මේකයි මචං ඇත්ත දේ....
විකලාංග දන්ත ප්‍රතිකාර ප්‍රධාන ක්‍රම තුනකට තියනවා....ඉවත් කල හැකි උපාංග මගින් කරන පුතිකාර,සවිකළ උපාංග මගින් කරන ප්‍රතිකාර සහ ශල්‍යකාර්මික විකලාංග දන්ත ප්‍රතිකාර.....
මේවායින් කරන්න ඕන මොකක්ද කියල තීරණය කරන්නේ රෝගියාට තියන තත්ත්වය අනුව.....
විකලාංග දන්ත ප්‍රතිකාර කරන හැම අවස්ථාවක ම දත් ගලවන්න උවමනා වෙන්නේ නැහැ. නමුත් සමහර තත්ත්වයන් වලදී අවශ්‍ය කරන ඉඩ ලබා ගන්න දත් ඉවත් කරන්න වෙනවා. ඒ මගින් ඇති වන හිඩැස, බය වෙන්න එපා සම්පූර්ණයෙන් ම වැහෙනවා......
සමහර විකලාංග දන්ත ප්‍රතිකාර සරලයි..සමහර ඒවා සංකීර්ණයි....තවත් සමහර ඒවා අති සංකීර්ණයි.
ඔබතුමාට තියන තත්ත්වය මොකක්ද කියලා පරීක්ෂා කරල බලන තෙක්, කරන්න වෙන ප්‍රතිකාරය ගැන පුරෝකථනයක යෙදෙන්නට නොහැකි බව කණගාටුවෙන් යුතුව කියන්න වෙනවා....නමුත් කල් යන්න යන්න ප්‍රතිකාරය සදහා ගතවන කාලය දීර්ඝ වෙන නිසා ඉක්මනින් ප්‍රතිකාරය ඇරඹුවොත් හොදයි. විශේෂයෙන් ම සවිකරන උපාංග මගින් කරන විකලාංග දන්ත ප්‍රතිකාරයක් නම්, ඔබේ විවාහය වගේ දේකට එය සෘජු ව බලපානවා. මොකද කටේ යකඩ කෑලි ගොඩක් ගහගෙන ඔබට ඒවගේ සුන්දර අවස්ථාවකට සිනාසීමට නොහැකි වන නිසා............
තව ටික කාලෙකින් මේ ප්‍රතිකාර ගැන ත්‍රෙඩ් එකක් දමන්නම්.........
ප.ලි. ඔබ ගේ දත් "ටිකක් " ඉස්සරහට ඇවිත් කියල තිබුනා....සමහර විට මේ ටිකක් ඉස්සරහට ආපු ඒවා හදන එක ඉතාමත් සංකීර්ණයි...!!!!!!!
mata dath tikak issarahata awith thiyena eka prashnayak neme
but kema kaddi ewa godak dath asse radenawa , dath athara tikak loku hidas thiyena nisa and mage issaraha dath 2 mada tikak loku hidasak thiyenawa , mata ekai nati kara ganna oni



