The Mentalist බැලුව සීසන් 1 ඉදං හොඳට ආවා. ජේන් ක්‍රයිම් සොල් කරන විදිහ මරු. හැබැයි මේ Red John චරිතෙ නිසා ඔක්කොම වර්චස් වෙලා ගියා කියල මට හිතෙනව. අන්තිමේට බලද්දී Red John Small Town ෂෙරිෆ් කෙනෙක්.
කොහොම හරි මේ ෂෙරිෆ්ට Al Capone /Pablo Escobar වගෙ පවර් එකක් තියෙනව/ වෙල්ත් එකක් තියෙනවා මේ ඔක්කොම මෙහෙය වන්න. FBI/ CBI එකේ මිනිස්සු ඉන්නවා මුට වැඩ කරන. මිනිස්සු ගෑනු ලැස්ති මු වෙනුවෙන් මැරෙන්න.
ජේනුත් අනිත් කේස් වලදී ෂර්ලොක් හෝම්ස් වගෙ, රෙඩ් ජෝන් කේස් වලදී ඩිටෙක්ටිව් ෆ්‍රෑන්ක් ද්‍රේබින් වගේ?
කොහොම හරි අන්තිමේට තිබ්බ රස නැතුව ගියා. crime සිරිස් එකකට වඩා melo-drama එකක් වුනා.
මගේ මතේ නං සිරිස් එක හොදයි රෙඩ් ජොන් චරිතේ දාල වර්චස් කරේ නැත්නම්. කේස් සොල්ව් කරන විදිහ එහෙම ඉන්ටරෙස්ටින්ග්.
මගෙ අදහස කිවුවෙ දැන් කියන්න එපා එහෙනම් උඹ හොද සීරිස් එකක් හදපන්කෝ කියල.