Ssangyong Kyron | D20DT (Review)

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Ssangyong Kyron | D20DT

    SsangYong-Kyron.jpg


    Kyron ගැන කථා කිරීමට පෙර SSANGYONG සමාගම ගැන යමක් කීමට කැමැතියි. SSANGYONG (ඉංග්‍රීසි පරිවර්ථනයේ සිංහල තේරුම "මකරුන් දෙදෙනා) මෙම සමාගම කොරියාවේ 1956 දී ආරම්භ වන්නේ බරවාහන නිශ්පාදනය කරන සමාගමක් ලෙසිනි. කෙසේ නමුත් මේ සමාගම ලංකාවේ ප්‍රචලිත වන්නේ SUV හා mpv සදහා පමණි. Korando, Musso, Rexton, Actyon, Tivoli, Stavic, Rodius ලංකාවේ බහුල අනෙකුත් SsangYong වාහන වේ. කෙසේ නමුත් මා මේ වාහන වලින් පුද්ගලිකව භාවිත කර ඇත්තේ kyron රථය පමණි. එබැවින් මෙම රථය ගැන මා සොයාගත් කරුණු හා මාගේ අත්දැකීම් ඔබ සමග බෙදා ගැනිමට කැමැත්තෙමි.

    මෙය අප පවුලේ වාහනය වන්නේ 2008 සැප්තැම්බර් මාසයේදීය. එතැන් පටන් ආසන්න වශයෙන් වසර 11ක් මෙය නිවසේ වාහනය වන හෙයිනුත්, මේ වන විට මෙය ආසන්න වශයෙන් 280,000km ධාවනය කර ඇති බැවිනුත් මා මේ පිලිබද ලිවීමට සුදුස්සෙක් යැයි සිතමි.

    මෙය අයත් වන්නේ mid size suv එකකටය. මෙහි 5 දෙනෙකුට සුවපහසුවෙන් ගමන් කිරීමට හැකියාව ඇති අතර පසුපස ආසනය හැකිලීමකින් තොරව පසුපස සාමාන්‍යන් විශාල ඩිකියක් මෙන්ම පසුපස ආසන හැකිලූ පසු අති විශාල ඉඩක් ලබාගත හැක. (mid size suv එකකට සාපේක්ෂව) පසුව නිශ්පාදනය වූ ඇතැම් මාදිලි වල ආසන 7 ක් ඇත. නමුත් 3න් වන පෙලේ ආසන එතරම් සුවපහසු නැත. (rexton එකට සාපේක්ශව)

    නිශ්පාදනය හා තාක්ශණය:

    මෙය යුරෝපානු තාක්ෂණය භාවිතයෙන් කොරියාවේ නිශ්පාදනය කර ඇත. ප්‍රමිතිය හා නිමාව ඉතා ඉහල මටමක ඇත. මෙහි එන්ජිම හා ගියර පෙට්ටි බෙන්ස් සමාගමේ Benz නාමය යටතේම නිශ්පාදනය කර ඇත. මෙම රථ එන්ජින් මාදිලි කීපයකින් නිපදවී තිබේ.

    Engine :

    D20DT (diesel)2000cc(4WD*/2WD)*
    D27DT (diesel)2700cc(AWD)
    G32D (Gasoline)3200cc(AWD)
    Manual Transmission (5FW*/6FW)*
    Auto Transmission (5FW)

    ආරක්ෂාව සහ පහසුකම් :


    Air Bag - (2* / 4 )
    ABS*
    Speed lock*
    ESP*
    Parking sensor*
    Electric sun roof
    Rain Sensing wiper*
    Electric memory seat
    Duel multi function steering*
    Cruise control

    මෙම ඛාන්ඩයේ අනෙකුත් 2008 වාහන සමග සැසදීමේදී සැලකිය යුතු පහසුකම් ප්‍රමාණයක් මෙම රථයේ පැමිණ තිබීම වාසියකි.

    පෙනුම සහ හැඩය:

    ඉහල පෙනුමක් සහ වායු ප්‍රථිරෝදය අවම හැඩයත් මේ සදහා ඉහල වටිනාකමක් ලබා දී ඇත. (power in style ) තහඩුවේ ඝණකම හා සවිශක්තිය කල් පැවැත්මද අත්දැකීම් අනුව ඉහල මට්ටමක ඇත. මෑතකදී kdh වෑන් රථයක් පසුපසින් පැමිණ එය පරීක්ෂා කරන ලදී.😂*

    ධාවනය ජවය හා ඉන්ධන කාර්‍යක්ශමතාව:

    4×4 රථයක් බැවින් රළු මාර්ග, මෙන්ම සාමාන්‍ය මාර්ග වල ධාවනයට හොදින් ගැලපේ. Off road ධාවනය ගැන කිවහොත් ලංකාවේ ඇති ස්ථාන වලින් මා දැනට යාල, මීමුරේ අපහසුවකින් තොරව ධාවනය කර ඇත. නමුත් මාගේ අදහසට අනුව ඩිෆෙන්ඩරයක්,බොලෙරෝවක් මෙන් විශාල වලවල් ගොඩැලි වල වේගයෙන් ධාවනය සුදුසු නොවේ. සාමාන්‍ය මාර්ගයේ ධාවනයේදී ඉතාහොද ඉන්ධන කාර්‍යක්ශමතාවක් avg 12 km/L, හොද සැපපහසුවක් ඇත. ඉහල වේග වලදී මනා පාලනයක් ඇත. උඩවලව මාර්ගයේ 160+ kmph පමණ (වෙව්ලීමක් දෙදරීමක් හෝ පාලනයක් රහිත බවක් නොදැනේ) ධාවනය කල අතර දඩකොලයක්ද ලබාගතිමි😁

    නිමාව හා කල් පැවැත්ම:

    ඇතුලත ඉහල මට්ටමේ රබර් මිශ්‍ර අමුද්‍රව්‍ය යොදාගෙන නිමවා ඇත. අව්වේ නවතා තැබීමෙන් වර්ණ වෙනස් වීමක් සිදු නොවේ, ඇතුලත කොටස් ගෙවීම් හෝ පලුදුවීම් තවම දැකගත නොහැක. මගේ kyron එක දැනට කිලෝමීටර දෙලක්ශ විසිපන්දහස (280,000 km+) ධාවනය කර ඇති අතර ඒ අතර වාරය තුල එන්ජින් අභයන්තර කොටස් ගෙවීමක ලක්ශණයක් හෝ දැකගැනීමට නොහැක . ඊට අමතරව ඇතුලත කොටස් සෙලවීම්, හෝ බිදීයාම් දැකගැනීමට නැත. ඔයිල්, ෆිල්ටර්,බෙල්ට්,හැරුණු කොට මෙ වන විට එක් හබ් රේසරයක් (190000km හිදී පමණ) ,ඉදිරිපස කොයිල් ස්ප්‍රීන් යුගල මාරු කිරීමට සිදුවී ඇත.

    අවාසි:

    මෙම රථ වල දෙවන ඉල්ලුම ජපන් වාහනයක සාපේක්ශව සැලකියයුතු මට්ටමකින් පහල ඇත. ඒ සදහා හේතු වූ ප්‍රධාන කරණු වන්නේ, ලංකාවට මෙම රථ ගෙන්වූ ආයතනය පිලිබද මිනිසුන්ගේ එතරම් ප්‍රසාධයක් නොමැති කමයි. තවද එම වකවානුවේ මෙම රථ නඩත්තු කටයුතු සදහා ඉහත ආයතනයේ සරණ පමණ්ක්ම වූ අතර එයින් උපරිම ප්‍රයෝජන ගත් එම ආයතනය මේවාහි පාරිභෝගිකයන්ගෙන් විවිධාකාර උපායන්ගෙන් ගාන කැපීය.

    උදා: එම වකවානුවේ මෙම රථ වල නඩත්තු කටයුතු බිලට පමණක් සීමා වී තිබිනි. එමෙන්ම එම දුර්වල නඩත්තු කටයුතු හේතුවෙන් මෙන්ම මෙම අභූත මිල ගනන් වලට නඩත්තු කිරීමට ඇති අකමැත්ත නිසා සාමාන්‍ය ගරාජ් වල මෙවා අලුත්වැඩියාවට යාමෙන් (තාක්ෂණය නොදැනුවත් කමින්) අප සාම්ප්‍රදායික බාස් වරු මේවාහි ඉතිරි මාකට් එකටත් වග කීවෝය. ඇතමුන් මේවා ද geely මෙන් චීනයේ නිශ්පාදිත බව සිතීමද තවත් හේතුවකි. දැන් මේ තත්වය 90% පහව ගොස් ඇත. කොරියාවෙන් අමතර කොටස් ආනයනය කරන්නන්/ආයතන දැන් බොහෝමයක් ඇත.
    නිවැරදි ආකාරයට සේවා සපයන ස්ථානද දැන් ලංකාව පුරා බහුලය. මේවා හේතුවෙන් ඉහත සමාගමේද "ගනන්" බැස ඇත. නමුත් මුල් බැසගත් ආකල්පයන් නම් තවමත් 100% ඉවත් වී නැත. "ලෙඩ ගොඩවල් " ය කියන්නේ ඔවුන් ය. ඉහත කී කරුණු වලට අමතරව සත්‍ය ගැටලු ලෙස. ටර්බෝ ලැග් එක තරමක් විශාලය. එබැවින් සමහර අවස්ථා වලදී ත්වරකය තරමක් ප්‍රමාධ වේ. වාහනයේ හැටියට ආසන වල සුවපහසුව එතරම් සතුටුදායක නොවේ. කාලයත් සමග ඩෝ ආම් රෙස්ට් වල රෙක්සින් පොතු ගැලවී යයි.

    *යොදා ඇත්තේ මාගේ kyron රථය සම්බන්ධ සිදුවීම් හෝ උපාංග වේ .
    ඉහත කී කරුණු මාගේ අත්දැකීමෙන් හා වාහනය පිලිබද ඇති උනන්දුව නිසා විවිධ මූලාශ්‍ර මගින් සොයා ගත් කරුණු වේ.
    එබැවින්, ඇතැම් කරුණු ඔබතුමන්ලාගේ අදහස් සමග පරස්පර විය හැක.
    මෙම ලිපියෙන් මා මේ වාහන අනවශ්‍ය ලෙස මාකට් කිරීමක් කිසිසේත් බලාපොරොත්තු නොවේ. මා මෙයින් බලාපොරොත්තු වූයේ මේවා පිලිබද වැරදි මත මාගේ අත්දැකීම් ආශ්‍රයෙන් පෙන්වීමටත් මෙම වාහනය සදහා උනන්දු වෙන්නන් දැනුවත් කිරීමත් පමණයි.

    🙏 තෙරුවන් සරණයි.

    ලිපිය - මනුෂ සුධාරක

    SsangYong club of Sri Lanka
     
    Last edited:

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    Machan..mama giya sathiye korond0 1k gaththa 2012..niyameta thiyanawa.140000 duwala.meke comman issue 1k anawada gire box eke.
    ahama awlak gana danna kenak innawada?
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    can agree.. ma laga tibbe amma gaththa eka 2009 mileage tibbe 68+ ganak mn migrate weddi (original awa widihatama tianawa mukuth kale nah) me wenkn kisima aulk nah ekama sarayak ignition light eka on una echcharai
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Machan..mama giya sathiye korond0 1k gaththa 2012..niyameta thiyanawa.140000 duwala.meke comman issue 1k anawada gire box eke.
    ahama awlak gana danna kenak innawada?

    korando එකේ නම් 100,000km වගේ වෙද්දී gear box එකේ issue එකක් එනවා. ඔයාගේ එකේ mileage එක 140,000 ක් කියන්නේ ඒක හදලා ඇත්තේ. ඒ issue එක හැදුවට පස්සේ ආපහු එන්නේ නෑ.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Kyron kiyanne supiri vehicle ekak. Niyameta accelerate karanna puluwan. Gear box case ekak thibuna nam thamayi. Eka paarata gear shift wenne nethiwa giya. Eka eka welawata eika aawe. Issara company eken loku gaanak gatta meika hadanna. Thanks for the info though.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    SSangyong and now the Chinese Great Wall have also come out with cheap SUVs. One problem is the lack of a second hand value - applicable anywhere in the world.

    Isn't SSangyong now owned by Mahindra & Mahindra?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    SSangyong and now the Chinese Great Wall have also come out with cheap SUVs. One problem is the lack of a second hand value - applicable anywhere in the world.

    Isn't SSangyong now owned by Mahindra & Mahindra?


    SSangyong is miles ahead compared to Chinese cheap SUVs, atleast when it comes to durability
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    SSangyong is miles ahead compared to Chinese cheap SUVs, atleast when it comes to durability

    True..:yes:
    But the Chinese built SAIC Group LDV vehicles now seem to have a massive improvement- at least looks good. I haven't got a clue on their reliability.
    LDV (formerly Leyland DAF Vans, part of Rover Group and Leyland DAF)
    These are marketed at very low prices.
    See how Hyundai came up. They first built their Pony using a Mitsubishi engine. They now market very aggressively, including all the luxury features as standard and with long warranty.