ක්‍රිස්ටෝපර් නෝලාන්ගෙ මීළග සිනමාපටය ක්‍රිස්තු පූර්ව 750-650 ත් කාලයේදී 'Homer' කියන පුරාණ ග්‍රීක කවියා රචනා කරපු "The Odyssey" කියන කවි පන්තිය ඇසුරෙන් නිර්මාණය වෙන්නක් බව සිනමාපටය නිෂ්පාදනය සදහා ලොව පුරා බෙදා හැරීම සිදු කරන 'Universal' ස්ටූඩියෝව මගින් අද දිනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ග්‍රීක වීරවරයෙක් වෙන 'Odysseus' එහෙමත් නැත්නම් "king of Ithaca", ට්‍රෝජන් යුද්ධයෙන් අනතුරුව තමන්ගේ නිජභූමිය කරා යළි පැමිණෙන්න සිදු කරන දුෂ්කර ගමන තමයි මේ කවි පන්තියෙන් ඉදිරිපත් කරන්නේ. නෝලාන්ගෙ මේ අලුත් සිනමාපටය රූපගත කරන්න වැඩිදියුණු කරපු නවතම 'IMAX' සිනමා කැමරාවන් යොදාගන්නත් නියමිතව තිබෙනවා.
සිනමාපටය සදහා රංගනයෙන් දායක වන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්
Matt Damon
Tom Holland
Anne Hathaway
Robert Pattinson
Charlize Theron
Zendaya
Lupita Nyong'o
ඉස්සර රූපවාහිනියෙ පෙන්නපු "The Odyssey" මිනි සිරීස් එක කට්ටියට මතක ඇතිනෙ.

Last edited:


