"කොච්චර හොඳ කතාවක් තිබ්බත්, චිත්‍රපටියේ යොදාගෙන තියෙන්නේ හෙන පරණ තාක්ෂණික ක්‍රම නම්, අපිට උනත් කියවෙනවා නේද අපෝ ඒක මහා නිදිමත ෆිල්ම් එකක් කියල...."
"සහෝ කියන විදියේ ගැටුම ජවනිකා උනත් ඉස්සර කාලේ වගේ බුෂුම් බුෂුම් ගගා ගහගද්දී(ඒ කාලේ මේ විදිය අවුලක් නෑ) ෆිල්ම් එක එපා වෙන්නේ නැද්ද? (උඹල අපි උනත් ෆිල්ම් කම්පෙයාර් කරද්දී කියන්නේ නැද්ද අපෝ අරකෙ "ෆයිට් මෙලෝ රහක් නෑ"," වාහනේ වැදෙන්න ඉස්සෙල්ල වීදුරුව කැඩිලා ඉවරයි" වගේ කතා?) "
ඇරගන් තාම සුපර්සික්ස් හින්දා ඇර ගන්නවාද
මචෝ මං උබේ මතයට එකගයි ඒත් ඉංග්‍රිසි ෆිල්ම් විතරක් බලන ඒවා තමයි හොදම සිංහල හින්දි ජරාවක් කියලා කියලා හිතන අය පිළි ගන්නේ නැහැ බන්
හොලිවුඩ් මහා සිනමාව යටතේ අපේ ළදරු සිනමාවේ මාර වැරදි තොගයක් තියෙනවා
සුපර් සික්ස් එකෙන් එතෙක් තිබ්බ සිංහල මුවි වලට සාපේක්ෂව තාක්ෂණය වැඩිපුර යොද ගෙන තිබ්බට අමු ගොන් කතාවක් යූස් කරපු හින්දා චොර වෙලා ගියා
හැබැයි මිළග චිත්‍රපටියේද මීට වඩා හොද එකක් බලාගන්න හැකියාව අපිට ලැබෙයි

මචන් මටනම් film එකක් හොඳ වෙන්නේ එකේ නිදිමත ගතියක් නැතුව බලන්න පුලුවන් හොඳ කතාවක් තියෙනවනම් විතරයි. මචන් film එකක් තාක්ෂණයෙන් කොච්චර දියුණු වුනත් වැඩක් නෑ එකේ කතාව කම්මැලි නම්, ලංකාවේ මෑත කාලයෙදි හැදිච්ච film වල තාක්ෂණය නම් උපරිමෙන්ම භාවිතා කරල තියෙනව ඒත් එකේ කතාව නම් එච්චට හරි නෑ (උදා: "ආසයි මං පියාඹන්න" film එකට ගොඩක් වියදම් කරල ඒකටම අලුතෙන් කැමරා එහෙම ගෙන්නල්ල ප්‍රවීන් ජයරත්න වගේ talented අලුත් කට්ටිය අරගෙන තමා කලේ, ඒත් වැඩක් උනාද ?, කතාව හින්දි කොපියක් "තාල්" film එකේ, ඊට පස්සේ "හතරදෙනාම සූරයෝ" film එක ආපහු සැරයක් කරා නේද ?, කලින් film එකට වඩා තාක්ෂණය යොදාගෙන, ඒ උනාට මොකද උනේ, බලපු අය ගොඩක් කිව්වෙ, පරණ film එක හොඳයි මේකට වඩා කියල, ඊට පස්සෙ විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා රඟපාපු "තුෂාරා" film එකට ආපහු අලුත් නළු නිළියෝ දාලා කරා නේද ?, අලුත් එකට එදාට වඩා තාක්ෂණයක් අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න ඇතිනෙ, ඒත් මොකද උනේ, මටනම් මතක නෑ ඒ film එක පරණ එක තරම් ජනප්‍රිය උනා කියලා
හරි උඹ කියන්නෙ
මචන් ඉස්සර film වල උඹ කියනව වගේ සටන් ජවනිකා අද film වල සටන් ජවනිකා වලට වඩා ගොඩක් ප්‍රාථමික මට්ටමේ තමයි තිබුනේ, ඒ උනත් ඒ film වල කම්මැලි නැතුව බලන්න පුලුවන් කතාවක් තිබුනා, (උදා : ගාමිණි ෆොන්සෙකා යි නදීකා ගුණසේකර රඟපාපු "චංචල රේඛා" film එකේ සටන් ජවනිකා ගූ හැත්තෑවයි, ඒත් ඒ film එකේ කම්මැලි නැතුව බලන්න පුලුවන් කතාවක් තියෙනව,(මම දන්නෑ උඹ ඒ එක බලල තියෙනවද කියල ), ඊට පස්සේ මාලිනී ෆොන්සේකා යි ජෝ අබේවික්‍රම යි රවීන්ද්‍ර රන්දෙණිය යි රඟපාපු "එක් ටැම් ගේ" film එක , අද තියෙන තාක්ෂණයට වඩා අනිවා 80 ගණන් වල තාක්ෂණය පරණයි නේ, ඒ උනාට කොච්චර ලස්සන film එකක්ද ඒක, ඊට පස්සේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයගේ film ගැන කියන්න ඕනේ නෑනේ ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, වීර පුරන් අප්පු, මඩොල් දූව පට්ටම film , (මේ සේරම film මම බලල තියෙනවා)
ඊට පස්සේ දෙමළ සිනමාව ගත්තොත් ඒවයේ සටන් ජවනිකා ගැන කියන්න ඕනේ නෑනෙ, එක පාරක් ගැහුවහම අඩි විස්සක් තිහක් විතර විසි වෙලා යනව, ඒ උනත් සමහර film වල කම්මලි නැතුව බලන්න පුලුවන් කතාවක් තියෙනව (උදා : "රෝජා", "බොම්බේ", "කුට්ටී", තව තියෙනව ).
(ගොඩක් අය මේ කතාවට නම් මාත් එක්ක එකඟ වෙන එකක් නෑ)
මචන් film එකක් කම්මැලි නොවී බලන්න නම්, එකේ තාක්ෂණය මහ ලොකුවට ඕනේ නෑ, එකේ කතාවට හරියන්න අධ්‍යක්ෂණය කරල තියෙනවනම් ඇතියි කියලයි මට හිතෙන්නේ
(මම මේකට English චිත්‍රපටි උදාහරණ විදිහට ගත්තෙ නෑ, මොකද ගොඩක් කට්ටිය කිව්වනේ English චිත්‍රපටි එක්ක සිංහල චිත්‍රපටි සංසන්දනය කරන්න එපා කියල )
අන්තිමට කියන්න ඕනේ මේ මට හිතෙන විදිහ
lankaave films avul venna pradaanama hethuva rengapeme haa adyakshanaye durvalathaa kiyala thamai mama hithanne


technically advance උනාට plot wise අනාථයි නම් , film එකකින් වැඩක් තියෙනවද ගොං බිජ්ජෝ ??
take expandibles for an example , it's got no strong plot , tons of continuity errors yet ppl go 2 watch da movie , why ? cz the characters and the action![]()
Expendables is highly enjoyable! Got some great dialog.technically advance උනාට plot wise අනාථයි නම් , film එකකින් වැඩක් තියෙනවද ගොං බිජ්ජෝ ??
take expandibles for an example , it's got no strong plot , tons of continuity errors yet ppl go 2 watch da movie , why ? cz the characters and the action![]()

ඒත් අලුත් පරම්පරාවේ හොලිවුඩ්,බොලිවුඩ් ෆිල්ම් බලන තරුණයෙක් ඔය උඹ කියල තියෙන පරණ ෆිල්ම් එකක් අඩුම ගානේ පැය භාගයක්වත් බලයිද? මම නම් හිතන්නේ නෑ....

ඇරගන් තාම සුපර්සික්ස් හින්දා ඇර ගන්නවාද
මචෝ මං උබේ මතයට එකගයි ඒත් ඉංග්‍රිසි ෆිල්ම් විතරක් බලන ඒවා තමයි හොදම සිංහල හින්දි ජරාවක් කියලා කියලා හිතන අය පිළි ගන්නේ නැහැ බන්
හොලිවුඩ් මහා සිනමාව යටතේ අපේ ළදරු සිනමාවේ මාර වැරදි තොගයක් තියෙනවා
සුපර් සික්ස් එකෙන් එතෙක් තිබ්බ සිංහල මුවි වලට සාපේක්ෂව තාක්ෂණය වැඩිපුර යොද ගෙන තිබ්බට අමු ගොන් කතාවක් යූස් කරපු හින්දා චොර වෙලා ගියා
හැබැයි මිළග චිත්‍රපටියේද මීට වඩා හොද එකක් බලාගන්න හැකියාව අපිට ලැබෙයි
එහෙම බලල ෆිල්ම් එකේ කතාව රසවිඳින්න බැරි නම්,ඒ මනුස්සයගෙ රසවින්දනයක් නෑ කියල තමයි මට නම් කියන්න තියෙන්නෙ බන්..
ඒ පරණ චිත්‍රපටි,එතකොට අබ යාලුවෝ වගේ පරන නාට්ය අරන් බලපන්,අපි ඒ පරණ නාට්ය චිත්‍රපටි අදත් ටීවී එකේ පෙන්නුවොත් බලනවා,හැබැයි බන් ඒවයේ ලොකු තාක්ශනයක් තිබුනේ නෑ,මුල් තැන දුන්නෙ කතාවට... ලස්සන රසවිඳින්න පුලුවන් කතාවකට අලුත් තාක්ශනයෙන් ගොඩක් ලොකු උදව්වක් ගන්න පුලුවන්,ඒත් හරිහමන් කතාවක් නැතුව හදිසියේ ලියාගත්තු පොඩි කතා කෑල්ලකට උපරිම තාක්ශනේ ඇප්ලයි කරන්න ගියාම සුපර් සික්ස් වගේ මෙලෝ රහක් නැති ගූ ගොඩවල් හැදෙනවා,අවුල තියෙන්න තාක්ශනේ නෙවෙයි,ඕකෙ පිටපතේ මොකද,හරි හමන් කතාවක් නැතුව තාක්ශනේ උපරිම ඇප්ලයි කරත් එතන සත පහක වැඩක් වෙන්නෙ නෑ,දෙකම බැලන්ස් නම් විතරයි හොඳ නිර්මානයක් හැදෙන්නෙ,ඒ වගේම ඔය තාක්ශනේ නැති කාලෙත් මිනිස්සු ගොඩක් ආදරේ කරපු නාට්ටි චිත්‍රපටි හැදුනා.. (උඩින් මම දාල ඇති)![]()

ඔව් මචන් උඹ "කතාව" ගැන කියල තියෙන දේ හරි, ඒ ගැන කිසිම තර්කයක් නෑ....මේ ත්‍රෙඩ් එකේ ගොඩක් අය කියල තියෙන්නෙත් ඔය දේ තමයි....ගොඩක් අය මේ ෆිල්ම් එකට බනින්නේ කතාව විතරක් අල්ලාගෙන ඒ උනාට මේ ෆිල්ම් එකෙන් අපේ චිත්‍රපටි කලාව අලුත් මගකට ගත්ත කියන එක කාටවත් තේරෙන්නේ නෑ.....
උඹ ඔය කියල තියෙන නැවත නිර්මාණය වෙච්ච ෆිල්ම් වලට උනේ වෙන දෙයක්, ෆිල්ම් එක සාර්ථක වෙන්න නම් කතාව තාක්ෂනය වගේම හොඳ අද්‍යක්ෂනයත් තියෙන්නේ ඕනි ඔය කියපු ෆිල්ම්ස් දෙකේ මහා ලොකු තාක්ෂණික දියුණුවක් පෙන්න නෑ කොහොමත්, ඊටත් වඩා අධ්‍යක්ෂණය අවුල් වීමක් තමයි මට නම් පෙන්නේ, මොකද ෆිල්ම් එකක සමබරතාවය වගේ කරුණු ගැන වග කියන්න ඕනි අධ්‍යක්ෂක වරයා නේ....උදාහරණයක් විදියට ගාමනි ෆිල්ම් එක අරන් බලන්න , ඒ ෆිල්ම් එක හැමදෙයක් අතින්ම සමබරයි, විහිලු ගත්තත් , ක්‍රියාදාම ගත්තත් අවශ්‍ය ප්‍රමාණයට වඩා යොදාගෙන නෑ.....අන්න ඒ නිසා තමයි ඒක කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් විදියට ගලන් යන්නේ, ඒ වගේම "වන් ෂොට්", "ලීඩර්" වගේ ෆිල්ම් ගත්තම කිසි බැලන්ස් එකක් නෑ, විහිලු ඕනවට වැඩියි සටන් ජවනිකා උනත් එහෙමයි අන්න ඒ නිසා තමයි ඒ ෆිල්ම් අසාර්තක උනේ.....ඔය ප්‍රශ්නේ සමහර දෙමල ෆිල්ම් වලටත් තියෙනවා, සටන් ජවනිකා ගත්තම අවශ්‍ය ප්‍රමාණයට වැඩ වැඩියි, මේ දේවල හොලිවුඩ් ෆිල්ම් සමග සංසන්දනය වෙද්දී තමයි වෙනස ගොඩක්ම තේරෙන්නේ.....
අපි මේ ඉන්නේ තාක්ෂනය ගොඩක් දියුණු වෙච්ච යුගයක.....අපේ රට ඉස්සර වගේ හුදෙකලා වෙලා නෑ, අන්තර්ජාල, රුපවාහිනී වගේ දියුණු තාක්ෂනයන් එක්ක විවිද රටවල නිර්මාණය වෙන දේවල් අපිට දකින්න ලැබෙනවා.....මුළු විශ්වයම ලෝක ගම්මානයක් වෙලා කියලනේ කියන්නේ....ඒ නිසා අපි ෆිල්ම් එකක් බලද්දී උනත් ඒක කම්පෙයා කරලා බලනවා අපි දැකල තියෙන අනිත් ෆිල්ම් එක්ක, අන්න එතැනදී තමයි මම මේ කියන තාක්ෂනය කියන වචනේ කරලියට එන්නේ.....උඹ අපි ටිකක් හරි අපේ පරණ චිත්‍රපටි එක සමබ්න්දයි නේ, ඒ කිව්වේ පොඩි කාලේ හරි ඕව දැකල තියෙනවනේ...ඒ නිසා අපි කියනවා ඒවා හොඳයි කියල, ඒත් අලුත් පරම්පරාවේ හොලිවුඩ්,බොලිවුඩ් ෆිල්ම් බලන තරුණයෙක් ඔය උඹ කියල තියෙන පරණ ෆිල්ම් එකක් අඩුම ගානේ පැය භාගයක්වත් බලයිද? මම නම් හිතන්නේ නෑ....
පරණ ෆිල්ම් ගැන කියපු නිසා තව දෙයක් කියන්න ඕනි, ඒ කාලේ හැදිච්ච සමහර හොලිවුඩ් චිත්‍රපටි සහ අපේ චිත්‍රපටි වල තියෙන ගැප් එක ඉස්සරහට යන්න යන්න වැඩි වීමක් තියෙන්නේ, සමහර පැරණ හොලිවුඩ් ෆිල්ම් වල තියෙන තාක්ශනේ අදටත් අපේ ෆිල්ම් වල දකින්න නැති විදියේ නිර්මාණ තියෙනවා.....මෙන්න මේ ගැප් එක අඩු කරගන්න නම් සල්ලි ටිකක් වියදම් කරලා අලුත් තාක්ශ්නෙට අනුගත වෙලා හොඳ නිර්මාණ බිහි කරන්න වෙනවා....නැත්නම් තව අවුරුදු ගානක් ගියත් හොලිවුඩ් ලගින්වත් යන නිර්මාණ කරන්න බැරි වෙයි අපිට....![]()
yako ubath danna dewalහරි මචන් මම කියන්නේ නෑ film එකකට තාක්ෂණය අවශ්‍ය වෙන්නේ නෑ කියල, මම කියන්නේ film එකක කොච්චර ලොකු තාක්ෂණයක් තිබුනත් වැඩක් නෑ, ඒ film එකේ කතාව සහ අධ්‍යක්ෂණය හරියට නැත්නම්, මම හිතන විදිහට "Super Six" film එකටත් වෙලා තියෙන්නේ මේ දේම තමයි, තාක්ෂණය නම් තියෙනව ඒත් එක දිගට ගලාගෙන යන ශක්තිමත් කතාවක් නෑ,(බගෙට ඇඳගත්ත නළු නිළියො ටිකක් දාලා සටන් ජවනිකා ටිකක් දාලා තිබ්බ පලියට ඒක හොඳ film එකක් වෙන්නෙ නෑ) අද අපේ සිනමා කර්මාන්තයට වෙලා තියෙන්නෙ මේ දේ තමයි, මේ හින්දා තමයි අපේ රටේ ගොඩක් දෙනෙක් ගේ සිනමා රසාස්වාදය මොට වෙලා ගිහින් තියෙන්නේ, උඹ කිව්වනේ පරන films අද ඉන්න කට්ටිය බලන්නේ නෑ කියල, හරි මෑත කාලයේ දී නිර්මාණය කෙරුනු films වලින් "පුර හඳ කළුවර", "ලේ කිරි කඳුළු", "සමනළ තටු", වගේ films වල මහ ලොකු තාක්ෂණයක් යොදා ගෙන නෑ, ඒ උනාට ඒ films වල ගොඩක් ශක්තිමත් කතාවක් වගේම හොඳ අධ්‍යක්ෂණයක් තියෙනව,
අපේ සිනමා කර්මාන්තය ට තාක්ෂණය අවශ්‍යයි තමයි, ඒත් film එකකට ඒක යොදා ගන්න ඕනෙ එක්තරා ප්‍රමාණයකට විතරයි, මම හිතන විදිහට film එකක කොච්චර තාක්ෂණයක් තිබුනත් වැඩක් නෑ ශක්තිමත් කතාවක් සහ හොඳ අධ්‍යක්ෂණයක් තිබුනේ නැත්තම්, "Super Six" ගැන කියනව නම් ඒකේ මේ දෙකම නෑ, ඒකෙ තියෙන්නේ තාක්ෂණය විතරයි, මම දැක්ක කවුරුහරි සහෝදරයෙක් thread එකක් දාල තිබුනා "Super Six" කියන්නෙත් දෙමළ film එකක කොපි එකක් කියල, ඒ කතාව ඇත්ත නම් මචන් film එකට කොච්චර ලොකු තාක්ෂණයක් තිබුනත් වැඩක් තියෙනව ද ?, මේ ලඟදි ආපු උඹත් බලන්න ඇති "Colour" film එකට මහ ලොකු තාක්ෂණයක් යොදා ගෙන තිබුනෙ නෑ, ඒ උනාට ඒකෙ කතාව ඔය "Super Six" වලට වඩා හොඳයි, ඒකයි මචන් මම කියන්නේ film එකකට තාක්ෂණයට වඩා වැදගත් වෙන්නෙ කතාව සහ අධ්‍යක්ෂණය කියල
ඒ වගේම මචන් මට පොඩ්ඩක් කියන්න මිනිස්සු film hall එකකට යන්නේ මොකටද කියල ?



