The Sri Lanka Bonsai Association

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    බොන්සායි නිර්මාණකරණයට අත්වැලක් මැයෙන් ඉදිරිපත් කරන අපේ සිංහල පාඩම් මාලාවේ මීළඟ සටහන ගලක් මත මුල් විහිදුනු හැඩතලය (Root Over Rock Style) ගැනයි. මේ රූපවලින් දැක්වෙන්නේ අපේ පසුගිය ප්‍රදර්ශණවලට ඉදිරිපත් කළ මෙම හැඩතලයේ නිර්මාණ කිහිපයක්.

    20228438_1810499402298522_1063801917458259298_n.jpg

    20228720_1810499658965163_3858408208270725420_n.jpg

    20157821_1810499992298463_4476679978834794447_o.jpg

    20258495_1810500388965090_964718220100858313_n.jpg

    20228695_1810500705631725_5169204868375933208_n.jpg

    20231972_1810501708964958_5334053176830730656_o.jpg
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    පට්ට :) මෙහෙම ගහක් හදන්න කොච්චර කල් යනවද මචං

    මෙතන ඔය ඔක්කොම විස්තර තියෙනවා [/SIZE]

    බොන්සායි නිර්මාණකරණයට අත්වැලක්
    එම්.ඒ.පේමසිරි
    1. නවකයන් සඳහා මූලික උපදෙස්
    1.1. බොන්සායි යනු කුමක්ද?
    බොන්සායි යනු ජපන් වචනයක් බව අපි හැම දනිමු. සායි යනු ගසකි. බොන් යනු පැතලි බඳුනකි. එබැවින්, බොන්සායි යන වචනයේ සරල අදහස වන්නේ පැතලි බඳුනක සිටවූ ගසක් යන්නයි. එහෙත් අප විසින් තේරුම් ගත යුතු මූලික කරුණක් වන්නේ පැලයක් ගෙන පැතලි බඳුනක සිටවූ පමණින් එය බොන්සායි ගසක් නොවන බවයි. එසේ කල යම් කෙනෙකුට තම ගස බොන්සායි නිර්මාණයකැයි තර්ක කිරීමට හැකි වුවත්, එය සාර්ථක බොන්සායි නිර්මාණයක් වීමට නම් බොහෝ කරුණු සම්පූර්ණ විය යුතුයි.
    මූලික වශයෙන්, බොන්සායි ගසක, විශාල ගසකට සමාන හැඩරුවක් තිබිය යුතුයි. හරියට කුඩා පරිමාණයකට කල ගසක අනුරුවක් වගෙයි. නිර්මාණකරුගේ කාර්යය වන්නේ ස්වාභාවිකව දක්නට ලැබෙන පැරණි ගසකට සමාන පෙනුමක් ඇති කුඩා ගසක් හදා ගැනීමයි. එය පියකරු පෙනුමකින් යුතු, කෘතිම බවක් නොපෙන්වන, බලන කෙනෙකු ගේ අගැයීමට ලක්වන හොඳ කලා නිර්මාණයක් විය යුතුයි. අප එය සපුරා ගන්නේ කෙසේද?
    මෙහිදී ඔබ විසින් කල යුතු මූලික දෙයක් වන්නේ අප අවට ,පරිසරයේ දකින්ට ලැබෙන ගස් ගැන අධ්‍යයනයක් කිරීමයි. මෙයින් අදහස් කරන්නේ හුදෙක් ගස් දෙස බලා සිටීම නොවේ. ගස් වල ව්‍යූහය ගැන විචාරාත්මකව බලමින්, ගසකට පියකරු බව ලැබෙන අංග මොනවාදැයි හැදෑරීමෙන්, එක ගසක් තවෙකකට වඩා පියකරු වන්නේ, විශේෂ වන්නේ කෙසේදැයි තේරුම් ගැනීමෙන් මෙය කල හැකියි. එවැනි පියකරු හැඩතල කුඩා පරි මාණයකට නිර්මාණය කරන්නේ කෙසේදැයි අවබෝධ කල හැකි වන්නේ එලෙසයි. උද්‍යානවල, පාර දෙපස, කඳු සහිත පරිසරයක, හෝ ගං ඉවුරුවල, දකින්නට ලැබෙන විවිධ හැඩතල ඇති ගස් හා ගස් සමූහ ගැන හැදෑරීමෙන්, බොන්සායි නිර්මාණ කරුවකුට තම නිර්මාණකරණයට අවශ්‍ය වස්තුබීජ නොඅඩුව ලැබේ.
    බොන්සායි යනු ස්වාභාවිකව කුරු වූ ශාඛ නොවේ. රසායනික උපක්‍රමවලින්, ගසට අවශ්‍ය පෝෂණය නොදීමෙන්, හෝ කුඩා බඳුනක මුල් සිර කොට තැබීමෙන්, වැඩීම අඩාල කිරීමක්ද නොකෙරේ. බොන්සායි ගසක වැඩීම කළමණාකරණය කිරීම සිදුවන්නේ නිරන්තර, කප්පාදුව මගිනි. බොන්සායි ගසක ප්‍රමාණය හා හැඩතලය තීරණය කරන්නේ නිර්මාණකරු විසින්මයි. ඒ සඳහා, ඔහුගේ හෝ ඇයගේ කලාත්මක හැකියාවන් මෙන්ම කෘෂිකාර්මික දැනුමත් උපයෝගී වේ.
    බොන්සායි ගසක වයස ගැන දැනගැනීමට බොහෝ දෙනා උත්සුක වෙති. ඇත්තෙන්ම බොන්සායි ගසක වයසෙහි කිසිදු වැදගත්කමක් නොමැත. වඩාත් වැදගත් වන්නේ එහි පෙනෙන නැත්නම් දෘශ්‍ය වයසයි. වාර්තාකරණය සඳහා, බොන්සායි ලෙස පුහුණු කල කාලය සඳහන් කලත්, එයද එම ගසෙහි ඇති කලාත්මක පියකරු බව හා නිර්මාණකරු ප්‍රදර්ශණය කරන කුසලතාව තරම් වැදගත් නැත. හොඳ බොන්සායි නිර්මාණයක්, එය මූලිකව හැඩගැස්වූ මොහොතේම පියකරු දසුනක් මවයි. කාලයත් සමග එය තවදුරටත් වැඩි දියුණුවනු ඇත. එහෙත් මුලින්ම අසාර්ථක ලෙස නිම වුනු නිර්මාණයක්, පසුව වෙනස් නොකලහොත් කොතරම් කල් ගතවුවත් එහි අසාර්ථක බව රැඳී පවතිනු ඇත.
    නවකයකුට ඇතිවන තවත් ප්‍රශ්ණයක් වනුයේ බොන්සායි නිර්මාණයක විශාලත්වයයි. බොන්සායි ගසක් අඩි 3ක් 4ක් පමණ උස විය හැකි මෙන්ම උසින් අඟල් 2ක් හෝ 3ක් පමන වන මිනි බොන්සායි ගසක් වුවත් හදා ගත හැකියි. විශාල ගසක් වඩා සුදුසු, එමෙන්ම හදා ගන්නට පහසු ලෙස සමහරු කල්පනා කරති. ඒ දෙකම වැරදි අදහස් බව කිව යුතුයි. අවශ්‍ය වන්නේ, ප්‍රමාණය කුමක් වුවත් කලාත්මක බවින් යුතු හොඳ නිර්මාණයක් ලබා ගැනීමයි.

    https://www.facebook.com/SLBonsai/
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁

    එල මචං :)