Tenison coorey niwan suwa 😔

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    COLOMBO ( News 1st ) : ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
    ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    ටෙනිසන් කුරේ මහතා මිය යන විට 68 වැනි වියේ පසුවිය.

    1986 පෙරළිකාරයෝ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ටෙනිසන් කුරේ මහතා මෙරට ජයනප්‍රිය චිත්‍රපට ගණනාවකට සිය රංගන දායකත්වය ලාබා දුන්නා.

    ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ඔහු සිනමාව, වේදිකාව, ටෙලිනාට්‍ය යන අංශ රැසක සිය කුසලතාව ප්‍රදර්ශනය කළ ප්‍රවීණ කලාකරුවෙකි.

    RIP...:cry::cry::cry:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    නිවන් සුව නිවන් සුව ගෑවට මැරිල ගියාම නිවන් සුවයක් ලැබෙන්නෙ නෑ බන්. නිවන කියන්නෙ සියලු රාග, ද්වේශ, මෝහයන්ගේ ප්‍රහාණය. සසර ගමනෙ අවසානය. ඒකට අවශ්‍ය කටයුතු ටික ජිවත් වෙලා ඉද්දි කරගත්තනන් ඔය හතර මහා බුත කය මැරෙන්න කලින්ම නිවන බුක්ති විඳින්න පුළුවන්. අඩු ගානෙ ඒකට ඕන කරන අඩි තාලම හරි මේ ජීවිතේදී දාගන්න ඕන. ඒ වැඩ ටික කරගන්නකන් කුරුල්ලෙක් එක කුඩුවක් අත ඇරල තව කුඩුවක් හදනව වගේ එක කයක් අත ඇරල තව කයක් හදන ගමනෙ තමයි ඉන්න වෙන්නෙ. නළුවො, ගායකයො මිනිස්සුන්ට විනෝදාස්වාදය සපයනවා කියල කරන්නෙම රාග ද්වේශ, මෝහ වර්දනය කරන්න රුකුල් දෙන එකමනෙ. ඒක කරන්නෙ ජිවත් වෙන්න සල්ලි හොයන්න. ප්‍රසිද්ද වෙන්නෙ සල්ලි හොයන්න. එතකොට දැන් ඒ මිනිස්සුයි, ඒවගෙන් විනෝදාස්වාදය ලබන අපියි දැන් කරල තියෙන්නෙ රාග ද්වේශ මෝහ අඩු කර ගන්න එකද? තව තවත් වර්දනය කරන එකද? එතකොට වැඩිල තියෙන්නෙ නිවනට යන මගද? සසර දික් කරගන්න මගද? හිතල බලපල්ල

    කොහොම වෙතත් හැමෝටම ඔය අවබෝදය එන්නෙත් නැහැ. මොනව කරන්නද? ටෙනිසන් මහත්මයටත් මේ ජීවිතේදී සිදු කර ගත්තු කුසල කර්ම වල ශක්තියෙන් ඉදිරි සසර ගමනෙදි කර ගන්නාවූ කුසල කර්ම වල ශක්තියෙන් යම් දවසක ධර්මවබෝදයට ලබන්න හැකිවෙන ප්‍රඥාව පහල වෙලා නිවන් දකින්න හේතු වාසනා සැලසේවා කියල ප්‍රාර්ථනා කරනව. 🙏
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ

    ඒක ඇත්ත. අපේ මළගෙවල් කලාව තමයි ඔහොම අදහසක් සමාජගත කලේ. නිවන් සුව ලැබෙන්නේ මැරුණා ම කියන අදහස
     
    • Like
    Reactions: D_Mad and mr90486