Stingray phone tracker
මේක මොබයිල්පෝන් ටැප් කරන උපාංගයක්(IMSI-catcher).ඇමෙරිකාව තමයි දැනට මේක බහුලවම පාවිච්චි කරන්නේ,විශේෂයෙන් උන්ගේ පොලිසිවල මේක තියෙනවා.
මේකෙදී කරන්නේ ටෙලිකොම් සමාගමේ දුරකතන කුළුනත් මොබයිල් පෝන් එකත් අතර ව්‍යාජ දුරකතන කුලුනක් මවා පාන එක.මේක හරියට දෙන්නෙක් කතා කරද්දී මැද ඉදන් අහන් ඉන්නවා වගේ වැඩක්.මේ උපාංගය දුරකතන කුළුනක් විදියට ක්‍රියා කරන නිසාත් සැබෑ දුරකතන කුළුනට වඩා ප්‍රබල සංඥා නිකුත් කරන නිසාත් මොබයිල් පෝන් මුලින්ම සම්බන්ධ වෙන්නේ අර උපාංගය එක්ක.එතනින් පස්සේ වෙන දේ කියන්න ඕනේ නෑනේ.
ඔය තියෙන්නේ භාණ්ඩේ වැඩ කරන හැටි සරලව
මේවා ලංකාවේ නෑ කියලා කියන්න බෑ.මොකද ආණ්ඩුවට මෙහෙම දෙයක් ගෙන්නන එක මහ ලොකු දෙයක් නෙමෙයි.ඒ නිසා ලංකාවේ අයියලා ටික පරිස්සමින් වැඩ කලොත් හොඳයි.