Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SRI Pada Adawiye wechcha amuthu katha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරීපාදයේ වන්දනා කරන්න පුංචි කාලේ ඉඳලම ගනන් හැදුවොත් දහ දොලොස් පාරක් විතර ගිහින් ඇති. අවාරෙ තුන් පාරක් ගිහින් තියනවා. ප්‍රධාන පාරවල් හයෙන් හතරක දැනට ගිහින් තියනවා. දොපාරක් ගමන් මාර්ගයේ කෑම්පින් කරලා තියනවා. ඊට අමතරව පලාබද්දල පාරෙ කිමි කිහිපයක් විතර ගිහින් එතන ඉඳන් කැලේ මැද්දට මීටර් 500 විතර ගියහම තියන ගල් ලෙනක ඉඳපු ස්වාමීන් වහන්සේ කෙනෙක්ට මාසික දානය අරන් ගිහින් තියනවා බොහෝ වතාවක්.

සිරීපාදයට තියන පාරවල් හයේ කතාව කවුරුත් කියලා නැති නිසා ඒටික ගැන මගේ අත්දැකීම් කියන්නම්. සිරිපාද මලුවට කවුරුත් දන්නා පරිදි පරිදි ප්‍රධාන පාරවල් දෙකක් එනවනෙ. එකක් තමා කවුරුත් වැඩිපුරම යන හැටන් පාර. අනික තමා රත්නපුරා පාර. ඔය පාරවල් දෙක විතරක් උඩට ආවාට මොකෝ, ඔය දෙකටම අතරමගදි සම්බන්ධවෙන තව පාරවල් හතරක් තියනවා. ඒ පාරවල් හතර තමා,

1) මරේවත්ත පාර.

2) මුක්කුවත්ත පාර.

3) කුරුවිට පාර.

4) උඩමාලිබොඩ පාර.

ඔය පාරවල් හතරෙන් තුනක්ම රත්නපුරා පාරට සම්බන්ධවෙනවා තැන් තුනකදි. මරේවත්ත පාර සම්බන්ධ වෙන්නෙ හැටන් පාරට. හැටන් පාරෙ ඉඳිකටු පහනත් පහුකරලා මලුවට ලංවෙනකොට අලුතෙන් කොන්ක්‍රීට් පඩිපෙලේ වගයක් පටන් ගන්න තැනක් හම්බෙනවා. තොරණක් වගේ ලොකු බෝඩ් එකක් තියනවා එතන. ආන්න එතනට ටිකක් උඩින් තමා මරේවත්ත පාර හැටන් පාරට සම්බන්ධ වෙන තැන.

අනිත් පාරවල් තුනෙන් කුරුවිට පාර නම් ඉතින් හැමෝම වගේ දන්නවනෙ. නාන්න කියාපුම සීත ගඟුලක් හෙම හම්බෙන පාර ඉතිං ඕක. කොල්ලො සෙට් වලට කයිය ගගහා, ගල් උඩින් පැන පැන යන්න හොඳ පාරක්. ප්‍රධාන පාරවල් තුනෙන් (හැටන්,රත්නපුර,කුරුවිට) අඩුවෙන්ම හදලා තියෙන හැබැයි පරිසරයේ ලස්සන උපරිමයට විඳින්න පුලුවන් පාරක්. එලිමහන් ගල්පොත්තක් උඩ ඇවිදන් ගිහින් එකපාරට හීතල රූස්ස කැලේ ඇතුලට යන්න වෙන තැන් තියනවා. මැදහින්න අම්මබලම හරියෙ තියන අද්භූත කලුවර ගතියත් ඒ ප්‍රදේශය නිතර අලි ගැවසෙනවා කියලා කියන නිසාත් හරිම ගුප්ත වින්දනයක් ගමනට එක්කරනව. අවාරෙට නම් නිතරම දෙපැත්ත බැලවෙන හරියක් මේක, මොකද දෙපැත්තෙම බට ගාල රූස්සව හැදිලා පාරට නැමිලා තියෙන්නෙ. අලි බෙටිත් අවාරෙටනම් හම්බෙනවාමයි. ඉතින් චකිතය මුසු "අමුතු ආතල්" එකක්නම් හිතට එනවා මයි. ඔහොම මේ පාර ගිහින්, රත්නපුරා පාරෙ "හැරමිට්පාන" කියන තැනට සම්බන්ධ වෙනවා. එතන ඉදලා මලුවටම යනකම් රත්නපුරා පාර.

ඊලඟ පාර තමා මුක්කුවත්ත පාර. මම යන්න ප්ලෑන් කරන් හිටියට යන්න බැරි උන පාරක්. බෑණසමනල කන්දෙ නැගෙනහිර බෑවුම දිගේ ගිහින් රත්නපුරා පාරෙ ඇහැළකණුව ගාවට තමා සම්බන්ධ වෙන්නෙ. ඇහැලකණුව කියන්නෙ ශිවලිංගයක් වගේ ගලක්. ඕකෙ කෝඩුකාරයෝ හුණු තවරනවා කියලා කියනවා.

අන්තිම පාර තමා මාලිබොඩ පාර. මේක තමා අමාරුම පාර කිව්වොත් නිවැරදියි. 14කිමි වගේ තියනවා.ප්‍රධාන පාරවල් තුනේ වගේ පඩිපෙල් නැහැ. තනිකරම කැලෑ පාරක්. පන්දෙනිය ගඟෙන් තම පාර පටන් ගන්නෙ. පටන් ගන්නෙම රූස්ස කැලෑවෙන්. මට මතකයි අපි ගඟන් එගොඩ උන ගමන්ම එතන තිබ්බ මැංගුස් ගහකින් ඉදිලා තිබ්බ මැංගුස් කෑවා. හරිම අඳුරු පාරක්. අපි මේ ගමන ගියේ අවාරෙ නෙමෙයි "හද්දා අවාරෙ". ඒ කියන්නෙ, වාරය අප්‍රේල් පෝයෙන් ඉවර උනාම ආයෙ පාරවල් සුද්ද කරන්න පටන් ගන්නෙ නොවැම්බර් මැද වගේ ඉඳන්නෙ. ඒක නිසා අගෝස්තු සැප්තැම්බර් විතර වෙනකොට කැලෑව විසින් පාර ගිලගන්නවා. ඇත්තම කිවවෝත් පාර හඳුන ගන්නත් අපහසුයි. ඒ කාලසීමාට තමා හද්දා අවාරෙ කියන්නෙ. අපි ඕක නිසා හොඳ අකරතැබ්බෙකටත් මුහුණ දුන්නා. අනිත් පාරවල් වගේ නෙමෙයි එලිමහනක් හම්බෙන්නේම නැති තරම්. තනිකරම ඝන කැලෑව මැද්දෙන් දියපාරවල් තරණය කරමින් යන්න තියෙන්නෙ. පාරෙ මුල ටික පන්දෙනිය ගඟට සමාන්තරව ගියත් මැදදි ගඟෙන් ඈත්වෙලා කැලේ මැද්දට ඇදෙනවා. සමහර තැන්වලදි ගඟ නැවතත් ඇහෙන්න ගන්නවා හැබැයි. වැහි කාලෙ නිසා මුල් හේදිලා ගිහින් සමහර තැන් වලදි කකුල බහිනවා මුල් අස්සට. එක්කෙනෙක් ඉසස්රහ ඉඳන් පොල්ලක් දික් කරලා ඒකෙ එල්ලිලා නැග්ග තැන් බොහොමයි. ඇඟේ පතේ හොඳ හයියක් තියන, මොරාල් තියන කොල්ලො සෙට් එකක්නං ගේමක් නෑ.

මේ පාරෙ ලොකුම අවුල තමා වැස්සට අලුතෙන් පාරවල් හැදෙන එක. ඒ කියන්නෙ, ට්‍රේල් එක ප්‍රධාන ඇලවල් 7ක් උඩින් යනවා. ඒ අතරට පොඩි පොඩි දියපාරවලුත් පහුකරන්න ඕනෙ. සමහර වෙලාවට මේ දියපාරවල් අපේ ගමන් මාර්ගයත් හෝදාගෙන යනවා. අපි යන්න ඕනෙ පාර මොකද්ද වතුර පාර මොකද්ද කියන එක හොයාගන්න අමාරුයි. අපිට එහෙම ඉදිරියට ගිහින් ආපහු හැරිලා එන්න සිදුවුන තැන් කිහිපයකුත් තිබ්බා. බලන බලන අත රූසස කැලය නිසා පොඩි බය මිශ්‍ර අසරණකමකුත් හිතට නොදැනුනා නෙමෙයි. මගේ පාසල් කාලයේ සිටම දේව විශ්වාස ඒතරම් ගනනකට නොගත් යහළුවෙක් මගේ පාටාපස්සෙන් එනගමන් "සමන්දෙවි හාමුදුරු පිහිටයි, සමන්දෙවි හාමුදුරුපිහිටයි" කියනවා ඇහිලා මට හිනාත් ගියා. අදටත් මතක් කරලා හිනා වෙනවා. ඉතින් ඔය පාරේ අමාරු හරිය සමාප්ත වෙන්නෙ කුරුඟග තරණයත් එක්ක. ඊටපස්සේ මාලිබොඩ පාර හෙමීට ඉදිරියට ඇදිලා කුරුවිට පාරටම එකතුවෙනවා. මේ එකතුවීම වෙන්නෙ මැදහින්න අම්බලමත් ඉඳිකටුපානත් අතර තැනකට. මැදහින්නට වඩාත් ලඟයි. ඔතන ඉදලා තියෙන්නෙ උඩ කියපු පාරම තමා.

දැන් හැරෙමු මලුවට යන ප්‍රධාන පාරවල් දෙකට. හැටන් පාර හැමෝම දන්න නිසා ඒක ගැන වැඩියමක් කියන්න ඕනෙ නැහැනෙ. එතකොට අර පාරවල් හතරෙන් තුනක්ම එකතුවෙන ප්‍රධාන මාර්ගය වෙන රත්නපුරා පාර තමා ඉතිරි. සාමාන්‍යයෙන් මේ පාරෙ යන්නෙ බලංගොඩ රත්නපුර නිවිතිගල පැත්තෙ අය තමා. ලොකූ සෙනගක් යන්නෙ නැහැ. මලුවට යනකන්ම පඩිපෙලේ හදලා තියන නිසා නගින්න අපහසුවක් නැහැ. පෞරාණික අම්බලම් කිහිපමයක්ම හම්බෙන පාරක්. දැනට වල්වැදිලා කැලයට වැහිලා නිශ්චිතව හොයාගන්න අපහසුව තියෙන පුරාණ රජමාවතට සමාන්තරව ඇදෙනවා කියලා තමා ගොඩදෙනෙක් කියන්නෙ. ගජමන් නෝනා හැදුවා යැයි කියන ගජමන්සැල තියන හරිය ටිකක් විතර හීතල වැඩියි. ඒ හරියෙ පොඩි ගුප්ත බවකුත් තියනවා. ලිහිණි අක්කා හෙලට පැන්න තැනදි ලිහිණි අක්කට කෝචොක් දාන නඩත් නැතිවම නෙමෙයි. ගල්පඩි ගනන්කරන්න බැහැ කියන ධර්මරාජ ගල, බටයක් හයිකරලා නාන්න හදලා තියන ගෙත්තම්පාන හෙම හරි සුන්දර තැන් මේ පාරෙ. ගෙත්තම්පානෙ සුවිශේෂී ලක්ෂණයක් තමා එකපාරටම මීදුමෙන් වැහිලා යන එක. මෙතනදි එළිමහන් පරිසරයක ඉඳන් කැලෑවට ඇතුලුවෙන තැනක් නිසා අර මීදුම පිරිච්ච සීතල අමුතුම හැඟීමක් ගේනවා. මේ පාරෙ ලොකුම ගිමන්හල තියෙන්නෙ හැරමිටිපහනෙ. මම නම් කරන්නෙ උදෙන්ම හෙමීට හෙමීට නැගලා හවස් වෙද්දි මෙතනට එන එක. ඔතනට ටිකක් කලින් නාන්න හොඳ තැනක් හම්බෙනවා හීන්ගඟුල කියලා. ඔතනින් නාලා දැඩිව දාන්නෙ නැතිවෙන්න සීරුවට නගිනවා හැරමිටිපානට. හැරමිටිපානෙ කඩෙන් රැට කාලා පැදුරු දෙකතුනක් අරන් ඇලවෙලා කයියක් ගහගෙන ඉදලා පොඩි නින්දකුත් දානවා. ඔහොම ඉඳලා උදේ 2 විතර වෙද්දි මූනකට අතපය හෝදාගෙන ගල්වංගෙඩිය කඩෙන් හොඳ නෙස්ටමෝල්ට් එකක් ගහලා ආයෙත් හෙමීට නගින්න පටන් ගන්නවා. එතකොට ගානට ඉරසේවය බලක්න මලුවට යන්න පුලුවන්.

ඔන්න ඕක තමා මගේ සිරිපා අත්දැකීම. ඕවා අස්සෙ තව රසකතා බොහොමයක් තියනවා. සත්තු මූනට හමු වෙච්ච ඒවා. බයට නඩේ පිටිපස්සෙන්ම එන කෙනා ශේප් එකේ ඉස්සරහටම යන ඒවා. කෑම පාර්සල් අතුරුදහන් වෙච්ච ඒවා. කැලේ තනි වෙච්ච අවස්ථාවක්, රිලවුන්ට අලි කියලා බය වෙච්ච ඒවා ආදී කතා. තරුණ නඩ වලට යන්න කියාපු ගමනක්. ඇඳුම් දෙක තුනක් අරගෙන, හෙමීට හෙමීට කයිය ගගහා වැස්සට පොඩ්ඩක් තෙමිලා ගියහම ගමන යනවා නෙමෙයි යැවෙනවා...

[QUOTE="greenthunder, post: 27019579, member: 297213"] සිරීපාදයේ වන්දනා කරන්න පුංචි කාලේ ඉඳලම ගනන් හැදුවොත් දහ දොලොස් පාරක් විතර ගිහින් ඇති. අවාරෙ තුන් පාරක් ගිහින් තියනවා. ප්‍රධාන පාරවල් හයෙන් හතරක දැනට ගිහින් තියනවා. දොපාරක් ගමන් මාර්ගයේ කෑම්පින් කරලා තියනවා. ඊට අමතරව පලාබද්දල පාරෙ කිමි කිහිපයක් විතර ගිහින් එතන ඉඳන් කැලේ මැද්දට මීටර් 500 විතර ගියහම තියන ගල් ලෙනක ඉඳපු ස්වාමීන් වහන්සේ කෙනෙක්ට මාසික දානය අරන් ගිහින් තියනවා බොහෝ වතාවක්. [B]සිරීපාදයට තියන පාරවල් හයේ කතාව කවුරුත් කියලා නැති නිසා ඒටික ගැන මගේ අත්දැකීම් කියන්නම්. [/B]සිරිපාද මලුවට කවුරුත් දන්නා පරිදි පරිදි ප්‍රධාන පාරවල් දෙකක් එනවනෙ. එකක් තමා කවුරුත් වැඩිපුරම යන හැටන් පාර. අනික තමා රත්නපුරා පාර. ඔය පාරවල් දෙක විතරක් උඩට ආවාට මොකෝ, ඔය දෙකටම අතරමගදි සම්බන්ධවෙන තව පාරවල් හතරක් තියනවා. ඒ පාරවල් හතර තමා, 1) මරේවත්ත පාර. 2) මුක්කුවත්ත පාර. 3) කුරුවිට පාර. 4) උඩමාලිබොඩ පාර. ඔය පාරවල් හතරෙන් තුනක්ම රත්නපුරා පාරට සම්බන්ධවෙනවා තැන් තුනකදි. මරේවත්ත පාර සම්බන්ධ වෙන්නෙ හැටන් පාරට. හැටන් පාරෙ ඉඳිකටු පහනත් පහුකරලා මලුවට ලංවෙනකොට අලුතෙන් කොන්ක්‍රීට් පඩිපෙලේ වගයක් පටන් ගන්න තැනක් හම්බෙනවා. තොරණක් වගේ ලොකු බෝඩ් එකක් තියනවා එතන. ආන්න එතනට ටිකක් උඩින් තමා මරේවත්ත පාර හැටන් පාරට සම්බන්ධ වෙන තැන. අනිත් පාරවල් තුනෙන් කුරුවිට පාර නම් ඉතින් හැමෝම වගේ දන්නවනෙ. නාන්න කියාපුම සීත ගඟුලක් හෙම හම්බෙන පාර ඉතිං ඕක. කොල්ලො සෙට් වලට කයිය ගගහා, ගල් උඩින් පැන පැන යන්න හොඳ පාරක්. ප්‍රධාන පාරවල් තුනෙන් (හැටන්,රත්නපුර,කුරුවිට) අඩුවෙන්ම හදලා තියෙන හැබැයි පරිසරයේ ලස්සන උපරිමයට විඳින්න පුලුවන් පාරක්. එලිමහන් ගල්පොත්තක් උඩ ඇවිදන් ගිහින් එකපාරට හීතල රූස්ස කැලේ ඇතුලට යන්න වෙන තැන් තියනවා. මැදහින්න අම්මබලම හරියෙ තියන අද්භූත කලුවර ගතියත් ඒ ප්‍රදේශය නිතර අලි ගැවසෙනවා කියලා කියන නිසාත් හරිම ගුප්ත වින්දනයක් ගමනට එක්කරනව. අවාරෙට නම් නිතරම දෙපැත්ත බැලවෙන හරියක් මේක, මොකද දෙපැත්තෙම බට ගාල රූස්සව හැදිලා පාරට නැමිලා තියෙන්නෙ. අලි බෙටිත් අවාරෙටනම් හම්බෙනවාමයි. ඉතින් චකිතය මුසු "අමුතු ආතල්" එකක්නම් හිතට එනවා මයි. ඔහොම මේ පාර ගිහින්, රත්නපුරා පාරෙ "හැරමිට්පාන" කියන තැනට සම්බන්ධ වෙනවා. එතන ඉදලා මලුවටම යනකම් රත්නපුරා පාර. ඊලඟ පාර තමා මුක්කුවත්ත පාර. මම යන්න ප්ලෑන් කරන් හිටියට යන්න බැරි උන පාරක්. බෑණසමනල කන්දෙ නැගෙනහිර බෑවුම දිගේ ගිහින් රත්නපුරා පාරෙ ඇහැළකණුව ගාවට තමා සම්බන්ධ වෙන්නෙ. ඇහැලකණුව කියන්නෙ ශිවලිංගයක් වගේ ගලක්. ඕකෙ කෝඩුකාරයෝ හුණු තවරනවා කියලා කියනවා. අන්තිම පාර තමා මාලිබොඩ පාර. මේක තමා අමාරුම පාර කිව්වොත් නිවැරදියි. 14කිමි වගේ තියනවා.ප්‍රධාන පාරවල් තුනේ වගේ පඩිපෙල් නැහැ. තනිකරම කැලෑ පාරක්. පන්දෙනිය ගඟෙන් තම පාර පටන් ගන්නෙ. පටන් ගන්නෙම රූස්ස කැලෑවෙන්. මට මතකයි අපි ගඟන් එගොඩ උන ගමන්ම එතන තිබ්බ මැංගුස් ගහකින් ඉදිලා තිබ්බ මැංගුස් කෑවා. හරිම අඳුරු පාරක්. අපි මේ ගමන ගියේ අවාරෙ නෙමෙයි "හද්දා අවාරෙ". ඒ කියන්නෙ, වාරය අප්‍රේල් පෝයෙන් ඉවර උනාම ආයෙ පාරවල් සුද්ද කරන්න පටන් ගන්නෙ නොවැම්බර් මැද වගේ ඉඳන්නෙ. ඒක නිසා අගෝස්තු සැප්තැම්බර් විතර වෙනකොට කැලෑව විසින් පාර ගිලගන්නවා. ඇත්තම කිවවෝත් පාර හඳුන ගන්නත් අපහසුයි. ඒ කාලසීමාට තමා හද්දා අවාරෙ කියන්නෙ. අපි ඕක නිසා හොඳ අකරතැබ්බෙකටත් මුහුණ දුන්නා. අනිත් පාරවල් වගේ නෙමෙයි එලිමහනක් හම්බෙන්නේම නැති තරම්. තනිකරම ඝන කැලෑව මැද්දෙන් දියපාරවල් තරණය කරමින් යන්න තියෙන්නෙ. පාරෙ මුල ටික පන්දෙනිය ගඟට සමාන්තරව ගියත් මැදදි ගඟෙන් ඈත්වෙලා කැලේ මැද්දට ඇදෙනවා. සමහර තැන්වලදි ගඟ නැවතත් ඇහෙන්න ගන්නවා හැබැයි. වැහි කාලෙ නිසා මුල් හේදිලා ගිහින් සමහර තැන් වලදි කකුල බහිනවා මුල් අස්සට. එක්කෙනෙක් ඉසස්රහ ඉඳන් පොල්ලක් දික් කරලා ඒකෙ එල්ලිලා නැග්ග තැන් බොහොමයි. ඇඟේ පතේ හොඳ හයියක් තියන, මොරාල් තියන කොල්ලො සෙට් එකක්නං ගේමක් නෑ. මේ පාරෙ ලොකුම අවුල තමා වැස්සට අලුතෙන් පාරවල් හැදෙන එක. ඒ කියන්නෙ, ට්‍රේල් එක ප්‍රධාන ඇලවල් 7ක් උඩින් යනවා. ඒ අතරට පොඩි පොඩි දියපාරවලුත් පහුකරන්න ඕනෙ. සමහර වෙලාවට මේ දියපාරවල් අපේ ගමන් මාර්ගයත් හෝදාගෙන යනවා. අපි යන්න ඕනෙ පාර මොකද්ද වතුර පාර මොකද්ද කියන එක හොයාගන්න අමාරුයි. අපිට එහෙම ඉදිරියට ගිහින් ආපහු හැරිලා එන්න සිදුවුන තැන් කිහිපයකුත් තිබ්බා. බලන බලන අත රූසස කැලය නිසා පොඩි බය මිශ්‍ර අසරණකමකුත් හිතට නොදැනුනා නෙමෙයි. මගේ පාසල් කාලයේ සිටම දේව විශ්වාස ඒතරම් ගනනකට නොගත් යහළුවෙක් මගේ පාටාපස්සෙන් එනගමන් "සමන්දෙවි හාමුදුරු පිහිටයි, සමන්දෙවි හාමුදුරුපිහිටයි" කියනවා ඇහිලා මට හිනාත් ගියා. අදටත් මතක් කරලා හිනා වෙනවා. ඉතින් ඔය පාරේ අමාරු හරිය සමාප්ත වෙන්නෙ කුරුඟග තරණයත් එක්ක. ඊටපස්සේ මාලිබොඩ පාර හෙමීට ඉදිරියට ඇදිලා කුරුවිට පාරටම එකතුවෙනවා. මේ එකතුවීම වෙන්නෙ මැදහින්න අම්බලමත් ඉඳිකටුපානත් අතර තැනකට. මැදහින්නට වඩාත් ලඟයි. ඔතන ඉදලා තියෙන්නෙ උඩ කියපු පාරම තමා. දැන් හැරෙමු මලුවට යන ප්‍රධාන පාරවල් දෙකට. හැටන් පාර හැමෝම දන්න නිසා ඒක ගැන වැඩියමක් කියන්න ඕනෙ නැහැනෙ. එතකොට අර පාරවල් හතරෙන් තුනක්ම එකතුවෙන ප්‍රධාන මාර්ගය වෙන රත්නපුරා පාර තමා ඉතිරි. සාමාන්‍යයෙන් මේ පාරෙ යන්නෙ බලංගොඩ රත්නපුර නිවිතිගල පැත්තෙ අය තමා. ලොකූ සෙනගක් යන්නෙ නැහැ. මලුවට යනකන්ම පඩිපෙලේ හදලා තියන නිසා නගින්න අපහසුවක් නැහැ. පෞරාණික අම්බලම් කිහිපමයක්ම හම්බෙන පාරක්. දැනට වල්වැදිලා කැලයට වැහිලා නිශ්චිතව හොයාගන්න අපහසුව තියෙන පුරාණ රජමාවතට සමාන්තරව ඇදෙනවා කියලා තමා ගොඩදෙනෙක් කියන්නෙ. ගජමන් නෝනා හැදුවා යැයි කියන ගජමන්සැල තියන හරිය ටිකක් විතර හීතල වැඩියි. ඒ හරියෙ පොඩි ගුප්ත බවකුත් තියනවා. ලිහිණි අක්කා හෙලට පැන්න තැනදි ලිහිණි අක්කට කෝචොක් දාන නඩත් නැතිවම නෙමෙයි. ගල්පඩි ගනන්කරන්න බැහැ කියන ධර්මරාජ ගල, බටයක් හයිකරලා නාන්න හදලා තියන ගෙත්තම්පාන හෙම හරි සුන්දර තැන් මේ පාරෙ. ගෙත්තම්පානෙ සුවිශේෂී ලක්ෂණයක් තමා එකපාරටම මීදුමෙන් වැහිලා යන එක. මෙතනදි එළිමහන් පරිසරයක ඉඳන් කැලෑවට ඇතුලුවෙන තැනක් නිසා අර මීදුම පිරිච්ච සීතල අමුතුම හැඟීමක් ගේනවා. මේ පාරෙ ලොකුම ගිමන්හල තියෙන්නෙ හැරමිටිපහනෙ. මම නම් කරන්නෙ උදෙන්ම හෙමීට හෙමීට නැගලා හවස් වෙද්දි මෙතනට එන එක. ඔතනට ටිකක් කලින් නාන්න හොඳ තැනක් හම්බෙනවා හීන්ගඟුල කියලා. ඔතනින් නාලා දැඩිව දාන්නෙ නැතිවෙන්න සීරුවට නගිනවා හැරමිටිපානට. හැරමිටිපානෙ කඩෙන් රැට කාලා පැදුරු දෙකතුනක් අරන් ඇලවෙලා කයියක් ගහගෙන ඉදලා පොඩි නින්දකුත් දානවා. ඔහොම ඉඳලා උදේ 2 විතර වෙද්දි මූනකට අතපය හෝදාගෙන ගල්වංගෙඩිය කඩෙන් හොඳ නෙස්ටමෝල්ට් එකක් ගහලා ආයෙත් හෙමීට නගින්න පටන් ගන්නවා. එතකොට ගානට ඉරසේවය බලක්න මලුවට යන්න පුලුවන්. ඔන්න ඕක තමා මගේ සිරිපා අත්දැකීම. ඕවා අස්සෙ තව රසකතා බොහොමයක් තියනවා. සත්තු මූනට හමු වෙච්ච ඒවා. බයට නඩේ පිටිපස්සෙන්ම එන කෙනා ශේප් එකේ ඉස්සරහටම යන ඒවා. කෑම පාර්සල් අතුරුදහන් වෙච්ච ඒවා. කැලේ තනි වෙච්ච අවස්ථාවක්, රිලවුන්ට අලි කියලා බය වෙච්ච ඒවා ආදී කතා. තරුණ නඩ වලට යන්න කියාපු ගමනක්. ඇඳුම් දෙක තුනක් අරගෙන, හෙමීට හෙමීට කයිය ගගහා වැස්සට පොඩ්ඩක් තෙමිලා ගියහම ගමන යනවා නෙමෙයි යැවෙනවා... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom