති කාර්යාල, ගුවන් සේවා හා සංචාරක ගමන් නියෝජිත ආයතන මේ සම්බන්ධව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.
මේ අනුව, මෙම ක්‍රමය 2012 ජනවාරි 01 වනදා සිට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවත් පරීක්ෂණ කාලය තුළදී නව ක්‍රමය සමග පැරණි ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම පරීක්ෂණ කාලය තුළදී “විද්‍යුත් සංචරණ අනුමැතිය“ ලබාගැනීම සඳහා ගාස්තු අය නොකරන නමුත් එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වනවිට පරිපාලන ගාස්තුවක් අයකරන බව පෙරේරා මහතා පැවසීය.
මෙම ක්‍රමවේදය රටවල් 78 ක් වෙනුවෙන් ක්‍රියාත්මක කරන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කර ඇති www.eta.gov.lk වෙබ් අඩවියට පිවිස “විද්‍යුත් සංචරණ අනුමැතිය“ ඉල්ලුම් කළ හැකි බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි.
මේ පිළිබඳ මූලික තොරතුරු භාෂා නමයකින් ලබාදී තිබෙන අතර අයදුම් පත ඉදිරිපත් කළ හැක්කේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි.
අයදුම්කරු විසින්, අයදුම්කරු වෙනුවෙන් තෙවන පාර්ශවයක් මගින් ලියාපදිංචි කර ඇති නියෝජිතායතනයක් මගින්, ශ්‍රී ලංකා විදේශ ධූත මණ්ඩල කාර්යාලයක් මගින්, හෝ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මගින් හෝ ඉහත ක්‍රමවේද මගින් පූර්ව අනුමැතිය ලබාගැනීමට නොහැකිව රටට පැමිණෙන විදේශිකයින්ට ගුවන් තොටුපොළේදී අදාළ මුදල් ගෙවා පූර්ව අනුමැතිය ලබා ලංකාවට පැමිණිය හැකිබව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ලංකාව සමග ඇති අවබෝධතා ගිවිසුම් අනුව මාලදිවයින් හා සිංගප්පූරු ජාතිකයින්ට පැමිණීමේ ගුවන් තොටුපොළේදී ගාස්තුවකින් තොරව වීසා ලබාදීමේ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක වේ.

Last edited: