The X - Files නැවත ඇරඹේ!

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    [FONT=Malithi_Web]The X - Files නැවත ඇරඹේ! නැවත ඉක්‌මනින් නිමවේ ද?
    [/FONT]
    [FONT=Malithi_Web]
    p17-1.jpg
    වසර 14 ක දිගු නිහැඬියාවකට පසු රුපවාහිනියට නැවත The X Files කතා මාලාව පැමිණීම ලෝකයේ රුපවාහිනී ප්‍රේක්‌ෂකයන්ට බලාපොරොත්තු නොවූ සිහිනයක්‌ සැබෑවීමක්‌ බඳුයි. ඇමරිකානු රහස්‌ ඔත්තු සේවාව වන FBI හි ඒජන්ත දෙපළක්‌ වන අපරාධ විශ්ලේෂක ෙෆdක්‌ස්‌ මල්ඩර් හා වෛද්‍ය ඩේනා ස්‌කලී විසින් ඒ වනතෙක්‌ විසඳීමට නොහැකිව ඉවත ලා තිබෙන අද්භූත, අසාමාන්‍ය මරණ සංසිද්ධි අඩංගු ලිපිගොනු නැවත සෙවීමට ඇරඹීම එක්‌ස්‌ ෆයිල්ස්‌ විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවේ ආරම්භයයි. මල්ඩර් පිටසක්‌වල ජීවීන් පිළිබඳව විශ්වාස කරන අතර, ස්‌කලී නිරතුරු කුතුහලයෙන් යුක්‌ත, හේතු රහිතව කිසිවක්‌ පිළි නොගන්නා චරිතයකි. මල්ඩර් විසින් හඳුනාගෙන ඇති පරීක්‌ෂණ, විද්‍යාත්මක ලෙස විශ්ලේෂණය ස්‌කලීගේ කාර්ය භාරයයි. 1993 සිට 2002 දක්‌වා කථාමාලා (seasදබ) නමයකින් ද කථාංග 202 කින්ද යුක්‌තව නිර්මාණය වූ ඔයෑ X Files බොහෝ රටවල ජනප්‍රිය විය. ත්‍රාසය, භීතිය, කුතුහලය නොකඩවා රඳවාගෙන විකාශනය වූ එක්‌ස්‌ ෆයිල්ස්‌හි නිර්මාතෘ, රුපවාහිනි කතා රචක හා විචාරක ක්‍රිස්‌ කාටර් එම යුගය හඳුන්වන්නේ රුපවාහිනියේ ස්‌වර්ණමය යුගය ලෙසයි. 2016 නැවත X Files ඇරඹීම අභියෝගයක්‌ ලෙස දක්‌වන ඔහු, කලින් මෙන් seasදබ එකක්‌ කථාංග 24 ක්‌ දක්‌වා ඇදීයනු වෙනුවට කොටස්‌ හයකින් යුක්‌ත ස්‌ථිර කරුණු විශ්ලේෂණ සහිත ක්‍රියා පිළිවෙළක්‌ අඩංගු කතා ඉදිරිපත් කරයි.

    p17-2.jpg
    "හැමදේම උඩු යටිකුරු වුණු හරිම කුතුහලයෙන් පිරුණු යුගයක්‌ මේ. මුලින් කතා විකාශනය වුණු 90 දශකයෙන් සම්පූර්ණ වෙනසක්‌ දැන් තිබෙන්නේ. මිනිස්‌සු අද විද්‍යාව හෝ විද්‍යාත්මක ක්‍රමය එතරම් විශ්වාස කරන්නේ නැහැ. ඇත්තම කිව්වොත් මිනිස්‌සු කිසිවක්‌ විශ්වාස කරන්නේ නැහැ. ඒත් කුමන්ත්‍රණ, රජයේ අනිසි බලපෑම් න්‍යාය කවදාටත් වඩා විශ්වාස කරන බවයි පෙනෙන්නේ. මම වඩාත් එළිදරව් කරන පැත්ත ගැන යොමුවන්නේ ඒ නිසයි" 2018 එළිදක්‌වන seasදබ 11 පිළිබඳ අදහස්‌ දක්‌වමින් කාටර් පවසයි. 2016 ප්‍රදර්ශනය වූ දහවැනි කථාමාලාවේත් මල්ඩර් හා ස්‌කලී පිටසක්‌වල ජීවීන් හා අසාමාන්‍ය සංසිද්ධි ගැන විමර්ශනය කරන අතර, ඔවුන්ගේ පුත්‍රයා ගැන ද කියවේ. පෙර කතා මෙන්ම විද්‍යා ප්‍රබන්ධ ස්‌වරුපය පවතින අතරම ඇමරිකා එක්‌සත් ජනපදයේ වත්මන් දේශපාලනික තත්ත්වය හා ජනපතිවරයා ගැන විවේචනාත්මක පසුබිම් කරුණු අඩංගුය. ඔයෑ X Files ජනප්‍රිය බවට මූලික වන්නේ මල්ඩර් හා ස්‌කලී ලෙස රඟපාන ඩේවිඩ් ඩුකව්නි හා ගිලියන් ඇන්ඩර්සන් නළු නිළි යුවළගේ අද්විතීය, චිරස්‌ථායි චිත්තවේගීය බැඳීමයි. කථාමාලා සුවිශේෂ වන්නේ මේ දෙදෙනාගේ මනෝ විද්‍යාත්මක සම්බන්ධතා සංකීර්ණය නිසායි. මොවුන් දෙදෙනා රුපවාහිනී කථාමාලාවන්හි කලින් කලට මතුවී නැසෙන ගතික නළුනිළි යුගලයන් උදෙසා ආදර්ශ රාමුවක්‌ වැනිය "ඩේවිඩ් හා ගිලියන් නැත්නම් X Files හි අත්‍යවශ්‍ය ප්‍රාණය ද නැහැ" කාටර් පවසයි. "මම හැමවිටම අනිත් අයට කියන්නේ ඒ දෙදෙනාගේ සබැඳියාව ආශ්චර්යයක්‌ වගේ. ඒ දෙදෙනා වෙන වෙනම නළුවෙක්‌, නිළියක ලෙස ගත්තම මේ කතාවේදී වගේ සංකීර්ණ බැඳීමක්‌ නැහැ. 1993 කැනඩාවේ වැන්කුවර් නගරයේ මුල්ම රූ ගත කිරීමෙදීම මම දැනගත්තා මේ දෙදෙනාගේ අපූර්ව ගැලපීමත් කතාවේ හරයට එකතුවෙන බව". ඩුකව්නි හා ගිලියන් දෙදෙනාම X Files හි රංගනයන් උදෙසා ප්‍රධාන පෙළේ සම්මාන ගණනාවක්‌ දිනාගෙන තිබේ. X Files පිළිබඳ ඩුකව්නි හා ගිලියන් පෙනී සිටින මාධ්‍ය සාකච්ඡාවලදී පවා එකිනෙකාට විහිළු කර ගනිමින්, තරවටු කරමින් දක්‌වන්නේ කාලයක්‌ මුළුල්ලේ එකිනෙකා හඳුනාගෙන, එක්‌ව බැඳී චරිතවලට පිවිස ක්‍රියාකිරීමේ ස්‌වභාවයයි. "ඇත්තෙන්ම විශාල ගැම්මක්‌, බැඳීමක්‌ තියෙනවා" ඩුකව්නි එකඟවෙයි." ඒ වගේම මුල් කතා කොටස්‌වල ස්‌ත්‍රී පුරුෂ භූමිකා මාරුවීමක්‌ වගේ තිබුණා. මල්ඩර් සංවේදී, චිත්තවේගික, අවිචාරී චරිතයක්‌ වුණු අතර ස්‌කලී විචාරශීලී, ඉවසන දැඩි චරිතයක්‌. රුපවාහිනි නාට්‍ය චරිත ගැන පමණක්‌ හිතුවත් එය හරිම විප්ලවකාරීයි. එයම මටත් ගිලීයන්ටත් මේ චරිතවල කිමිදෙන්න උපකාරී වුණා". "මල්ඩර් හා ස්‌කලී එකිනෙකා මත රැඳී පවතින්නේ" ගිලියන් ස්‌වකිය චරිතය විස්‌තර කරමින් එකඟවන්නීය. වැන්කුවර්හි දිර්ඝකාලින රූගත කිරීම් වලදී මෙන්ම එය විකාශනය වන විට තිරය මතත් එම බැඳීම් වර්ධනය කාහටත් දැනුණු බව ඇය පවසයි. "ඔවුන් දෙදෙනාට දෙදෙනාගේ උපකාරය අවශ්‍යයි. මිථ්‍යා කතාවක වුවත්, අවතාර කතාවක වුවත්, චරිතවල පුද්ගලික ගැටලු ඇති අවස්‌ථාවක වුවත් ඒ දෙදෙනා කණ්‌ඩායමක්‌, එකිනෙකා ගැන හොඳින් සොයා බලන කණ්‌ඩායමක්‌". "පළමු කොටස්‌ දෙක තුනේදී මම රඟපෑවේ රැකියාවක්‌ කරනවා වගේ. පහසු වුණේ නැහැ" ඩුකව්නි පවසයි. "පසුව එය හුරුවුණා. එකම පුද්ගලයා ලෙස රඟපානවා වුණත් දිනපතා ප්‍රශ්න කරගන්න ඕනේ ඇයි මම මේක කරන්නේ? මොකද්ද සාක්‌ෂාත් කරගන්නේ? කියල. රූපගත කිරීමක්‌ සංඝටන හා සැමරුම් බවට පත්වීමට පෙර මෙයට සම්බන්ධ සියලු දෙනා සමඟ යම් යම් දේ සිදුවෙනවා. නළු නිළියන් ලෙස අපටත් ඒ ගැන වෙනස්‌ අදහස්‌ තියනවා. අපි එකිනෙකා හා ප්‍රශ්න කරනවා. චරිතයට පිවිසීමේ විවිධ ක්‍රම යෝජනා කරනවා. අපිට හොඳ ඉතිහාසයක්‌ තියන හින්ද විතරක්‌ නෙමෙයි මෙතරම් පූර්ණ, සරුසාර චරිත නිරුපණය පුළුවන් වෙලා තියෙන්නේ, භෞතික තොරතුරු, පසුබිම ආදී සියල්ල හොඳ නිසා. අපි නිරතුරු වර්ධනය වෙමින් සිටින නිසා" නවතම කොටස්‌වලට පිවිසීමේදී වසර විස්‌සකට පෙර තිබුණට වඩා ඔවුන් දෙදෙනාගේම රඟපෑම්වල ඉහළ සංවර්ධනයක්‌ සිදුව ඇති බව කාටර් පිළිගනියි. ඞ- සෙකැs නොතිබුණු වසර 14 පුරා ඔවුහු වෙනත් චරිතාංගයන්හි රඟපා හැකියා වැඩි දියුණු කරගෙන සිටිති. "එකම චරිතයක බොහෝ කලක්‌ ජීවත්වීම පහසු දෙයක්‌ නොවේ" ගිලියන් කියයි. "මල්ඩර් හැම වෙලේම මල්ඩර්. නිරන්තරයෙන් එක වගේ උද්යෝගය රැකගෙන මෙහෙම වෙන්න පුළුවන්ද? අඟහරු ලෝකෙන් ගලක්‌ එතනට වැටුණත් ගණන් නොගන්න තරම් එපාවෙච්ච වෙලාවල් තියෙනවා... ඒක කිව්වම කාටර් 'ඔන්න අඟහරු ලෝකෙන් ගලක්‌' කියල අපිව නැගිට්‌ටලා පොළඹවන්න පුරුදු වුණා" ඩුකව්නි සිනාසෙයි. "අපිට මේ චරිත ගැන තියෙන්නේ කැමැති- අකැමැති සම්බන්ධතාවක්‌. මම මල්ඩර්ට කැමති වගේම වෛර කරනවා. ගිලියනුත් ස්‌කලී ගැන එහෙම හිතන බව මම දන්නවා. එහෙත් ඒ කිසිවක්‌ චරිතවල වෙනසක්‌ කිරීමකට හෝ රචකයන් චරිත ගොඩනංවන විදිය වෙනස්‌ කරන්න යොදන්නේ නැහැ". පසුගිය ජනවාරි පස්‌වැනිදා අනාවරණය වූ පරිදි seasදබ 11න් පසු ගිලියන් ඇන්ඩර්සන් X Files රඟපෑමෙන් සමුගනු ඇත. "මම මේ තීරණය ගත්තේ අලුත් ආරම්භයේ 10 කතාමාලාව රඟපාන්නත් කලින්. මම හිතුවේ ඒ කොටස්‌ හය විතරයි කියල. දශක ගණනක්‌ මම ස්‌කලී වුණා. එයින් අයින් වෙන්න කාලේ හරි. ඒ හින්ද seasදබ 11න් පස්‌සේ ආයේ X-Files තිබුණත් මම නැහැ" ගිලියන් ස්‌ථිර හඬකින් පවසා ඇත. "මට කනගාටුයි ඩුකව්නි වගේම අනිත් අයගෙනුත් සමුගන්න. ඒත් මේ අවසානයයි". මේ පිළිබඳව ඩුකව්නිගෙන් විමසූ විට ඔහු පැවසුවේ ඔහු ද මින් පෙර ඒකාකාරී බව නිසා මෙම නාට්‍ය මාලාවෙන් සමුගන්න උත්සාහ කළ බවයි. Season 8 හි අර්ධයකත්, Season 9 හිත් ඔහු පෙනී සිටියේ නැත. "එකම චරිතය එක ලෙස උද්යෝගයෙන් රඟපෑමෙන් මම වෙහෙසට පත්ව අයින් වුණා. ඔවුන් මා නැතිවත් දිගටම කතාව ගෙනගියා. මමත් හිතන් හිටියේ කතාව ඉවරෙටම ඉවරයි කියල. අවුරුදු 14 කට පස්‌සේ දහවැනි කතාමාලාව කරන්න මම ආයෙත් ආවා. මට මේ කතා මෙතනින් අවසාන වුණත් නැතත් වෙනසක්‌ නැහැ". තම ඉවත්වීම නිසා මෙම නාට්‍ය මාලාව පුරාම තිබූ ස්‌කලී චරිතය ඉවත් කරන්නට වීම ගැන ගිලියන් කිසිවක්‌ නොකියයි. The X Files රචක හා නිෂ්පාදක ග්ලෙන් මෝර්ගන් ට අනුව season 11 අවසාන වන විට ප්‍රේක්‌ෂකයන්ට සමහර අබිරහස්‌ විසඳි තිබෙනුත්, සමහර ප්‍රශ්න එසේම තිබෙනුත් පෙනෙනු ඇත. එය මේ නාට්‍යමාලාවේ ස්‌වභාවයයි.

    බුද්ධිනී රුහුණුහේවා
    කැනඩාව
    [/FONT]