ශ්‍රී ලංකාවේ විශාලතම නිරීක්ෂණ තාරකාවිද්‍යා තරඟය Star Party 2009 හෙවත් තරු සාදය හෙට (25) දිනයේදී පේරාදෙනිය විශ්වවිද්‍යාල භූමියේදී පැවැත්වේ. කොළඹ ආනන්ද විද්‍යාලයේ සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ තාරකාවිද්‍යා සංගම් එකමුතුවෙන් වාර්ශිකව සංවිධානය කරනු ලබන මෙම තරඟය මෙවර පැවැත්වෙන්නේ හය වන වරට ය.
රට පුරා පාසල් පනහකට ආසන්න ප්‍රමාණයක් සහභාගීවන තරු සාදයේ මෙවර තරඟයේ විශේෂත්වය වන්නේ තරඟයට සමගාමීව විශේෂ තාරකාවිද්‍යා වැඩමුලුවක්ද සංවිධානය කිරීමයි.
තරඟය කොටස් දෙකකින් සමන්විතය. න්‍යායික වටයන් (Theoretical Rounds) වලදී න්‍යායික ප්‍රශ්ණ පත්‍රයක්, චන්ද්‍ර නිරීක්ෂණය සහ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙන අතර ප්‍රායෝගික වටවලදී (Practical Rounds) චන්ද්‍රයා, බ්‍රහස්පති, අඟහරු නිරීක්ෂණය, රාශි සිතියම්ගත කිරීම සහ ගැඹුරු ආකාශ වස්තු නිරීක්ෂණය සිදු කෙරෙනු ඇත. මෙහිදී සැබැවින්ම මනිනු ලබන්නේ නිරීක්ෂණ වාර්තා සැකසීම පිළිබඳව සිසුන් සතු හැකියාවන් ය.
http://www.skylk.com/starparty/
http://www.starparty2009.com/