The Black Box “කළු පෙට්ටිය”

AeroPrincess

Member
Oct 31, 2010
512
53
0
Rivendell
The Black Box “කළු පෙට්ටිය”

url22.jpg


අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී “කළු පෙට්ටිය” යනුවෙන් හඳුන්වන උපකරණයක් ගුවන් යානයක තිබෙනවා. මේ ගැන බොහෝ වෙලාවට කථා කරන්නේ ගුවන් අනතුරක් සිදු වුනාම.

මෙම උපකරණයේ තාක්ෂණික නම තමයි Flight Recorder. සැබවින්ම මෙවන් උපකරණ 2ක් ගුවන් යානයක දැකිය හැකියි.
එකක් Flight Data Recorder (FDR) ලෙස හඳුන්වන අතර අනෙක Cockpit Voice Recorder යනුවෙන් හඳුන්වනවා. මෙයින් FDR යන උපකරණයෙන් සිදු වන්නේ ගුවන් යානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව වන තොරතුරු තැන්පත් කර ගැනීම. අ‍නික් උපකරණය වන CVR එකෙන් වෙන්නේ ගුවන් නියමු කුටියේ හඬ තැන්පත් කර ගැනීම කියලා නමින්ම තේරෙනවනේ. CVR එකේ තැන්පත් වෙන්නේ ගුවන් නියමුවන් එකිනෙකා කථා කරන දේවල්, ගුවන් නියමුවන් සහ ගුවන් ගමන් පාලකවරුන් කථා කරන දේවල් සහ ඊට අමතරව අවට හඬද ආදියයි. කෙසේ වෙතත් සමහර ගුවන් යානා වල මෙම උපකරණ දෙක ම එක් කොට එක් උපකරණයක් ලෙසත් දකින්න පුළුවන්.

‍FDR
fdr0.jpg

CVR
cvr.gif


කළු පෙට්ටිය ලෙස හඳුන්වනු ලබන මෙම උපකරණයේ මූලිකම කාර්යය වන්නේ ගුවන් අනතුරක දී එම අනතුරට හේතුව සොයා ගැනීමට ඉවහල් වන දත්ත ලබා ගැනීම.
ඊට අමතරව යානයේ එන්ජින් වල සහ වෙනත් උපකරණ වල ක්‍රියාකාරීත්වය පිළිබඳව අධ්‍යයනය කිරීම, ගුවන් යානා සුරක්ෂාව සඳහා වන යම් යම් පරාමිතීන් පරීක්ෂා කිරීමටත් මෙම උපකරණය යොදා ගන්නවා. මම අහල තියෙනවා සමහර ගුවන් නියමුවන් සම්මත වේගයට වඩා වැඩි වේගයකින් පැමිණ තම සේවා මුරය ඉක්මනින් අවසන් කිරීමට උත්සහ කරන බව. මේක නීති විරෝධී ක්‍රියාවක්. මේ වගේ දේවලුත් මේකෙන් බලා ගන්න පුළුවන්.

මෙම උපකරණය සකස් කර තිබෙන්නේ ඉතා ඉහළ විනාශකාරී තත්වයන්ට පවා ඔරොත්තු දෙන ආකාරයටයි. ඒ කියන්නේ අධික උෂ්ණත්වයට, පීඩනයට, ශීතලට, ගින්නට ආදී තත්වයන්ට.

මේකේ දැඩි බවට උදාහරණ කිහිපයක් මේ විදිහට දක්වන්න පුලුවන්

01. මෙම උපකරණය කාලතුවක්කුවට සවිකර කොන්ක්‍රීට් බිත්තියකට වෙඩි තිබ්බත් මුකුත් වෙන්නේ නෑ.
02. සෙ.අ 1000 උණුසුමින් පැය භාගයක් විනාශ නොවී පවතිනවා.
03. අඩි 20000 ගැඹුරු මුහුදේ මාස ගණනක් තිබුනත් හානියක් වෙන්නේනෑ.
:shocked:
url3.jpg


ඒ වගේම මෙම උපකරණය කළු පෙටිටි‍ය කියා හැඳින්වුවා ට මේ කොහොමටවත් කළු නම් නැහැ. ඒකෙ තියෙන්නේ දොඩම් ගෙඩියේ පාටට හුරු තැඹිලි පාටක්. මොකද මේ පාට ඕනෙම තැනක සොයා ගැනීමට හැකියාවක් තියෙනවානේ.
ඒ වගේම කළු පෙට්ටිය සවි කරලා තියෙන්නේ ගුවන් යානයේ පිටිපස කොටසට (වලිගෙ ට) හේතුව ගුවන් අනතුරකදී හානිය අවම වන්නේ මෙම ප්‍රදේශයට නිසා.

කළු පෙට්ටියේ ඉතිහාසය ගැන කථා කරනවා නම් මුලින්ම කළු පෙට්ටිය ගැන තොරතුරු සඳහන් වන්නේ 1939 වගේ ඈත අතීතයේ ප්‍රංශයෙන්. මෙම නිෂ්පාදනය ඡායාරූප ක්‍රමය පදනම් වූ පටිගත කිරීමක් ලෙසයි විකිපීඩියා වල සදහන් වන්නේ. ක්‍රමයෙන් මේක දියුණු වෙලා තියෙන්නේ විශාල පුද්ගලයින් සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන්. මේ ගැන විස්තර හොයාගන්න පුළුවන් විකීපීඩියා වල.

මා මුලිනුත් සඳහන් කළා මේ කළු පෙට්ටි විශාල බලයන්ට ඔරොත්තු දෙන බව. මෙම උපකරණ සකස් කර තිබෙන්නේ මළ නොකන වානේ වලින් හෝ “ටයටේනියම්” කියන ලෝහයෙන්. ඒ වගේම තමයි මෙම උපකරණය අනතුරක දී සොයා ගැනීමට හැකි වන පරිදි සංඥාවක් නිකුත් වන ආකාරයෙන් සකස් කර තිබෙනවා. මෙම සංඥාව දින 30 ක් පමණ කාලයක් නිකුත් වන ආකාරයට සකස් කර තිබෙන අතර මීටර් 6000 ක පමණ ගැඹුරකට ගිලුනද එය ක්‍රියාත්මකයි.

තවත් දෙයක් කියන්න අමතක වුනා දැන් එන අළුත් උපකරණ වල දත්ත ගබඩා කිරීමේ කාලය පැය 24 ක් පමණ වෙනවා. ඒ කියන්නේ සෑම අවස්ථාවකදී අළුත් පැය24 දත්ත මෙහි ගබඩා වෙනවා. පරණ ඒවා මැකෙනවා.
මුල් කාල වලදී දත්ත ගබඩා වුනේ “චුම්බක පටි” වල උනත් අළුත් ඒවායේ නම් “මයික්‍රෝ චිප්ස්” තමයි භාවිතා කරන්නේ. :yes: :yes:

තවත් දෙයක් තමයි මෙම උපකරණ අනතුරකදී සොයා ගත්තත් අපේ රටේදී නම් ඒවා කියවීමේ හැකියාවක් නැහැ. ඒවා කියවන්න නම් ඉන්දියාවට හරි නිෂ්පාදකයා ගාවට හරි ගෙනියන්න වෙනවා. නිෂ්පාදකයා ගාවට ගෙන ගියොත් සිදු වුන වැරැද්ද ඒ ‍අයගේ අතේ නම් ලැබෙන වාර්තාව ටිකක් සැක සහිතයි නේද? මොනාවා වුනත් ඒ වැරැද්ද ඊට පස්සේ හදාගන්න නම් පුළුවන්.

කොහොම උනත් උඩදී අනතුර ගැන දකින කෙනෙක් නැති නිසාත්, බ්‍රේක් ගහල නවත්තලා බැහැලා දුවන්නත් බැරි නිසා මේ කළු පෙට්ටියේ තොරතුරු ඉතාම වැදගත් මොනවා හරි වුන දේ හොයා ගන්න.



මීට අමතරව.......!
urlp.jpg



සෑම කලු පෙට්ටියකම මුද්‍රිත වගන්තියක් තියෙනවා.ඒකේ සඳහන් වෙන්නේ
''ගුවන් ගමන් තොරතුරු. විවෘත නොකරන්න (Flight Recorder; Do not Open)'' කියලා.

මේ කලු පෙට්ටියේ නිර්මාතෟ වෙන්නේ ඕස්ට්‍රෙලියානු විද්‍යාඥ ඩේවිඩ් වොරන්. එතුමා වසර 85 ක් ආයු වලඳා පසුගිය(2010)ජුලි 29 දා මිය ගියා.
එතුමාට ගෞරවයක් වශයෙන් එතුමා මිහිදන් කළ මංජුසාවේ එක වගන්තියක් ලියා තිබුනා ඒ '
'Flight Recorder inventor; Do not Open'' කියලා.:rolleyes::D

Source: http://apeahasa.blogspot.com/2010/03/orange-colour-black-box.html
 

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    LOKE 1ST TIME EKATA PLANES 3KA BLACK BOX 3 MA DESTROY UNA KIALA BORU KIUWE AMARICAWA (WORLD TRADE CENTRE ATTACK) KIALAT KATTIYA MATAKA TIYA GANNA ONA :)
     

    AeroPrincess

    Member
    Oct 31, 2010
    512
    53
    0
    Rivendell
    මීට කලින් ත්රෙඩ්1 ක් දාල කියල මම දැනන් හිටියෙ නෑ සොරි වෙන්න ඕන :sorry:
     

    AeroPrincess

    Member
    Oct 31, 2010
    512
    53
    0
    Rivendell