Susanthika Jayasinghe Missing

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සුසන්තිකා අතුරුදන්




    ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ අධීක්‍ෂණය ඇතිව ඉන්දුනීසියාවේ පිහිටි ආසියානු මලල ක්‍රීඩා සංවර්ධන මධ්‍යස්‌ථානයේ මෙහෙයවීමෙන් ජකර්තා අගනුවර දැන් ක්‍රියාත්මක (නොවැම්බර් 1 සිට 5 දක්‌වා) ආසියානු කාන්තාවන් සඳහා වූ මලල ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති සම්මන්ත්‍රණය නියෝජනය කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නම් කරන ලද එහි උප සභාපතිවරියක්‌ වන ඔලිම්පික්‌ පදක්‌කම්ලාභී සුසන්තිකා ජයසිංහ අවසන් මොහොතේ කිසිවකුටත් නොදන්වා සහභාගිවීමෙන් වැළකී ඇති බව 'දිවයින' ට වාර්තා වේ.

    අදාළ සම්මන්ත්‍රණය සඳහා සුසන්තිකා ජයසිංහ ඉකුත් 31 දා අලුයම 1.05 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුවට ද ඉන් අනතුරුව එදින පෙ. ව. 9.30 ට SQ 956 දරන සිංගප්පූරු ගුවන් යානයෙන් ඉන්දුනීසියාවේ ජකර්තා ගුවන් තොටුපල වෙතට ද (ජකර්තා ගුවන් තොටුපලට ළඟාවීම පෙ. ව. 10.15) පැමිණීමට නියමිතව තිබූ බවත් එහෙත් ඇය එම කිසිදු ගුවන් යානයක ජකර්තා ගුවන් තොටුපළට නොපැමිණි බව ඉන්දුනීසියාවේ පිහිටි ආසියානු මලල ක්‍රීඩා පුහුණු මධ්‍යස්‌ථානයේ පාඨමාලා අධ්‍යක්‍ෂ එම්. රීයාස්‌ මහතා 'දිවයින'ට පැවසීය.

    ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නිර්දේශ කොට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අනුමත කොට ඇති අදාළ සම්මන්ත්‍රණයට සහභාගි වීම සඳහා සුසන්තිකා ජයසිංහට අමෙරිකානු ඩොලර් 599 ක්‌ වූ (ශ්‍රී ලංකා මුදලින් රු. 78.500 ක්‌) ගුවන් ප්‍රවේශ පත්‍රයක්‌ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය විසින් ලබා දී ඇති අතර එම ගුවන් ප්‍රවේශ පත්‍රය (කොළඹ - සිංගප්පූරුව ජකර්තා - කොළඹ) ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අනුදැනුම ඇතිව කොල්ලුපිටියේ පිහිටි ක්‌ලැසික්‌ස්‌ ට්‍රැවල්ස්‌ නමැති ගුවන් ගමන් නියෝජිත ආයතනයෙන් ඇය ලබා ගෙන ඇති බවත් සඳහන් වෙයි.

    සුසන්තිකා ජයසිංහ නියමිත ගුවන් කාල සටහන අනුව ජකර්තා ගුවන් තොටුපලට නොපැමිණීම නිසා ඇය පිළිගැනීමට පැමිණි නියෝජිතයා ජකර්තා අගනුවර නේවාසික හෝටලයකින් ද (සම්මන්ත්‍රණයට සහභාගි වන ආගන්තුක කාන්තාවන්ට නවාතැන් සපයන ඇට්‌ලට්‌ හෝටලයෙන්) විමසූ බවත්, එහි ද සුසන්තිකා ජයසිංහ නොසිටි බවත් 'දිවයින' කළ විමසුමකදී ජකර්තා පාඨමාලා අධ්‍යක්‍ෂ එම්. රියාස්‌ මහතා පැවැසීය.

    අදාළ සම්මන්ත්‍රණය සහ සුසන්තිකාගේ සහභාගිත්වය සම්බන්ධව ඊයේ දහවල් 'දිවයින' කළ විමසුමකදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු සුසන්තිකා ජයසිංහ නියමිත පරිදි ජකර්තා සම්මන්ත්‍රණයට ගිය බව සනාථ කළ අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුනිල් ජයවීර මහතාගෙන් විමසූ විට ඇය අදාළ සම්මන්ත්‍රණයට සහභාගි වී නැති බවට තොරතුරු ලැබී ඇතැයි පැවැසීය.

    මෙම සම්මන්ත්‍රණයට සහභාගි වීම හෝ නොවීම සම්බන්ධව සුසන්තිකා ජයසිංහ ඊයේ මධ්‍යහ්නය වන තුරුම කිසිදු දැනුම් දීමක්‌ ජකර්තා සංවිධායකයන්ට හෝ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට දැනුම් දී නොතිබිණි. ඇයගේ ජංගම දුරකථනය ද ඊයේ දිනයේ විසන්ධි කර තිබිණි.



    divaina news paper


    මේකි Geylang පැත්තෙවත් ගියාද.:frown:
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි