SUPIRI SONNALU

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඇළේ සිටින මාලුන් ඇල්ලීම පාප ක්‍රියාවක් බවට අවවාදයක් කළැයි උරණ වී 85 හැවිරිදි හිමි නමකට පොලු වලින් පහර දී ඝාතනය කර ඇතැයි වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.

    මෙම පහර දීම ඉකුත් 29 වැනි දින සිදු කර ඇති අතර දින 16 ක් මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වැලිගම ගොවියාපාන කපුවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී තිත්තගල්ලේ දේවානන්ද හිමියෝ එසේ අපවත් වූහ.

    පහරදුන් බව කියන තරුණයන් 05 දෙනකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

    දේවානන්ද හිමියන් පුරුද්දක් ලෙස විහාරස්ථානය පිටුපස ඇලේ මාළුන්ට බත් දැමීම කාලයක සිට සිදු කර ඇත.

    පසුගිය 29 වැනි දා එම ස්ථානයේ රැදී සිටි තරුණයෙකු මාලු ඇල්ලීමට පටන් ගෙන තිබෙන අතර උන්වහන්සේ එය දැක එහි ආදීනව පෙන්වා දී තිබේ.

    ඒ පිළිබඳව උරණ වු සැකකාර තරුණයා තවත් පස් දෙනකු සමග පැමිණ හිමිනමට පහර දී තිබෙන බව පොලීසිය කියයි.