Thalangama Bomb Blast CCTV දර්ශන

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,932
    46,193
    113
    තලංගම බෝම්බ පිපිරීමේ CCTV දර්ශන මෙන්න-




    අද දින තලංගම පොලීසිය ආසන්නයේ එල්ල වුණු අත් බෝම්බ පහාරයෙන් පුද්ගලයින් 3ක් මරණයට පත්වුණා.

    පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ, මෙම පහාරය ප්‍රදීප් නැමති දේවාල කටයුතු කරන කපුවෙකු සහ බුද්ධිකා නීලනයනි නැමිති හතලිස් එක් හැවිරිදි සිව්දරු මවක සමග ඇති කර ගත් විරසකයක ප්‍රතිඵලයක් බවයි.

    අදාළ කාන්තාව, තම ස්වාමියා සමග විරසක වී ඇති අතර ඔහු ඇයගෙන් සහ දරුවන්ගෙන් ඈත්ව මීගමුව ප්‍රදේශයේ රැකියාවක නිරත අයෙකි.

    ඇය මෙම කපුවා හමුවීමට ගොස් ඇත්තේ ශාන්තිකර්මයක් කර ගැනීමටයි. එහිදී ඇතිවූ හාදකම දුර දිග ගිහින්. ඉතින්, මෙම ප්‍රදීප් නැමැත්තා නිරන්තරයෙන් බුද්ධිකා හමුවීමට නිවසට පැමිණ තිබෙනවා. කපුවාට අවශ්‍යවෙලා තිබිලා තියෙන්නෙ අනියම් සම්බන්දතාවයක්. සිවුදරු මවක වීම නිසා බුද්ධිකා ඊට විරුද්ධ වෙලා.

    මැයට කපුවා නිරන්ටරයෙන්ම කරද කරලා. ලඟදී දවසක කඩුවකුත් එක්ක ආපු කපුවා ඇයට මරණ තර්ජන කරලා. ඒ තමා සමග සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්නා ලෙස බලකරමින්.

    මේ ගැන බුද්ධිකා තම මව සහ ස්වාමියාගේ මව සමග තලංගම පොලිසියට පැමිණිල්ලක් ගොණු කර ඇතිඅතර, අද උදෑසන දෙපාර්ශවයම පොලිසියට කැඳවලා. උදෑසන 10.30 ට පමණ ප්‍රදීප් නැමැත්තා බුද්ධිකාගේ නිවසට පැමිණ කෝලහාලයක් ඇතිකරගෙන එයින් නොනැවතී අත්බෝම්බ දෙකක් බුද්ධිකාගේ ඇඳුම තුලට දමා පුපුරවා හැරීමට සලස්වලා.

    මෙම පිපුරුමෙන් ප්‍රදීප් (50) නැමැත්තා සහ බුද්ධිකා නීලනයනි(41) ඇයගේ නැන්දම්මා වන සිරිමා වල්පොල (72) එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

    කාන්තාවගේ16 හැවිරිදි දියණිය සහ බාල පුතනුවන් මේ වන විට රෝහල් ගත කරලා. පුපුරා නොගිය අත්බෝම්බයක් බෝම්බ නිශ්ක්‍රීය කරන්නත් සිදුවෙලා.

     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    මෙම ප්‍රදීප් නැමැත්තා නිරන්තරයෙන් බුද්ධිකා හමුවීමට නිවසට පැමිණ තිබෙනවා.

    ගෙදරට ආපු වෙලාවෙ අල්ලන් නෙලුවා නම් හරි :baffled: