Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔවුන් කන්දක් මුදුනට ධාවනය කරමින්, ඉන්පසු නිම්නයක් වෙත පල්ලම් බැස්සෝය. මාර්ගය නියත ලෙස කරකැවෙමින් පහතට ගමන් කලේය. මාර්ගයේ වමතින් වූයේ ඇද කුද ව ගිය ආරක්ෂාකාරී වැටකි. දකුනතින් වූයේ අහස කරා දිවගිය බිත්තියක් බදු ශෛලමය කදු මුහුනතකි.

මද වේලාවක් යනතුරැ එකිනෙකාට දෙපසින් සහ ඉදිරියෙන් ධාවනය කලේ ලෙමී සහ වින්ස්ය. එහෙත් අනතුරැව ලෙමී තම වේගය බාල කල අතර, ඔහුගේ තැන ගැනීමට ඉදිරියට පැමිනියේ රේස් ය. පියා සහ පුත්‍රයා එකිනෙකාට දෙපසින්, සගයින් ලෙස ගමන් කරන්නට විය. රේස් ගේ නළුවෙකුගේ බදු කාලවර්ණ කෙස් කලඹ, සුළග විසින් ඔහුගේ නලලතින් පසුපසට පිසදැමුනේ, සුළග සමග රැලි නගන්නට විය. දැන් බටහිර ආකාශයේ එල්ඹෙමින් තිබූ හිරැගේ රැස්, කොළුවාගේ (Kid) අවු කණ්ණාඩි වල කළුවන් කාචයන්ගේ වැදී ඒවා දවමින්, ගිනිගත් කලෙක මෙන් දිලිසුම් දුන්නේය.

වින්ස් මොහොතකට තම දෑස් කොනෙන් ඔහු දෙස බලා සිටියේය. රේස් ශක්තිමත් සහ උසැති තරැණයෙක් වූ අතර, ඔහු තම බයිකය මත හිදගෙන සිටින සැටි පවා ප්රචණ්ඩ භාවය දක්වන ක්‍රියාවක් මෙන් පෙනිනි. ඔහු මාර්ගයෙහි වංගු කැපූයේ, තම බයිකය තාර පාර මත අංශක හතලිස් පහක් දක්වා ඇල කරමිනි. වින්ස් ඔහු සතුව තිබූ ස්වභාවික ලාලිත්‍යයෙන් යුතු ක්‍රියාශීලීත්වයට ඊර්ශ්‍යා කලේය. එහෙත් රේස් තම යතුරැ පැදිය ධාවනය කලේ විනෝදයට වඩා බර වැඩක් කරන්නාක් මෙන්ය. එහෙත් වින්ස් යතුරැ පැදි ධාවනයට ප්‍රිය කලේ, ඔහුට එය කිසිසේත්ම බර වැඩක් නොව, විනෝදයක් වූ හෙයිනි. රේස් කවරදාක හෝ තමා සමග මොහොතකට හෝ සමාදානයෙන් සිටියේ දැයි හෝ තමා කල කී දෑ තම සිතට එකගව කලේ දැයි වින්ස් අලස ලීලාවෙන් කල්පනා කලේය.

මෙවිට, යෝධ එන්ජිමකින් නැගනු, පොලොව කුඩු කරන තරමේ ශබ්ධයකින් යුතු හෙණ හඩක් බදු ගර්ජනයක් ඔවුන් පිටුපසින් නැගී ආවේය. වින්ස් තම උරහිස මතින් සෙමින් පිටුපස බලන විටම ඔහු දුටුවේ, ට්‍රකය ඔවුන් කරා වේගයෙන් එන සැටිය--වතුර විලක් අසල ගැවසෙමින් සිටි ගැසෙල් මුවන් රොත්තක් වෙත, ගස් කොල අස්සේ සැංගී සිටි සිංහයෙකු පනින්නාක් මෙන්. සෑමවිටම මෙන් කල්ලිය ගමන් කරමින් සිටියේ පොකුරැ සෑදී වූ අතර, පල්ලම් වලදී ඔවුන් ගමන් කලේ හතලිස් පහක් තරම් වේගයෙනි. එහෙත් ට්‍රකය ධාවනය වෙමින් තිබුනේ හැටක තරම් වාත වේගයකිනි. වින්ස්ට කල්පනා කිරීමට මද කාලයක් තිබිනි -- ට්‍රක් රියදුරා වේගය බාල කරන්නේ නැත. එවිටම, ලාෆ්ලින් කල්ලියෙහි පසුපසින්ම ගමන් කල තිදෙනාව හප්පාගෙන ඉදිරියට ඇදුනේය. යකඩයට යකඩය වැදෙන විට නැගුනු හඩ කන් බෙර පලන සුළු විය.

