The Million Dollar Homepage Story

Apr 24, 2015
70
7
0
Ceylon
milliondollar.png


The Million Dollar Homepage කියන්නේ වෙබ් සයිට් එකක්. මේක පටන්ගත්තේ ඇලෙක් කියල තරණයෙක් එයාගේ උසස් අධ්‍යාපන කටයුතු වලට මුදල් හොයාගන්න. යූරෝ කීපයක් හොයාගෙන ඩොමේන් නාමයකුයි වෙබ් හොස්ටින් පහසුකමත් ලබාගෙන එයාම මේ වෙබ් අඩවිය හදාගත්ත. මේ වෙබ් අඩවියේ සංකල්පය ටිකක් විතර අසාමාන්‍යයි.

ඒ මොකද කියනව නම් මේ වෙබ් අඩවියෙ විකුණන්නේ pixels මුලු පේජ් එකේම තියෙන පික්සල් මිළියනයක් තමයි මෙයා විකුණන්නේ. එක පික්සල් එකක් ඩොලර් එකක්. ඉතින් මේ පික්සල් ඉඩ අපිට මුදල් ගෙවල අරන් ඇඩ්වටීස්මන්ට් දාන්න පුලුවන්. ඇත්තටම හිතා ගන්න බැරි විදියට මේ වෙබ් අඩවිය ජනප්‍රිය උනා. ලොකේ විශාල සමාගම් පවා මෙම වෙබ් අඩවියේ පික්සල් ඉඩ ලබාගෙන ඇඩ්ස් දාල තියෙනව ඔය ebay.com වගේ අය පවා. කොහොම හරි මේ වෙබ් අඩවියේ මුලු පික්සල් මිළියනයම විකුණිලා ඉවර වෙනව.

දැන් ඇලෙක්ස් මිළියනර් කෙනෙක්. මේ සංකල්පය කොපි කරල ගොඩ දෙනෙක් මේ වගේ වෙබ් අඩවි හැදුවත් ඒ එකකට වත් මේ වගේ සාර්තක වෙන්න බැරි උනා. ඒ වගේම වෙබ් අඩවියට DDoS ප්‍රහාරයක් කීප විටෙක එල්ල වෙලා තියෙනව.