Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Thats what I require .......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

machnzla,

after huga kalekata passe kathaawak daanne. man me kathawa copy kale FB eken. Credits go to 1st owner. mamath asawen inne me wage kellek labaganna. ape boru mawapamata natuwa ape aththa life ekata adaraya karana kenek.

Read and share your thoughts

මේ කථාව මම copy කරගත්ත ඒකක්... අයිතිකාරයා mr, මානවක.. පට්ටම කතාවක්. කතාව කියන්න කලින් ගහ වටේ යන්න ඕනේ නැනේ.. ඔන්න එහෙනම් pataaaaaaaan ගන්න හදන්නේ...

ආගන්තුකයන්ගේ මධුසමය | the honeymoon of strangers

ඇයට එසේ කිරීමට අයිතියක් තිබුණාදැයි හෝ ඇයගේ අරමුණ කුමක් වීදැයි මුල් හමුවීමේ සිටම මා පෙළන ගැටළුවකි.ඇය ලැබීමට තරම් නොව පැතීමට තරම් වත් රූමත් කමක් එදින මාගෙන් නිරුපණය නොවීමද මට

අකමැති වනමෙන් ඇයගෙන් ඉල්ලා සිටියදීත් ඇය මාවෙත මනාපය පල කිරීමද මාගේ හදවතෙහි ඇය ගැන සැකයක් නැතිනම් අපුලක් හෝ අර්ථකතනයක් දිය නොහැකි එහෙත් දරාගත නොහැකි නොසන්සුන්තාවයක් ඇති කිරීමට සමත් වී යැයි සිතේ.

ඔයාගේ ගෙදරට තව දුරද?

මාගේ සිතුවිලි දාමය බිඳුනේ ඇයගේ පැනයෙනි.අප මෝටර් රථයට නැගී ගතවුණ පැයකුත් හමාරක කාලය තුල අප අතරේ හටගත් මුල්ම සංවාදය එයයි.ඇයගේ කට හඬේ කිසිදු චකිතයක් හෝ නොවීම මා තව තවත් නොසන්සුන් කරවයි.ඇත්තෙන්ම ඇයගේ ඇමතුම ළදරියකගේ ඇමතුමකින් වෙන්කර හඳුනාගත නොහැකි තරම් ලයාන්විතවත් අකර්ශනීයවත් සවන් හරහා හදට එලබේ.නැවත මා නොසන්සුන්තාවයට පත් වන්නේ ඇයට නාදුනන පිරිමින් සමග මුහු වීමට ඇති හැකියාව ගැන හිතෙහි අප්‍රසන්න වූ සැකයක් මතු කරමිනි.

හ්ම්ම්ම්...ටිකක්

එතන මොන වගේද.....මම අහන්නේ වටපිටාව....

අමුතු දෙයක් නෑ.පොඩි ගෙදරක්.... කාමර දෙකක්...පොඩි සාලයක්..හ්ම්ම් තව පුංචි කුස්සියක්..වටේටම තාප්ප ..මට නම් ඕනෑවට වැඩිත් එක්ක...

ෂෝයි....මම ආසයි පුංචි ගෙවල් වලට...හැබැයි ප්‍රශ්නයක්...

ඇයට නැවතත් පැනයකි....ඇය ප්‍රශ්න නගන්නේ පාසල් යන දැරියක් සේය.අයත් මාත් අතර වයස පරතරය ඇය දැරියකුත් මා වියපත් මිනිසෙකුත් කර ඇත..ඇය කෝල ලෙස සිනාසෙයි..එම සිනාවේ අරුත සෙවීමට මා දැරූ තැත ඇයට තේරුම් ගිය නිසාවෙන්දෝ ඇයගේ සිනහව තවත් සුන්දර වී ඇත.

කියන්න..මොකක්ද ප්‍රශ්නේ...

ඇයගේ සිනහව හදවත කළඹයි....

මොකක්ද ප්‍රශ්නේ...එතන හිනා වෙන්න දෙයක් තියනවද...මට පුළුවන් විදියට තමයි මම ඉන්නේ...

ඔහොම කේන්ති ගන්න එපා අයියෝ...ප්‍රශ්නේ තමයි...හ්ම්ම්ම්...හ්ම්ම්ම්..

කියන්න.....අප්පා......

මා නොසන්සුන් වෙයි...ඇය තවත් සිනාසෙයි....

හ්ම්ම්ම්...දැන් ඔය පොඩි ගෙදර මටත් ඉඩ තියනවද...ළමයෝ....

හ්ම්ම්ම්.....

මැරෙන්න යනවද මනුස්සයෝ.....

ඈ අවිනීත රියදුරෙකුට දෙස් තබයි.මා තවත් නොසන්සුන් වෙයි..දුම් වැටියක මිහිරි මතක හිත වටා සෙවනැලි නගයි..

ඔය ළමයා මේකට නම් කැමති වෙන්නම ඕන.කේන්දරත් හොදටම ගැලපෙනවා.කේන්දර බලන මනුස්සය කිව්වෙත් පාතාගෙන ආව වගේ හඳහන් දෙකක් කියලා.

නින්දෙන් ඇහැරුනේ අම්මාගේ සද්දෙට.ඇයි යකෝ ගෙදර ආවම මිනිහෙකුට නිදහසේ නිදාගන්නවත් විදියක් නෑ.අනිවා කොහේ හරි ඉන්න කස්කුරුප්පුවක් සෙට් කරලා ඇති.මොන දුකක්ද මම මේ තනියෙන් ඉන්න ආතල් එක කඩන්න හදන්නේ.මොකක් හරි පොඩි දෙයක් කාලා හීනියට අඩියක් ගහගෙන සින්දුවක් කියන් ඉන්න එක තරම් ෆන් එකක් තියේද අප්පා මේ ගෑනියෙක් ගත්තම.ඒකි කියන තාලෙට තමයි නටන්න වෙන්නේ ඊට පස්සේ.ඇරත් උදේ ඇහැරුනා ගමන් හිස්බඩටම දුමක් දාන්න පුලුවන්ද ගෑනියෙක් ගත්තම.

හරි හරි අපෝ මම එන්නම්.හැබැයි ඔන්න මට රැවුල කපන්න මේකප් දාන්න කියන්න එපා.මගේ විදියට තමයි මම එන්නේ.ඔය බඩ්ඩ මට කැමති වෙනවනම් එහෙම වෙන්න ඕන මගේ සාමාන්‍ය විදියට නැතුව පියරු බබෙකුට නෙවෙයි.ඔන්න අද බලන්න යන එකී මට කැමති උනොත් ආයේ දෙකක් නෑ මමත් කැමතියි.දැන් කීයටද ඔය මගුලට යන්න තියෙන්නේ.මම ඔය මගුලට ගිහින් එහෙමම ගෙදර යනවා.හෙට උදේම වැඩට යන්න ඕනෑ.

මම මගේ සුපුරුදු කොන්දේසි ලැයිස්තුව අම්මට දැම්මා.මම අත්දැකීමෙන්ම දන්නවා රැවුල කපන්නේ නැතුව කොන්ඩෙත් අවුල් කර ගත්තම මගේ මුණට එන වලස්ත පෙනුමට සිහිකල්පනාව නැති උනත් ඇස්දෙක පේන ගෑනියෙක් නම් කැමති වෙන්නේ නෑ කියලා.හෙට නිවාඩු උනත් කෙප්පයක් කෙලලා කලින්ම ගෙදරින් මාරු වෙන්න හැදුවේ මේ කසාද සීන් එපා වෙච්ච නිසා..

උඹට කියන කට හොඳයි බිම උලා ගන්න එක.ටිකක් දුරයි දැන්ම නාල ලෑස්තිවෙන්න...

ඔයා උයනවද?

ඇයට නැවතත් පැනයකි.එයද සිත අතරමං කරන සිනහවක් මැදින්ය.නැවත මා නොසන්සුන් වෙයි.

ඔව්....සමහර දවසට...

මම හිස් ලෙස පිළිතුරු දෙමි.ඇය නොනවත්වා සිනාසෙයි.වරක් දුටු විට තව වරක් නොව සිය වාරයක් බැලීමට සිත්දෙන ඇයගේ වතේ කෝමල රේඛා සිත කුල්මත් කරයි.ඇයගේ සුන්දරත්වය පරිහරණය කිරීමට මම නීතියෙන් අවසර ලබා ඇත.එහෙත් නැවත මා නොසන්සුන්ය.පැරණි එහෙත් මා ප්‍රියකරන ගීතයක් නොදැනීම මිමිනෙයි."මුදු මුහුණේ සුව දැනුනේ ප්‍රිය ළඳුනේ මට විතරද ♪♫"

ශෝක්..ශෝක්..මම ආසයි උයන්න..ඉතින් තව දුරද කියන්නකෝ..අපි පොඩ්ඩක් නැවතිලා යන්ද..මට විකාරයි වගේ අද සිද්ධ වෙච්ච දේවල් නිසා...

නැවතත් ඇය දොඩමළු වෙයි.නාදුනන මිනිසෙකු සමග හුරතල් වීමට හැකි ගැහැනියට මා දිවයුතු අර්ථකථනය කුමක්ද?

තාත්තා දිගින් දිගටම අහගෙන ආපු මග විස්තරත් එක්ක අපේ වාහනේ නැවතුනේ බන්ධනාගාරේ තාප්පේ විතර එකකට දාපු පතරංග ගේට්ටුවක් ගාව.

කිව්ව විදියට නම් මෙතන තමයි තැන.

තාත්තා එහෙම කිව්වේ ගේට්ටුවේ උඩ හරිය බලන්න දාපු ට්‍රයි එක හරිගියේ නැතුව.මට එක පාරටම හිතට ආවේ නවදැලි හේනක සිංදුව, ඇයි වදේ මෙහෙම ගෙදරක එකියක් දීග දෙන්න කපුවන්ට කියනවා කියන්නේ අනිවාර්යෙන්ම ගෑනි හේනේ බාබකිව් වෙච්ච වැඳිරි වගේ ඇති...මගේ ෆැන්ටසි වලට වැඩි ආයුෂ නැති උනේ අර පතරංග ගේට්ටුව දෙපළු වෙන්න ගත්තම...මටත් නොදැනීම ඕපන් සෙසමි කියලත් කියවුනා...වෙලාවට කාටවත් ඇහුනේ නෑ..

මනුස්සයෙක් වගේ හැසිරියන්.පණ්ඩිත කතා කියන්න යන්න එපා.

තාත්තා එහෙම කිව්වේ පෙර පිනකට හරි මගේ අපත පෙනුමට මේකි කැමති උනොත් කියන අදහසින් වෙන්න ඕනෑ.තාත්තා එහෙම කියලා කාරෙකෙන් එලියට බහින කොටම ලඟට ආපු ජෙනුයින් ලුක් එක තියන ඩයල් එක කට පුරා හිනා උනා.

හොයා ගන්න අමාරු උනාද...මගේ නම කිව්ව නම් ලේසියෙන්ම හොයාගන්න තිබුනා..ඒ උනාට ලොකුකම් කියන්න ඕනේ නෑ නේ.ඇතුලට යමුකෝ ගමන් මහන්සියත් ඇතිනේ.

මෑන්ස් දීපු පදිරි ටෝකෙන් මට පොරව අල්ලලා ගියා.මමත් ඉතින් මොකක්ද එකට රිංගන මොකාද එකා වගේ ගේ ඇතුලට රිංගුවා..යකෝ මේක සිනමන් ග්‍රෑන්ඩ් එකේ ලොබිය වගේ නේ.මේස පුටු සෝෆා හැමතැනම.මම ශේප් එකේ පැත්තකට උනේ අපේ සැට් එක වාඩිවෙන තැන බලල වාඩි වෙන්න.ඔන්න එතකොටමයි වැදගත් පෙනුමක් තියන ගෑනු මනුස්සයෙක් සාලෙට ආවේ.අනේ අපරාදේ කියන්න බෑ ඒ මනුස්සය ලොස් නැතුව අපි කාටත් එක ගානේ හිනා පාරවල් දැම්ම.අම්ම නම් හොඳයි දොනියන්දා කොහොමද දන්නේ නෑ.

මෙයාද මනමාල මහත්තයා...

ඔව් ඔව්

පැනල උත්තර දුන්නේ අපේ අම්මා..අනේ ඒ මනුස්සයගේ සිරියාවන්ත මුණ හතර වරං වෙලා ගියා..

මග නැවතුන ඉසිඹුවෙන් යටපත් විඩාව හා නොසන්සුන්කමත් සමග මාගේ නවාතැනට එන තුරු අප අතරේ වචනයකුදු හුවමාරු නොවීම එක අතකින් සැනසිල්ලකි.චන්ද්‍රිකා තාක්ෂනය නොවුනානම් මා පත් වන අපහසු තාවය සිතා ගත නොහැක.මා ඇය දෙස හොරැහින් බැලූ කීප විටකම පෙනුනේ ඇය තනියෙන් සිනාසෙන බව හා මාදෙස හොරැහින් බලන බවය.ඇයගේ සිනහවේ මුහු වී ඇත්තේ සංග්‍රාමයක් දිනු රැජනක ගේ ඇති ආඩම්බරයද.ඇය ජයගත්තා විය හැක.ඇයගේ ජයග්‍රහණයේ සදාතනික සිහිවටනය ලෙස ඇයට මාගේ ආත්මය අද සිට පාවිච්චි කල හැක.

මෙතනද තැන..ඔයාගේ විස්තර වලට මම හදා ගත්ත ඉමජිනේෂන් එකට වැඩිය නම් මෙතන ගොඩක් ලස්සනයි.දැන් කළුවරයි නේ උදේට බලමු.

ඇය නැවතත් සිනාසෙයි.ඒ සිනහව ඇතුලේ යම්කිසි සරදමක් ඇතියි සිතේ.

මොකද ළමයෝ ලජ්ජා වෙලා.මේක ඔයාගේ තැන හරි නම් මමයි ලජ්ජා වෙන්න ඕනෑ.දැන් උඩ බලං ඉන්නේ නැතුව මට මේ බෑග් දෙක ගන්න උදව් කරන්න.

ඇය මට සරදම් කරයි.මාගේ සිත මා ගැනම ඇති වූ සානුකම්පිත හැගීමකින් වෙලේ.මා ඇති තරම් ගැහැණුන් ආශ්‍රය කර ඇත.ඔවුන්ගේ කතා බහෙන් සහ හැසිරීමෙන් ඔවුන්ගේ ගති ලක්ෂණ තේරුම් ගැනීමට තරම් දැනුමක් මා සතු උවත් තේරුම් ගත නොහැකි ගැහැනියක් හා ජීවිත කාලයම ගත කිරීමට මා හට සිදුවනු ඇත.නැවත මා නොසන්සුන් වේ.නැත ඇයට පමණක් මාහට සරදම් කිරීමට ඉඩ දිය යුතු නැත.මමද දොඩමළු විය යුතුය.

මේ බෑග් දෙකේද ඔක්කොම තියෙන්නේ...මම හිතුවා ලොරියක වත් ගෙන්න ඕනෑ කියල.

ලොරියක ගේන්නේ මොනවටද...වැඩිය ඇඳුම් නෑ...මොකද මම අදින්නේ ජීන්ස් එකයි ටි එකයි.වැඩිය මේකප් දාන්නෙත් නෑ..ඒ නිසා ඒවාට යන ඉඩත් ඉතුරු වෙලා...ලැප් එකෙයි පොර්ටබල් එකෙයි තියනවා මගේ අනිත් වටිනා දේවල් ටික.ඔය බෑග් දෙකේත් ඉඩ ඉතුරු වෙලා ඇති.සමහර දේවල් අමතක වෙන්නත් ඇති ඉක්මනට පැක් කරපු නිසා....

නැවතත් මා ඇයට පරාජය විය.ඇය නොනවත්වාම කතා කරයි.දොඩමළු ඇයගේ වත දෙස බලා සිටීම නෙතට රසඳුනකි.ඒ සුන්දරත්වය සදාකාලයටම මාසතු නොවේදැයි සිතට සැනසිල්ලක් නැත්තේ කුමක් නිසාද.

ඒක නෙවෙයි ළමයෝ...අපි රෑට කන්නේ මොනවද?මට මතකම නැති උනා..මගදී..අපි උයමුද...එහෙම ෂෝයි...

උයන්න විදියක් නෑ...

ඇයි ඔයා කලින් කිව්වේ ඔයා සමහර දවසට උයනවා කියලා...

මම කිව්ව තමයි...මම උයනවා කියන්නේ ඔම්ලට් එකක් හදන එක මැගී එකක් හදා ගන්නවා වගේ වැඩ වලට.නැතුව බත් උයන එක ගැන නෙවෙයි.

හරි..අපි මැගී හදමු..කෝ තියනවද ගෙනාපුවා....

මතක නෑ ඉස්සෙල්ලා මේ ටික අස් කරලා ඉම්මු.පස්සේ පුළුවන් කෑම බලන්න....

ඇය දොඩමළු වන්නේ ගිරවියක මෙනි...ඇය....හ්ම්ම්ම්ම්ම්....යකෝ මේකි ආව ගමන් කා කියා ගත්ත ගමන් මයි.මාවත් කාල තමයි නතර වෙන්නේ..

ගෙනල්ලා තියපු බීම වීදුරුව බඩට යනවා දැනුනෙත් නෑ.අම්මපා එකේ රස..කවුද දන්නේ නෑ හැදුවේ..අද නම් රස දේවල් මයි ලැබෙන්නේ..ඔක්කොම හරි කෝ එතකොට මනමාල බඩ්ඩ...

නෝනේ දරුවට එන්න කියන්න...

දවසේ මාමණ්ඩියා එහෙම කිව්වේ මම හිතපු එක මිනිහට ඇහිලද කොහේද...මමත් ලජ්ජාවෙන් බිම බලා ගත්තා.මොනවා උනත් මම පතිවත රකින කොල්ල නේ.

වැඩිම උනොත් විනාඩියක් යන්න ඇති..මට ලාවට වගේ කාසි හෙල්ලෙන සද්දෙකුයි නිකන් රෙද්දක් ඇතිල්ලෙන සද්දෙකුයි ඇහෙන්න ගත්තා.මටත් මොකෝ කියල මම බිම බලන් හිටියේ එංගලන්තේ මහ රජ්ජුරුවෝ ආවත් ඔය බුලත් විට තට්ටුව දෙන්න වෙන්නේ මට නේ.කුණු ලේ පාටට හුරු සාරියක් මගේ දර්ශන පථය අවහිර කරද්දී මම නැගිට්ටේ හේනක බාබකිව් කරපු වැඳිරියක් දකින්න බලාගෙන ඕනෑවට එපාවට.

සල බලාන් සද්දෙට බිම වැටිච්ච හෙප්පුවේ සද්දෙට තමයි මම පියවි ලෝකෙට ආවේ. ඒ වෙනකොටත් මම බලාගෙන හිටියේ මේ ලෝකේ මම දැකපු ලස්සනම ඇස දෙක දිහා.මට මුලින්ම වයිරයක් ඇති උනේ මගේ රැවුල ගැන.මොන මගුලට වැවෙනවද මන්ද....

මනමාල මහත්තයට තියෙන කලබලේ....දැන් ඉතින් චාරිත්‍ර එහෙම කරානේ....ඔය දෙන්නගේ හඳහන් එහෙමත් හොඳටම ගැලපෙනවා....ඒත් ඔය ළමයි දෙන්න කතා කරගෙන විසඳුමකට එන්න, ජීවත් වෙන්න ඕනෑ ඔයාලනේ ඉස්සරහට.මම නම් මේ වැඩේට කැමතියි...

දවසේ මාමණ්ඩියා එහෙම කිව්වේ මට බින්දුව බව දැනගෙන.මුට අපේ එකී ලොවෙත් කැමති වෙන්නේ නෑ කියන එක සහසුද්දෙන්ම දැනගෙන වගේ.ඒත් ඒ වචනත් එක්ක මගේ හිතට ආවේ අමුතුම හැගීමක්.

මුන් මේ මොකාටද එන්න හදන්නේ?.ඇයි දෙවියනේ මෙච්චර දත තියන තැනක මේ වගේ සුපිරි කෑල්ලක් කපුවන්ට කියල පොරොන්දම් බලල බන්දන්න ඕනද.අනිවා මේක නම් පනින්න ඕන පිමි ඔක්කොම පැනපු සුපිරි භාණ්ඩයක් වෙන්න ඕනෑ.දැන් කවුරු හරි අහිංසකයෙක් හොයල කරේ ගහන්න හදන්නේ.

මේ වගේ තැනක මේ වගේ පෙනුම තියන කෙල්ලෙක් කපුවන්ට කියල කසාද බන්දන්න හදන්නේ.කපුවා කිව්වේ නැද්ද මේකේ වරදට සමාව සීන් එකක් කියල.

මම තාත්තට කනට කරලා එහෙම කිව්වේ මට කට තියාගෙන ඉන්නම බැරුව...හැරෙන තැපෑලෙන් ම තාත්තා මගේ කනට කරලා මෙහෙම කිව්වා.

බූරුවෝ මෙතන ජරා කතා නොකිය ගිහින් අර ළමයත් එක්ක කතා කරපිය.

හ්ම්හ්...ඔයා අන්තිමට මේක හේදුවේ කවද්ද...

මොකක්ද මේස් දෙකද?

ඔව්...කවද්ද අන්තිමට හේදුවේ..මම මේ විහිලුවට වගේ අහන්නේ...

මේකි ප්‍රශ්න අහන්නේ නිකන් සැන්ටිබෝටි මහත්තයෙක් අහනවා වගේ නේ.අනික මට කෝචෝක් ඒකත් දානවා...

මතක නෑ..මම හිතන්නේ ගත්තට පස්සේ හේදුවේම නැද්ද කොහේද...එකක් අරන් සවුත්තු වෙනකන්ම දාලා පස්සේ අලුත් එකක් ගන්න එක හෝදනවට වැඩිය ලේසියි.

මමත් ආයෙ සෙකන්ඩ් උනේ නෑ..ගෑනුන්ට නැවිල බෑ ඊට පස්සේ උන් කරේ යනවා..

ඉස්සරහට ඒවා තියාගන්න බෑ...තමන්ගේ ඇඳුම් හෝදන්න ඕනෑ..අපි අප අවට පරිසරය පිරිසිදුවට තියාගන්න ඕනේ..වායු දුෂණය කියන්නේ ලෙඩ වැඩි වෙන්න පුළුවන් ලොකු අවධානමක් දෙන වැරද්දක්...

මේකි ආයෙත් මට කෝචෝක් එක දානවා..සැලෙන්න හොඳ නෑ...

සමාවෙන්න ආයෙත් ඉස්සරහට එහෙම වෙන එකක් නෑ

මම එහෙම කිව්වේ බොහොම සංවේදී විදියට...මම ඒ කියපු විදියට ගෑනිට බොහොම ආඩම්බර හිනාවක් ගියා...ආයේ දෙකක් නෑ ගෑනි හිතුවේ මම බය උනා...සලෙන්ඩර් උනා කියලා...මම හිනාව දිහා බලාගෙනම මට පුළුවන් තරම් සංවේදී විදියට මෙහෙමත් කිව්වා.

මම කතා කරන්න පුළුවන් වොෂින් මැෂින් එකක් ගෙනාවනේ....

මම අර භාණ්ඩේ එක්ක කතා කරන්න ගියේ බ්ලු මැන්ඩල් කුණුකන්ද විතර කුණුගොඩක් හිතේ හිතේ තියාගෙන.කෙල්ලගේ මුනේ තිබ්බ අහිංසක ලස්සන එක සැරේටම මැකිලා මට මතක් උනේ වැම්පයර් කෙනෙක්ව.උඹට මගේ ලේ නම් බොන්න වෙන්නේ නෑ යක්ෂනියේ.මම කෙලින්ම කතාවට බැස්ස.

මෙහෙමයි නංගි මම කසාද බැඳපු මිනිහෙක්වත්,ගේ වත් ලෙඩෙක් වත් නෙවෙයි.ඒ නිසා ඔයා හිතන්න එපා මම ඔයාට කැමති නැත්තේ එහෙම හේතුවක් නිසා කියලා.මට ඕනෑම වෙලාවක කසාද බඳින්න පුළුවන් නිදහසක් තියන මිනිහෙක්..මම ඔයාට කැමති නෑ.

මම කියාගෙන ගියා , දැක්කා කෙල්ලගේ ඇස්දෙක උඩ යනවා...

ඒත්.....මම

මම ආයෙත් කතාව පටන් ගත්තා

මම අපේ අම්මට පොරොන්දු වෙලා ඉන්නේ ඔයා මට කැමති උනොත් මාත් කැමති වෙනවා කියලා..මම කොහොමත් දන්නවා ඔයාමට කැමති නෑ කියල..ඒත් මම කැමතියි මේ කරදරේ අදම ඉවර වෙනවා නම්..ඒ නිසා ඔයා මට අකමැතියි කියන්න අදම මේ දැන්ම..එතකොට හරි...දැන් මම නැගිටලා සාලෙට යනවා ඔය ඇවිත් අවසාන තීරණේ දෙන්න...

මම එහෙම කියලා එතනින් නැගිටලා සාලෙට ආවේ ගුටි කාල හෙවිවේට් චැම්පියන් දිනපු ජෝන් සීනා වගේ...

ඔච්චර ඉක්මනට කතා කර ගත්තද පුතා....

මාමණ්ඩිය එහෙම ඇහුවේ ඔලොක්කුවට වගේ

ආහ්හ් ඔව් අන්කල්...ඔය දේවල් වල වැඩිය කතා කරන්න දෙයක් නෑ නේ...ගන්න තීරණයක් දැන්ම ගම්මු...

මට එහෙම කියල කට ගන්න උනේ නෑ..අර භාණ්ඩේ සාලෙට එන හඬ ඇහුනා....

දු මොකද කියන්නේ..තව හිතන්න කල ඕනද

එහෙම ඇහුවේ අපේ තාත්තා..අම්මප මේ මනුස්සයටත් කට තියන් ඉන්න බැරි හැටි...

මම කැමතියි......

ආයෙත් කියන්න පුතේ....

එහෙම කිව්වේ තමන්ට ඇහිච්ච වචන අදහ ගන්න බැරි වෙච්ච දවසේ මාමණ්ඩිය...

මම කැමතියි තාත්තේ...

එහෙම කිව්වම ඒ ගෙදර හිටිය නෑදෑ සනුහරේම හිනා උනේ නිකන් අයිස් පළම් නොමිලේ ලැබුන පොඩි උන් වගේ...අපේ සැට් එකේ අයගෙත් කටවල් කන්දෙක ගාව..

හැබැයි දේවල් වෙන්න ඕනෑ මගේ කොන්දේසි වලට...මේ අයට ඒවා කිව්වද...

මේකි නම් ලේසි පාසු බඩ්ඩක් නෙවෙයි.ඉතින් මගෙත් වැරද්ද මේකි කියන්නේ මොනවද කියල අහගන්නේ නැතුව මමත් ආව නේ.තව මොනවා කියාවිද දන්නේ නෑ ඊට කලින් මම කතා කරන්න ඕනෑ.

මෙහෙමයි මගෙ කොන්දේසි තියනවා.මේක වෙනවා නම් උත්සව මොකුත් ගන්න බෑ..ඒ කියන්නේ මේ කසාදේ අදම වෙන්න ඕන.මෙයා අදම මාත් එක්ක යන්න එන්න ඕන.

මම මේ මරාලෙන් ගැලවෙන්න පුළුවන් අන්තිම තුරුම්පුවත් ගැහුවා.එහෙම කිව්වා විතරයි..අපේ අම්මගෙයි තත්තාගෙයි මුණු දෙක උනා..හැබැයි අනිත් කාටවත් කිසිම වෙනසක් උනේ නෑ..මාමණ්ඩියත් පැණි හිනාවක් දාගෙන කතාවකට මුල පුරන්න හදනකොට මම දැක්කේ මාමගේ නල්ලමලේ දෝනියන්දා මම ජීවිතේට දැක්ක ලස්සනම හිනාව දාගෙන ඉන්න හැටි.

ඔයදෙන්න අතර කලින් මොකුත් සම්බන්දයක් තිබ්බද නැත්තන් ඔය ළමය මට විහිලු කරනවද?

පිස්සුද අන්කල් මම මෙයාව දැක්කෙත් අදමයි..

මම එහෙම කිව්වේ මේ මනුස්සයගේ හතර බීරි කතාව දරාගන්න බැරි වෙච්ච නිසා....

