Thambi Deport

aruna47

Well-known member
  • නීති විරෝධී ලෙස මෙලෙස රැඳී සිටින පකිස්ථානු ජාතිකයින් පිටුවහල් කිරීම සඳහා පනවා තිබු වාරණ නියෝගය අභියාචනාධිකරණය විසින් අද (01) ඉවත් කර තිබේ.
    පකිස්ථානු සරණාගතයින් පිරිසක් විසින් තමන් පිටුවහල් කිරීමට එරෙහිව ඉදිරිපත් කර තිබු අභියාචනය පිළිබඳ තීන්දුව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කෙරුණි.
    තමන් නැවත පකිස්ථානයට පිටුවහල් කළහොත් ජිවිත වලට තර්ජන එල්ල වන බව පවසමින් එසේ කිරීම වළක්වන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටියේය.
    ඊට විරෝධතා ඉදිරිපත් කළ නීතිපතිවරයා දන්වා සිටියේ වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටින පුද්ගලයින් පිටුවහල් කිරීමට රජයට අයිතියක් ඇති බවයි.
    එමෙන්ම අදාළ පිරිස් රැඳී සිටීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අතර ඔවුන් විවිධ අපරාධ වලට සම්බන්ධ බවට සාක්ෂී ලැබී ඇති බව ද නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
    කරුණු සලකා බැලු අධිකරණය අදාළ වාරණ නියෝගය ඉවත් කිරීම හේතුවෙන් පකිස්ථානු සරණාගතයින් මෙරටින් පිටුවහල් කිරීමට බාධාවක් නොවනු ඇත.


    10659292_557328517726864_7697906517235811541_n.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ලංකාව යකෝ සරණාගතයෝ තියා ගන්න රටක් නෙමේ සරණාගතයෝ වෙලා යන රටක් :D
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,261
    5,321
    113
    එක එකා උන්ට ඕනෙ ඕනෙ හැටියට ඉන්න ගියාම, ප්‍රශ්න .... උන් හැකි ඉක්මනින් යවන එක තමයි කරන්න ඕනෙ ...