Techno Parks පිහිටුවීම සඳහා සියල්ල සුදානම්

analytics

Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    තව අවුරුදු 7-8ක් යනකොට කොලබට එන්නේ නැතිව කොලබින් නුවර, ගාල්ල පැති වලට යන්න වෙයිද දන්නේ නැහැ?

    =============================
    තාක්ෂණය කේන්ද්‍රකරගත් ආර්ථිකයක් ගොඩනැංවීමේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැන්වීම සදහා යෝජිත ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වූ තාක්ෂණ උද්‍යාන Techno parks පිහිටුවීම සදහා වූ මුලික කටයුතු සියල්ල සම්පුර්ණ කර ඇති බව තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා ප්‍රකාශකරයි. රට තුළ නව තාක්ෂණ උද්‍යාන පහක් බිහි කිරීම එහි ප්‍රධානතම පියවරක් ලෙස හඳුනාගෙන තිබේ. මේ සඳහා දැනටමත් නගර හතරක්; ගාල්ල, මහනුවර, නුවරඑළිය සහ කුරුණෑගල හඳුනාගෙන ඇත.

    තාක්‍ෂණික ව්‍යවසායකයින් විසින් මෙහෙයවනු ලබන ආර්ථිකයක් නිර්මාණය කිරීම තාක්‍ෂණ ක්‍ෂේත්‍රයෙන් අපනයන හා විදේශ ඉපැයීම් ඉහළ නැංවීමට සහ දැනුම හා වෘත්තීය සේවාවන් ජාතික ආර්ථිකයට විවර කිරීම මෙහි අරමුනයි. තාක්ෂණ ව්‍යවසායකයින් , වෘත්තීකයන් ,සේවාසපයන්නන් හා අදාළ නිලධාරින් දැනුවත්කිරීම හා ඔවුන්ගේ අදහස් යෝජනා විමසීම සදහා පැවැති හමුවකදී මේ අදහස් පලකෙරින .කොළඹ කොටුව මිලොදා මුල්‍ය අධ්‍යාපන ආයතන ශ්‍රවනාගාරයේ දී මෙම හමුව පැවැත්විණි.

    මෙම වැඩසටහන මඟින්, තාක්‍ෂණය කේන්ද්‍ර කරගත් ආයෝජන, ව්‍යාපාර, ව්‍යවසායකත්වය සහ ඊට අනුබද්ධ සේවා කර්මාන්ත වෙත ප්‍රවේශවීමට දිරිමත් කෙරේ. එමගින් තරුණ තරුණියන්ට ඉහළ ආදායම් උත්පාදනය කරන කර ගත හැකි නව රැකියා අවස්ථා නිර්මාණය වනු ඇත. මෙසේ සැලසුම් කරන ලද තාක්ෂණ උද්‍යාන Techno parks සමාජ ආර්ථික හා භූගෝලීය ලක්ෂණ සැලකිල්ලට ගනිමින් ඒ ඒ පරිසරයන්ට අනුගත ව්‍යාපාර දිරිගන්වමින් රටේ අවශ්‍යතා සපුරාලීම සඳහා ක්‍රියාත්මක වනු ඇත.තා

    තාක්ෂණ උද්‍යානයක් යනු පෙෳද්ගලික අංශයේ තාක්ෂණ පාදක ව්‍යාපාරවලට අනුබලදෙන හා අවශ්‍ය බහුවිද පහසුකම් එකම ස්ථානයකදී සපයන්නකි. විවිධ ව්‍යාපාර රාජ්‍ය අංශය සමග සමීපව අන්තර් සබදතා පවත්වාගනිමින් ඒවායේ වර්ධනය සඳහාවූ පර්යේෂණ මගින් පෝෂණය කරන ක්‍රමවේදයකි.

    මෙම තාක්ෂණ උද්‍යාන තුළ නව ආයෝජකයන් සදහා ඉන්කියුබේටර් පහසුකම් , වැඩසටහන් සහ සහයෝගීතා ක්‍රියාකාරකම්, අඛණ්ඩ විදුලිබල සැපයුම, විදුලි සංදේශ මධ්‍යස්ථාන, පහසුකම් සැපයීම් අංශ හා ආරක්ෂාව, පරිපාලන කළමනාකරණ කාර්යාල, බැංකු කාර්යාල, සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය, වාහන නැවැත්වීම සහ අභ්‍යන්තර ප්‍රවාහනය වැනි යටිතල පහසුකම් වලින් යුක්තවේ.

    එමෙන්ම ඒ ඒ ප්‍රදේශවල සවාභාවික පරිසරය සමීප හා බැඳී ඇති පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙන අතර පරිසර හිතකාමී බව මුලිකම පදනමක් ලෙස සැලකේ. යෝජිත තාක්ෂණ උද්‍යාන තුල කාර්යබහුල ජීවිතවල සමතුලිතතාවයට අත්‍යවශ්‍ය විනෝදාත්මක දේ ඇතුළු නවීන පහසුකම් වලින්ද යුක්තවනු ඇත. මෙම තාක්ෂණ උද්‍යානයක් අක්කර සියයකින් පමණ සමන්විතවන අතර එහා ආශ්‍රිතව තවත් යටිතල පහසුකම් රැසක් සංවර්ධනය කෙරෙනු ඇත.

    මෙවැනි නව තාක්ෂණ පාදක ආර්ථිකයක් ගොඩනැගීමේදී ඩිජිටල් සන්වර්තන උපාය මාර්ග ඊට ගැලපෙන නීතිරීති ඩිජිටල් යටිතල පහසුකම් ඇතුළු සියලු අවශ්‍යතා හදුනාගෙන ගොඩනගන ලද පැහැදිලි ප්‍රතිපත්තියක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සතු බවත් එය ක්‍රියාවට නැගීම තුලින් මෙම ක්‍රියාවලිය වඩාත් සක්තිමත්ව ඉදිරියට ගෙන යා හැකි බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියොජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

    අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන පරිදි ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාර ආරම්භ කිරීමට විදේශීය සමාගම් දිරිමත් කිරීම මගින් මෙම තාක්ෂණ උයන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට උපකාරී වනු ඇත. තාක්ෂණ උයන් ඩිජිටල් පරිවර්තනය හා නවෝත්පාදනය තුළින් කලාපීය සංවර්ධනයට සහාය වන පරිසරයක් ස්ථාපිත කෙරේ.

    මෙම අවස්ථාවට තාක්ෂණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඒ. කේ .ආර් .අලවත්ත , විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඔෂද සේනානායක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බි හේරත් ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි අනුර දි අල්විස් ඇතුළු පිරිසක් සහභාගිවුහ .

    ගත්තේ: adaderana
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    මහාචාර්ය ලලිත් ගමගේ
    Bayer 04 Hello GIF by Bundesliga
     
    • Like
    Reactions: analytics

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    රට වටේ වනනවාට වඩා හොදයි කොළඹට IT කොම්පැණි ටික එකතු කරා නම් . ඒ එරියා එකට බලල High Speed Internet වගේ Infrastructure Develope කරන්න පුළුවන්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,802
    113
    හස්තිශෛලපුර
    රට වටේ වනනවාට වඩා හොදයි කොළඹට IT කොම්පැණි ටික එකතු කරා නම් . ඒ එරියා එකට බලල High Speed Internet වගේ Infrastructure Develope කරන්න පුළුවන්
    ගොනෙක් වෙන්න එපා.. ඉන්දියාවේ ටාටාගේ ප්ලෑන් එක බලපන්.. IT කරන උන් රිලැක්ස් එකේ ඉන්න ඕන.. ෆුක විකුනන උන්ට නම් කොලබට සේරම පොදි ගහන එක හොදයි..
     

    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    රට වටේ වනනවාට වඩා හොදයි කොළඹට IT කොම්පැණි ටික එකතු කරා නම් . ඒ එරියා එකට බලල High Speed Internet වගේ Infrastructure Develope කරන්න පුළුවන්
    සංවර්දණ ව්යාපෘති දියත කිරීමේදී ප්‍රතමයෙන් අවදානය යොමුකරණ කාරනා ගැන සලකා බල්මු . මෙහිදී ප්‍රදාන වශයෙන් දැව පිනිස කොපමන ශාක ප්‍රමානයක් ඇතිද යන්න ප්‍රදානයි ඒ ආකරයෙන් සැලකූ කල කොලඹ හා තදාසන්න ප්‍රදේශයන්හි සංවර්දණ ව්යාපෘති දියත කිරීමෙන් අපේක්ශිත ප්‍රතිපල සපුරාගත නොහැකි බැවින් වඩා ඵලදායී ලෙස වනාස්‍රිත පෙදෙස් වඩා යොග්ය වන බව ව්යාපෘති අදක්ශක මහතුන්ගේ මතයයි
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,983
    1
    58,300
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර මාලඹේ IT පාක් එකක් හැදනව කියන නැටුව. අන්තිමේදි දේසපාලකයින්ට ගොට්ට අල්ලපු එවුන් ඉඩම් ලාබෙට ගත්ත.
     
    • Like
    Reactions: analytics

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    aniwa jaffna walata mewa geniyannama one. jaffna wala puluwan tharam aluth jobs hadanna one.

    habai homagama ko? homagamata nsbm & thawa institute kipayak genichche e region eke owa karanawa kiwwa nisane.
    හෝමාගම එක කැන්සල් කලා නාකි දිනෙශ් ගුනවර්දනය උගෙ චන්ද දායකයන්ගේ ගෙවල් කැඩෙනව කියල
     
    • Like
    Reactions: analytics

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රට වටේ වනනවාට වඩා හොදයි කොළඹට IT කොම්පැණි ටික එකතු කරා නම් . ඒ එරියා එකට බලල High Speed Internet වගේ Infrastructure Develope කරන්න පුළුවන්
    අවුලක් නෑ බන්. ලන්කාවේ මුලින්ම 5 G දෑම්මෙත් කොළඹ නුවර ගාල්ල. මේ තෑන් වලට අන්තර්ජාල පහසුකම් දෑනටම උපරිමයටම තියෙනවා. ෆයිබර් ගිහින් තියෙන්නේ. ආයේ ඉතින් තව මොන කතාද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රට වටේ වනනවාට වඩා හොදයි කොළඹට IT කොම්පැණි ටික එකතු කරා නම් . ඒ එරියා එකට බලල High Speed Internet වගේ Infrastructure Develope කරන්න පුළුවන්
    තියන ටැෆික් මදිද?
     
    • Like
    Reactions: analytics

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ගොනෙක් වෙන්න එපා.. ඉන්දියාවේ ටාටාගේ ප්ලෑන් එක බලපන්.. IT කරන උන් රිලැක්ස් එකේ ඉන්න ඕන.. ෆුක විකුනන උන්ට නම් කොලබට සේරම පොදි ගහන එක හොදයි..
    ඒ ඉන්දියාව හර කෝ මේ ලංකාව . තෝ පොඩ්ඩක් ඉන්න රට මොකක්ද කියලා දන්නේ නැතුව කථා කරන්න එපා . නුවර එලිය ට තියා කළුතර ට ම 4G වත් නැහැ හරියට . නුවර එලිය ගැන මොන කතාද. 4G වත් නැතුව මොන IT ද ඔයි 🤩🤩