Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
42 minutes ago
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SRI Pada Adawiye wechcha amuthu katha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="1sam" data-source="post: 25776527" data-attributes="member: 557062"><p>ලංකාදීප පත්තරේ තිබුන තවත් කතාවක් </p><p></p><p>සිරිපා අඩවියේ නෑසූ කතා</p><p>සමනල අඩවිය වූ කළී මිනිස් වාසයෙන් තොර කදු ශිඛරවලින් හෙබි මහ වනයකි. සමනල අඩවිය පාමුල පිහිටි ගම්වල වැසියෝ මේ අඩවියට ‘‘හිමේ’’ යැයි කියති. අනුහස්, හාස්කම් මෙන්ම අදෘශ්‍යමාන බලවේග බලගතුව ඇති ගුප්ත ප්‍රදේශයක් ලෙස පැරැණ්නෝ මේ අඩවිය හදුන්වති. අද මෙන් එළිපෙහෙළි නොවූ රූස්ස ගස්වලින් සෙවන ලැබූ අතීත සමනල අඩවියේ මහපොළොවට අව්වක් වැටුණා නම් ඒ මහ ගල්තලාවක්ය. එසේත් නැත්නම් ගස් කොළන් නොවැඩෙන දියසීරාව ඇති බිම්කඩක්ය. සමනල අඩවියේ සිරිපා කන්ද පිහිටා ඇති අතර සිරිපා කරුණා කරන්නට මෙන්ම වෙනත් විවිධ අවශ්‍යතාවලට සමනල අඩවියට පිවිසීමට අතීත වැසියෝ පුරුදුව සිටියහ. එදා රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල යන දිස්ති‍්‍රක්වලට මායිම් කියූ සමනල අඩවිය අද වන විට කෙට්ටුවී ඇති බව පෙනේ. ඒ මිනිස් ක්‍රියාකාරකම් නිසාය. සමනල අඩවියට මායිම් වූ මාලිබොඩ ගම්මානය පිහිටා තිබෙන්නේ කෑගල්ල දිස්ත්රික්කයේය. එය දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමකි. අද වන විට තේ ආර්ථිකයත් සමග මාලිබොඩ ගම්මානය නවීකරණයවී ඇතත් අතීතයේ දී සිංහල ගැමිකම හො`දින් විද්‍යමානවූ ගමකි. උඩමාලිබොඩ වූ කලී සමනල අඩවියේ මායිමකි. මේ නිසාම මේ ගම්මානයේ වැසියන්ගේ උවමනා එපාකම් වැඩිපුර එදා පිරිමැහුනේ සමනල අඩවියෙනි. උපතින්ම බෞද්ධයන්වූ මේ ගම්වල වැසියෝ ආගම දහමට වඩාත් නැඹුරුවූ පිරිසක් වූහ. දෙවියන් මෙන්ම යකුන්ද, පේ‍්‍රතයන්ද, භූතයන්ද කෙරෙහි වූ විශ්වාසය වඩාත් වැඩිවිය. වර්තමානයේ විදුලි ආලෝකය ලැබීමත් සමග දහවල් වෙනසක් නොදැනුනත් මීට අඩසිය වසරකට පමණ පෙරදී එසේ නොවීය. කදු වලින් වටවූ ගම්මානයට හැන්දෑවේ හතර පහ වනවිට හිරු මුවාවෙයි. යන්තම් අදුර වැටෙත්ම අතෝරක් නැතිව ඇහෙන රැහැයි නාදයෙන් අදුර ඉක්මනින් එන බව කියා පායි. කුරුල්ලොද රැහැයි නදත් සමගම කැදලිකරා පිය නගති. කදු මුදුන්වලට මළහිරු එළිය වැටී තිබුණද කදු පාමුල ඇත්තේ මූසල අඩ අදුරකි. අඳුර වැටෙද්දීම නිවෙස්වලට එන ගම්මු යළි නිවෙසින් එළියට බහින්නේ පසුදා පහන්වීමෙන් පසුවය. හදිසියකට හෝ ගමේ කොතැනකට හෝ යන්නේ නම් මගතොට එළිය කරන්නට හුලූ අත්තක හෝ ගිනි පෙනෙල්ලක ආලෝකය ප්‍රයෝජනයට ගනිති. ඇතැම් දවසක උලමෙක් නැතිනම් බස්සෙක් උගේ සුපුරුදු හඩින් කෑ ගැසුවොත් ගම්මුන් සලකන්නේ අසුබ ලකුණක් ලෙසය. එහෙත් එවැනි නිශාචර සතෙකුට වෙසෙන්නට සුදුසුම පරිසරයක් තමන් වෙසෙන අවට ඇතිබැවින් උන් නිතර යනෙන බව මේ ගම්වල වැසියෝ විශ්වාස නොකළහ.මේ නිසාම ගම්මුන් අතර භූත, පේ‍්‍රත, අමනුස්ස දෝෂ සම්බන්ධව ඇත්තේ විශාල විශ්වාසයකි. ඒ අතරින් සමනල අඩවියේ සීමාවන් ඇතුළත නම් දේව හාස්කම් කෙරෙහි ඇත්තේ නොමද විශ්වාසයකි. එදා මේ ගම්වල ගෙවල් තැනුනේ කටුමැටි බිත්තියෙන් හා බටකොළ වහලෙනි. බිත්ති බදින්නට වැල් ටිකක්, මැටිපා ටිකක්, සෙවිල්ලට බටකොළ ටිකක් කඩාගන්නට සමනල අඩිවියට එසේත් නැත්නම් හිමේට යන්නට ගම්මු පුරුදුව සිටියහ. හේතුව එක ගමනකින් ම තමන්ගේ අවශ්‍යතාව ඉටුකරගන්නට හැකි බව දන්නා නිසාවෙනි. ඒ හැරෙන්නට නිතරම සමනල අඩවියේ මායිම් පැන එහා මෙහා ගිය පිරිසක්ද මේ ගම්මානවල සිටියහ. ඒ රස්සාවට කිතුල් මදින්නන්ය. දවසට දෙතුන් වතාවක් සමනල අඩවියට පිවිසෙන මේ අය එහි පිහිටි කිතුල්ගස් මැද තෙලිදිය කදක තියාගෙන නිවසට එන්නට පුරුදුව සිටිති. එදා අදමෙන් ආණ්ඩුවෙන් ඊට තහංචි හෝ බදු අයකිරීමක් හෝ සිදු නොවිනි. එහෙත් ගම්වැසියෝ සමනල අඩවියට අධිගෘහිත සුමන සමන් දෙවියන්ටත් මුනිසිරිපා පතුලටත් ඒ තෙලිදිය උනුකර හදාගන්නා හකුරුවල අග්‍රඵලය පූජාකිරීමට සිරිපා වාරය එනතුරු තැන්පත් කර ආරක්ෂා සහිතව තබති. සිරිපා අඩවියට කිතුල් මදින්නට යන එන ගම්වැසියන් අතරින් වැඩිදෙනෙක් හැන්දෑවට ඇගපත මහන්සිය යන්නට කිතුල් රා පොල්කට්ටක් දෙකක් බොන්නට අමතක නොකරති. නමුත් සමනල අඩවියේ සීමාව වූ මාගල් ගෙගන් එගොඩදී රා පොදක්වත් තොල නොගාන්නේ දෙවියන්ට බුදුන්ට ඇති භක්තිය නිසාමය. වසරේ වැඩි කාලයක් වැසි සහිත මේ ප්‍රදේශවල ඇළදොළ උතුරා දෙගොඩතලා යයි. එහෙත් ගමේ උදවිය කාටවත් හිමේදී අකරතැබ්බක් නොවීය. ගම්මුන් විශ්වාස කරන්නේ සමන් දෙවිහාමුදුරුවන්ගේ ඇල්ම බැල්ම ගමේ අයට තියන නිසා එසේ නොවන බවය. ඒ නිසාම මාගල් ගෙගන් එගොඩට පිළී ජාතියක් හෝ කිල්ලට අසුවන දේවල් හෝ නොගෙනියන්නත්, ඔවුහු වග බලා ගනිති.කට වරද්දා ගැනීමත් මේ අඩවියේ නොකළ යුත්තකි. ඒ නිසා හිමේට ඇතුලූවන අය ‘‘ගිහින් එන්නම් ’’ යැයි කියන්නේ නැත. ‘‘සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් යන්නම් ’’ යැයි කියති. සමනල අඩවියේ මැණික් බහුලව ඇති බවට පිටස්තර ගම්වල මිනිසුන්ගේ විශ්වාසයක් පවතී. ඒ නිසාම ගම්වල ජිවත්වන ඇතැම් පුද්ගලයන් සමග මැණික් සොයා සමනල අඩවියට යන්නට ආ පිරිස් හිස් අතින් ආපසු ගිය අවස්ථා ඇති බව මේ ගම්වල වැඩිහිටියෝ කියති. ‘‘දෙයියෝ බුදුන් ගැන විශ්වාසයක් නැති මිනිස්සුන්ට ඔය හිමේ කරක් ගහන්න බෑ. එක්කෝ පාර වරද්දනවා. නැත්නම් තනිකම් දෝෂයක් හැදෙනවා, ඔලූව නරක් වෙනවා, සමහරුන්ට පිස්සු හැදෙනවා. සමහරු ගියා ගියාමයි අදටත් තොරතුරක් නෑ.’’ මේ අඩවිය ඒ තරමට හාස්කම් වලින් පිරිලා. ඔවුහු එසේ කියති. මාලිබොඩ දික්ඇලිකන්ද ගමේ එච්.ඒ.වී. යසවර්ධන මහතා ගමේ ජනප්‍රිය චරිතයකි. ප්‍රාදේශීය සභා නියොජිතයෙකුවූ ඔහු එවන් හාස්කමකින් යුතු කතාවක් වරක් අප සමග කීවේය. ‘‘කාලෙකට ඉස්සරදි පත්තිනි දේවාලයක කපු මහත්තයෙක් ගමේ කිහිප දෙනෙක් සමග දැන හැ`දුනුම්කම් පැවැත්තුවා. අවුරුද්දකට විතර පස්සේ මේ කපු මහත්තයාට ඕනෑ වුණා හිමේ ගරන්න යන්න. කපුමහත්තයා තව කිහිප දෙනෙක් එක්ක හිමේට ගිහිං වාඩි ගහගෙන උයාගෙන කාලා මැණික් ගරන්න පටන් අරගත්තා. එයා පත්තිනි දේවාලයක කපුවෙක් හින්දා වෙන්න ඇති සමන් දේව අඩවියේ අනුහස් ගැන වැඩි තැකීමක් කළේ නෑ. ගමේ අපිවත් හිමේ යනකොට පිලී ජාති ගෙනියන්නේ නෑ.’’ ‘‘මෙයා කපුවා හින්දා කරවල ජාති එහෙම අරගෙන ගිහිං තිබුණා. දවසක් සියලූ දෙනාම එකතුවෙලා උදේම උයලා කෑමටික වාඩියෙ තියලා ගරන්න ගිහිං තිබුනා. මෙහෙ වාගේ තුන හතර වෙනකම් හිමේ වැඩකරන්න බෑ. උදේ දහයේ ඉ`දලා හවස දෙක වෙනකම් විතර තමයි වැඩ කරන්න පුලූවන්. ඉතිං මේ අය වැඩකරලා නාගෙන දෙකට විතර ඇවිත් කන්න බලනකොට බත් මුට්ටියේ ඉහඳ පනුවොලූ.’’ ‘‘ඉතිං ඒක දැකපු කපුවා බයවෙලා කට්ටිය එක්ක ආපහු එන්න ආවා. නමුත් මිනිහ ගමට එන කොට පිස්සු හැදිලා. ඒ පිස්සුව සනීප වුනේ නෑ. පස්සේ ඒ පිස්සුවෙන්ම මිනිහා මැරුනා’’ සිරිපා හිමේ හාස්කම් එහෙමයි. මාලිබොඩ ගමට අතිශය අලංකාරයක් ගෙන දෙන ඇලිහත ඇදවැටෙන්නේද සමනල අඩවියේය. සමනල අඩවියෙන් පටන්ගන්නා නාය ගෙ`ග් මේ ඇලිහත පිහිටා ඇත. දැරණියගල දෙසින් ගමට එනවිට පොත්දෙණිකන්ද, නින්දගම පසුකරන විට ඈතට මේ ඇලි හත පෙනේ. ඉන් පළමු ඇල්ල දෝතුලූ ඇල්ලයි. දෙවැන්න රන් දෝතුලූ ඇල්ලයි. ඉන්පසු ඒවා අංක පිළිවෙළටම හදුන්වයි. වත්තේගග හෙවත් මණ්ඩගල් ඔයෙන් ඇද හැලෙන පුවක්මල් ඇල්ල, හල්වතුර ගෙගන් ඇදහැලෙන ඇල්ලපිට ඇල්ල ගමට අලංකාරයක් ගෙනෙනවා වගේම හාස්කම් තිබුණ තැන් විදියටයි ගම්මු සැලකුවේ. සමන් දෙවිඳුන්ගේ වාහනේ සුදු ඇත් රජෙක් කියලා ජනතාවගේ විශ්වාසයක් තියනවා. ඒනිසා හිමේ අලි,කොටි, වලස්සු, වගේ භයානක සිවුපාවුන් වගේම නයි පොළොන්ගු වගේ සර්පයොත්, දිවිමකුලූවොත් ඉන්න බවට ජනතාවගේ විශ්වාසයක් තියනවා. ඒ වුනාට සමනල අඩවියෙදි මේ සත්තු ඇහැට දැක්ක අය හරිම අඩුයි. වරක් සමනල අඩවියට ගිය පිටගංකාරයෙක් ‘‘සමන් දෙවි හාමුදුරුවන්ගේ අලියා පෙන්නන්කො’’ කියලා තියනවා. එතකොටම එතන ළග තිබුණ බටපදුර බිදින ශබ්දය ඇහිලා. අලි තමයි ඒ බට ප`දුර බි`දින්නේ කියලා කට්ටිය දුවලා. නමුත් පස්සේ ඇවිත් බලන කොට අලි ඉදලා නෑ. කට වරද්දාගැනීම නිසා ඒ වගේ අමාරුවෙත් වැටෙනව කියලයි ගම්මු කියන්නේ.</p></blockquote><p></p>
[QUOTE="1sam, post: 25776527, member: 557062"] ලංකාදීප පත්තරේ තිබුන තවත් කතාවක් සිරිපා අඩවියේ නෑසූ කතා සමනල අඩවිය වූ කළී මිනිස් වාසයෙන් තොර කදු ශිඛරවලින් හෙබි මහ වනයකි. සමනල අඩවිය පාමුල පිහිටි ගම්වල වැසියෝ මේ අඩවියට ‘‘හිමේ’’ යැයි කියති. අනුහස්, හාස්කම් මෙන්ම අදෘශ්‍යමාන බලවේග බලගතුව ඇති ගුප්ත ප්‍රදේශයක් ලෙස පැරැණ්නෝ මේ අඩවිය හදුන්වති. අද මෙන් එළිපෙහෙළි නොවූ රූස්ස ගස්වලින් සෙවන ලැබූ අතීත සමනල අඩවියේ මහපොළොවට අව්වක් වැටුණා නම් ඒ මහ ගල්තලාවක්ය. එසේත් නැත්නම් ගස් කොළන් නොවැඩෙන දියසීරාව ඇති බිම්කඩක්ය. සමනල අඩවියේ සිරිපා කන්ද පිහිටා ඇති අතර සිරිපා කරුණා කරන්නට මෙන්ම වෙනත් විවිධ අවශ්‍යතාවලට සමනල අඩවියට පිවිසීමට අතීත වැසියෝ පුරුදුව සිටියහ. එදා රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල යන දිස්ති‍්‍රක්වලට මායිම් කියූ සමනල අඩවිය අද වන විට කෙට්ටුවී ඇති බව පෙනේ. ඒ මිනිස් ක්‍රියාකාරකම් නිසාය. සමනල අඩවියට මායිම් වූ මාලිබොඩ ගම්මානය පිහිටා තිබෙන්නේ කෑගල්ල දිස්ත්රික්කයේය. එය දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමකි. අද වන විට තේ ආර්ථිකයත් සමග මාලිබොඩ ගම්මානය නවීකරණයවී ඇතත් අතීතයේ දී සිංහල ගැමිකම හො`දින් විද්‍යමානවූ ගමකි. උඩමාලිබොඩ වූ කලී සමනල අඩවියේ මායිමකි. මේ නිසාම මේ ගම්මානයේ වැසියන්ගේ උවමනා එපාකම් වැඩිපුර එදා පිරිමැහුනේ සමනල අඩවියෙනි. උපතින්ම බෞද්ධයන්වූ මේ ගම්වල වැසියෝ ආගම දහමට වඩාත් නැඹුරුවූ පිරිසක් වූහ. දෙවියන් මෙන්ම යකුන්ද, පේ‍්‍රතයන්ද, භූතයන්ද කෙරෙහි වූ විශ්වාසය වඩාත් වැඩිවිය. වර්තමානයේ විදුලි ආලෝකය ලැබීමත් සමග දහවල් වෙනසක් නොදැනුනත් මීට අඩසිය වසරකට පමණ පෙරදී එසේ නොවීය. කදු වලින් වටවූ ගම්මානයට හැන්දෑවේ හතර පහ වනවිට හිරු මුවාවෙයි. යන්තම් අදුර වැටෙත්ම අතෝරක් නැතිව ඇහෙන රැහැයි නාදයෙන් අදුර ඉක්මනින් එන බව කියා පායි. කුරුල්ලොද රැහැයි නදත් සමගම කැදලිකරා පිය නගති. කදු මුදුන්වලට මළහිරු එළිය වැටී තිබුණද කදු පාමුල ඇත්තේ මූසල අඩ අදුරකි. අඳුර වැටෙද්දීම නිවෙස්වලට එන ගම්මු යළි නිවෙසින් එළියට බහින්නේ පසුදා පහන්වීමෙන් පසුවය. හදිසියකට හෝ ගමේ කොතැනකට හෝ යන්නේ නම් මගතොට එළිය කරන්නට හුලූ අත්තක හෝ ගිනි පෙනෙල්ලක ආලෝකය ප්‍රයෝජනයට ගනිති. ඇතැම් දවසක උලමෙක් නැතිනම් බස්සෙක් උගේ සුපුරුදු හඩින් කෑ ගැසුවොත් ගම්මුන් සලකන්නේ අසුබ ලකුණක් ලෙසය. එහෙත් එවැනි නිශාචර සතෙකුට වෙසෙන්නට සුදුසුම පරිසරයක් තමන් වෙසෙන අවට ඇතිබැවින් උන් නිතර යනෙන බව මේ ගම්වල වැසියෝ විශ්වාස නොකළහ.මේ නිසාම ගම්මුන් අතර භූත, පේ‍්‍රත, අමනුස්ස දෝෂ සම්බන්ධව ඇත්තේ විශාල විශ්වාසයකි. ඒ අතරින් සමනල අඩවියේ සීමාවන් ඇතුළත නම් දේව හාස්කම් කෙරෙහි ඇත්තේ නොමද විශ්වාසයකි. එදා මේ ගම්වල ගෙවල් තැනුනේ කටුමැටි බිත්තියෙන් හා බටකොළ වහලෙනි. බිත්ති බදින්නට වැල් ටිකක්, මැටිපා ටිකක්, සෙවිල්ලට බටකොළ ටිකක් කඩාගන්නට සමනල අඩිවියට එසේත් නැත්නම් හිමේට යන්නට ගම්මු පුරුදුව සිටියහ. හේතුව එක ගමනකින් ම තමන්ගේ අවශ්‍යතාව ඉටුකරගන්නට හැකි බව දන්නා නිසාවෙනි. ඒ හැරෙන්නට නිතරම සමනල අඩවියේ මායිම් පැන එහා මෙහා ගිය පිරිසක්ද මේ ගම්මානවල සිටියහ. ඒ රස්සාවට කිතුල් මදින්නන්ය. දවසට දෙතුන් වතාවක් සමනල අඩවියට පිවිසෙන මේ අය එහි පිහිටි කිතුල්ගස් මැද තෙලිදිය කදක තියාගෙන නිවසට එන්නට පුරුදුව සිටිති. එදා අදමෙන් ආණ්ඩුවෙන් ඊට තහංචි හෝ බදු අයකිරීමක් හෝ සිදු නොවිනි. එහෙත් ගම්වැසියෝ සමනල අඩවියට අධිගෘහිත සුමන සමන් දෙවියන්ටත් මුනිසිරිපා පතුලටත් ඒ තෙලිදිය උනුකර හදාගන්නා හකුරුවල අග්‍රඵලය පූජාකිරීමට සිරිපා වාරය එනතුරු තැන්පත් කර ආරක්ෂා සහිතව තබති. සිරිපා අඩවියට කිතුල් මදින්නට යන එන ගම්වැසියන් අතරින් වැඩිදෙනෙක් හැන්දෑවට ඇගපත මහන්සිය යන්නට කිතුල් රා පොල්කට්ටක් දෙකක් බොන්නට අමතක නොකරති. නමුත් සමනල අඩවියේ සීමාව වූ මාගල් ගෙගන් එගොඩදී රා පොදක්වත් තොල නොගාන්නේ දෙවියන්ට බුදුන්ට ඇති භක්තිය නිසාමය. වසරේ වැඩි කාලයක් වැසි සහිත මේ ප්‍රදේශවල ඇළදොළ උතුරා දෙගොඩතලා යයි. එහෙත් ගමේ උදවිය කාටවත් හිමේදී අකරතැබ්බක් නොවීය. ගම්මුන් විශ්වාස කරන්නේ සමන් දෙවිහාමුදුරුවන්ගේ ඇල්ම බැල්ම ගමේ අයට තියන නිසා එසේ නොවන බවය. ඒ නිසාම මාගල් ගෙගන් එගොඩට පිළී ජාතියක් හෝ කිල්ලට අසුවන දේවල් හෝ නොගෙනියන්නත්, ඔවුහු වග බලා ගනිති.කට වරද්දා ගැනීමත් මේ අඩවියේ නොකළ යුත්තකි. ඒ නිසා හිමේට ඇතුලූවන අය ‘‘ගිහින් එන්නම් ’’ යැයි කියන්නේ නැත. ‘‘සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් යන්නම් ’’ යැයි කියති. සමනල අඩවියේ මැණික් බහුලව ඇති බවට පිටස්තර ගම්වල මිනිසුන්ගේ විශ්වාසයක් පවතී. ඒ නිසාම ගම්වල ජිවත්වන ඇතැම් පුද්ගලයන් සමග මැණික් සොයා සමනල අඩවියට යන්නට ආ පිරිස් හිස් අතින් ආපසු ගිය අවස්ථා ඇති බව මේ ගම්වල වැඩිහිටියෝ කියති. ‘‘දෙයියෝ බුදුන් ගැන විශ්වාසයක් නැති මිනිස්සුන්ට ඔය හිමේ කරක් ගහන්න බෑ. එක්කෝ පාර වරද්දනවා. නැත්නම් තනිකම් දෝෂයක් හැදෙනවා, ඔලූව නරක් වෙනවා, සමහරුන්ට පිස්සු හැදෙනවා. සමහරු ගියා ගියාමයි අදටත් තොරතුරක් නෑ.’’ මේ අඩවිය ඒ තරමට හාස්කම් වලින් පිරිලා. ඔවුහු එසේ කියති. මාලිබොඩ දික්ඇලිකන්ද ගමේ එච්.ඒ.වී. යසවර්ධන මහතා ගමේ ජනප්‍රිය චරිතයකි. ප්‍රාදේශීය සභා නියොජිතයෙකුවූ ඔහු එවන් හාස්කමකින් යුතු කතාවක් වරක් අප සමග කීවේය. ‘‘කාලෙකට ඉස්සරදි පත්තිනි දේවාලයක කපු මහත්තයෙක් ගමේ කිහිප දෙනෙක් සමග දැන හැ`දුනුම්කම් පැවැත්තුවා. අවුරුද්දකට විතර පස්සේ මේ කපු මහත්තයාට ඕනෑ වුණා හිමේ ගරන්න යන්න. කපුමහත්තයා තව කිහිප දෙනෙක් එක්ක හිමේට ගිහිං වාඩි ගහගෙන උයාගෙන කාලා මැණික් ගරන්න පටන් අරගත්තා. එයා පත්තිනි දේවාලයක කපුවෙක් හින්දා වෙන්න ඇති සමන් දේව අඩවියේ අනුහස් ගැන වැඩි තැකීමක් කළේ නෑ. ගමේ අපිවත් හිමේ යනකොට පිලී ජාති ගෙනියන්නේ නෑ.’’ ‘‘මෙයා කපුවා හින්දා කරවල ජාති එහෙම අරගෙන ගිහිං තිබුණා. දවසක් සියලූ දෙනාම එකතුවෙලා උදේම උයලා කෑමටික වාඩියෙ තියලා ගරන්න ගිහිං තිබුනා. මෙහෙ වාගේ තුන හතර වෙනකම් හිමේ වැඩකරන්න බෑ. උදේ දහයේ ඉ`දලා හවස දෙක වෙනකම් විතර තමයි වැඩ කරන්න පුලූවන්. ඉතිං මේ අය වැඩකරලා නාගෙන දෙකට විතර ඇවිත් කන්න බලනකොට බත් මුට්ටියේ ඉහඳ පනුවොලූ.’’ ‘‘ඉතිං ඒක දැකපු කපුවා බයවෙලා කට්ටිය එක්ක ආපහු එන්න ආවා. නමුත් මිනිහ ගමට එන කොට පිස්සු හැදිලා. ඒ පිස්සුව සනීප වුනේ නෑ. පස්සේ ඒ පිස්සුවෙන්ම මිනිහා මැරුනා’’ සිරිපා හිමේ හාස්කම් එහෙමයි. මාලිබොඩ ගමට අතිශය අලංකාරයක් ගෙන දෙන ඇලිහත ඇදවැටෙන්නේද සමනල අඩවියේය. සමනල අඩවියෙන් පටන්ගන්නා නාය ගෙ`ග් මේ ඇලිහත පිහිටා ඇත. දැරණියගල දෙසින් ගමට එනවිට පොත්දෙණිකන්ද, නින්දගම පසුකරන විට ඈතට මේ ඇලි හත පෙනේ. ඉන් පළමු ඇල්ල දෝතුලූ ඇල්ලයි. දෙවැන්න රන් දෝතුලූ ඇල්ලයි. ඉන්පසු ඒවා අංක පිළිවෙළටම හදුන්වයි. වත්තේගග හෙවත් මණ්ඩගල් ඔයෙන් ඇද හැලෙන පුවක්මල් ඇල්ල, හල්වතුර ගෙගන් ඇදහැලෙන ඇල්ලපිට ඇල්ල ගමට අලංකාරයක් ගෙනෙනවා වගේම හාස්කම් තිබුණ තැන් විදියටයි ගම්මු සැලකුවේ. සමන් දෙවිඳුන්ගේ වාහනේ සුදු ඇත් රජෙක් කියලා ජනතාවගේ විශ්වාසයක් තියනවා. ඒනිසා හිමේ අලි,කොටි, වලස්සු, වගේ භයානක සිවුපාවුන් වගේම නයි පොළොන්ගු වගේ සර්පයොත්, දිවිමකුලූවොත් ඉන්න බවට ජනතාවගේ විශ්වාසයක් තියනවා. ඒ වුනාට සමනල අඩවියෙදි මේ සත්තු ඇහැට දැක්ක අය හරිම අඩුයි. වරක් සමනල අඩවියට ගිය පිටගංකාරයෙක් ‘‘සමන් දෙවි හාමුදුරුවන්ගේ අලියා පෙන්නන්කො’’ කියලා තියනවා. එතකොටම එතන ළග තිබුණ බටපදුර බිදින ශබ්දය ඇහිලා. අලි තමයි ඒ බට ප`දුර බි`දින්නේ කියලා කට්ටිය දුවලා. නමුත් පස්සේ ඇවිත් බලන කොට අලි ඉදලා නෑ. කට වරද්දාගැනීම නිසා ඒ වගේ අමාරුවෙත් වැටෙනව කියලයි ගම්මු කියන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom