Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Starlink Packages for Sri Lanka...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට පැමිණි Starlink පැකේජ මොනවා ද?

පෘථිවියට ආසන්නයෙන් කක්ෂගතව ඇති ලොව ප්‍රථම සහ විශාලතම චන්ද්‍රිකා සමූහය බව පැවසෙන Starlink ජූනි 3 වන දා සිට මෙරට සේවා ඇරඹීය.

Starlink නිර්මාණය කර ක්‍රියාත්මක කරන සමාගම වන SpaceXහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් සහ ශ්‍රී ලංකාව තුළ සිය සේවා ඇරඹීම සම්බන්ධයෙන් X සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, "Starlink දැන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක යි," යනුවෙනි.

Starlink නිල වෙබ් අඩවියට අනුව, එහි සේවා ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක් ම ආවරණය කර තිබේ.

ඒ අනුව, මෙරට පාරිභෝගිකයින්ට "low-latency" ඉන්ටර්නෙට් අත් විඳීමට ඉඩ සැලෙසෙන බව Starlink, X පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.

Starlink සැටලයිට් බ්‍රෝන්ඩ්බෑන්ඩ් සේවාව මගින් පරිශීලකයින් වෙත පැකේජ කිහිපයක් යටතේ ඉන්ටර්නෙට් හා සම්බන්ධ වීමට ඉඩ සලසයි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මෙන් ම Starlink නිල වෙබ් අඩවිය ද මෙම පැකේජ පිළිබඳව සවිස්තර තොරතුරු ඉදිරිපත් කර ඇත.

ඒවා Personal සහ Business ලෙස ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ගීකරණය කර තිබේ.

Personal කාණ්ඩය යටතේ Residential සහ Roam පැකේජ පවතින අතර Business කාණ්ඩය යටතේ පැකේජ තුනක් පවතී.

මේ, TRCSL විසින් අනුමත කරන ලද පැකේජ සහ Starlink සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇති පැකේජ පිළිබඳ තොරතුරු ය.

1. Residential (Fixed)

මෙම පැකේජය සඳහා අය කරනු ලබන මාසික ගාස්තුව රු. 15,000කි (බදු ඇතුළුව).

Starlink වෙබ් අඩවියට අනුව දෘඪාංග සඳහා අය කරනු ලබන ගාස්තුව රු. 118,000කි.

නිවසේ දෛනික ඉන්ටර්නෙට් භාවිතය සඳහා නිර්දේශ කරනු ලබන මෙම පැකේජයට ලබා දෙන දෘඪාංග කට්ටලය ඔවුන් Starlink Standard Kit ලෙස හඳුන්වා තිබේ.

එය දිගින් මි.මී. 594ක්, පළලින් මි.මී. 383ක් සහ ඝනකමින් මි.මී. 39.7කින් යුක්ත ය. එහි බර කිලෝග්‍රෑම් 2.9ක් වන අතර රවුටරයක් ද මෙම කට්ටලය සමග ලබා දෙයි.

පැයට කිලෝමීටර් 96කට වඩා වැඩි වේගයකින් සුළං හමන විට පවා මෙය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව Starlink වෙබ් අවවිය පවසයි.

එහි Snow Melt Capability යන විශේෂාංගය ද අන්තර්ගත වේ.

Residential පැකේජයේදී සීමාවකින් තොරව data භාවිත කළ හැකි අතර එහි download වේගය තත්පරයට මෙගාබයිට් 100-270ක් සහ upload වේගය තත්පරයට මෙගාබයිට් 10-25 පමණ වේ. එය Unlimited Residential Data ලෙස හඳුන්වයි.

2. Residential Lite (Fixed)

TRCSL පවසන පරිදි මෙම පැකේජය සඳහා අය කරනු ලබන මාසික ගාස්තුව රු. 9,200කි. නමුත් Starlink වෙබ් අඩවියට අනුව, එහි මාසික ගාස්තුව රු. 12,000කි.

මෙම පැකේජය සඳහා ද Starlink Standard Kit දෘඩාංග කට්ටලය ලබා දෙන අතර එහි ගාස්තුව ද රු. 118.000කි.

එය අඩු භාවිතයක් සහිත කුඩා නිවාස සඳහා වඩාත් සුදුසු යැයි නිර්දේශ කර ඇත.

සීමාවකින් තොරව මෙම පැකේජයේදී ද data ලබා දෙන අතර එය Unlimited Deprioritized Data ලෙස හඳුන්වා ඇත. ඉන් අදහස් වන්නේ, කාර්ය බහුල කාලවලදී එනම් වැඩි පරිශීලකයින් ගණනක් ඉන්ටර්නෙට් භාවිත කරන විට Priority පැකේජ භාවිත කරන අනෙක් පරිශීලකයින් හා සැසඳීමේදී මෙම සම්බන්ධතාව මන්දගාමී විය හැකි ය යන්න ය.

තත්පරයට මෙගාබයිට් 45-130 අතර download වේගයක් සහ තත්පරයට මෙගාබයිට් 10-20 upload වේගයක් මෙමගින් අත්විඳිය හැක.

දෘඪාංග කට්ටලය බෙදා හැරීමේ ගාස්තුව ලෙස රු. 5,820ක් අය කරන බව Starlink පවසයි. ඇණවුම් කර සති 3-4 අතර කාලයකදී මෙය ලබා ගැනීමට හැක.

මෙම පැකේජ දෙකට ම අදාළ දෘඪාංග පාරිභෝගිකයින්ට නිවසේදී ම පියවර දෙකකින් සවිකර ගත හැකි බව Starlink පවසයි.

Starlink Standard Kit දෘඪාංග කට්ටලය ප්‍රධාන කොටස් 6කින් සමන්විත වේ. Starlink, Kickstand, Gen 3 Router, Starlink Cable, AC Cable සහ Power Supply යන කොටස් ඒවා අතර වේ.

3. Business

ව්‍යාපාර සඳහා ද Starlink සේවාව ලබා ගත හැකි අතර පැකේජ Fixed Site, Land Mobility සහ Maritime ලෙස ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ ලබා ගත හැක.

Fixed Site යටතේ පැකේජ 4කි:

Priority - 40 GB

ද්විතියික ඉන්ටර්නෙට් සම්බන්ධතාවක් ලෙස මෙය භාවිත කළ හැකි අතර (best for back up connectivity) අධික ලෙස ඉන්ටර්නෙට් භාවිත නොකරන කුඩා සාප්පු හෝ කාර්යාල සඳහා සුදුසු බව Starlink පවසයි.

අධිවේගී ඉන්ටර්නෙට් පහසුකම් අවශ්‍ය නොවන, ඊමේල්, පණිවිඩ යැවීම හෝ බ්‍රවුස් කිරීම වැනි සරල කාර්යයන් සඳහා එය උචිත ය (low bandwidth applications).

මෙය ද්විතියික සම්බන්ධතාවයක් ලෙස භාවිත කරන්නේ නම් සහ ගිගාබයිට් 40ට වඩා භාවිත කරන්නේ නම්, අමතර Priority data ස්වයංක්‍රීයව ලබා ගැනීම සක්‍රීය කර තැබීම යෝග්‍ය බව Starlink පෙන්වා දෙයි.

එමගින් අදාළ සීමාව ඉක්මවූ පසු ඉන්ටර්නෙට් වේගය අඩාල නොවී කාර්යයන් ඉටු කර ගැනීමට අවශ්‍ය ඉඩ සලසයි.

මාසික ගාස්තුව රු. 24,100ක් බව Starlink පවසන නමුත් TRCSL පවසන්නේ එය රු. 20,994ක් බව ය.

Priority - 1 TB

මධ්‍යස්ථ data ප්‍රමාණයක් භාවිත කරන (පරිශ්‍රීලකයින් 5-10) හෝ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා මෙම පැකේජය උචිත බව Starlink සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

මාසික ගාස්තුව රු. 63,300ක් බව Starlink පවසන නමුත් TRCSL පවසන්නේ එය රු. 62,859ක් බව ය.

Priority - 2 TB

සාමාන්‍යයට වඩා වැඩි දත්ත අවශ්‍යතා ඇති (පරිශීලකයින් 10-20) මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා වඩාත් උචිත ය.

Starlink පෙන්වා දෙන්නේ, 6 TB පැකේජයක් ද ඇති බවත් නමුත් එය සබඳතාවක් මිලට ගැනීමෙන් පසු ලබා ගත හැකි බව ත් ය.

මාසික ගාස්තුව රු. 127,000ක් බව Starlink පවසන නමුත් TRCSL පවසන්නේ එය රු. 125,965ක් බව ය.

TRCSL පෙන්වා දෙන්නේ, 6 TB පැකේජය සඳහා මාසික ගාස්තුව 377,896ක් බව ය.

එමෙන් ම, මෙම priority data ලබා ගත හැක්කේ ඉහත පැකේජවල සඳහන් දත්ත ප්‍රමාණය දක්වා පමණක් වන අතර අමතරව ලබා ගන්නා ගිගාබයිට් එකක් සඳහා රු. 125.58ක අමතර ගාස්තුවක් අය කරන බව ද TRCSL පවසයි.

මේ අතර, Business කාණ්ඩයේ දෘඪාංග කට්ටලය සඳහා රු. 911,000ක මුදලක් අය කරනු ලබ යි.

Performance (Gen 2) ලෙස හඳුන්වන එය රළු පරිසරවල චලනය (in-motion) වන අතරතුර භාවිත කිරීම සඳහා වඩා ත් සුදුසු බව Starlink පවසයි.

පැයට කිලෝමීටර 280කට වඩා වැඩි වේගයකින් සුළං හමන විට පවා මෙය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව Starlink පෙන්වා දෙයි.

මෙහි ද Snow Melt Capability යන විශේෂාංගය ද අන්තර්ගත වේ. Starlink Standard Kit එකට සාපේක්ෂව මෙය තරමක් විශාලය. නමුත් මෙම කට්ටලයට රවුටරය ඇතුළත් නොවේ.

එහි IP ශ්‍රේණිගත කිරීම (දූවිලි සහ ජලයෙන් ආරක්ෂා වීම) IP56 බව Starlink පවසයි.

Land Mobility සේවාව රු. 92,000ක මාසික ගාස්තුවකින් ඇරඹෙන අතර එමගින් ගිගාබයිට් 50 සිට ටෙරාබයිට් 5 දක්වා data ලබා ගත හැක. එම සීමාවට අමතර data ලබා ගැනීමට අවස්ථාව පවතින බව Starlink වෙබ් අඩවියේ දැක්වෙයි.

4. Roam

මෙය 50GB සහ Unlimited ලෙස පැකේජ දෙකකින් සමන්විත අතර ඒ සඳහා පාරිභෝගිකයින්ට Starlink Mini Kit සහ Starlink Mini Kit ලෙස දෘඩාංග කට්ටල මිලට ගත හැකි ය.

Roam - 50GB

මේ සඳහා අය කෙරෙන මාසික ගාස්තුව රු. 15,000කි. එම සම්බන්ධතාව සමග Starlink Mini Kit මිලට ගත හැකි අතර ඒ සඳහා රු. 60,200ක් වැය කළ යුතු ය.

ඒ සඳහා Starlink Standard Kit මිල දී ගන්නේ නම්, රු. 118,000ක මුදලක් වැය කළ යුතු වේ.

Roam - Unlimited

මේ සඳහා මාසිකව රු. 30,000ක් අය කෙරේ.

Starlink Mini Kit ප්‍රමාණයෙන් 298.5 x 259 x 38.5 මි.මී. වන අතර බරින් කිලෝග්‍රෑම් 1.10ක් බව Starlink පවසයි. එහි IP ශ්‍රේණිගත කිරීම IP67කි. Built-in රවුටරයකින් සමන්විත එය පැයට කිලෝමීටර් 96කට අධික වේගයකින් හමන සුළඟකදී පවා ක්‍රියා කරන බව Starlink සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

https://www.facebook.com/share/1fkKVpHQTk/

[QUOTE="lilman, post: 30823760, member: 200726"] ලංකාවට පැමිණි Starlink පැකේජ මොනවා ද? පෘථිවියට ආසන්නයෙන් කක්ෂගතව ඇති ලොව ප්‍රථම සහ විශාලතම චන්ද්‍රිකා සමූහය බව පැවසෙන Starlink ජූනි 3 වන දා සිට මෙරට සේවා ඇරඹීය. Starlink නිර්මාණය කර ක්‍රියාත්මක කරන සමාගම වන SpaceXහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් සහ ශ්‍රී ලංකාව තුළ සිය සේවා ඇරඹීම සම්බන්ධයෙන් X සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, "Starlink දැන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක යි," යනුවෙනි. Starlink නිල වෙබ් අඩවියට අනුව, එහි සේවා ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක් ම ආවරණය කර තිබේ. ඒ අනුව, මෙරට පාරිභෝගිකයින්ට "low-latency" ඉන්ටර්නෙට් අත් විඳීමට ඉඩ සැලෙසෙන බව Starlink, X පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය. Starlink සැටලයිට් බ්‍රෝන්ඩ්බෑන්ඩ් සේවාව මගින් පරිශීලකයින් වෙත පැකේජ කිහිපයක් යටතේ ඉන්ටර්නෙට් හා සම්බන්ධ වීමට ඉඩ සලසයි. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මෙන් ම Starlink නිල වෙබ් අඩවිය ද මෙම පැකේජ පිළිබඳව සවිස්තර තොරතුරු ඉදිරිපත් කර ඇත. ඒවා Personal සහ Business ලෙස ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ගීකරණය කර තිබේ. Personal කාණ්ඩය යටතේ Residential සහ Roam පැකේජ පවතින අතර Business කාණ්ඩය යටතේ පැකේජ තුනක් පවතී. මේ, TRCSL විසින් අනුමත කරන ලද පැකේජ සහ Starlink සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇති පැකේජ පිළිබඳ තොරතුරු ය. 1. Residential (Fixed) මෙම පැකේජය සඳහා අය කරනු ලබන මාසික ගාස්තුව රු. 15,000කි (බදු ඇතුළුව). Starlink වෙබ් අඩවියට අනුව දෘඪාංග සඳහා අය කරනු ලබන ගාස්තුව රු. 118,000කි. නිවසේ දෛනික ඉන්ටර්නෙට් භාවිතය සඳහා නිර්දේශ කරනු ලබන මෙම පැකේජයට ලබා දෙන දෘඪාංග කට්ටලය ඔවුන් Starlink Standard Kit ලෙස හඳුන්වා තිබේ. එය දිගින් මි.මී. 594ක්, පළලින් මි.මී. 383ක් සහ ඝනකමින් මි.මී. 39.7කින් යුක්ත ය. එහි බර කිලෝග්‍රෑම් 2.9ක් වන අතර රවුටරයක් ද මෙම කට්ටලය සමග ලබා දෙයි. පැයට කිලෝමීටර් 96කට වඩා වැඩි වේගයකින් සුළං හමන විට පවා මෙය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව Starlink වෙබ් අවවිය පවසයි. එහි Snow Melt Capability යන විශේෂාංගය ද අන්තර්ගත වේ. Residential පැකේජයේදී සීමාවකින් තොරව data භාවිත කළ හැකි අතර එහි download වේගය තත්පරයට මෙගාබයිට් 100-270ක් සහ upload වේගය තත්පරයට මෙගාබයිට් 10-25 පමණ වේ. එය Unlimited Residential Data ලෙස හඳුන්වයි. 2. Residential Lite (Fixed) TRCSL පවසන පරිදි මෙම පැකේජය සඳහා අය කරනු ලබන මාසික ගාස්තුව රු. 9,200කි. නමුත් Starlink වෙබ් අඩවියට අනුව, එහි මාසික ගාස්තුව රු. 12,000කි. මෙම පැකේජය සඳහා ද Starlink Standard Kit දෘඩාංග කට්ටලය ලබා දෙන අතර එහි ගාස්තුව ද රු. 118.000කි. එය අඩු භාවිතයක් සහිත කුඩා නිවාස සඳහා වඩාත් සුදුසු යැයි නිර්දේශ කර ඇත. සීමාවකින් තොරව මෙම පැකේජයේදී ද data ලබා දෙන අතර එය Unlimited Deprioritized Data ලෙස හඳුන්වා ඇත. ඉන් අදහස් වන්නේ, කාර්ය බහුල කාලවලදී එනම් වැඩි පරිශීලකයින් ගණනක් ඉන්ටර්නෙට් භාවිත කරන විට Priority පැකේජ භාවිත කරන අනෙක් පරිශීලකයින් හා සැසඳීමේදී මෙම සම්බන්ධතාව මන්දගාමී විය හැකි ය යන්න ය. තත්පරයට මෙගාබයිට් 45-130 අතර download වේගයක් සහ තත්පරයට මෙගාබයිට් 10-20 upload වේගයක් මෙමගින් අත්විඳිය හැක. දෘඪාංග කට්ටලය බෙදා හැරීමේ ගාස්තුව ලෙස රු. 5,820ක් අය කරන බව Starlink පවසයි. ඇණවුම් කර සති 3-4 අතර කාලයකදී මෙය ලබා ගැනීමට හැක. මෙම පැකේජ දෙකට ම අදාළ දෘඪාංග පාරිභෝගිකයින්ට නිවසේදී ම පියවර දෙකකින් සවිකර ගත හැකි බව Starlink පවසයි. Starlink Standard Kit දෘඪාංග කට්ටලය ප්‍රධාන කොටස් 6කින් සමන්විත වේ. Starlink, Kickstand, Gen 3 Router, Starlink Cable, AC Cable සහ Power Supply යන කොටස් ඒවා අතර වේ. 3. Business ව්‍යාපාර සඳහා ද Starlink සේවාව ලබා ගත හැකි අතර පැකේජ Fixed Site, Land Mobility සහ Maritime ලෙස ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ ලබා ගත හැක. Fixed Site යටතේ පැකේජ 4කි: Priority - 40 GB ද්විතියික ඉන්ටර්නෙට් සම්බන්ධතාවක් ලෙස මෙය භාවිත කළ හැකි අතර (best for back up connectivity) අධික ලෙස ඉන්ටර්නෙට් භාවිත නොකරන කුඩා සාප්පු හෝ කාර්යාල සඳහා සුදුසු බව Starlink පවසයි. අධිවේගී ඉන්ටර්නෙට් පහසුකම් අවශ්‍ය නොවන, ඊමේල්, පණිවිඩ යැවීම හෝ බ්‍රවුස් කිරීම වැනි සරල කාර්යයන් සඳහා එය උචිත ය (low bandwidth applications). මෙය ද්විතියික සම්බන්ධතාවයක් ලෙස භාවිත කරන්නේ නම් සහ ගිගාබයිට් 40ට වඩා භාවිත කරන්නේ නම්, අමතර Priority data ස්වයංක්‍රීයව ලබා ගැනීම සක්‍රීය කර තැබීම යෝග්‍ය බව Starlink පෙන්වා දෙයි. එමගින් අදාළ සීමාව ඉක්මවූ පසු ඉන්ටර්නෙට් වේගය අඩාල නොවී කාර්යයන් ඉටු කර ගැනීමට අවශ්‍ය ඉඩ සලසයි. මාසික ගාස්තුව රු. 24,100ක් බව Starlink පවසන නමුත් TRCSL පවසන්නේ එය රු. 20,994ක් බව ය. Priority - 1 TB මධ්‍යස්ථ data ප්‍රමාණයක් භාවිත කරන (පරිශ්‍රීලකයින් 5-10) හෝ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා මෙම පැකේජය උචිත බව Starlink සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත. මාසික ගාස්තුව රු. 63,300ක් බව Starlink පවසන නමුත් TRCSL පවසන්නේ එය රු. 62,859ක් බව ය. Priority - 2 TB සාමාන්‍යයට වඩා වැඩි දත්ත අවශ්‍යතා ඇති (පරිශීලකයින් 10-20) මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා වඩාත් උචිත ය. Starlink පෙන්වා දෙන්නේ, 6 TB පැකේජයක් ද ඇති බවත් නමුත් එය සබඳතාවක් මිලට ගැනීමෙන් පසු ලබා ගත හැකි බව ත් ය. මාසික ගාස්තුව රු. 127,000ක් බව Starlink පවසන නමුත් TRCSL පවසන්නේ එය රු. 125,965ක් බව ය. TRCSL පෙන්වා දෙන්නේ, 6 TB පැකේජය සඳහා මාසික ගාස්තුව 377,896ක් බව ය. එමෙන් ම, මෙම priority data ලබා ගත හැක්කේ ඉහත පැකේජවල සඳහන් දත්ත ප්‍රමාණය දක්වා පමණක් වන අතර අමතරව ලබා ගන්නා ගිගාබයිට් එකක් සඳහා රු. 125.58ක අමතර ගාස්තුවක් අය කරන බව ද TRCSL පවසයි. මේ අතර, Business කාණ්ඩයේ දෘඪාංග කට්ටලය සඳහා රු. 911,000ක මුදලක් අය කරනු ලබ යි. Performance (Gen 2) ලෙස හඳුන්වන එය රළු පරිසරවල චලනය (in-motion) වන අතරතුර භාවිත කිරීම සඳහා වඩා ත් සුදුසු බව Starlink පවසයි. පැයට කිලෝමීටර 280කට වඩා වැඩි වේගයකින් සුළං හමන විට පවා මෙය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව Starlink පෙන්වා දෙයි. මෙහි ද Snow Melt Capability යන විශේෂාංගය ද අන්තර්ගත වේ. Starlink Standard Kit එකට සාපේක්ෂව මෙය තරමක් විශාලය. නමුත් මෙම කට්ටලයට රවුටරය ඇතුළත් නොවේ. එහි IP ශ්‍රේණිගත කිරීම (දූවිලි සහ ජලයෙන් ආරක්ෂා වීම) IP56 බව Starlink පවසයි. Land Mobility සේවාව රු. 92,000ක මාසික ගාස්තුවකින් ඇරඹෙන අතර එමගින් ගිගාබයිට් 50 සිට ටෙරාබයිට් 5 දක්වා data ලබා ගත හැක. එම සීමාවට අමතර data ලබා ගැනීමට අවස්ථාව පවතින බව Starlink වෙබ් අඩවියේ දැක්වෙයි. 4. Roam මෙය 50GB සහ Unlimited ලෙස පැකේජ දෙකකින් සමන්විත අතර ඒ සඳහා පාරිභෝගිකයින්ට Starlink Mini Kit සහ Starlink Mini Kit ලෙස දෘඩාංග කට්ටල මිලට ගත හැකි ය. Roam - 50GB මේ සඳහා අය කෙරෙන මාසික ගාස්තුව රු. 15,000කි. එම සම්බන්ධතාව සමග Starlink Mini Kit මිලට ගත හැකි අතර ඒ සඳහා රු. 60,200ක් වැය කළ යුතු ය. ඒ සඳහා Starlink Standard Kit මිල දී ගන්නේ නම්, රු. 118,000ක මුදලක් වැය කළ යුතු වේ. Roam - Unlimited මේ සඳහා මාසිකව රු. 30,000ක් අය කෙරේ. Starlink Mini Kit ප්‍රමාණයෙන් 298.5 x 259 x 38.5 මි.මී. වන අතර බරින් කිලෝග්‍රෑම් 1.10ක් බව Starlink පවසයි. එහි IP ශ්‍රේණිගත කිරීම IP67කි. Built-in රවුටරයකින් සමන්විත එය පැයට කිලෝමීටර් 96කට අධික වේගයකින් හමන සුළඟකදී පවා ක්‍රියා කරන බව Starlink සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත. [URL]https://www.facebook.com/share/1fkKVpHQTk/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom