The Interview චිත්‍රපටය හා Sony සයිබර් ප්‍රහාරය ගැන ඔබ දැ&

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    The Interview චිත්‍රපටය හා Sony සයිබර් ප්‍රහාරය ගැන ඔබ දැ&

    The Interview චිත්‍රපටය හා Sony සයිබර් ප්‍රහාරය ගැන ඔබ දැනගත යුතු දේ !


    reuters-the-interview.jpg



    The Interview කියන්නේ පහුගිය කාලේ විශාල අවධානයක් දිනාගත් චිත්‍රපටයක්. James Franco සහ Seth Rogen විසින් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ උතුරු කොරියානු නායකයා වන “කිම් ජොන් උන්” ඝාතනය කිරීමට සැලසුම් කරන මාධ්‍යවේදීන් දෙදෙනකුගේ කතාවයි.

    මේ මතබේදාත්මක චිත්‍රපටය මේ වන විට මෙතෙක් ඉතිහාසයේ අන්තර්ජාලය හරහා වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වූයේ දෙසැම්බර් 24 දින සිට දින 4ක් ඇතුලත ඇමරිකානු ඩොලර් මිලියන 15ක ආදායමක් ඉපැයීමට සමත් වීමෙනි. ඒ වගේම මේ වන විට මිලියන 2කකට අධික පිරිසක් චිත්‍රපටය අන්තර්ජාලය ඔස්සේ නරඹා ඇත. මීට අමතරව තවත් මිලියන ගණනක් ටොරන්ට් වෙබ් අඩවි හරහා භාගත කරගනිමින් නරඹා ඇති නමුත් එම දත්ත නිවැරදිව වාර්තා වී නැත.
    The Interview චිත්‍රපටය මීට පෙර සිනමා ශාලා හරහා තිරගත කිරීමට Sony සමාගම තීරණය කර තිබුනත් උතුරු කොරියානු රහසිගත මෙහෙයුමක් මඟින් Sony සමාගම වෙත සයිබර් ප්‍රහාරයක් හරහා තර්ජණය කිරීම නිසා චිත්‍රපටය තිරගත කිරීම නවතා දැමුවා. යම් හෙයකින් චිත්‍රපටය තිරගත කලහොත් එම සිනමා ශාලා පුපුරුවා හරන බවත්, Sony සමාගමේ තිරගත වීමට ඇති චිත්‍රපට වල තිර පිටපත් විසුරුවා හරින බවත් ප්‍රහාරකරුවන් පැවසූවා.


    ඒ අනුව සිනමා ශාලා ඔස්සේ තිරගත කිරීම නවතා Youtube, XBox Video හා වෙනත් අන්තර්ජාල සේවා ඔස්සේ The Interview චිත්‍රපටය $5.99 ක් වැනි මුදලකට කුලියට දීමට (rent) Sony සමාගම කටයුතු කලා. චිත්‍රපටය මිලදී ගැනීමට නම් $14.99 ක් වැනි මුදලක් ගෙවීමට සිදුවනවා. කෙසේ නමුත් මෙලෙස අන්තර්ජාල සේවාවන් ඔස්සේ නැරඹිය හැක්කේ ඇමරිකාව හා කැනඩාව වැනි රටවල් වලට අයට පමණක් නිසා ක්ෂණිකව The Interview චිත්‍රපටය torrent වෙබ් අඩවි වල hit එකක් බවටත් පත් වුනා.

    nkor1.jpg



    මේ දැක්වෙන්නේ The Interview චිත්‍රපටය හා සම්බන්ධ සිදුවීම් සියල්ල සංක්ෂිප්තව යි.
    22 November: Sony සමාගමේ පරිගනක පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම.

    7 December: උතුරු කොරියාව සයිබර් ප්‍රහාරය පිළිබඳව වගකීම බාරගැනීම ප්‍රතික්ෂේප කිරීම.

    16 December: “Guardians of Peace” නම් සයිබර් ප්‍රහාරක කණ්ඩායම 9/11 ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් සිනමා ශාලා වලට එල්ල කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ නිව් යෝර්ක් හි පැවැත්වීමට නියමිත ව තිබූ මුහුරත් උළෙල අවලංගු කිරීම.

    17 December: ඇමරිකානු සිනමා ශාලා The Interview චිත්‍රපටය තිරගත කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා, නත්තල දිනයට යොදාතිබුණු එළිදැක්වීමේ උළෙල අවලංගු කරයි.

    19 December: FBI විසින් උතුරු කොරියානු සයිබර් ප්‍රහාරය තහවුරු කිරීම. ජනාධිපති ඔබාමා චිත්‍රපටය තිරගත කිරීම අවලංගු කිරීම අත්වැරදීමක් බව ප්‍රකාශ කිරීම.

    20 December: සයිබර් ප්‍රහාරය පිළිබඳ ඒකාබද්ධ විමර්ශණයකට උතුරු කොරියාවෙන් ආරාධනාවක් කිරීම, ඇමරිකාව එම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීම.

    22 December: පැය 10කට අධික කාලයක් උතුරු කොරියාව තුල අන්තර්ජාලය අවහිර වීම. ඇමරිකාව ඒ පිළිබඳ ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කිරීම.

    23 December: Sony සමාගමේ නිළධාරීන් සිය මතය වෙනස් කරයි. නත්තල් දිනයේ එළිදැක්වීම පිළිබඳ නැවත වරක් සැලකිලිමත් වීම.

    25 December: The Interview චිත්‍රපටය ඇමරිකානු සිනමා ශාලා කිහිපයකත් ප්‍රධාන වශයෙන් වෙබ් අඩවි හරහාත් එළිදක්වන ලදී.


    උපුටා ගත්තේ - ටෙක් ගුරු
     
    • Like
    Reactions: hemalsilva

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මට පේන්නේ මේක පිටිපස්සේ ඉන්නේ සෝනි සමාගමමයි කියලා , ඇයි සිනමාහල් වලට විතරක් දාන්න එපා කිව්වේ ? මේක මාර්කටින් ට්‍රික් එකක් වගේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මට පේන්නේ මේක පිටිපස්සේ ඉන්නේ සෝනි සමාගමමයි කියලා , ඇයි සිනමාහල් වලට විතරක් දාන්න එපා කිව්වේ ? මේක මාර්කටින් ට්‍රික් එකක් වගේ


    හප්පේ උබ ඉන්නවද..... උබගෙන් කිසිම සද්දයක් තිබ්බේ නැ මේ ටිකේ
     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    There’s also the overall timeline of the hack to take into consideration. The hackers managed to exfiltrate around 100 terabytes of data from Sony’s network — an arduous task that, to avoid detection, probably took months. Given how long it would’ve taken to gain access to Sony Pictures, plus the time to exfiltrate the data, I think the wheels started turning long before North Korea heard about The Interview.
    :eek::eek::eek:

    SOURCE- http://www.extremetech.com/extreme/196152-who-really-hacked-sony-pictures-it-probably-wasnt-north-korea
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    ෆිල්ම් එක බැලුවා, සුපිරිම කියන්නත් බැහැ. හැබැයි චෝනි එකේ උන්ම කරපු වැඩක් ද දන්නේ නැහැ
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මාත් සීන් එක දැක්කා මොකක්ද කියල හරියටම තෙරුනෙ නැහැ.දැන් තමයි තෙරුනේ.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔය ෆිල්ම් එක බැලුවෙ නෑනේ බං.. සිංහල උපසිරැසි නැද්ද දාලා ඕකට..?

    oka balanna sinhala sub one na ban.:D:D:yes::P:rofl:

    patan gaththa welawe idan hoda kunuharapa yanne.ithin mona sub da ban.:rofl::P
     

    Similar threads