Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Padha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී පාදස්ථානය

සම්බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමන සිදු වූයේ සම්බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමෙන් වසර 8 කට පසු එළඹුණු වෙසක් පුරපසළොස්වක පුන් පෝදා ය.

මණිඅක්ඛිත නාග ගෝත්‍රික මහා නිරිඳාණන්ගේ ආරාධනයෙන් කැලණි පුරවරයට වඩමවා වදාළ බුදුපියාණන් වහන්සේ උතුම් සම්බුදු පහසින් මේ ලක් දෙරණත තව තවත් පූජනීයත්වයට පත් කරලීමේ අදිටනින් වෙනත් විශේෂිත ස්ථානයන් කීපයකටම වැඩි සේක.

මේ තෙවැනි සදහම් චාරිකාවේ සතර වැනි මහා ස්ථානය වශයෙන් තෝරා ගත්තේ ‘සමන්තකූට’ නම් වූ උස් වූ කඳු ශිඛරය මතට සපැමිණීමට ය.

මහා කඳු මාලාවක් අතර පිහිටියා වූ ද එම කඳු සමූහය අභිබවමින් ලක් සිරසෙහි මිනි කිරුළ සේ ඉතාමත් රමණීය වූ දසුනක් මවන සමන්ත කූ®ටය මේ ලක් දෙරණත සොබා සෞන්දර්යයේ අග්‍රගණ්‍ය ඵලය යැයි හඳුන්වා දීම අසාධාරණ නොවේ.

බුදු පියාණන් වැඩි සමයේ මෙහි එක්තරා දේව කොට්ඨාසයක් විසූ බවත් එතුමන්ලාගේ නායකයා සුමන නම් වූ බවත් පැවැසෙයි. හාත්පස පිහිටියා වූ පර්වත කූට අතරින් අතිශයෙන් අභිමානවත් වූ කූ®ටය නිසා එය ‘සමන්ත කූටය’ වී යැයි ද කියැවෙයි. එහි විසූ සුමන නම් ප්‍රධානියා නිසා එය ‘ සුමනකූ®ට’ වූවා යැයි ද තවත් මතයෙකි.

සුමන සුරිඳාණන්ගේ ආයාචනය පිළිගනිමින් මේ සුරම්‍ය වූ පර්වතය මුදුන් තලයෙහි ඉන්ද්රනීල නම් මාණික්‍ය මතුයෙහි බුදුන් වහන්සේ තම ශ්‍රී පාදය තැබූ විට මැටි පිඬක දී පය එරී යන්නා සේ මේ මහා බුද්ධ ශක්තියේ අධිෂ්ඨාන බලයට ඉන්ද්රනීල මාණික්‍ය මතු පිට පිවිතුරුවූ සිරිපා කමල සළකුණු වූ බව සඳහන් වෙයි. ඉන් ඉක්බිති සමන්ත කුටය ශ්‍රී පාදස්ථානය නමින්ද ප්‍රසිද්ධියට පත් විය.

අනුරාධපුර යුගයටත් පෙර මුටසීව රජ දවස ක්‍රි.පූර්ව සිව්වැනි ශත වර්ෂයේ ඇලෙක්සැන්ඩර් නම් ගී්රක අධිරාජ්‍යයා අතිශය දුෂ්කර මේ මහා ගිරි ශිඛරය නැඟීමට පහසුවක් ලෙස යකඩ දම්වැල් සවිකර ශ්‍රී පාද කන්ද තරණය කළ බවත් ගී්රක ඉතිහාසයේ ලියැවී තිබෙන අතර කාශ්මීරයේ මේඝ වර්ණ නම් රජු බු.ව. 563 දී සමන්ත කූටය වන්දනාමාන කර ගත් බව කාශ්මීර ඉතිහාසයේ සඳහන්ව ඇත. අනුරාධපුර යුගයේ රජවරුන් මෙම ස්ථානය ගැන අවධානය යොමු කර ඇති බවක් මහාවංශ පූර්ව භාගයේ සඳහන් නොවේ.

කීර්ති නිශ්ශංක රාජ්‍ය සමයේ කොටෙකුගේ උපකාරයෙන් ශ්‍රී පාදස්ථානය සොයා ගත් බවට ජනප්රවාදයේ පැවැසෙතත් එය සාවද්‍ය බව සනාථ වන්නේ ඊට ප්‍රථම විජයබාහු රජතුමා ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීමට පැමිණ ශ්‍රී පාදස්ථානයට පිදූ ගම් පිළබඳව සාක්ෂි සහිතව ‘අඹගමුව ශිලා ලිපිය’ මගින් තහවුරු වන බැවිනි. දුටුගැමුණු රාජ්‍ය සමයේ සමන්තකූටයෙහි නවසියයක් භික්ෂූන් වහන්සේ වැඩ සිටි බැව් මහාවංශයේ සටහන්ව තිබේ.

ක්‍රි.ව. 961 දී සොලීන් විසින් මෙහි තිබූ දා ගෙයක් විනාශ කළ බවත් ධ්ඍ මිහිඳු රජතුමා විසින් එය නැවත කරවන ලද බවත් කියැවෙයි. මහා පරාක්‍රමබාහු රජතුමා මෙහි සමන් දේවාලය කළ බව රාජාවලියේ සටහන්ව ඇත.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1752) හැට අමුණක කෙත් වතු, ගෙවතු ගහකොළ ඇතුළු කුට්ටම්පිටිය නම් වූ ග්‍රාමය සහිතව ශ්‍රී පාදස්ථානය වැලිවිට සරණංකර සංඝරාජ මහා නා හිමි ප්රමුඛ ශිෂ්‍යයානු ශිෂ්‍ය පරම්පරාව වෙත පිදූ බව ‘වැලිවිට තඹ සන්නසෙහි’ සඳහන් කර තිබේ. රජතුමාගේ නියමයෙන් ප්‍රතිරාජදේව අමැතිතුමා සමන්දෙව් රුවක් සාදවා රන්රුවන් ආභරණයන්ගෙන් සරසා එය සමන්ත කූට ඉස්මත්තෙහි වාඩා හිඳුවා ශ්‍රී පාද මණ්ඩපය කළ බව කියැවෙයි. වීර වික්‍රමබාහු රජතුමා එක් දවසින් සිරිපා කරුණාකර පස් රියනක් උස, පසළොස් රියනක් වට ඇති දොළොස් මහේ පහනක් පූජා කර, ගෙත්තම් පහනේ සිට පියගැට පෙළ 780 ක් ගලින් කළ බව ද පැරැණි තඹ සන්නසක සටහන්ව තිබේ.

ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීම සඳහා යෑමට ප්‍රධාන මාර්ග තුනක් ඇත. ඉන් රජ කාලයේ සිට පැවැත එන්නේ රත්නපුර පළාබද්දල සිට ඇති මාර්ගයයි. මෙය කි. මි. 10ක් පමණ දුරකින් යුක්තය. දෙවැනි ගමන්මාර්ගය වැටී ඇත්තේ කුරුවිට එරත්න හරහාය. තෙවැනි මාර්ගය නම් හැටන් නල්ලතන්නියේ සිට සැකැසී ඇති මාර්ගයයි. එය කි. මි. 6.5 ක් පමණ වූ මඟකි. බහුතරයක් වන්දනාකරුවන් පහසුව තකා අද සිරිපා වන්දනාවේ යෙදෙන්නේ නල්ලතන්නි මාර්ගයෙන් ය.

මෙසේ පාදමේ සිට ආරම්භ වන මාර්ග තුනක් තිබුණ ද පලාබද්දල සහ එරත්න මාර්ගය හැරමිටිපාන නම් ස්ථානයේ සිට එක් ගමන් මඟක් බවට පත්වෙයි. මේ ගමන් මාර්ග ත්‍රිත්වයේදීම වෙන් වෙන් වශයෙන් අපට ශීත ගඟුල යැයි නම් කළ තැනක් ගෙත්තම්පාන (ඉඳිකටුපාන), මහගිරිදඹ, අහස්ගව්ව වැනි ස්ථානයන් හමුවෙයි. පලාබද්දල මාර්ගයේදී හමුවන ධර්මරාජ ගල යන ස්ථානයේ පඩි පෙළ සාදා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ, ධර්මාලංකාර සෙනෙවිරත්න පණ්ඩිත මුදියන්සේ පරපුරේ කෙනෙක් විසින් බව ‘ධර්මරාජ ගල් සන්නස’ අනුව අනුමාන කෙරෙයි. මුහුදු මට්ටමේ සිට මීටර් 2243 ක් (අඩි 7360) උස් වූ සමනොලකන්ද ආශි‍්‍රත සිරිපා අඩවිය සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයත් මධ්‍යම පලාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයක් යා කරන පුළුල් පරාසයක පිහිටි පාරිසරික වශයෙන් මිල කළ නොහැකි ජල පෝෂිත කලාපයකි. මෙම සිරිපා අඩවිය මුළු ලක් දරණී තලයටම ජීවය ප්රදානය කිරීමට සමත් සතර මහා ගංගාවන්ට තිඹිරගෙය සාදන සොබාදම් මාතාව බඳුය.මේ ස්වභාව ධර්මයේ අසිරිමත් වූ අපූරු නිර්මාණය උතුම් බුදුපියාණන් ගේ පා කමල ස්පර්ශයෙන් වන්දනාමානයට පාත්‍ර වු පූජනීය ශුද්ධ භූමියක් බවට පත් විය. එතැන් සිට කුඩා දරුවාගේ සිට වියපත් මහල්ලා දක්වා වූ බැතිබර ජනතාව මේ මහා ගිරි ශිඛරය තරණය කරමින් සිරිපා කරුණා කිරීමේ අභියෝගයට එඩිතරව මුහුණ දෙන්නේ කාය ශක්තිය අභිභවමින් නැගී සිටින චිත්ත ශක්තිය වඩවාලීමට තරම් සිරිපා කමල සලකුණ සමත් වන නිසාය.

[QUOTE="rukshrulz, post: 20831066, member: 482079"] [SIZE="5"]ශ්‍රී පාදස්ථානය සම්බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමන සිදු වූයේ සම්බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමෙන් වසර 8 කට පසු එළඹුණු වෙසක් පුරපසළොස්වක පුන් පෝදා ය. මණිඅක්ඛිත නාග ගෝත්‍රික මහා නිරිඳාණන්ගේ ආරාධනයෙන් කැලණි පුරවරයට වඩමවා වදාළ බුදුපියාණන් වහන්සේ උතුම් සම්බුදු පහසින් මේ ලක් දෙරණත තව තවත් පූජනීයත්වයට පත් කරලීමේ අදිටනින් වෙනත් විශේෂිත ස්ථානයන් කීපයකටම වැඩි සේක. මේ තෙවැනි සදහම් චාරිකාවේ සතර වැනි මහා ස්ථානය වශයෙන් තෝරා ගත්තේ ‘සමන්තකූට’ නම් වූ උස් වූ කඳු ශිඛරය මතට සපැමිණීමට ය. මහා කඳු මාලාවක් අතර පිහිටියා වූ ද එම කඳු සමූහය අභිබවමින් ලක් සිරසෙහි මිනි කිරුළ සේ ඉතාමත් රමණීය වූ දසුනක් මවන සමන්ත කූ®ටය මේ ලක් දෙරණත සොබා සෞන්දර්යයේ අග්‍රගණ්‍ය ඵලය යැයි හඳුන්වා දීම අසාධාරණ නොවේ. බුදු පියාණන් වැඩි සමයේ මෙහි එක්තරා දේව කොට්ඨාසයක් විසූ බවත් එතුමන්ලාගේ නායකයා සුමන නම් වූ බවත් පැවැසෙයි. හාත්පස පිහිටියා වූ පර්වත කූට අතරින් අතිශයෙන් අභිමානවත් වූ කූ®ටය නිසා එය ‘සමන්ත කූටය’ වී යැයි ද කියැවෙයි. එහි විසූ සුමන නම් ප්‍රධානියා නිසා එය ‘ සුමනකූ®ට’ වූවා යැයි ද තවත් මතයෙකි. සුමන සුරිඳාණන්ගේ ආයාචනය පිළිගනිමින් මේ සුරම්‍ය වූ පර්වතය මුදුන් තලයෙහි ඉන්ද්රනීල නම් මාණික්‍ය මතුයෙහි බුදුන් වහන්සේ තම ශ්‍රී පාදය තැබූ විට මැටි පිඬක දී පය එරී යන්නා සේ මේ මහා බුද්ධ ශක්තියේ අධිෂ්ඨාන බලයට ඉන්ද්රනීල මාණික්‍ය මතු පිට පිවිතුරුවූ සිරිපා කමල සළකුණු වූ බව සඳහන් වෙයි. ඉන් ඉක්බිති සමන්ත කුටය ශ්‍රී පාදස්ථානය නමින්ද ප්‍රසිද්ධියට පත් විය. අනුරාධපුර යුගයටත් පෙර මුටසීව රජ දවස ක්‍රි.පූර්ව සිව්වැනි ශත වර්ෂයේ ඇලෙක්සැන්ඩර් නම් ගී්රක අධිරාජ්‍යයා අතිශය දුෂ්කර මේ මහා ගිරි ශිඛරය නැඟීමට පහසුවක් ලෙස යකඩ දම්වැල් සවිකර ශ්‍රී පාද කන්ද තරණය කළ බවත් ගී්රක ඉතිහාසයේ ලියැවී තිබෙන අතර කාශ්මීරයේ මේඝ වර්ණ නම් රජු බු.ව. 563 දී සමන්ත කූටය වන්දනාමාන කර ගත් බව කාශ්මීර ඉතිහාසයේ සඳහන්ව ඇත. අනුරාධපුර යුගයේ රජවරුන් මෙම ස්ථානය ගැන අවධානය යොමු කර ඇති බවක් මහාවංශ පූර්ව භාගයේ සඳහන් නොවේ. කීර්ති නිශ්ශංක රාජ්‍ය සමයේ කොටෙකුගේ උපකාරයෙන් ශ්‍රී පාදස්ථානය සොයා ගත් බවට ජනප්රවාදයේ පැවැසෙතත් එය සාවද්‍ය බව සනාථ වන්නේ ඊට ප්‍රථම විජයබාහු රජතුමා ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීමට පැමිණ ශ්‍රී පාදස්ථානයට පිදූ ගම් පිළබඳව සාක්ෂි සහිතව ‘අඹගමුව ශිලා ලිපිය’ මගින් තහවුරු වන බැවිනි. දුටුගැමුණු රාජ්‍ය සමයේ සමන්තකූටයෙහි නවසියයක් භික්ෂූන් වහන්සේ වැඩ සිටි බැව් මහාවංශයේ සටහන්ව තිබේ. ක්‍රි.ව. 961 දී සොලීන් විසින් මෙහි තිබූ දා ගෙයක් විනාශ කළ බවත් ධ්ඍ මිහිඳු රජතුමා විසින් එය නැවත කරවන ලද බවත් කියැවෙයි. මහා පරාක්‍රමබාහු රජතුමා මෙහි සමන් දේවාලය කළ බව රාජාවලියේ සටහන්ව ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1752) හැට අමුණක කෙත් වතු, ගෙවතු ගහකොළ ඇතුළු කුට්ටම්පිටිය නම් වූ ග්‍රාමය සහිතව ශ්‍රී පාදස්ථානය වැලිවිට සරණංකර සංඝරාජ මහා නා හිමි ප්රමුඛ ශිෂ්‍යයානු ශිෂ්‍ය පරම්පරාව වෙත පිදූ බව ‘වැලිවිට තඹ සන්නසෙහි’ සඳහන් කර තිබේ. රජතුමාගේ නියමයෙන් ප්‍රතිරාජදේව අමැතිතුමා සමන්දෙව් රුවක් සාදවා රන්රුවන් ආභරණයන්ගෙන් සරසා එය සමන්ත කූට ඉස්මත්තෙහි වාඩා හිඳුවා ශ්‍රී පාද මණ්ඩපය කළ බව කියැවෙයි. වීර වික්‍රමබාහු රජතුමා එක් දවසින් සිරිපා කරුණාකර පස් රියනක් උස, පසළොස් රියනක් වට ඇති දොළොස් මහේ පහනක් පූජා කර, ගෙත්තම් පහනේ සිට පියගැට පෙළ 780 ක් ගලින් කළ බව ද පැරැණි තඹ සන්නසක සටහන්ව තිබේ. ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීම සඳහා යෑමට ප්‍රධාන මාර්ග තුනක් ඇත. ඉන් රජ කාලයේ සිට පැවැත එන්නේ රත්නපුර පළාබද්දල සිට ඇති මාර්ගයයි. මෙය කි. මි. 10ක් පමණ දුරකින් යුක්තය. දෙවැනි ගමන්මාර්ගය වැටී ඇත්තේ කුරුවිට එරත්න හරහාය. තෙවැනි මාර්ගය නම් හැටන් නල්ලතන්නියේ සිට සැකැසී ඇති මාර්ගයයි. එය කි. මි. 6.5 ක් පමණ වූ මඟකි. බහුතරයක් වන්දනාකරුවන් පහසුව තකා අද සිරිපා වන්දනාවේ යෙදෙන්නේ නල්ලතන්නි මාර්ගයෙන් ය. මෙසේ පාදමේ සිට ආරම්භ වන මාර්ග තුනක් තිබුණ ද පලාබද්දල සහ එරත්න මාර්ගය හැරමිටිපාන නම් ස්ථානයේ සිට එක් ගමන් මඟක් බවට පත්වෙයි. මේ ගමන් මාර්ග ත්‍රිත්වයේදීම වෙන් වෙන් වශයෙන් අපට ශීත ගඟුල යැයි නම් කළ තැනක් ගෙත්තම්පාන (ඉඳිකටුපාන), මහගිරිදඹ, අහස්ගව්ව වැනි ස්ථානයන් හමුවෙයි. පලාබද්දල මාර්ගයේදී හමුවන ධර්මරාජ ගල යන ස්ථානයේ පඩි පෙළ සාදා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ, ධර්මාලංකාර සෙනෙවිරත්න පණ්ඩිත මුදියන්සේ පරපුරේ කෙනෙක් විසින් බව ‘ධර්මරාජ ගල් සන්නස’ අනුව අනුමාන කෙරෙයි. මුහුදු මට්ටමේ සිට මීටර් 2243 ක් (අඩි 7360) උස් වූ සමනොලකන්ද ආශි‍්‍රත සිරිපා අඩවිය සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයත් මධ්‍යම පලාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයක් යා කරන පුළුල් පරාසයක පිහිටි පාරිසරික වශයෙන් මිල කළ නොහැකි ජල පෝෂිත කලාපයකි. මෙම සිරිපා අඩවිය මුළු ලක් දරණී තලයටම ජීවය ප්රදානය කිරීමට සමත් සතර මහා ගංගාවන්ට තිඹිරගෙය සාදන සොබාදම් මාතාව බඳුය.මේ ස්වභාව ධර්මයේ අසිරිමත් වූ අපූරු නිර්මාණය උතුම් බුදුපියාණන් ගේ පා කමල ස්පර්ශයෙන් වන්දනාමානයට පාත්‍ර වු පූජනීය ශුද්ධ භූමියක් බවට පත් විය. එතැන් සිට කුඩා දරුවාගේ සිට වියපත් මහල්ලා දක්වා වූ බැතිබර ජනතාව මේ මහා ගිරි ශිඛරය තරණය කරමින් සිරිපා කරුණා කිරීමේ අභියෝගයට එඩිතරව මුහුණ දෙන්නේ කාය ශක්තිය අභිභවමින් නැගී සිටින චිත්ත ශක්තිය වඩවාලීමට තරම් සිරිපා කමල සලකුණ සමත් වන නිසාය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom