Srilankan යානා මගී ප්‍රවාහනයට මාරාන්තික යැයි සඳහ&#35

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Srilankan යානා මගී ප්‍රවාහනයට මාරාන්තික යැයි සඳහ&#35

Srilankan යානා මගී ප්‍රවාහනයට මාරාන්තික යැයි සඳහන් කර යුරෝපා අහසට වැද්දා ගැනීම තහනම් කරයි

Source: http://www.lankagossipgirl.com/2014/04/srilankan-airlines-europe.html

ශ්‍රී ලන්කන් ගුවන් යානා මගී ප්‍රවාහනයට සුදුසු නැහැල්ලූ..

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඇති ගුවන් යානා මගී ප්‍රවාහනයට මාරාන්තික යැයි සඳහන් කර ඉන් කිහිපයක් යුරෝපීය ගුවන් පථයන්ට ඇතුළු වීම යුරෝපීය රටවල් විසින් තහනම් කර ඇතැයි වෙත වාර්තා වේ.

යුරෝපීය රටවල් මෙවැනි තීරණයක් ගැනීමට හේතු වී ඇත්තේ අන්තර්ජාතික ගුවන් ප්‍රමිතියෙන් තොර, මගී ප්‍රවාහනයට නුසුදුසු, භයානක අනතුරු ඇතිවිය හැකි මලකඩ කෑ ගුවන් යානා ශ්‍රී ලන්කන් ගුවන්සේවය විසින් ධාවනය කිරීම නිසාය.

උදාහරණයක් ලෙස ලංකාවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සතු 4-ආර්. ඒඩීඒ නම් ඒ 340 වර්ගයේ ගුවන් යානයට යුරෝපීය අහසට ඇතුළු වීම පසුගියදා තහනම් කර තිබේ. ඊට හේතු වී ඇත්තේ එම ගුවන් යානය වසර 24 ක් පැරණි නිෂ්පාදිතයක් නිසා මගී ප්‍රවාහනයට නුසුදුසු බැවිනි.

සාමාන්‍යයෙන් ඒ 340 වර්ගයේ ගුවන් යානයක් මගී ප්‍රවාහනයට සුදුසු වන්නේ නිෂ්පාදිත වසරේ සිට වසර 20 ක් යනතුරු පමණි. ඉන් පසුව ඒවා යොදවන්නේ භාණ්ඩ ප්‍රවාහනයට ය. ලංකාවේ මගීන් ප්‍රවාහනය කරන 4-ආර් ඒඩීඒ නම් ඒ-340 වර්ගයේ ගුවන් යානය මේ වන විට වසර 24 ක් පැරණිය. එම යානයට දැන්වූ අන්තර් ජාතික අනතුරු ඇඟවීම් හමුවේ ලංකාවේ බලධාරීන් කිසිවක් නොතකා වැඩිපුර වසර කිහිපයක් ධාවනයේ යොදවා ඇත. අනතුරු ඇඟවීම් කිසිවක් පිලිනොගන්නා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ජාත්‍යන්තරය විසින් අවසානයේ දැනුම් දී ඇත්තේ මෙකී ගුවන් යානා යුරෝපීය අහසට වැද්දා ගැනීම තහනම් කරන බවයි.

මේ අනුව අපොස සාමාන්‍ය පෙළ පවා අසමත් ශිරන්ති රාජපක්ෂගේ අයියා සභාපති ධූරය දරණ ශ්‍රී ලන්කන් ගුවන් සේවය නන්නත්තාර වී තිබේ. තහනම් කළ ගුවන් යානා දැන් මගී ප්‍රවාහනයෙන් ඉවත් කර ගාල් කර ඇත.

මීට අමතරව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවය කරන පුද්ගලයන්ට මේ වන විට ලැඛෙන්නේ ලෝකයේ අඩුම වැටුප් බැවින් ගුවන් සේවයේ තත්ත්වය ද ඉතාමත් බරපතල ලෙස කඩා වැටී ඇත. ගුවන් සේවයක් හොඳ ඉංජිනේරුවන් සහ තාක්ෂණ නිලධාරීන්ගෙන් තොරව පවත්වා ගෙනයා නොහැකිය. නමුත් ලංකාවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ එයාර් ක්‍රාෆ්ට් මිකැනික් වරයෙකුගේ වැටුප යාන්තම් රුපියල් 20,000 ක් පමණි. මෙය සමාන්‍යයෙන් වෙනත් පෞද්ගලික ආයතනයක පියන් කෙනෙකුගේ වැටුපකි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ එයාර් ක්‍රාෆ්ට් ටෙක්නීෂියන් කෙනෙකුගේ වැටුප යාන්තම් රුපියල් 25000 කි. මෙම වෘත්තියටම ඉන්දියාවේදී ඉන්දියානු රුපියල් 40,000 ක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂයක පමණ වැටුපක් ගෙවනු ලැබේ. ලෝකයේ අඩුම වැටුප් ගෙවන ගුවන් සේවය බවට පත් වී ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයයි.

මේ තත්ත්වය ගුවන් යානාවන්ගේ ධාවන ප්‍රමිතියට බරපතල ලෙස බලපා තිබේ. ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව පැය 11 ක් පමණක් සේවය කළ යුතු ටෙක්නීෂියන් වරයෙක් ලංකාවේ වැඩි වැටුපක් ලබා ගත යුතු නිසා පැය 16 න් පමණ සේවය කරයි. එනිසාම ගුවන් යානාවන් අනතුරේ වැටී ඇතැයි අන්තර් ජාතික ගුවන් සේවා තීරණය කර ඇත. මන්ද යත් එවැනි ටෙක්නීෂියන් වරයෙක් හොඳ මානසික තත්ත්වයකින් ක්‍රියා කරන්නේ නැතිනම් ගුවන් මගීන් අනතුරට පත්වන නිසාය. පැය 11 ක් වැඩ කිරීමේ හැකියාව ඇති අයෙක් පැය 16 ක් වැඩ කරනවා යනු ඔහුගේ නියම සේවය නොලැබේ.

මෙවන් හේතු රැසක් හේතුවෙන් පසුගියදා යුරෝපීය රටවල් ශ්‍රී ලන්කන් ගුවන් යානා කිහිපයක් ඒ රටවල අහසට ඇතුළු වීම තහනම් කළේය.
 
  • Like
Reactions: wasangaama

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    he he
    ප්ලේන් කෙසේ වෙතත් මත්තල නම් අනාරක්ශිතයි වෙච්ච සීන් අනුව,,,එහෙ පාලනය ගෙනියන්නෙ මැර කල්ලි වලින්,,,ගුවන්තොටක් මැරකල්ලින් වලින් පාලනය කරන එකම රට ආස්චර්යවත් අපේ රට වෙන්න ඇති..මෙතන මුදානොගත් ත්‍රස්ත කලාපයක් වගේ:lol::lol:
     
    • Like
    Reactions: wasangaama
    Apr 18, 2014
    14
    1

    mahinda jabukkkk.... :yes::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔතන තියන සමහරක් කථා ඇත්ත. හැබැයි සමහරක් කථා බොරු. අනිත් එයාර් ලයින් එක්ක බලද්දි අඩු පඩියක් උනාට ඔය කියන තරම් අඩු පඩියක් නෙමෙ. අනික පැය 16 ෂිෆ්ට් එකක් නැහැ.
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    ඔතන තියන සමහරක් කථා ඇත්ත. හැබැයි සමහරක් කථා බොරු. අනිත් එයාර් ලයින් එක්ක බලද්දි අඩු පඩියක් උනාට ඔය කියන තරම් අඩු පඩියක් නෙමෙ. අනික පැය 16 ෂිෆ්ට් එකක් නැහැ.

    :) math kiyanna haduwe okamai balinnam answer eka denna ona hodama kena asnwer eka dila tiyenne :D
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔතන තියන සමහරක් කථා ඇත්ත. හැබැයි සමහරක් කථා බොරු. අනිත් එයාර් ලයින් එක්ක බලද්දි අඩු පඩියක් උනාට ඔය කියන තරම් අඩු පඩියක් නෙමෙ. අනික පැය 16 ෂිෆ්ට් එකක් නැහැ.

    :yes::yes::yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    FYI: 4R-ADA is the oldest and one of the first A340s which began operations in South east Asia and It's service will be stopped within next 2 years. (Most probably after receiving brand new A350s). So far the Aircraft's condition is good and way away from any incident.

    යුරෝපේ ඉන්න කොටි තමා බන් ඔවා පස්සේ ඉන්නේ...
    සමහර කතා ඇත්ත ඔය ආටිකල් එකේ තියන.. බොරු එව්වත් තියනවා හොඳේ...
     
    • Like
    Reactions: wasangaama

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    hethu sadaranai habai oke thiyenne wena uwamanawak.
    owata thamai sambadaka kiyanne,maha lokuwata chinei putinui
    apith ekka innawa kiwwata unta mewage dewal waladi monawada karanna puluwan
    oya wagema thamai sewakayonta hariyata salakanne naha kiyala
    lagadima USA ape redi ganna eka nawaththai.
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    ඕවගේ යනවට සල්ලි දෙන්න ඕන. තව දෙයක් වැඩිය ඕන නෑ. ඔකේ web site එකයි Qatar airways, Singapore, Thai Airways web site එකකයි online booking කරන කොටම තේරෙනවා යන්න ඕන මොකේද කියල . (web site එක හැදුවෙත් අපේ IT ඔස්තාර්ලද දන්නේ නෑ )
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඕවගේ යනවට සල්ලි දෙන්න ඕන. තව දෙයක් වැඩිය ඕන නෑ. ඔකේ web site එකයි Qatar airways, Singapore, Thai Airways web site එකකයි online booking කරන කොටම තේරෙනවා යන්න ඕන මොකේද කියල . (web site එක හැදුවෙත් අපේ IT ඔස්තාර්ලද දන්නේ නෑ )

    Qatar airways Online Booking Engine එක හැදුවෙත් අපේ ලංකාවේ අය තමා :)
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    කොටි තමයි ලංකාවට කෙලින්න හදන්නේ. මහින්දට තාමත් මේ පිටරට වල ඉන්න කොටින්ට ගේමක් දෙන්න බැරි වුනා නේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,683
    113
    Auckland
    කොටින්ට බැනල වැඩක් නෑ. හරියට එයා ලයින් එකක් දුවාගන්න බෑ කියල දැන් හැමෝම දන්න දෙයක්. කරන්න බැරි මගුලක් ආපහු පටවන් මන්ද බුද්දිකයෙක් සබාපති කරල කොටින්ට බැනල වැඩක් නෑ. ගිය අවුරුද්දෙ ශුද්ධලාභය හැමෝම දන්නව ඇති නේ. අර මැරයො ඉන්න එයා පොට් එකට යට කරපු සල්ලි වලින් කටුනායක හරියට හදල අලුත් ප්ලේන් ටිකක් අරන් පරන එව්ව ටික එයා ෆෝස් එකටවත් දීල දැම්ම නම් රටට හරි වැඩක් වෙනව.ඕකක ගිහින් කොහෙට හරි පත බෑවුනොත් දැන් මේකටත් කොටි අල්ලන් බනින අය මොනව කියය්ද ? ඇමරිකන් කුමන්ත්‍රනයක් කියලද ? :lol:
     
    • Like
    Reactions: wasangaama

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    කොටින්ට බැනල වැඩක් නෑ. හරියට එයා ලයින් එකක් දුවාගන්න බෑ කියල දැන් හැමෝම දන්න දෙයක්. කරන්න බැරි මගුලක් ආපහු පටවන් මන්ද බුද්දිකයෙක් සබාපති කරල කොටින්ට බැනල වැඩක් නෑ. ගිය අවුරුද්දෙ ශුද්ධලාභය හැමෝම දන්නව ඇති නේ. අර මැරයො ඉන්න එයා පොට් එකට යට කරපු සල්ලි වලින් කටුනායක හරියට හදල අලුත් ප්ලේන් ටිකක් අරන් පරන එව්ව ටික එයා ෆෝස් එකටවත් දීල දැම්ම නම් රටට හරි වැඩක් වෙනව.ඕකක ගිහින් කොහෙට හරි පත බෑවුනොත් දැන් මේකටත් කොටි අල්ලන් බනින අය මොනව කියය්ද ? ඇමරිකන් කුමන්ත්‍රනයක් කියලද ? :lol:

    Aththa kathawa
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1005546_10200914340139479_2869890471998892378_n.jpg
     
    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    ඔතන තියන සමහරක් කථා ඇත්ත. හැබැයි සමහරක් කථා බොරු. අනිත් එයාර් ලයින් එක්ක බලද්දි අඩු පඩියක් උනාට ඔය කියන තරම් අඩු පඩියක් නෙමෙ. අනික පැය 16 ෂිෆ්ට් එකක් නැහැ.

    oya kiyapu padi haryatama hari...Technician kenekgeth basic 20 y! peya 16 shift naha kyana eka hari..paya 11 weda karana aya paya 24 shift thama adinne
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    FYI: 4R-ADA is the oldest and one of the first A340s which began operations in South east Asia and It's service will be stopped within next 2 years. (Most probably after receiving brand new A350s). So far the Aircraft's condition is good and way away from any incident.

    යුරෝපේ ඉන්න කොටි තමා බන් ඔවා පස්සේ ඉන්නේ...
    සමහර කතා ඇත්ත ඔය ආටිකල් එකේ තියන.. බොරු එව්වත් තියනවා හොඳේ...
    හැම මගුලටම කොටි කොටි කියලා හිත රවට්ට ගමු . යකෝ ඕක අලාබෙ වෙන්නෙත් කොටි හින්දද ? ලොක්කෝ වීදියට ඉන්න එවුන්ට වත් නෑ බන් . යථාර්තය ගැන බලපන් හැම මගුලටම කොටි කොටි කියා කැගහන්නේ නැතිව
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    Qatar airways Online Booking Engine එක හැදුවෙත් අපේ ලංකාවේ අය තමා :)
    බොරු එපා බන් . Qatar web එක හැදුවේ Aus company එකකින්. (Monash University එකේ සම්බන්දයකුත් තියෙනවා . )
     
    • Like
    Reactions: wasangaama

    Similar threads