යතුරැ පැදි ගුවනේ පියාඹා ගියේය. එක් හාර්ලි බයිකයක් ගල් පර්වත මුහුනත වෙත විසි වී ගිය අතර එහි රියදුරා--ජෝන් කිඩර් (ඇතැම් විට ඔහුව අමතනු ලැබුවේ බේබි ජෝන් යනුවෙනි)--එහි වැදි වීසි වී ගියේ කැටපෝලයකින් ගලක් විදි කලෙක මෙනි. ඔහු ගලෙහි වැදි ආපසු විසි වීමෙන් පසු, ලාෆ්ලින්ගේ ට්‍රකයෙහි ලෝහමය බෙල්ටයන් සහිත රෝද යට අතුරැදන් වී ගියේය.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20783033, member: 495054"] [SIZE=4]ඔවුන් කන්දක් මුදුනට ධාවනය කරමින්, ඉන්පසු නිම්නයක් වෙත පල්ලම් බැස්සෝය. මාර්ගය නියත ලෙස කරකැවෙමින් පහතට ගමන් කලේය. මාර්ගයේ වමතින් වූයේ ඇද කුද ව ගිය ආරක්ෂාකාරී වැටකි. දකුනතින් වූයේ අහස කරා දිවගිය බිත්තියක් බදු ශෛලමය කදු මුහුනතකි. මද වේලාවක් යනතුරැ එකිනෙකාට දෙපසින් සහ ඉදිරියෙන් ධාවනය කලේ ලෙමී සහ වින්ස්ය. එහෙත් අනතුරැව ලෙමී තම වේගය බාල කල අතර, ඔහුගේ තැන ගැනීමට ඉදිරියට පැමිනියේ රේස් ය. පියා සහ පුත්‍රයා එකිනෙකාට දෙපසින්, සගයින් ලෙස ගමන් කරන්නට විය. රේස් ගේ නළුවෙකුගේ බදු කාලවර්ණ කෙස් කලඹ, සුළග විසින් ඔහුගේ නලලතින් පසුපසට පිසදැමුනේ, සුළග සමග රැලි නගන්නට විය. දැන් බටහිර ආකාශයේ එල්ඹෙමින් තිබූ හිරැගේ රැස්, කොළුවාගේ (Kid) අවු කණ්ණාඩි වල කළුවන් කාචයන්ගේ වැදී ඒවා දවමින්, ගිනිගත් කලෙක මෙන් දිලිසුම් දුන්නේය. වින්ස් මොහොතකට තම දෑස් කොනෙන් ඔහු දෙස බලා සිටියේය. රේස් ශක්තිමත් සහ උසැති තරැණයෙක් වූ අතර, ඔහු තම බයිකය මත හිදගෙන සිටින සැටි පවා ප්රචණ්ඩ භාවය දක්වන ක්‍රියාවක් මෙන් පෙනිනි. ඔහු මාර්ගයෙහි වංගු කැපූයේ, තම බයිකය තාර පාර මත අංශක හතලිස් පහක් දක්වා ඇල කරමිනි. වින්ස් ඔහු සතුව තිබූ ස්වභාවික ලාලිත්‍යයෙන් යුතු ක්‍රියාශීලීත්වයට ඊර්ශ්‍යා කලේය. එහෙත් රේස් තම යතුරැ පැදිය ධාවනය කලේ විනෝදයට වඩා බර වැඩක් කරන්නාක් මෙන්ය. එහෙත් වින්ස් යතුරැ පැදි ධාවනයට ප්‍රිය කලේ, ඔහුට එය කිසිසේත්ම බර වැඩක් නොව, විනෝදයක් වූ හෙයිනි. රේස් කවරදාක හෝ තමා සමග මොහොතකට හෝ සමාදානයෙන් සිටියේ දැයි හෝ තමා කල කී දෑ තම සිතට එකගව කලේ දැයි වින්ස් අලස ලීලාවෙන් කල්පනා කලේය. මෙවිට, යෝධ එන්ජිමකින් නැගනු, පොලොව කුඩු කරන තරමේ ශබ්ධයකින් යුතු හෙණ හඩක් බදු ගර්ජනයක් ඔවුන් පිටුපසින් නැගී ආවේය. වින්ස් තම උරහිස මතින් සෙමින් පිටුපස බලන විටම ඔහු දුටුවේ, ට්‍රකය ඔවුන් කරා වේගයෙන් එන සැටිය--වතුර විලක් අසල ගැවසෙමින් සිටි ගැසෙල් මුවන් රොත්තක් වෙත, ගස් කොල අස්සේ සැංගී සිටි සිංහයෙකු පනින්නාක් මෙන්. සෑමවිටම මෙන් කල්ලිය ගමන් කරමින් සිටියේ පොකුරැ සෑදී වූ අතර, පල්ලම් වලදී ඔවුන් ගමන් කලේ හතලිස් පහක් තරම් වේගයෙනි. එහෙත් ට්‍රකය ධාවනය වෙමින් තිබුනේ හැටක තරම් වාත වේගයකිනි. වින්ස්ට කල්පනා කිරීමට මද කාලයක් තිබිනි -- ට්‍රක් රියදුරා වේගය බාල කරන්නේ නැත. එවිටම, ලාෆ්ලින් කල්ලියෙහි පසුපසින්ම ගමන් කල තිදෙනාව හප්පාගෙන ඉදිරියට ඇදුනේය. යකඩයට යකඩය වැදෙන විට නැගුනු හඩ කන් බෙර පලන සුළු විය. යතුරැ පැදි ගුවනේ පියාඹා ගියේය. එක් හාර්ලි බයිකයක් ගල් පර්වත මුහුනත වෙත විසි වී ගිය අතර එහි රියදුරා--ජෝන් කිඩර් (ඇතැම් විට ඔහුව අමතනු ලැබුවේ බේබි ජෝන් යනුවෙනි)--එහි වැදි වීසි වී ගියේ කැටපෝලයකින් ගලක් විදි කලෙක මෙනි. ඔහු ගලෙහි වැදි ආපසු විසි වීමෙන් පසු, ලාෆ්ලින්ගේ ට්‍රකයෙහි ලෝහමය බෙල්ටයන් සහිත රෝද යට අතුරැදන් වී ගියේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom