The බයික් කවිය

http://

Member
Jun 28, 2014
304
55
0
තවම හොයනවා
The බයික් කවිය


සිලින්ඩර් ම හතරයි එන්ජිම ලොකුය
කාබ් එකක් හරි ලෙඩ දුන්නොත් සොරිය
ෂොක් එක මොනෝ, යන එන කොට නම් සැපය
කෙට්ටු අපට හොන්ඩා හොනට් ලොකු වැඩිය






අඩි හතරට පහට වඩා වැඩි වෙච්චී
ලොකු හෙඩ් ලයිට් දෙක ඇස් ගෙඩි දෙක වෙච්චී
ගහේ යන එකත් කජ්ජක් නොම වෙච්චී
අනේ මට හොඳයි බාජා ටූ ෆිෆ්ටී





මැෂින් නැතව මැනුවල් හයි කර කෑලී
ඇමරිකානුවන් මේවට හරි ලෝලී
පස්සේ තියාගෙන තම ආදර බාරී
කොල්ලො පදිනවා ඩේවිඩ්සන් හාලී




කොල්ලට කොහෙ වෙතත් බල්ලට නම් නොහැකී
දිගට වඩා පළල වැඩියි ‍ගොඩ නැවකී
රෙස් පදින ලැයිසන් ඇති ම‍ගේ සකී
ෂේන් පදිනවා තවුසන් කවසාකී




මඩේ යන්නෙ ටී ඩබ්ලියු ‍ ටූ හන්ඩ්‍රඩ්
ගලේ යන්නෙ ටී ඩබ්ලියු ටූ හන්ඩ්‍රඩ්
කැලේ යන්නෙ ටී ඩබ්ලියු ටූ හන්ඩ්‍රඩ්
උල පිල එකයි ටැක්ටරේට ටූ හන්ඩ්‍රඩ්




ටී ටී ආර් එකයි එක්ස් ආර් එකයි පොරේ
රේස් පදින කොට කොල්ලන් කියයි හුරේ
ලිමිට් පැන්නොතින් අල්ලං දමයි හිරේ
ඩීටී පදියි තේ වත්තේ සින්න දොරේ



හතලිස් නමය සී සී එන්ජිම චූටී
දම්පාටයි ලා රතු පාටයි ස්වීටී
වර්කිං ගර්ල්ස්ලගෙ තනි නොතනියට සිටී
කොල්ල පස්සෙ, කෙල්ල පදියි ස්කූටී




පල්සර් තිස් පහයි හතලිහ අතර කරයි
ඩිස්කවරියත් තව ඩිංගක් වැඩිය කරයි
බොක්සර් එක ලීටරේකට හැටක් කරයි
සී ටී එක පෙට්‍රල් සුවඳටත් දුවයි




කාර් වෑන් පැජරෝ ලොක්කන් ගේය
ඒසී එකේ යනකොට සුර සැප වේය
වැස්සට තෙමී අව්වට අපි වේ ලේය
හැබැයි,
මේවගෙ තියන ආතල් ඒවගෙ නෑය






අවවාදයයි:
ඉහත ඇති පොටෝ කෑලි එකක් වත් මගේ බූදලයක් නොවේ. ඒවා අයිති ඒවා ගසපු අයටය.

උපුටාගෑනිම ~ http://sithangi.blogspot.com/2011/02/blog-post.html
 
  • Like
Reactions: sudu pusa