මේක මහා පුදුම ලෝකයක්..අපේ ලමයගේ කොන්දේසිත් ඔය ටිකම තමයි.ඒ නිසා මෙයාව බලන්න මනමාලයෙක් එනකොට අපි ඔක්කොම ලෑස්ති කරලා තියේන්නේ .එහෙමනම් ඉතින් අදම මේක ඉවරයක් කරලා දාමු.

සභා තොමොගේ චිත්ත ප්‍රීතිය මැද මගේ මරණ දඬුවම ඒ විදියට තීරණය උනා

මම දෙයක් අහන්නද

මම එහෙම ඇහුවේ.නුඩල්ස් හැන්දක් කටේ ඔබා ගන්න ගමන්...මොනවා උනත් ගෑනිට හොඳට උයන්න පුළුවන්

හ්ම්ම්ම්..මම දන්නවා ඔයා අහන්න යන්නේ මොනවද කියලා.ඔයා මම ගැන හිතන ඉන්නේ කොහොමද කියලත්..

ඔයා අහන්න හැදුවේ මම ඔයා එපා කියද්දීත් ඔයාට කැමති උනේ ඇයි කියලනේ.තව ඔයා මම ගැන හිතන් ඉන්නේ සල්ලි තියන ගෙදරක ලස්සන කෙල්ලෙක් නටන්න ඕනෑ ඔක්කොම නැටුම් නටල අන්තිමට කසාද බඳින්න එකෙක් නැතුව ප්රෝපොසල් එකකින් අහිංසකයෙක් ගේ කරේ එල්ලුනා කියලනේ.ඒක හරිද වැරදිද..මට කෙලින් උත්තරයක් දෙන්න.

මම මෙච්චර කලක් හිතන් හිටියේ මම තමයි පොර කියල..බලනකොට මේකි තමයි දවසකටවත් ගෑනි..මම ජීවිතේ පලවෙනි වතාවට ගෑනියෙකුට පැරදුනා අද දවාලේ...කරුමේ කියන්නේ දෙවෙනි වතාවටත් හොදි නැතුව ඒ ගෑනිටම පරාද උනා මේ දැන්.මමත් ඉතින් තුන් වේලටම ගුඩ් මොර්නින්ග් කියන තනි වචනේ මිනිහ නිසා මගේ කෙලින් උත්තරේ දුන්න.

ඔව්..

හ්ම්ම්ම්...මම හිතුවා...

ඔයාට මේ ප්‍රශ්නෙත් එන්න ඇති අතයි මම වගේ ලස්සන කෙනෙක් ප්රෝපොසල් එකකින් බඳින්නේ කියල.එකටත් හේතුව කියන්නම්.

මගේ නැන්දා ඒ කියන්නේ අප්පච්චි ගේ එකම නංගි හිතුමතේට කසාද බැඳලා ජීවිතේ නාස්ති කර ගත්තා.ඒ මට යමක කමක් තේරෙන කාලේ.ඒ හින්දා අප්පච්චි මගෙන් පොරොන්දුවක් ගත්තා මම කවදාහරි බඳින්න ඕනෑ ගෙදරින් කතා කරන කෙනෙක් කියල.මමත් පොරොන්දු උනා හරි හැබැයි මමත් කැමති වෙන්න ඕනෑ කියල.

අම්මප මේකි නිළියක්ද කොහේද..දෙන දෙබස් වලට අක්මාවට පවා ඇඩෙනවා..මම අහුවෙයි ඕවට...

ඔයා දැක්කම මුලින්ම හිතුනේ ගොඩක් වැඩිමල් ඇති කියල පස්සේ මතක් උනා අපේ අම්ම කිව්වා ඔයා මට වැඩිය අවුරුදු පහයි වැඩිමල් කියල.

මම ඔයාට කැමති උනේ ඔයාගේ පිළිවෙලට...කැමති උනා නෙවෙයි ආස උනා..මාව බලන්න ආපු හැම කෙනාම ආවේ දාන්න පුළුවන් ඔක්කොම සැරසිලි දාගෙන..ඒත් ඔයා ඔයා විතරයි ඔයා විදියට ආවේ තැනින් තැන වැවුන රැවුලයි අපිළිවෙල කොන්ඩෙයි මැදින් මම මගේ හීන කුමාරයා දැක්ක..මාව බලන්න ආව ගොඩක් අයට ඕනෑ උනේ අපේ තාත්තගේ සල්ලියි මගේ ඇඟයි විතරයි.සමහරු බැලුවේ එවෙලේම මාව යට කර ගන්න වගේ.

ඔයා මාව එපා කියනකොටම මට හිතුනා ඔයා මම ගැන වැරදි චිත්‍රයක් මවාගෙන ඇති කියල..ඒත් මට ආස හිතුනේ ඒ ඇඩිටියුඩ් එකට.සල්ලි නිසා තමන්ගේ ප්‍රතිපත්ති විකුනන්නේ නැති කෙනෙක්.හ්ම්ම්ම්

මාව දැකපු ගොඩක් අයට මාව ඕනෑ උනා..නැත්තන් මගේ ඇඟ ඕනෑ උනා..ඔය විතරයි මාව එපා කිව්වේ..ඒක තමයි වැදගත්ම දේ.ඔයා තමයි මාව ප්‍රතික්ෂේප කරපු පලවෙනි පිරිමියා.

මම යුනික් දේවල් වලට හරිම ආසයි....

හ්ම්ම්ම්ම්

මට හ්ම්ම් ගෑවුනේ මට කියන්න දෙයක් ඉතිරි නොකර එයා හැමදේම කියන නිසා..මේ වෙනකොටත් මට තේරිලා තිබ්බේ එයාගේ කලින් දැක්කේ නැති ලස්සන දැන් මට පේනවා කියල..කතාවේ නොතේරුන තැන් ගොඩක් මට තේරුනා..තමන්ගේ මනුස්සය හිතන දේවල් ඒ විදියටම දැනෙන සහකාරියක් හැම කෙනාටම ලැබෙනවද..ඒත් උත්තරයක් හොයා ගන්න බැරි මගේ හිතේ තියනවා කියල එයාටත් දැනෙන්නේ නැති ප්‍රශ්නේ මම අහන්න හිතුවා..

ඔයාට බය හිතුනේ නැද්ද ආගන්තුකයෙක් එක්ක මෙහෙම තනිවෙන්න...

එකට මම නොදැනීම ආමන්ත්රනයකුත් එකතු වෙලා තිබුන

අහ්හ්හ්...ඒහෙම එකක් මට හිතුනෙම නෑ නේ...

එයා හිනා වෙනවා හිත පිස්සු වැටෙන විදියට...මට පලවෙනි වතාවට හිතුනා එයාව තුරුල් කරන් නළලට හාදුවක් දෙන්න.

ආගන්තුකයෙක් උනත් ඔයා මගේ කසාද හබී නේ ඉතින් බය වෙන්නේ මොකටද..අනිත් එක මගේ ජීවිතේට ආව පලවෙනි පිරිමියා ඔයා ඒ නිසා ඔයාට දැනටම මාව පාවිච්චි කරන්න අයිතිය තියනවා.ඊට අමතරව නීතියෙන් උනත් අයිතිය තියනවා.ඒ කියන්නේ නීතියේ නාමයෙන් මාව රේප් කරන්න....

හෑ මේකි හිතුව දුරක්..මම උදේ කාමෙසුමිච්චාචාරා සමාදම් වෙලා ඉන්නේ.එහෙම එකක් මතක් උනේවත් නෑ.

ඒ උනාට මම දන්නවා මට දැනෙනවා ඔයා මහාම මහා ආඩම්බරකාර මනුස්සයෙක් ඒ නිසා මට ඕනෑ උනත් මට ඔයාගෙම වෙන්න තව සතියක් වත් බලන් ඉන්න වේවි.නේද ළමයෝ...

මට කියන්න දෙයක් ඉතුරු නොකර එයා හැම දේම කියල ඉවර කරා...

ඔයාට නිදිමතද..ඔයා මගේ රූම් එකේ නිදා ගන්න..මම සාලේ නිදා ගන්නම්..මම එලියට යනවා සිගරට් එකක් බොන්න.

මම එහෙම කිව්වේ මම ගැන තවදුරටත් එයාට දැනගන්න ඕනෑ නිසාත් උදේ ඉඳං බිව්වේ නැති නිසා ඇගට දැනුන අපහසුව නිසාත්.

සිගරට් බිව්වම පිරිමි අයට වෙනදේ ඔයා දන්නවා නේද?

අහ්හ් ඔව් ඒක ඔයාට අදාළ නෑනේ..

මොකද මට අදාළ නැත්තේ...

හරි හරි ඒක ඔයාට දැන්ම අදාළ නෑ...

මට අදාළ වෙනකොට ඉතුරු වෙලා තියේද දන්නේ නෑ...

අම්මප මේක කටක් නම් නෙවෙයි.මගේ අරක්කු වලින් මටම කුණුහරප කියනවා.අර අම්ම කියපු පතාගෙන ආව කතාව ඇත්ත වෙන්න ඇති...

ඔයාට මම සිගරට් බොන්න එපා කියන්නේ නෑ.හැබැයි අද අපේ අලුත් ජීවිතේ පලවෙනි දවසේ මම නීතියක් දානවා.මේක හැමදාටම වලංගුයි...ඔයාට සිගරට් බොන්න පුළුවන් හැබැයි එහෙම බීල පැයක් යනකන් මගේ ලඟට එන්නවත් මාව අල්ලන්නවත් තහනම්

හරි හරි ඒවා ඒ වෙලාවට බලමු.මම එලියට යනවා...

බොහෝවිට තව සතියකින් විතර මම මේක සදහටම නවත්තාවි...

නිමි.

[QUOTE="thathsara.sl, post: 15478682, member: 149384"] [FONT="Comic Sans MS"][SIZE="5"][COLOR="Sienna"]machnzla, after huga kalekata passe kathaawak daanne. man me kathawa copy kale FB eken. Credits go to 1st owner. mamath asawen inne me wage kellek labaganna. ape boru mawapamata natuwa ape aththa life ekata adaraya karana kenek. Read and share your thoughts [/COLOR][/SIZE][/FONT] [COLOR="DarkRed"]මේ කථාව මම copy කරගත්ත ඒකක්... අයිතිකාරයා mr, මානවක.. පට්ටම කතාවක්. කතාව කියන්න කලින් ගහ වටේ යන්න ඕනේ නැනේ.. ඔන්න එහෙනම් pataaaaaaaan ගන්න හදන්නේ... ආගන්තුකයන්ගේ මධුසමය | the honeymoon of strangers ඇයට එසේ කිරීමට අයිතියක් තිබුණාදැයි හෝ ඇයගේ අරමුණ කුමක් වීදැයි මුල් හමුවීමේ සිටම මා පෙළන ගැටළුවකි.ඇය ලැබීමට තරම් නොව පැතීමට තරම් වත් රූමත් කමක් එදින මාගෙන් නිරුපණය නොවීමද මට අකමැති වනමෙන් ඇයගෙන් ඉල්ලා සිටියදීත් ඇය මාවෙත මනාපය පල කිරීමද මාගේ හදවතෙහි ඇය ගැන සැකයක් නැතිනම් අපුලක් හෝ අර්ථකතනයක් දිය නොහැකි එහෙත් දරාගත නොහැකි නොසන්සුන්තාවයක් ඇති කිරීමට සමත් වී යැයි සිතේ. ඔයාගේ ගෙදරට තව දුරද? මාගේ සිතුවිලි දාමය බිඳුනේ ඇයගේ පැනයෙනි.අප මෝටර් රථයට නැගී ගතවුණ පැයකුත් හමාරක කාලය තුල අප අතරේ හටගත් මුල්ම සංවාදය එයයි.ඇයගේ කට හඬේ කිසිදු චකිතයක් හෝ නොවීම මා තව තවත් නොසන්සුන් කරවයි.ඇත්තෙන්ම ඇයගේ ඇමතුම ළදරියකගේ ඇමතුමකින් වෙන්කර හඳුනාගත නොහැකි තරම් ලයාන්විතවත් අකර්ශනීයවත් සවන් හරහා හදට එලබේ.නැවත මා නොසන්සුන්තාවයට පත් වන්නේ ඇයට නාදුනන පිරිමින් සමග මුහු වීමට ඇති හැකියාව ගැන හිතෙහි අප්‍රසන්න වූ සැකයක් මතු කරමිනි. හ්ම්ම්ම්...ටිකක් එතන මොන වගේද.....මම අහන්නේ වටපිටාව.... අමුතු දෙයක් නෑ.පොඩි ගෙදරක්.... කාමර දෙකක්...පොඩි සාලයක්..හ්ම්ම් තව පුංචි කුස්සියක්..වටේටම තාප්ප ..මට නම් ඕනෑවට වැඩිත් එක්ක... ෂෝයි....මම ආසයි පුංචි ගෙවල් වලට...හැබැයි ප්‍රශ්නයක්... ඇයට නැවතත් පැනයකි....ඇය ප්‍රශ්න නගන්නේ පාසල් යන දැරියක් සේය.අයත් මාත් අතර වයස පරතරය ඇය දැරියකුත් මා වියපත් මිනිසෙකුත් කර ඇත..ඇය කෝල ලෙස සිනාසෙයි..එම සිනාවේ අරුත සෙවීමට මා දැරූ තැත ඇයට තේරුම් ගිය නිසාවෙන්දෝ ඇයගේ සිනහව තවත් සුන්දර වී ඇත. කියන්න..මොකක්ද ප්‍රශ්නේ... ඇයගේ සිනහව හදවත කළඹයි.... මොකක්ද ප්‍රශ්නේ...එතන හිනා වෙන්න දෙයක් තියනවද...මට පුළුවන් විදියට තමයි මම ඉන්නේ... ඔහොම කේන්ති ගන්න එපා අයියෝ...ප්‍රශ්නේ තමයි...හ්ම්ම්ම්...හ්ම්ම්ම්.. කියන්න.....අප්පා...... මා නොසන්සුන් වෙයි...ඇය තවත් සිනාසෙයි.... හ්ම්ම්ම්...දැන් ඔය පොඩි ගෙදර මටත් ඉඩ තියනවද...ළමයෝ.... හ්ම්ම්ම්..... මැරෙන්න යනවද මනුස්සයෝ..... ඈ අවිනීත රියදුරෙකුට දෙස් තබයි.මා තවත් නොසන්සුන් වෙයි..දුම් වැටියක මිහිරි මතක හිත වටා සෙවනැලි නගයි.. ------------------------------------------------------------------------------------------------------------ ඔය ළමයා මේකට නම් කැමති වෙන්නම ඕන.කේන්දරත් හොදටම ගැලපෙනවා.කේන්දර බලන මනුස්සය කිව්වෙත් පාතාගෙන ආව වගේ හඳහන් දෙකක් කියලා. නින්දෙන් ඇහැරුනේ අම්මාගේ සද්දෙට.ඇයි යකෝ ගෙදර ආවම මිනිහෙකුට නිදහසේ නිදාගන්නවත් විදියක් නෑ.අනිවා කොහේ හරි ඉන්න කස්කුරුප්පුවක් සෙට් කරලා ඇති.මොන දුකක්ද මම මේ තනියෙන් ඉන්න ආතල් එක කඩන්න හදන්නේ.මොකක් හරි පොඩි දෙයක් කාලා හීනියට අඩියක් ගහගෙන සින්දුවක් කියන් ඉන්න එක තරම් ෆන් එකක් තියේද අප්පා මේ ගෑනියෙක් ගත්තම.ඒකි කියන තාලෙට තමයි නටන්න වෙන්නේ ඊට පස්සේ.ඇරත් උදේ ඇහැරුනා ගමන් හිස්බඩටම දුමක් දාන්න පුලුවන්ද ගෑනියෙක් ගත්තම. හරි හරි අපෝ මම එන්නම්.හැබැයි ඔන්න මට රැවුල කපන්න මේකප් දාන්න කියන්න එපා.මගේ විදියට තමයි මම එන්නේ.ඔය බඩ්ඩ මට කැමති වෙනවනම් එහෙම වෙන්න ඕන මගේ සාමාන්‍ය විදියට නැතුව පියරු බබෙකුට නෙවෙයි.ඔන්න අද බලන්න යන එකී මට කැමති උනොත් ආයේ දෙකක් නෑ මමත් කැමතියි.දැන් කීයටද ඔය මගුලට යන්න තියෙන්නේ.මම ඔය මගුලට ගිහින් එහෙමම ගෙදර යනවා.හෙට උදේම වැඩට යන්න ඕනෑ. මම මගේ සුපුරුදු කොන්දේසි ලැයිස්තුව අම්මට දැම්මා.මම අත්දැකීමෙන්ම දන්නවා රැවුල කපන්නේ නැතුව කොන්ඩෙත් අවුල් කර ගත්තම මගේ මුණට එන වලස්ත පෙනුමට සිහිකල්පනාව නැති උනත් ඇස්දෙක පේන ගෑනියෙක් නම් කැමති වෙන්නේ නෑ කියලා.හෙට නිවාඩු උනත් කෙප්පයක් කෙලලා කලින්ම ගෙදරින් මාරු වෙන්න හැදුවේ මේ කසාද සීන් එපා වෙච්ච නිසා.. උඹට කියන කට හොඳයි බිම උලා ගන්න එක.ටිකක් දුරයි දැන්ම නාල ලෑස්තිවෙන්න... ------------------------------------------------------------------------------------------------------ ඔයා උයනවද? ඇයට නැවතත් පැනයකි.එයද සිත අතරමං කරන සිනහවක් මැදින්ය.නැවත මා නොසන්සුන් වෙයි. ඔව්....සමහර දවසට... මම හිස් ලෙස පිළිතුරු දෙමි.ඇය නොනවත්වා සිනාසෙයි.වරක් දුටු විට තව වරක් නොව සිය වාරයක් බැලීමට සිත්දෙන ඇයගේ වතේ කෝමල රේඛා සිත කුල්මත් කරයි.ඇයගේ සුන්දරත්වය පරිහරණය කිරීමට මම නීතියෙන් අවසර ලබා ඇත.එහෙත් නැවත මා නොසන්සුන්ය.පැරණි එහෙත් මා ප්‍රියකරන ගීතයක් නොදැනීම මිමිනෙයි."මුදු මුහුණේ සුව දැනුනේ ප්‍රිය ළඳුනේ මට විතරද ♪♫" ශෝක්..ශෝක්..මම ආසයි උයන්න..ඉතින් තව දුරද කියන්නකෝ..අපි පොඩ්ඩක් නැවතිලා යන්ද..මට විකාරයි වගේ අද සිද්ධ වෙච්ච දේවල් නිසා... නැවතත් ඇය දොඩමළු වෙයි.නාදුනන මිනිසෙකු සමග හුරතල් වීමට හැකි ගැහැනියට මා දිවයුතු අර්ථකථනය කුමක්ද? ------------------------------------------------------------------------------------------------------ තාත්තා දිගින් දිගටම අහගෙන ආපු මග විස්තරත් එක්ක අපේ වාහනේ නැවතුනේ බන්ධනාගාරේ තාප්පේ විතර එකකට දාපු පතරංග ගේට්ටුවක් ගාව. කිව්ව විදියට නම් මෙතන තමයි තැන. තාත්තා එහෙම කිව්වේ ගේට්ටුවේ උඩ හරිය බලන්න දාපු ට්‍රයි එක හරිගියේ නැතුව.මට එක පාරටම හිතට ආවේ නවදැලි හේනක සිංදුව, ඇයි වදේ මෙහෙම ගෙදරක එකියක් දීග දෙන්න කපුවන්ට කියනවා කියන්නේ අනිවාර්යෙන්ම ගෑනි හේනේ බාබකිව් වෙච්ච වැඳිරි වගේ ඇති...මගේ ෆැන්ටසි වලට වැඩි ආයුෂ නැති උනේ අර පතරංග ගේට්ටුව දෙපළු වෙන්න ගත්තම...මටත් නොදැනීම ඕපන් සෙසමි කියලත් කියවුනා...වෙලාවට කාටවත් ඇහුනේ නෑ.. මනුස්සයෙක් වගේ හැසිරියන්.පණ්ඩිත කතා කියන්න යන්න එපා. තාත්තා එහෙම කිව්වේ පෙර පිනකට හරි මගේ අපත පෙනුමට මේකි කැමති උනොත් කියන අදහසින් වෙන්න ඕනෑ.තාත්තා එහෙම කියලා කාරෙකෙන් එලියට බහින කොටම ලඟට ආපු ජෙනුයින් ලුක් එක තියන ඩයල් එක කට පුරා හිනා උනා. හොයා ගන්න අමාරු උනාද...මගේ නම කිව්ව නම් ලේසියෙන්ම හොයාගන්න තිබුනා..ඒ උනාට ලොකුකම් කියන්න ඕනේ නෑ නේ.ඇතුලට යමුකෝ ගමන් මහන්සියත් ඇතිනේ. මෑන්ස් දීපු පදිරි ටෝකෙන් මට පොරව අල්ලලා ගියා.මමත් ඉතින් මොකක්ද එකට රිංගන මොකාද එකා වගේ ගේ ඇතුලට රිංගුවා..යකෝ මේක සිනමන් ග්‍රෑන්ඩ් එකේ ලොබිය වගේ නේ.මේස පුටු සෝෆා හැමතැනම.මම ශේප් එකේ පැත්තකට උනේ අපේ සැට් එක වාඩිවෙන තැන බලල වාඩි වෙන්න.ඔන්න එතකොටමයි වැදගත් පෙනුමක් තියන ගෑනු මනුස්සයෙක් සාලෙට ආවේ.අනේ අපරාදේ කියන්න බෑ ඒ මනුස්සය ලොස් නැතුව අපි කාටත් එක ගානේ හිනා පාරවල් දැම්ම.අම්ම නම් හොඳයි දොනියන්දා කොහොමද දන්නේ නෑ. මෙයාද මනමාල මහත්තයා... ඔව් ඔව් පැනල උත්තර දුන්නේ අපේ අම්මා..අනේ ඒ මනුස්සයගේ සිරියාවන්ත මුණ හතර වරං වෙලා ගියා.. ----------------------------------------------------------------------------------------- මග නැවතුන ඉසිඹුවෙන් යටපත් විඩාව හා නොසන්සුන්කමත් සමග මාගේ නවාතැනට එන තුරු අප අතරේ වචනයකුදු හුවමාරු නොවීම එක අතකින් සැනසිල්ලකි.චන්ද්‍රිකා තාක්ෂනය නොවුනානම් මා පත් වන අපහසු තාවය සිතා ගත නොහැක.මා ඇය දෙස හොරැහින් බැලූ කීප විටකම පෙනුනේ ඇය තනියෙන් සිනාසෙන බව හා මාදෙස හොරැහින් බලන බවය.ඇයගේ සිනහවේ මුහු වී ඇත්තේ සංග්‍රාමයක් දිනු රැජනක ගේ ඇති ආඩම්බරයද.ඇය ජයගත්තා විය හැක.ඇයගේ ජයග්‍රහණයේ සදාතනික සිහිවටනය ලෙස ඇයට මාගේ ආත්මය අද සිට පාවිච්චි කල හැක. මෙතනද තැන..ඔයාගේ විස්තර වලට මම හදා ගත්ත ඉමජිනේෂන් එකට වැඩිය නම් මෙතන ගොඩක් ලස්සනයි.දැන් කළුවරයි නේ උදේට බලමු. ඇය නැවතත් සිනාසෙයි.ඒ සිනහව ඇතුලේ යම්කිසි සරදමක් ඇතියි සිතේ. මොකද ළමයෝ ලජ්ජා වෙලා.මේක ඔයාගේ තැන හරි නම් මමයි ලජ්ජා වෙන්න ඕනෑ.දැන් උඩ බලං ඉන්නේ නැතුව මට මේ බෑග් දෙක ගන්න උදව් කරන්න. ඇය මට සරදම් කරයි.මාගේ සිත මා ගැනම ඇති වූ සානුකම්පිත හැගීමකින් වෙලේ.මා ඇති තරම් ගැහැණුන් ආශ්‍රය කර ඇත.ඔවුන්ගේ කතා බහෙන් සහ හැසිරීමෙන් ඔවුන්ගේ ගති ලක්ෂණ තේරුම් ගැනීමට තරම් දැනුමක් මා සතු උවත් තේරුම් ගත නොහැකි ගැහැනියක් හා ජීවිත කාලයම ගත කිරීමට මා හට සිදුවනු ඇත.නැවත මා නොසන්සුන් වේ.නැත ඇයට පමණක් මාහට සරදම් කිරීමට ඉඩ දිය යුතු නැත.මමද දොඩමළු විය යුතුය. මේ බෑග් දෙකේද ඔක්කොම තියෙන්නේ...මම හිතුවා ලොරියක වත් ගෙන්න ඕනෑ කියල. ලොරියක ගේන්නේ මොනවටද...වැඩිය ඇඳුම් නෑ...මොකද මම අදින්නේ ජීන්ස් එකයි ටි එකයි.වැඩිය මේකප් දාන්නෙත් නෑ..ඒ නිසා ඒවාට යන ඉඩත් ඉතුරු වෙලා...ලැප් එකෙයි පොර්ටබල් එකෙයි තියනවා මගේ අනිත් වටිනා දේවල් ටික.ඔය බෑග් දෙකේත් ඉඩ ඉතුරු වෙලා ඇති.සමහර දේවල් අමතක වෙන්නත් ඇති ඉක්මනට පැක් කරපු නිසා.... නැවතත් මා ඇයට පරාජය විය.ඇය නොනවත්වාම කතා කරයි.දොඩමළු ඇයගේ වත දෙස බලා සිටීම නෙතට රසඳුනකි.ඒ සුන්දරත්වය සදාකාලයටම මාසතු නොවේදැයි සිතට සැනසිල්ලක් නැත්තේ කුමක් නිසාද. ඒක නෙවෙයි ළමයෝ...අපි රෑට කන්නේ මොනවද?මට මතකම නැති උනා..මගදී..අපි උයමුද...එහෙම ෂෝයි... උයන්න විදියක් නෑ... ඇයි ඔයා කලින් කිව්වේ ඔයා සමහර දවසට උයනවා කියලා... මම කිව්ව තමයි...මම උයනවා කියන්නේ ඔම්ලට් එකක් හදන එක මැගී එකක් හදා ගන්නවා වගේ වැඩ වලට.නැතුව බත් උයන එක ගැන නෙවෙයි. හරි..අපි මැගී හදමු..කෝ තියනවද ගෙනාපුවා.... මතක නෑ ඉස්සෙල්ලා මේ ටික අස් කරලා ඉම්මු.පස්සේ පුළුවන් කෑම බලන්න.... ඇය දොඩමළු වන්නේ ගිරවියක මෙනි...ඇය....හ්ම්ම්ම්ම්ම්....යකෝ මේකි ආව ගමන් කා කියා ගත්ත ගමන් මයි.මාවත් කාල තමයි නතර වෙන්නේ.. ------------------------------------------------------------------------------------------------------- ගෙනල්ලා තියපු බීම වීදුරුව බඩට යනවා දැනුනෙත් නෑ.අම්මපා එකේ රස..කවුද දන්නේ නෑ හැදුවේ..අද නම් රස දේවල් මයි ලැබෙන්නේ..ඔක්කොම හරි කෝ එතකොට මනමාල බඩ්ඩ... නෝනේ දරුවට එන්න කියන්න... දවසේ මාමණ්ඩියා එහෙම කිව්වේ මම හිතපු එක මිනිහට ඇහිලද කොහේද...මමත් ලජ්ජාවෙන් බිම බලා ගත්තා.මොනවා උනත් මම පතිවත රකින කොල්ල නේ. වැඩිම උනොත් විනාඩියක් යන්න ඇති..මට ලාවට වගේ කාසි හෙල්ලෙන සද්දෙකුයි නිකන් රෙද්දක් ඇතිල්ලෙන සද්දෙකුයි ඇහෙන්න ගත්තා.මටත් මොකෝ කියල මම බිම බලන් හිටියේ එංගලන්තේ මහ රජ්ජුරුවෝ ආවත් ඔය බුලත් විට තට්ටුව දෙන්න වෙන්නේ මට නේ.කුණු ලේ පාටට හුරු සාරියක් මගේ දර්ශන පථය අවහිර කරද්දී මම නැගිට්ටේ හේනක බාබකිව් කරපු වැඳිරියක් දකින්න බලාගෙන ඕනෑවට එපාවට. සල බලාන් සද්දෙට බිම වැටිච්ච හෙප්පුවේ සද්දෙට තමයි මම පියවි ලෝකෙට ආවේ. ඒ වෙනකොටත් මම බලාගෙන හිටියේ මේ ලෝකේ මම දැකපු ලස්සනම ඇස දෙක දිහා.මට මුලින්ම වයිරයක් ඇති උනේ මගේ රැවුල ගැන.මොන මගුලට වැවෙනවද මන්ද.... මනමාල මහත්තයට තියෙන කලබලේ....දැන් ඉතින් චාරිත්‍ර එහෙම කරානේ....ඔය දෙන්නගේ හඳහන් එහෙමත් හොඳටම ගැලපෙනවා....ඒත් ඔය ළමයි දෙන්න කතා කරගෙන විසඳුමකට එන්න, ජීවත් වෙන්න ඕනෑ ඔයාලනේ ඉස්සරහට.මම නම් මේ වැඩේට කැමතියි... දවසේ මාමණ්ඩියා එහෙම කිව්වේ මට බින්දුව බව දැනගෙන.මුට අපේ එකී ලොවෙත් කැමති වෙන්නේ නෑ කියන එක සහසුද්දෙන්ම දැනගෙන වගේ.ඒත් ඒ වචනත් එක්ක මගේ හිතට ආවේ අමුතුම හැගීමක්. මුන් මේ මොකාටද එන්න හදන්නේ?.ඇයි දෙවියනේ මෙච්චර දත තියන තැනක මේ වගේ සුපිරි කෑල්ලක් කපුවන්ට කියල පොරොන්දම් බලල බන්දන්න ඕනද.අනිවා මේක නම් පනින්න ඕන පිමි ඔක්කොම පැනපු සුපිරි භාණ්ඩයක් වෙන්න ඕනෑ.දැන් කවුරු හරි අහිංසකයෙක් හොයල කරේ ගහන්න හදන්නේ. මේ වගේ තැනක මේ වගේ පෙනුම තියන කෙල්ලෙක් කපුවන්ට කියල කසාද බන්දන්න හදන්නේ.කපුවා කිව්වේ නැද්ද මේකේ වරදට සමාව සීන් එකක් කියල. මම තාත්තට කනට කරලා එහෙම කිව්වේ මට කට තියාගෙන ඉන්නම බැරුව...හැරෙන තැපෑලෙන් ම තාත්තා මගේ කනට කරලා මෙහෙම කිව්වා. බූරුවෝ මෙතන ජරා කතා නොකිය ගිහින් අර ළමයත් එක්ක කතා කරපිය. ---------------------------------------------------------------------------------------------------------- හ්ම්හ්...ඔයා අන්තිමට මේක හේදුවේ කවද්ද... මොකක්ද මේස් දෙකද? ඔව්...කවද්ද අන්තිමට හේදුවේ..මම මේ විහිලුවට වගේ අහන්නේ... මේකි ප්‍රශ්න අහන්නේ නිකන් සැන්ටිබෝටි මහත්තයෙක් අහනවා වගේ නේ.අනික මට කෝචෝක් ඒකත් දානවා... මතක නෑ..මම හිතන්නේ ගත්තට පස්සේ හේදුවේම නැද්ද කොහේද...එකක් අරන් සවුත්තු වෙනකන්ම දාලා පස්සේ අලුත් එකක් ගන්න එක හෝදනවට වැඩිය ලේසියි. මමත් ආයෙ සෙකන්ඩ් උනේ නෑ..ගෑනුන්ට නැවිල බෑ ඊට පස්සේ උන් කරේ යනවා.. ඉස්සරහට ඒවා තියාගන්න බෑ...තමන්ගේ ඇඳුම් හෝදන්න ඕනෑ..අපි අප අවට පරිසරය පිරිසිදුවට තියාගන්න ඕනේ..වායු දුෂණය කියන්නේ ලෙඩ වැඩි වෙන්න පුළුවන් ලොකු අවධානමක් දෙන වැරද්දක්... මේකි ආයෙත් මට කෝචෝක් එක දානවා..සැලෙන්න හොඳ නෑ... සමාවෙන්න ආයෙත් ඉස්සරහට එහෙම වෙන එකක් නෑ මම එහෙම කිව්වේ බොහොම සංවේදී විදියට...මම ඒ කියපු විදියට ගෑනිට බොහොම ආඩම්බර හිනාවක් ගියා...ආයේ දෙකක් නෑ ගෑනි හිතුවේ මම බය උනා...සලෙන්ඩර් උනා කියලා...මම හිනාව දිහා බලාගෙනම මට පුළුවන් තරම් සංවේදී විදියට මෙහෙමත් කිව්වා. මම කතා කරන්න පුළුවන් වොෂින් මැෂින් එකක් ගෙනාවනේ.... -------------------------------------------------------------------------------------------------------- මම අර භාණ්ඩේ එක්ක කතා කරන්න ගියේ බ්ලු මැන්ඩල් කුණුකන්ද විතර කුණුගොඩක් හිතේ හිතේ තියාගෙන.කෙල්ලගේ මුනේ තිබ්බ අහිංසක ලස්සන එක සැරේටම මැකිලා මට මතක් උනේ වැම්පයර් කෙනෙක්ව.උඹට මගේ ලේ නම් බොන්න වෙන්නේ නෑ යක්ෂනියේ.මම කෙලින්ම කතාවට බැස්ස. මෙහෙමයි නංගි මම කසාද බැඳපු මිනිහෙක්වත්,ගේ වත් ලෙඩෙක් වත් නෙවෙයි.ඒ නිසා ඔයා හිතන්න එපා මම ඔයාට කැමති නැත්තේ එහෙම හේතුවක් නිසා කියලා.මට ඕනෑම වෙලාවක කසාද බඳින්න පුළුවන් නිදහසක් තියන මිනිහෙක්..මම ඔයාට කැමති නෑ. මම කියාගෙන ගියා , දැක්කා කෙල්ලගේ ඇස්දෙක උඩ යනවා... ඒත්.....මම මම ආයෙත් කතාව පටන් ගත්තා මම අපේ අම්මට පොරොන්දු වෙලා ඉන්නේ ඔයා මට කැමති උනොත් මාත් කැමති වෙනවා කියලා..මම කොහොමත් දන්නවා ඔයාමට කැමති නෑ කියල..ඒත් මම කැමතියි මේ කරදරේ අදම ඉවර වෙනවා නම්..ඒ නිසා ඔයා මට අකමැතියි කියන්න අදම මේ දැන්ම..එතකොට හරි...දැන් මම නැගිටලා සාලෙට යනවා ඔය ඇවිත් අවසාන තීරණේ දෙන්න... මම එහෙම කියලා එතනින් නැගිටලා සාලෙට ආවේ ගුටි කාල හෙවිවේට් චැම්පියන් දිනපු ජෝන් සීනා වගේ... ඔච්චර ඉක්මනට කතා කර ගත්තද පුතා.... මාමණ්ඩිය එහෙම ඇහුවේ ඔලොක්කුවට වගේ ආහ්හ් ඔව් අන්කල්...ඔය දේවල් වල වැඩිය කතා කරන්න දෙයක් නෑ නේ...ගන්න තීරණයක් දැන්ම ගම්මු... මට එහෙම කියල කට ගන්න උනේ නෑ..අර භාණ්ඩේ සාලෙට එන හඬ ඇහුනා.... දු මොකද කියන්නේ..තව හිතන්න කල ඕනද එහෙම ඇහුවේ අපේ තාත්තා..අම්මප මේ මනුස්සයටත් කට තියන් ඉන්න බැරි හැටි... මම කැමතියි...... ආයෙත් කියන්න පුතේ.... එහෙම කිව්වේ තමන්ට ඇහිච්ච වචන අදහ ගන්න බැරි වෙච්ච දවසේ මාමණ්ඩිය... මම කැමතියි තාත්තේ... එහෙම කිව්වම ඒ ගෙදර හිටිය නෑදෑ සනුහරේම හිනා උනේ නිකන් අයිස් පළම් නොමිලේ ලැබුන පොඩි උන් වගේ...අපේ සැට් එකේ අයගෙත් කටවල් කන්දෙක ගාව.. හැබැයි දේවල් වෙන්න ඕනෑ මගේ කොන්දේසි වලට...මේ අයට ඒවා කිව්වද... මේකි නම් ලේසි පාසු බඩ්ඩක් නෙවෙයි.ඉතින් මගෙත් වැරද්ද මේකි කියන්නේ මොනවද කියල අහගන්නේ නැතුව මමත් ආව නේ.තව මොනවා කියාවිද දන්නේ නෑ ඊට කලින් මම කතා කරන්න ඕනෑ. මෙහෙමයි මගෙ කොන්දේසි තියනවා.මේක වෙනවා නම් උත්සව මොකුත් ගන්න බෑ..ඒ කියන්නේ මේ කසාදේ අදම වෙන්න ඕන.මෙයා අදම මාත් එක්ක යන්න එන්න ඕන. මම මේ මරාලෙන් ගැලවෙන්න පුළුවන් අන්තිම තුරුම්පුවත් ගැහුවා.එහෙම කිව්වා විතරයි..අපේ අම්මගෙයි තත්තාගෙයි මුණු දෙක උනා..හැබැයි අනිත් කාටවත් කිසිම වෙනසක් උනේ නෑ..මාමණ්ඩියත් පැණි හිනාවක් දාගෙන කතාවකට මුල පුරන්න හදනකොට මම දැක්කේ මාමගේ නල්ලමලේ දෝනියන්දා මම ජීවිතේට දැක්ක ලස්සනම හිනාව දාගෙන ඉන්න හැටි. ඔයදෙන්න අතර කලින් මොකුත් සම්බන්දයක් තිබ්බද නැත්තන් ඔය ළමය මට විහිලු කරනවද? පිස්සුද අන්කල් මම මෙයාව දැක්කෙත් අදමයි.. මම එහෙම කිව්වේ මේ මනුස්සයගේ හතර බීරි කතාව දරාගන්න බැරි වෙච්ච නිසා.... මේක මහා පුදුම ලෝකයක්..අපේ ලමයගේ කොන්දේසිත් ඔය ටිකම තමයි.ඒ නිසා මෙයාව බලන්න මනමාලයෙක් එනකොට අපි ඔක්කොම ලෑස්ති කරලා තියේන්නේ .එහෙමනම් ඉතින් අදම මේක ඉවරයක් කරලා දාමු. සභා තොමොගේ චිත්ත ප්‍රීතිය මැද මගේ මරණ දඬුවම ඒ විදියට තීරණය උනා ----------------------------------------------------------------------------------------------- මම දෙයක් අහන්නද මම එහෙම ඇහුවේ.නුඩල්ස් හැන්දක් කටේ ඔබා ගන්න ගමන්...මොනවා උනත් ගෑනිට හොඳට උයන්න පුළුවන් හ්ම්ම්ම්..මම දන්නවා ඔයා අහන්න යන්නේ මොනවද කියලා.ඔයා මම ගැන හිතන ඉන්නේ කොහොමද කියලත්.. ඔයා අහන්න හැදුවේ මම ඔයා එපා කියද්දීත් ඔයාට කැමති උනේ ඇයි කියලනේ.තව ඔයා මම ගැන හිතන් ඉන්නේ සල්ලි තියන ගෙදරක ලස්සන කෙල්ලෙක් නටන්න ඕනෑ ඔක්කොම නැටුම් නටල අන්තිමට කසාද බඳින්න එකෙක් නැතුව ප්රෝපොසල් එකකින් අහිංසකයෙක් ගේ කරේ එල්ලුනා කියලනේ.ඒක හරිද වැරදිද..මට කෙලින් උත්තරයක් දෙන්න. මම මෙච්චර කලක් හිතන් හිටියේ මම තමයි පොර කියල..බලනකොට මේකි තමයි දවසකටවත් ගෑනි..මම ජීවිතේ පලවෙනි වතාවට ගෑනියෙකුට පැරදුනා අද දවාලේ...කරුමේ කියන්නේ දෙවෙනි වතාවටත් හොදි නැතුව ඒ ගෑනිටම පරාද උනා මේ දැන්.මමත් ඉතින් තුන් වේලටම ගුඩ් මොර්නින්ග් කියන තනි වචනේ මිනිහ නිසා මගේ කෙලින් උත්තරේ දුන්න. ඔව්.. හ්ම්ම්ම්...මම හිතුවා... ඔයාට මේ ප්‍රශ්නෙත් එන්න ඇති අතයි මම වගේ ලස්සන කෙනෙක් ප්රෝපොසල් එකකින් බඳින්නේ කියල.එකටත් හේතුව කියන්නම්. මගේ නැන්දා ඒ කියන්නේ අප්පච්චි ගේ එකම නංගි හිතුමතේට කසාද බැඳලා ජීවිතේ නාස්ති කර ගත්තා.ඒ මට යමක කමක් තේරෙන කාලේ.ඒ හින්දා අප්පච්චි මගෙන් පොරොන්දුවක් ගත්තා මම කවදාහරි බඳින්න ඕනෑ ගෙදරින් කතා කරන කෙනෙක් කියල.මමත් පොරොන්දු උනා හරි හැබැයි මමත් කැමති වෙන්න ඕනෑ කියල. අම්මප මේකි නිළියක්ද කොහේද..දෙන දෙබස් වලට අක්මාවට පවා ඇඩෙනවා..මම අහුවෙයි ඕවට... ඔයා දැක්කම මුලින්ම හිතුනේ ගොඩක් වැඩිමල් ඇති කියල පස්සේ මතක් උනා අපේ අම්ම කිව්වා ඔයා මට වැඩිය අවුරුදු පහයි වැඩිමල් කියල. මම ඔයාට කැමති උනේ ඔයාගේ පිළිවෙලට...කැමති උනා නෙවෙයි ආස උනා..මාව බලන්න ආපු හැම කෙනාම ආවේ දාන්න පුළුවන් ඔක්කොම සැරසිලි දාගෙන..ඒත් ඔයා ඔයා විතරයි ඔයා විදියට ආවේ තැනින් තැන වැවුන රැවුලයි අපිළිවෙල කොන්ඩෙයි මැදින් මම මගේ හීන කුමාරයා දැක්ක..මාව බලන්න ආව ගොඩක් අයට ඕනෑ උනේ අපේ තාත්තගේ සල්ලියි මගේ ඇඟයි විතරයි.සමහරු බැලුවේ එවෙලේම මාව යට කර ගන්න වගේ. ඔයා මාව එපා කියනකොටම මට හිතුනා ඔයා මම ගැන වැරදි චිත්‍රයක් මවාගෙන ඇති කියල..ඒත් මට ආස හිතුනේ ඒ ඇඩිටියුඩ් එකට.සල්ලි නිසා තමන්ගේ ප්‍රතිපත්ති විකුනන්නේ නැති කෙනෙක්.හ්ම්ම්ම් මාව දැකපු ගොඩක් අයට මාව ඕනෑ උනා..නැත්තන් මගේ ඇඟ ඕනෑ උනා..ඔය විතරයි මාව එපා කිව්වේ..ඒක තමයි වැදගත්ම දේ.ඔයා තමයි මාව ප්‍රතික්ෂේප කරපු පලවෙනි පිරිමියා. මම යුනික් දේවල් වලට හරිම ආසයි.... හ්ම්ම්ම්ම් මට හ්ම්ම් ගෑවුනේ මට කියන්න දෙයක් ඉතිරි නොකර එයා හැමදේම කියන නිසා..මේ වෙනකොටත් මට තේරිලා තිබ්බේ එයාගේ කලින් දැක්කේ නැති ලස්සන දැන් මට පේනවා කියල..කතාවේ නොතේරුන තැන් ගොඩක් මට තේරුනා..තමන්ගේ මනුස්සය හිතන දේවල් ඒ විදියටම දැනෙන සහකාරියක් හැම කෙනාටම ලැබෙනවද..ඒත් උත්තරයක් හොයා ගන්න බැරි මගේ හිතේ තියනවා කියල එයාටත් දැනෙන්නේ නැති ප්‍රශ්නේ මම අහන්න හිතුවා.. ඔයාට බය හිතුනේ නැද්ද ආගන්තුකයෙක් එක්ක මෙහෙම තනිවෙන්න... එකට මම නොදැනීම ආමන්ත්රනයකුත් එකතු වෙලා තිබුන අහ්හ්හ්...ඒහෙම එකක් මට හිතුනෙම නෑ නේ... එයා හිනා වෙනවා හිත පිස්සු වැටෙන විදියට...මට පලවෙනි වතාවට හිතුනා එයාව තුරුල් කරන් නළලට හාදුවක් දෙන්න. ආගන්තුකයෙක් උනත් ඔයා මගේ කසාද හබී නේ ඉතින් බය වෙන්නේ මොකටද..අනිත් එක මගේ ජීවිතේට ආව පලවෙනි පිරිමියා ඔයා ඒ නිසා ඔයාට දැනටම මාව පාවිච්චි කරන්න අයිතිය තියනවා.ඊට අමතරව නීතියෙන් උනත් අයිතිය තියනවා.ඒ කියන්නේ නීතියේ නාමයෙන් මාව රේප් කරන්න.... හෑ මේකි හිතුව දුරක්..මම උදේ කාමෙසුමිච්චාචාරා සමාදම් වෙලා ඉන්නේ.එහෙම එකක් මතක් උනේවත් නෑ. ඒ උනාට මම දන්නවා මට දැනෙනවා ඔයා මහාම මහා ආඩම්බරකාර මනුස්සයෙක් ඒ නිසා මට ඕනෑ උනත් මට ඔයාගෙම වෙන්න තව සතියක් වත් බලන් ඉන්න වේවි.නේද ළමයෝ... මට කියන්න දෙයක් ඉතුරු නොකර එයා හැම දේම කියල ඉවර කරා... ඔයාට නිදිමතද..ඔයා මගේ රූම් එකේ නිදා ගන්න..මම සාලේ නිදා ගන්නම්..මම එලියට යනවා සිගරට් එකක් බොන්න. මම එහෙම කිව්වේ මම ගැන තවදුරටත් එයාට දැනගන්න ඕනෑ නිසාත් උදේ ඉඳං බිව්වේ නැති නිසා ඇගට දැනුන අපහසුව නිසාත්. සිගරට් බිව්වම පිරිමි අයට වෙනදේ ඔයා දන්නවා නේද? අහ්හ් ඔව් ඒක ඔයාට අදාළ නෑනේ.. මොකද මට අදාළ නැත්තේ... හරි හරි ඒක ඔයාට දැන්ම අදාළ නෑ... මට අදාළ වෙනකොට ඉතුරු වෙලා තියේද දන්නේ නෑ... අම්මප මේක කටක් නම් නෙවෙයි.මගේ අරක්කු වලින් මටම කුණුහරප කියනවා.අර අම්ම කියපු පතාගෙන ආව කතාව ඇත්ත වෙන්න ඇති... ඔයාට මම සිගරට් බොන්න එපා කියන්නේ නෑ.හැබැයි අද අපේ අලුත් ජීවිතේ පලවෙනි දවසේ මම නීතියක් දානවා.මේක හැමදාටම වලංගුයි...ඔයාට සිගරට් බොන්න පුළුවන් හැබැයි එහෙම බීල පැයක් යනකන් මගේ ලඟට එන්නවත් මාව අල්ලන්නවත් තහනම් හරි හරි ඒවා ඒ වෙලාවට බලමු.මම එලියට යනවා... බොහෝවිට තව සතියකින් විතර මම මේක සදහටම නවත්තාවි... නිමි.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom