Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ස්ටීවන් කිං ගේ, "Throttle".
    අනුවර්ථනය: මම :nerd:

    -----------



    11813474_10207283352351615_4935102838811501699_n.jpg

    මීනි මැරැම සිදුවූ ස්ථානයේ සිට ඔවුහු බටහිර බලා ධාවනය කලහ. ඇරිසෝනාවේ ඊසාන දිග කාන්තාරය තුලින් ගමන් කල ඔවුහු, සැතපුම් සියයක් යන තුරැ නැවතුනේ නැත.. අවසානයේදී, සවස් කාලය ලගා වන විට ඔවුහු ආපන ශාලාවක් දෙසට ගමන් කරන්නට වූවෝය. එය හුනු ආලේපිත බිත්තියකින් යුතු වූ එකක් අතර, එය ඉදිරියේ, කොන්ක්‍රීට් "දූපත්" වැනි පුවරැ මත ඉන්ධන පිරවුම් පොම්ප සවිකර තිබුනි. ඔවුන්ගේ එන්ජින් වලින් පිටවූ එකිනෙක පරයන හෙනගසන්නාක් බදු හඩින්, ආපන ශාලාවේ කවුළු වල තුනී වීදුරැ සහිත කවුළු දෙදරා ගියේය. ගොඩනැගිල්ලේ බටහිර අන්තයේ නවතා තිබූ දුර ගමන් කරන ට්‍රක් රථ අතරට ඔවුන් ඒකරාශී වු අතර, එහි ඔවුහු තම මෝටර් රථ නතර කොට, ඒවායේ සිටවනයන් පහල දැමූවෝය.

    ඔවුන් ආ මුළු කාලය පුරා ඉදිරියෙන්ම ධාවනය කලේ රේස් ඇඩම්සන්ය. ඇතැම් අවස්ථා වලදී ඔහු අනෙකුන් පසුකොට මයිල කාලක් පමන ඉදිරියෙන් තම හාර්ලි ඩේවිඩ්සන් මෝටර් රථය ධාවනය කලේය. සැමකෙකුටම ඉදිරියෙන් යාම, ඔහු වසර දෙකක් හමුදාවෙහි සිට ඔවුන් කරා පෙරලා පැමිනි පසු, ඔහුගේ පුරැද්දක් බවට පත් වී තිබිනි. ඔහු ධාවනය කලේ අනෙකුන්ට තමන්ගේ වේගය පැරදවීමට අභියෝග කරන්නාක් මෙනි. එසේත් නැතිනම්, ඇතැම් විට ඔහුගේ සිතෙහි තිබුනේ හුදෙක් අනෙකුන්ව පසු කර ඔවුන්ගෙන් වෙන් වී යාමේ අදහස වන්නට ඉඩ තිබිනි. ඔහුට මෙතැන නතර වීමේ කැමැත්තක් නොතිබුනු අතර, ඔහු නැවතුනේ වින්ස් ගේ බල කිරීම මතය. ආපන ශාලාව පෙනෙනතෙක් මානයට පැමිනි විට, වින්ස්, රේස් ගේ මොටර් රථය හඹාගොස්, එය පසුකොට ගොස් තිබිනි. ඉන්පසු ඔහු තම අත දකුනතට දිගු කලේය. එම ඉගිය මෝටර් රථ කල්ලිය හොදන් දන්නා එකක් වූ අතර, එයින් කියවුනේ, 'පාරෙන් අයින් වෙයල්ලා' යන්නයි. සෑම විටම මෙන්, කල්ලියේ සැමකෙක්ම වින්ස් හට අවනත විය. රේස්, වින්ස් ට නොකැමති වූ තවත් කාරනයක් වූයේ මෙය විය යුතුය. වින්ස් ට නොකැමැති වීම සදහා 'කිඩ්' හෙවත් 'පොඩි එකා' හට සාක්කුවක් පුරා කරැනු කාරනා තිබුනි.

    මුලින්ම තම රථය නැවතූයේ රේස් වූ නමුත්, එයින් අවසානයට බිමට බටුයේ ඔහුය. ඔහු තම මෝටර් රථය මත හිදගෙන, සෙමින් තම සම් අත්වැසුම් ගලවමින්, තම කළු කණ්නාඩි යුගල තුලින් අනෙකුන් දෙස බලමින් පසුවූයේය.

    "උඹ උඹේ කොල්ලත් එක්ක කතා කරන්න වෙලාව හරි," ලෙමී චැප්මන් වින්ස් හට කියමින්, රෙස් සිටි දිශාවට තම හිස සෙලවූවේය.

    "මෙතන බෑ," වින්ස් පිලිතුරැ දුන්නේය. ලාස් වේගාස් වලට ලගා වූ පසු ඔහු හා කථා කිරීම වින්ස් ගේ අදහස විය. ඔහු මහා මාර්ගයෙන් ඉවත් වී එය කිරීමට අදහස් කලේය. ඔහුට ටික කාලයක් අන්ධකාරයේ සැගවී සිටීමට අවශ්‍ය විය. එමෙන්ම තම ආමාශය තුල දැනුනු පිලිකුල් සහගත 'ගැටය' අතුරැදහන් ‍වන තෙක් මද කාලයක් සිටීමට ඔහුට ඕනෑ විය. එහෙත් ඇතැම් විට සෑම දෙයකටම වඩා ඔහුට අවශ්‍ය වූයේ නා ගැනීමට වීමට ඉඩ තිබිනි. ඔහුගේ සිරැරෙහි ලේ තැවරී නොතිබුනු නමුත්, ඔහුට තම සිරැර පුරා කිලිටි බවක් දැනිනි. එදින උදෑසන සිදුවූ සිද්ධියෙහි දුගද සෝදා හරින තුරැ ඔහුට තමාගේම සම පිලිකුල්සහගත විය.

    ඔහු ආපන ශාලාව දෙසට අඩියක් තැබුවද, ඔහුට ඊට වඩා දුරක් යාමට නොදී ලෙමී ඔහුගේ වැලමිටෙන් අල්ලාගත්තේය. "නෑ, දැන්ම මේ කථාව ඉවරයක් කරන්න ඕනෑ."

    වින්ස් තම අත මත ඇති හස්තය දෙස බැලුවේය -- ලෙමී එය අත නොහැරියේය. වින්ස් හට බිය නොවූ එකම පුද්ගලයා ලෙමී විය -- ලෙමී ඉන්පසු 'කිඩ්' හෙවත් 'පොඩි එකා' දෙස බැලීය. එහෙත් ඔහු තවදුරටත් 'පොඩි එකෙක්' නොවුනි, අවුරැදු ගණනක් තිස්සේ ඔහු 'පොඩි එකෙක්' වී තිබුනේ නැත. රේස් සිටියේ ඔහුගේ මෝටර් රියෙහි පසුපස රෝදය මතින් තිබූ පෙට්ටිය විවර කරමින්, ඒ තුල වූ යම් දෙයක් සොයමිනි.


    11058578_10207311697260220_8821293043775753741_n.jpg



    "කතා කරන්න තියෙන්නේ අහවල් දෙයක්ද? ක්ලාර්ක් මලා. සල්ලිත් නැතිවුනා. දැන් කරන්න දෙයක් නෑ."

    "රේස් ත් ඔය විදියටම හිතනවාද කියලා හොයලා බැලුවොත් නරකද...


    උඹ හිතන්නේ උඹලා දෙන්නා හිතන්නේ එකම විදියට කියලාද? උඹ එහෙම හිතුවට හැම පැයකටම විනාඩි හතලිහක් රේස් ඉන්නේ උඹත් එක්ක හොස්ස ලගින් මැස්සා යන්ඩ බැරැව. තවත් දෙයක් කියන්නම්, බොස්. රේස් මේ සමහර උන්වත් වැඩේට ඈදගන කරගෙන ඉන්නේ. ක්ලාර්ක් එක්ක කරපු මේ ගනුදෙනුවෙන් ලක්ෂපතියෝ වෙන්න පුළුවන් කියලා, කොල්ලා කටමැත දොඩලා උන්ව මුරැංග අත්තෙ තියලයි තියෙන්නේ. ඒ හින්දා, දැන් ඊලගට කරන්නේ මොකක්ද කියලා දැනගන්න රේස් විතරක් නෙවෙයි බලාගෙන ඉන්නේ." ලෙමී අනෙකුන් දෙස අර්ථාන්විත බැල්මක් හෙළුවේය. මෝටර් රථ කරැවන් ආපන ශාලාව වෙතට ගමන් නොකර, තම රථ අසල ටැග් ගැසෙමින් සිටින බව වින්ස් ප්‍රථම වරට අවබෝධ කරගත්තේ මෙවෙලෙහිදීය. ඔවුන් වින්ස් සහ රේස් දෙස බලමින්, කිසියම් දෙයක් සිදුවන තෙක් බලා සිටින බවක් පෙනිනි.

    නමුත් වින්ස් හට කථා කිරීමේ කැමැත්තක් නොතිබුනි. සාකච්චාවෙහි යෙදීමක් ගැන සිතන විට ඔහුට දැනුනේ විඩාවකි. ඔවුන් මේ කරමින් සිටින පලායාම ගැන රේස් සමග කතා කිරීම ඔහුට දැනුනේ, බෙහෙත් ගුලියක් කට තුල එහාට මෙහාට පෙරලීම වැනි අප්‍රියජනක දෙයක් ලෙසිනි.

    එහෙත් ඔහුට තමා නොකැමැති දේ කිරීමට සිදුවිය. මන්දයත්, කල්ලියෙහි හොද හිත රැකීම සදහා කටයුතු කිරීමේදී ලෙමී සැමවිටම නිවැරදි වූ හෙයිනි. වින්ස් සහ ලෙමී වියට්නාමයේ මිකොම් ඩේල්ටාවෙහිදී මුනගැසෙන විට, දෙවන ලෝක යුද්ධයෙන් ලෝකය උමතු වී තිබිනි. ලෙමීගේ අවුරැදු සය වෙනුවට, වින්ස් අවුරැදු දොලසක් හමුදාට සේවය කර තිබිනි. එකල ඔවුන්ගේ රාජකාරිය වූයේ වයර්-උගුල් සහ වලලන ලද බෝම්බ ගැන පරීක්ෂා කිරීමය. එහෙත් එකල සහ මෙකල සසදන විට, ඔවුන්ගේ මිතුරැ කමට සැළකිය යුතු තරම් වෙනසක් වී තිබුනේ නැත.

    වින්ස් තම මෝටර් රථයෙන් ඉවත් වී, රේස් කරා ඇවිද යාමට පටන් ගත්තේය. රේස් සිටියේ ඔහුගේ හාලි ඩේවිඩ්සන් රථය සහ නවතා තිබූ තෙල් අදින ට්‍රක් රථයක් අතර සිටගෙනය. ඔහු තම බයිකයේ පසුපස පෙට්ටිය තුල සොයමින් සිටි දෙය සොයාගෙන තිබිනි. එය තේ මෙන් පෙනුනු, එහෙත් තේ නොවුනු ද්‍රව්‍යක් කැලතෙමින් තිබූ ප්ලාස්කුවක් විය. ඔහු බොහෝ විට එය පානය කල අතර, වින්ස් නොකැමැති වූ තවත් එක් දෙයක් එය විය. රේස් බෝතලෙයන් උගුරක් ඇද, තම මුව පිසදමා, ඉන්පසු එය වින්ස් දෙසට දිගුකලේය. වින්ස් තම හිස සෙලවූයේය.

    "ඉතින් කියපන්," වින්ස් කීය.

    "අපි රූට්-6 න් ගියොතින්," රේස් පටන්ගත්තේය, "අපිට 'ෂෝ-ලෝ' වලට පැය තුනකින් යා ගන්න පුළුවන්. ඒ කීවේ, ඔහෙගේ කෙහෙම්මල් හාල්-බදින (Rice-burner) යන්තරේට එච්චර වේගන් යන්ඩ පුළුවන් වුනොතින් තමා."

    " 'ෂෝ-ලෝ' වල මොනවද තියෙන්නේ?"

    "ක්ලාර්ක් ගේ නංගි."

    "අපි මොකටද ඒකිව මුනගැහෙන්නේ?"

    "සල්ලි ගන්ඩ. ඔහෙට තාම මීටර් උනේ නැද්ද දන්නෙ නෑ, අපට ග්‍රෑන්ඩ් 60 කට (ඩොලර් 60,000 ක්) කෙලවෙලා තියෙන්නෙ."

    "ඉතින් උඹ හිතන්නේ සල්ලි ක්ලාර්ක් ගේ නංගි ලග තියෙනවා කියලද?"

    "කොතනින් හරි හොයන්ඩ පටන්ගනඩ එපැයි."

    "ඕක අපි ලාස්-වේගාස් වලට ගියාම කල්පනා කරල බලමුද. අපට තියන මාර්ග මොනවද කියලා?"

    "නෑ, ඕක මේ දැන්ම කල්පනා කරලා බැලුවොත් නරකෙයි!...."


    16928_10207348890390025_7245003834857230665_n.jpg



    අපි යනකොට ක්ලාර්ක් ටෙලිෆෝන් එක තියනවා දැක්කේ නැද්ද? ඌ කියපුවායින් පොඩ්ඩක් මට ඇහුනා දොරට එහායින්. මම හිතන්නේ ඌ උගේ නංගිට කෝල් එක ගත්තේ. ඒකිව අල්ලගන්න බැරිවුන පාර, ඒකී අදුරන එකියක්ට ඌ පණිවිඩයක් දුන්නා. අපි පාරේ එනවා දකිනකොට, ඌ ඒකිට කෝල් ගන්න හිතුවේ අැයි කියලා හිතලා බැලුවද?"

    වින්ස් ගේ නිගමනය වූයේ 'ආයුබෝවන් කීම සදහා' යන්න වුවත්, ඔහු එය රේස් ට පැවසුවේ නැත. "ඒකිට මේ ගනුදෙනුවත් එක්ක සම්බන්ධයක් තියනවාද? ඒකි මොකද කරන්නේ? ඒකීත් ක්‍රෑන්ක් ('මත්-ද්‍රව්‍ය' ඝණයට වැටෙන, අධික ප්‍රීතියක් ගෙනදෙන රසායනිකයකි. 'මෙත්' යනුවෙන්ද හැදින්වේ) හදනවද?"

    "නෑ. ඒකි වේසියක්."

    "දෙයියම්පා. මොන පවුලක්ද."

    "බලහල්ලකෝ කථා කරන්නේ කවුද කියලා," රේස් කීවේය.

    "මොකද්ද උඹ කීවේ?" වින්ස් ඇසීය. ඔහු කෝප වූයේ රේස් කී දෙයින් නොවේ, ඔහු එය කියූ අපහාසාත්මක ස්වරයෙනි. රේස් ගේ අවු කණ්නාඩි, වින්ස් ගේ රෑපය පරාවර්ථනය කලේය. අවුවෙන් දැවුනු, අළු පැහැති විශාල රැවුළකින් වැසුනු, ඉරි සහ රැලි ගැසුනු වැඩිමහළු මුහුණක් එයින් පරාවර්ථනය විය.

    රේස් හිරැ රශ්මියෙන් දිලිසෙමින් නලියන මාර්ගය දෙස නැවත බලමින් මෙසේ කීය, "ඩොලර් හැට දාහක් අළුවෙලා ගියා. ඔහෙට පුළුවන්ද ඒක නිකංම නිකං අතෑරලා දාන්ඩ?"

    "මම මුකුත් අතාරින්ඩ කීවේ නෑ. සිද්ද වුන දේ සිද්ද වුනා. අළු වෙලා ගියා."

    රේස් සහ ඩීන් ක්ලාර්ක් මුනගැසී තිබුනේ ෆලූජාවෙහිදීය--නැතිනම් ටික්‍රීට් වලදී වීමටද ඉඩ තිබිනි. ක්ලාර්ක් හමුදා සේනාංකයේ සිටි වේදනා නාශක "වෛද්‍යවරයා" විය. ඔහුගේ මූලික ‍‍‍ඹෞෂධය වූයේ ඉහලම තත්වයේ ගංජා සහ වෙනත් මත්ද්‍රව්‍යන් විය. රේස් ගේ විශේෂඥතා වූයේ, හම්-වී (යුධ හමුදාවෙහි පාවිච්චි වන 4-Wheel රථයක්) රථ ධාවනය කිරීම සහ වෙඩි නොකා බේරී සිටීමය. ඔවුහු දෙදෙන එකල මිතුරන් ව සිටියහ. හමුදාවෙන් ඉවත් වීමෙන් පසුව ක්ලාර්ක් රේස් කරා නැවත පැමිනියේ මින් අඩ-වසරකට පමන පෙරය. ඒ, ස්මිත් ලේක් ප්‍රදේශයේ මෙත් රසායනාගාරයක් ඇරඹීමේ අදහසද සහිතවය. මේ සදහා ඩොලර් 60,000ක් අවශ්‍ය බව ඔහුගේ ගණනය වූ අතර, නොබෝ කලකින්, එයට වැඩි මුදලක් මසකට ඉපයිය හැකි බව ඔහුගේ අදහස විය.

    "නියම වීදුරැ," යන්න ක්ලාර්ක් ගේ වෙලද වාක්‍යය විය (වීදුරැ යන්න භාවිතා කලේ, මෙත් වීදුරැ ආකාරයක් ගන්නා හෙයිනි). "අර කොල පාට බාල ජරාව නෙවේ, නියම වීදුරැ.". ඉන්පසු ඔහු තම දෑත් තම හිසට ඉහලින් ඔසවන්නේ, එයින් ඉපයිය හැකි යෝධ මුදල් කොල කන්දෙහි උස දැක්වීමටය. "අහස තමා සීමාව, ප**."

    ප**. එම වචනය ක්ලාර්ක් ගේ මුවින් පිටවූ මොහොතේම, තමා මෙම ගනුදෙනුවෙන් ඉවත්වීම සිදුකල යුතුව තිබුනු බව වින්ස් දැන් කල්පනා කලේය. ඒත් ඔහු එසේ කර තිබුනේ නැත. තමාගේ සැක ශංකා මධ්‍යයේ වුවද ඔහු රේස් හට තමාගේම මුදල් වලින් ඩොලර් 20,000ක් සපයා අධාර දී පවා තිබිනි. ක්ලාර්ක්, වැඩක් ගැස්සී ගිය විට "කර-අරින" පෙනුමකින් යුතු පුද්ගලයෙකු වූ අතර, ඔහුට කර්ට් කෝබේන්ගේ පෙනුමට යන්තමින් සමාන වූ පෙනුමක් තිබිනි: දිගු තඹවන් කෙස් කළඹ සහ ලේයර් කමිස. ඔහු ප** කීවේය. ඔහු සෑම කෙනෙකුටම ඇමතුවේ මිනිහෝ යනුවෙනි. මත්ද්‍රව්‍ය මගින්, මිනිසාව යට කොට‍ගෙ සිටින උඩු සිත නැමති බලය බිදින සැටි ගැන ඔහු වැදෑරැවේය -- එහි අර්ථය කවරක් වුවත්. ඔහු බුද්ධි-විෂයක ත්‍යාගයන් මගින් රේස් ව පුදුමයට සහ සතුටට පත් කලේය: සාර්ට්‍රේ ගේ නාට්‍යයන්, කාව්‍ය සහ රෙගේ-ඩබ් සංගීතයන් එකට කැටි කල සි.ඩී.


    වින්ස්, ක්ලාර්ක්ට නොකැමති වූයේ ඔහු අධ්‍යාත්මික පෙරලියක් ගැන අර්ධ-උමතු කසිකබල් භාශාවකින් කථා කල, අඩක් බියසුළු සහ අඩක් දැඩි මිනිසෙකු වූ හෙයින් නොවේ. වින්ස් ඔහුව අප්‍රිය කලේ, ඔහු මුණගැසෙන විටත් ක්ලාර්ක් පිලිකුල්ජනක මෙත් ඇබ්බැහියෙකුව සිටි නිසාය. ඔහුගේ දත් හැලී තිබූ අතර, ඔහුගේ විදුරැමසෙහි කළු තිත් දිස් විය. මෙම ජරාවෙන් මුදල් ඉපයීම ගැන වින්ස් ට ප්‍රශ්ණයක් නොතිබූ නමුත්, ඒවා පාවිච්චයට ගැනීමට තරම් තකතීරැ වූවෙකු පිළිබද ඔහුට තිබුනේ ඇට මිදුලු දක්වා කා ගෙන යන අවිශ්වාසයකි.

    කෙසේවෙතත් ඔහු රේස් ට මුදල් ලබා දුන්නේය. විශේෂයෙන් ම රේස් ට යුධ හමුදාවෙන් ඉවත් වීමට සිදුවූ ආකාරය හේතුවෙන්, ඔහුට කිසියම් දෙයක් හරියනු දැකීමට වින්ස් කැමති විය. රේස් සහ ක්ලාර්ක් තමන් අැරඹීමට යන ව්‍යාපාරය පිළිබද සැලසුම් සකසද්දී, ඇත්තෙන්ම එය වාසිදායක එකක් වනු ඇතැයි අඩ ලෙස විශ්වාස කිරීමට, වින්ස් තමාටම බල කරගත්තේය. රේස් ට නම් තිබුනේ මේ ගැන ඉහට උඩින් ගිය විශ්වාසයකි. ඔහු තම පෙම්වතියට, පාවිච්චි කල මස්ටෑං කාරයක් පවා මිලදී ‍ගෙන තෑගි කලේය. ව්‍යාපාරයෙන් විශාල ආදායමක් ලැබෙනු ඇතැයි ඔහුට ඒකාන්ත විය.

    ඒත් මෙත් රසායනාගාරය ගිනිගත්තා, ප**! එය විනාඩි දහයකදී දැවුනු බිත්ති හතරක් බවට පත්විය -- වැඩ පටන් ගත් පලමු වැනි දිනයේම. ගිනි නිවන රථ ලගා වෙද්දී, එතුල වැඩ කල සමහරක් මෙක්සිකානුවෝ ජනෙල් කඩාගෙන බේරී පැනගොස් තිබූ අතර, ඉක්මන් නොවූවෝ දැවී අගුරැ බවට පත් වී සිටියහ. බොහෝ දෙනෙක් දැන් සිටියේ දිස්ත්‍රික් පොලීසියේ හිර මැදිරියේය.

    ගින්න ගැන රේස් දැනගත්තේ ක්ලාර්ක් ගෙන් නොව, රේස්ගේ ගේ තවත් ඉරාක මිතුරෙකු වූ බොබී ස්ටෝන් ගෙනි. ඔහු ඩොලර් 100 ක වටිනාකමකින් යුතු මිථ්‍යාමය "නියම වීදුරැ" තොගයක් රැගෙන ඒම පිණිස ස්මිත් ලෙක් වෙත යවා තිබුනු අතර, එහෙත් පුපුරැ ගසන ආල‍ෝකයන් සහ දුම් වලාවන් දුටු ඔහු ආපසු හැරී විත් තිබිනි. රේස් ක්ලාර්ක් ව අල්ලා ගැනීම පිනිස ඔහුට දුරකථන ඇමතුම් ලබා දුන් නමුත්, එදින හවස්වරැවේ හෝ සන්ධ්‍යාවෙහි හෝ ඔහුගෙන් ප්‍රතිචාරයක් නොවීය. එකොලහ වන විට මෝටර් රථ කල්ලිය මහා මාර්ගයේ ධාවනය කරමින් උන් අතර, ඔවුහු ක්ලාර්ක්ව සොයාගැනීම සදහා නැගෙනහිර දිශාව බලා ගමන් කලෝය.

    ඔවුන් කදු මත තිබූ ඩීන් ක්ලාර්ක් ගේ කැබිනයේදී ඔහුව අල්ලා ගත් අතර, ඔහු සිටියේ පැන යාම සදහා තම කලමනා අසුරමිනි. සිදුව ඇති දෙය කීම පිණිසද, අළුත් සැලසුමක් සදා ගැනීම පිණිසද රේස් ව හමුවීම සදහා තමා පැමිණීමට සූදානම් වෙමින් සිටි බව ඔහු පවසා සිටියේය. නැති වූ සියළු මුදල් ඔවුන්ට ආපසු ගෙවන බව ඔහු පැවසූවේය. දැන් මුදල් සියල්ල විනාශ වී තිබුනද, හදිසි අවස්ථාවන් සදහා තමා ලග වෙනත් සැලසුම් තිබෙන බවද ඔහු කීවේය. එමෙන්ම ඔහු මේ සිදුවීම ගැන ඔවුන්ගෙන් උදක්ම සමාව ඉල්ලන බවද පැවසුවේය. ඔහු කී සමහරක් බේගල් වූ අතර, සමහරක් සත්‍ය විය -- විශේෂයෙන්ම සමාව ඉල්ලන බව කියූ කොටස. එහෙත් ඒ කිසිවක් වින්ස් ව විමතියට පත් කිරීමට සමත් නොවුනේය -- ක්ලාර්ක් ඇඩීමට පටන් ගත් විට පවා.

    එහෙත් ඔහු පුදුමයට පත් වූයේ--ඔවුන් සියල්ලන්ම පුදුමයට පත් වූයේ--, ක්ලාර්ක් ගේ පෙම්වතිය නානකාමරයේ සැගවී සිටින බව දැනගත් විටයි -- ඩේසි මල් පින්තාරැ කර තිබූ යට ඇදුමක් සහ "කෝර්මන් උසස් විද්‍යාලය" යනුවෙන් සදහන් අත් දිග ‍ටී ෂර්ටයක් ඇදගෙන ඈ එහි සිටියාය. මෙත් වලින් පදම් වී, .22 වර්ගයේ කුඩා පිස්තෝලයක් මිරිකාගෙන සිටි ඈට වයස අවුරැදු දහහතක් විය. ඈ අහල පහල සිටී දැයි රෝයි ලෝවෙස්, ක්ලාර්ක් ගෙන් විමසා සිටිනු ඈ අසා සිටියාය. එමෙන්ම, ක්ලාර්ක් ගේ "බැල්ලී" ඔවුන් සියළු දෙනාටම "සැප දුන්නොත්", ණයෙන් ඩොලර් 200ක් එතනදීම කපා හැරිය හැකි බවද ඔහු පවසා තිබිනි. ඉන්පසු රෝයි ලෝවෙස් මුත්‍රා කිරීම පිනිස නානකාමරයට ගිය අතර, ඔහු තම ලිගුව පිටතට ඇදගත් විට, ඔහු එන්නේ වෙනත් කාරියක් සදහා යැයි එහි සැගව සිටි කෙල්ල සිතුවෙන්, ඈ වෙඩි තැබුවාය.


    11924944_10207406783557318_6764254196201392635_n.jpg
     
    • Like
    Reactions: richlife

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ඉහත කථාවට ඔබ කැමති නම් පමනක්, ඉතිරිය අනුවර්ථනය කරමි. (ඉහත කොටස කලින් ලියාය තිබුනේ)
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    එක්කොත් මේක දාන් නැතුව, ඕටොප්සි රෑම් ව‍ගේ එකක් හොයලා දාන්නම්. මේක සමහර විට බෝරිං වෙයි.

    Mr. Admin: Please delete this thread.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ඇගේ පලමු වෙඩිල්ල ඉවතට වැදී ගිය අතර, දෙවැනි වෙඩිල්ල සීලීම කරා ගියේය. මන්දයත් ඒ වන විට රෝයි තම මැෂෙටි පිහියෙන් ඈට කොටමින් සිටි බැවිනි. සියල්ල තාත්වික බවින් ඉවත්ව ගොස්, නරක සිහිනයක් නැමැති රතුවන් ආවාටය කරා ලිස්සා යමින් තිබිනි.

    "මට ෂුවර් මිනිහට සල්ලි වලින් ටිකක් නැතිවෙන්න ඇති." රේස් කීයේය. "ටිකක් කීවට, අපි මිනිහට දුන්න සල්ලි වලින් බාගයක් වත් නැති වුනා වෙන්නත් ඉඩ තියනවා. ඒත් ඩීන් ක්ලාර්ක් ඒ ට්‍රේලර් එකට මුළු ඩොලර් 60,000 ම වියදම් කලා කියලා ඔහේ හිතනවා නම් මට කොරන්ඩ දෙයක් නෑ."

    "මම උඹ වැරදියි කියලා කිවෙ නෑ නෙව. සමහර විට මිනිහා සල්ලි වලින් කොටසක් හංගලා ඇති. ඒ වුනාට මිනිහා මිනිහාගේ නංගිට ඒවා දුන්නේ ඇයි කියලයි මට තේරෙන් නැත්තෙ. ඕක උගෙ පිලිකන්නේ බෝතලේක දාලා වලලලා තියෙන්නත් පුළුවනි. මම කොහෙවත් යන වේසියෙක් පිටිපස්සෙ යන්ඩ ලෑස්ති නෑ ෆන් එකට. හංගපු සල්ලි
    ඒකි හදිස්සියේ හොයාගත්තොත්, ඒක වෙනම කතාවක්."

    "මේ බිස්නස් එක ලෑස්ති කරන්න මාස හයක් ගියා. අනික, මම විතරක් නෙවේ මේකට ඇහැ ගහගෙන ඉන්නේ."

    "හරි. වේගාස් වලදී, මේකට මොකද කරන්නේ කියලා කථා කරගමු."

    "කතා කොර කොර ඉන්න එකෙන් සත පහක වැඩක් නෑ. බයික් එකේ අරෑගේ නංගිව හොයාගෙන යන එකයි වැඩක් තියන එකම දේ. ඒකී අද ෂෝ-ලෝ වල ඉන්නවා. ඒත් ඒකී එ්කිගේ අයියගෙයි, උගෙ චූටි පැටික්කිගෙයි හම ගලෝලා තියන බව දැනගත්තාම--"

    "හෙමින් කතා කරපන්" වින්ස් කීයේය.

    වින්ස්ට අඩි කීපයක් දකුණු පසින් හිදගෙන ලෙමී ඔවුන් දෙස බලා සිටියේය. ඔහු තම ළැම මත දෑත් බැදගෙන සිටියද, ඔහු සිටියේ ඔවුන් අතර ගැටුමක් ඇතිවුවහොත් මැදට පැනීමට සූදානම්වය. අනෙකුන්, දෙතුන් දෙනා ලෙස කන්ඩායම් සැදී බලා සිටියහ. ඔවුන් සිටියේ කෝප සහගත ස්වභාවයෙන් යුතුව, මාර්ගයේ දුහුවිල්ලෙන් බාගෙට නෑවීගෙනය. ඔවුන් ගේ හම් ජැකට් සහ ඩෙනිම් වෙස්ටයන් මත යතුරැ පැදි කල්ලියෙහි සලකුණ අලවලාය: රතු ඉන්දියානු හිස් පලදනාවක් සහ ඊට උඩින්-"මහ මගෙහි ජීවත් වෙමු. මහ මගෙහි මිය යමු". ඔවුන් කල්ලියක් වුවද, ඔවුන් කිසිවෙකු රතු ඉන්දියානුවන් වූයේ නැත--පීචස් හැර. පීචස් කීවේ තමා අඩක් චෙරොකී ඉන්දියානුවකු වන බවයි--ඒ ඔහු තමා බාගෙට ස්පාඥ්ඥ හෝ බාගෙට ඉන්කාවෙකු බව කීමට සිතුනු අවස්ථා වලදී හැර. ඩොස්තර (ඩොක්) කීවේ පීචස්ට අවශ්‍ය නම් ඔහුට තමා බාගෙට වයිකිංවරයෙකු හෝ එස්කිමෝවෙකු වීමට හැකි බවයි. එහෙත් මේ සියල්ලෙන්ම හැගවුනේ මුග්ධ කමයි.

    "දැන් සල්ලි විනාස වෙලා ඉවරයි" වින්ස් තම පුත්‍රයාට කීවේය. "මාස හයත් ඒවගේම ඉවරයි. ඒක හිතලා බලපන්."
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ඔහුගේ පුත්‍රයා, තම හකු පාඩා තද කොටගෙන එතැන සිට‍ගෙන සිටින්නට වූයේ නිහඩවය. ඔහුගේ දකුණතෙහි ඇගිලි මිටි ප්ලාස්කුව වටා තද වී සූදු පැහැව ගොස්ය. ඔහු දෙස දැන් බලන විට වින්ස් ට හදිසියේම මැවී පෙනුනේ රේස් ට අවුරැදු හයක කාලයේ දර්ශණයකි. එදිනද අද මෙන්ම ඔහුගේ මුහුන දුහුවිලි වලින් හැඩි වී පැවතුනු අතර, ඔහු සිටියේ තම කොල පැහැති විශාල රෝද සහිත සෙල්ලම් යතුරැ පැදිය බොරළු මාර්ගයෙහි එහා මෙහා පදිමිනි. එසේ කරන අතර ඔහු තම උගුරින් සැබෑ යතුරැ පැදියක ශබ්ධය නැගුවේය. වින්ස් සහ මේරි, තමන්ගේ පුත්‍රයාගේ ගේ මුහුනට ආරෑඩව තිබූ දෘඩ භාවය දෙස බලමින් කණ පැලෙන තෙක් සිනාසුනෝය--බාලාංශ පන්තියේ සටන්කාර යතුරැ පැදි කරැ. එහෙත් එම හාස්‍යජනක බව දැන් වින්ස්ට සොයාගත නොහැකි විය--විශේෂයෙන්ම පැය දෙකකට පෙර රේස් මිනිසෙකුගේ හිස සවලකින් දෙපළු කලායින් පසු. රේස් හැම විටම ඉක්මන් ක්‍රියාකාරී අයෙකු විය. ක්ලාර්ක් ගේ කෙල්ල වෙඩි තැබීමට පටන් ගත් විට පටන් ගත් කලිකහලය අස්සේ, දිව යාමට උත්සාහ කල ක්ලාර්ක්ව මුලින් ම අල්ලා ගත්තේ රේස් ය. ඇතැම් විට ඔහු ක්ලාර්ක් ව පල්ලම් බැස්සවීමට අදහස් නොකලා වන්නට පුලුවන. රේස් ඔහුට පහර දී තිබුනේ එක් වරක් පමනය.

    වින්ස් තවත් යමක් කීමට තම මුව විවර කල මුත්, කීමට තවත් කිසිවක් තිබුනේ නැත. ඔහු ආපිට හැරී හෝටලය කරා ඇවිද යන්නට විය. එහෙත් ඔහු අඩි තුනක් යාමට පෙර, තමා පිටිපසින් බෝතලයක් පිපිරෙන හඩ ඔහුට ඇසිනි. ඔහු ආපිට හැරැණු අතර, රේස් තම වීදුරැ ප්ලාස්කුව තෙල් පුරවනය දෙසට වීසි කොට ඇති බව ඔහු දුටුවේය. මීට තත්පර පහකට පෙර වින්ස් සිටගෙන සිටියේ එතැනය. රේස් වින්ස් ගේ හේමලයා වෙත එය වීසි කලා විය යුතුය.

    විස්කි සහ වීදුරැ කැබලි, තැලී ගිය තෙල් ටැංකියේ පහලට ලිස්සා යමින් තිබිනි. වින්ස් තෙල් ටැංකියෙහි එක් අන්තයක් දෙස බලා, එහි තිබූ දෙය දැකීමෙන් මදක් වෙවුලා ගියේය. එතැන පේන්ට් කර තිබුනේ SLASUGHTRAIN (මිනී මැරුමේ ටැංකිය) යැයි මොහොතක‍ට වින්ස් සිතුවේය. එහෙත් නැත, එහි සටහන් කර තිබුනේ LAUGHLIN යනුවෙනි. ෆ්‍රොයිඩියානු මනෝවිද්‍යාවට අනුව වින්ස් ගේ මානසිකත්වය වචන විස්සකට අඩුවෙන් විග්‍රහ කල හැකිය. එහෙත් ඔහුගේ වරදකාරී හැගුමෙන් යුතු උපවිඥ්ඥාණයේ ක්‍රියාකාරීත්වය වටහා ගැනීමට මනෝවිද්‍යාව හදාරා තිබීම අවශ්‍ය නොවේ. වින්ස් මින් පසු දුටු දෙය නොවූයේ නම්, ඔහු සිනාසෙනු ඇත.

    ට්‍රක් ඩ්‍රයිවර් තැන කැබ් රථයෙහි හිදගෙන සිටියේය. ඔහුගේ අත ට්‍රක් රථයෙහි ජනේලයෙන් පිටතට එල්ලෙමින් තිබූ අතර, එහි ඇගිලි දෙකක් මැද දැවෙන සිගරටයකි. ඔහුගේ ඉදිරි භාහුව මත ගෙවී ගිය පච්චයකි: නිගෞරවයට පෙර මරණය. මෙයින් ඔහු පෙරදී යුධ භටයකු බව වින්ස්ට සැකයක් ඇති වූ අතර, ඔහු ඒ හැගීම ගබඩා කරගත්තේය -- ඇතැම් විට පසු විචාරණයක් සදහා හෝ නොවේවා. ඩ්‍රයිවර් තැන ඔවුන්ගේ සංවාදයෙන් කොතරම් ප්‍රමානයක් අසාගෙන සිටියේ දැයි ඔහු කල්පනා කිරීමට සැදුවේය-- එයින් සිදුවන ආදීනවය සහ ඩ්‍රයිවර්වරයාව ට්‍රක් රථයෙන් ඉවතට ඇද, ඔහුට අවවාද දෙක තුනක් දීමට ඇතිවුනු අවශ්‍ය‍යතාවය.
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    කවුරු දිනුවත් දිනන පැත්තේ නායකත්වයට

    ඩයලොග් වෙතින් රුපියල් 1000 ක රිලෝඩ්

    :cool::cool:

    SPAMMING! Don't post these fucked up replies to my hard written story, you motherfucker! Go fuck yourself, bitch!
     
    Last edited:
    • Like
    Reactions: Gasa84

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    SPAMMING! Don't post these fucked up replies to my hard written story, you motherfucker! Go fuck yourself, bitch!

    ඉවත් කළා ....කතාව ටිකක් හොදින් කරන්න පුරුදු වෙන්න මහත්තයෝ ....මොකද අපිටත් කුණුහරප ටයිප් කරන්න බැරි කමක් නැහැනේ ....
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ඉවත් කළා ....කතාව ටිකක් හොදින් කරන්න පුරුදු වෙන්න මහත්තයෝ ....මොකද අපිටත් කුණුහරප ටයිප් කරන්න බැරි කමක් නැහැනේ ....

    So type your fucking language. It's better than spamming. Type any motherfucking thing you want. But don't spam on my story. I spent lot of hard time translating this. Freak.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    So type your fucking language. It's better than spamming. Type any motherfucking thing you want. But don't spam on my story. I spent lot of hard time translating this. Freak.

    දැන් අයින් කලානේ අඩන්නේ නැතුව හිටපන් ....අපෝ උඹලා වගේ එවුන්....
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    වින්ස් මේ ගැන තවමත් කල්පනා කරමින් සිටිද්දී, ට්‍රක් රථය පණ ගැන්වී රළු ගර්ජනයක් පිටකරන්නට විය. ලාෆ්ලින් තම සිගරැට්ටුව රිය නැවතුම වෙත වීසි කර, ට්‍රක් රථයෙහි තිරිංග ගලවා දැම්මේය. රථයේ බට කළුවන් ඩීසල් දුමාරයක් පිටකල අතර, එය පොලොවෙහි බොරළු අඹරමින් චලනය වන්නට විය. ට්‍රක් රථය ඉවතට ඇදී යන අතර, වින්ස් සෙමින් ප්‍රාශ්වාසයක් පිට කලේ තමා තුල තිබූ පීඩනය අඩුව යනු හගිමිනි. රියදුරාට ඔවුන් කියූ කිසිවක් ඇසුනා දැයි ඔහු සැක කලේය. එහෙත් ඇසුනත් මොකෝ? ඔවුන් වැටී සිටින ගූ ගොඩට පැනීමට සිහි මොලය ඇති කිසිවෙකු කැමති වනු ඇතිද? ඇතැම් විට ලාෆ්ලින් ඔවුන්ගේ කථා ඇසුනු වග ඔවුන් දැනගත් බව දැනගෙන, මෙතැනින් පිටව යාම ඇගට ගුන බව වටහා ගෙන ඉවත්ව ගියා වන්නට පුළුවන.

    රෝද දහ අටෙහි ට්‍රක් රථය දෙමං මහාමාර්ගයට සැපත් වෙද්දී, වින්ස් ඉවත හැරී තම කල්ලියෙහි හාදයින්ගේ ගෑවී නොගැවී ගමන් කරමින්, හෝටලය වෙත යමින් සිටියේය. ඔහු එම ට්‍රක් රථය නැවත දුටුවේ පැයකට පමන පසුවය.

    වින්ස් ගියේ මුත්‍රා කිරීමටය. මයිල තිහක් යතුරැ පැදිය පැදීමෙන් ඔහුගේ මුත්‍රාශය කකියමින් තිබිනි. ඔහු ආපසු එද්දී, මේස දෙකක වාඩි වී සිටි අනෙකුන්ව ඔහු පස කරගෙන ගියේය. ඔවුහු නිශ්ශබ්ධව සිටියෝය. ගෑරැප්පු දීසි මත වදින හඩ සහ වීදුරැ වල 'ක්ලිංක්' හඩ හැරෙන්නට කිසිදු හඩක් ඔවුන්ගෙන් නැගුනේ නැත. පීචස් පමනක් දොඩවමින් සිටියේය--එයද තමාටමය. පීචස් කතා කලේ කොදුරන්නාක් බදු හඩකිනි. එමෙන්ම ඔහු මනහ්කල්පිත මැස්සන් පොදියකින් වටවී සිටින්නාක් මෙන්, විටින් විට ගැස්සී හැකිලී ගියේය. මෙය ඔහුගේ අසතුටු දායක, කලබල සහගත පුදුරැද්දක් විය. අනෙකුන් සිටියේ තම තමන්ගේ ලෝක වලට සමවැදීගෙනය. ඔවුන්ට අනෙකුන් පෙනුනේ නැත. ඔවුන් කල්පනා කරන්නේ කවරක් දැයි දැන සිටියේ දෙවියන් පමනි. ඇතැම් විට ඇතැමුන්ට පෙනෙනවා ඇත්තේ, රෝයි නෝල්ස් අර කෙල්ලව පිහියෙන් කීතු කිරීමෙන් පසු නාන කාමරය දිස් වුනු අන්දම විය යුතුය. වෙනෙකුන්ට පෙනෙනවා ඇත්තේ ක්ලාර්ක් පිටුපස දොරට පිටින් ඇති දූවිලි මත මුනින් වැතිර ඉන්නා ආකාරය විය යුතුය. ඔහුගේ පස්ස ගුවනේ තිබූ අතර ඔහුගේ කලිසම ගූ වලින් නෑවී තිබිනි. එමෙන්ම ඔහුගේ හිස මැදට යකඩ තලය සහිත සවල කිදා බැස තිබිනි. සවලෙහි හැඩලය උඩු අතට යොමු වෙලාය. එමෙන්ම, කිහිප දෙනෙකු ඇමෙරිකානු ගැඩියේටර්ස් තරගය නැරඹීමට ගෙදර යා ගත හැකි වේදැයි සිතමින් සිටිනවා වන්නට පුළුවන. තවත් කෙනෙකු පෙර දින තමා මිල දී ගත් ලොතරැයි පත් වල කිසියම් දිනුමක් තිබෙනවා දැයි සිතමින් සිටිනවා විය හැකිය.

    එහෙත් ක්ලාර්ක් ව මුන ගැසීමට ගිය ගමනේදී තත්වය වෙනස් විය. එය මීට වඩා සුභ දායක විය. හිරැ පායා මද වේලාවකින් මෙවැනිම කුඩා හෝටලයකදී කල්ලිය එක්රැස්ව උන්නෝය. ඔවුන්ගේ මනෝ ස්වභාවය ඉතා ප්‍රීතිජනක නොවුනද, ඔවුන් ඇති තරමක් අනං මනං විකාරයන් කරමින් පසුවිය. එමෙන්ම කෝපි බොමින් සහ ඩෝ-නට් කමින් ඔවුහු ඇති තරමක් විකාර දොඩමින් සිනාසුනෝය.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    (18+ බව සලකන්න.)

    එදින ඩොක් (දොස්තර) සිටියේ මේසයක හිදගෙන, පුවත් පතෙහි හරස් පද ප්‍රෙහේලිකාව (ක්‍රොස්-වර්ඩ්) පුරවමිනි. අනෙකුන් ඔහු වටා හිදගෙන, ඔහුගේ උරිස් මතින් එබී බලමින්, මෙවැනි මහා උගතෙකු සමග එකට හිදගෙන සිටීමට ලැබීම කෙතරම් ගෞරවයක් දැයි කියමින් ඔහුට විහිළු කලෝය. කල්ලියෙහි අනෙක් බොහෝ දෙනා මෙන්ම ඩොක් ද හිරබත් කා තිබූනේය. වසර කීපයකට උඩදී පොලිස් බල්ලෙකුගේ බැටන් පොළු පහරකින් ගැලවී ගිය දතක් වෙනුවට ඔහු එතැන රත්‍රන් දතක් දමාගෙන සිටියේය. එහෙත් ඔහු බයිෆෝකල් (දුර හා ලග පෙනන) කාචයන් සහිත කණ්ණාඩියක් පැළදූ අතර, උසැති වූ ඔහු වංශවත් යැයි කිවහැකි පෙනුමකින් යුතු විය. ඔහු පුවත් පත් කියවූ අතර, යම් දැනුමක් ඇති අයෙකු විය. කෙන්යාවෙහි අගනුවර කුමක් දැයි ඇසුවොත් ඔහු එයට පිලිතුරැ දෙනු ඇත. රෝසමල් යුද්ධයට (War of the Roses - මෙය බ්‍රිතාන්‍යයේ කිරැල ලබා ගැනීමට කල යුද්ධ පෙලකට යොදන ලද නමය) සාභාගී වූයේ කවුරැන් දැයි ඇසුවොත් එයට‍ද ඔහු පිලිතුරැ දෙනු ඇත. රෝයි නෝල්ස් ඩොක් ගේ පද ප්‍රෙහේලිකාව දෙස පැත්තෙන් බැල්මක් හෙලා මෙසේ කීය, "මම ක්‍රොස්වර්ඩ් එකක් කොරනවා නං කරන්නේ එක්කෝ ඒක බයික් රෙපෙයාර් කිරිල්ල හරි ගල් කැපිල්ල ගැන හරි තිබ්බොත් විතරයි. හරියට මේ වගේ- 'ඩොක්, මා ඔබගේ මවට කරන දෙය අකුරැ හතරකින් ගලපා ලියන්න.' ඒකට උත්තර දෙන්න මට පුළුවං."

    ඩොක් තම දෙබැම හකුලා ඔරවා බැලුවේය. "ඒකට උත්තරේ 'ජරා කුණුහරප'. ඒවුනාට ඒකට අකුරැ හතක් තියනවා. ඕකට මගෙ උත්තරේ තමා 'gall' (කෲරත්වය, අධම කම)."

    "Gall?" රෝයි නෝල්ස් ඇසුවේ තම හිස කසමිනි.

    "හරියට හරි. උඹ මගෙ අම්මව gall කරනවා. වෙන විදියකින් කීවොත්, උඹ අපේ අම්මගෙ ගෙදර ගියොත්, අපේ අම්මට උඹව දැකලා වමනෙ යන්ඩ පටන් ගන්නවා."

    "ඕක හින්දා තමා මට උඹේ අම්මත් එක්ක නහුතෙට තදවෙන්නෙ. මොකද මම උඹේ අම්මව gall කරනකොට, කොච්චර කීවත් උඹලෑ අම්මා කටට එන ඒවා ගිලින් නෑ නෙව."

    මෙයින් සියලුම දෙනා තම පුටු වලින් පෙරලී යන තෙක් සිනාසීමට පටන්ගත්තෝය. එහා මේසයෙහි සිටියුවුන් තරම් ම ඔවුන් සීනාසුනහ. එහ‍ා මේසයෙහි සිටියවුන් සිනාසෙමින් සිටියේ පීචස් කියනා කථා වලටය. ඔහු ඇදබාමින් සිටියේ ඔහු තමාගේ ඇට ඉවත් කර ගත්තේ ඇයි දැයි කියාය. "මම ඕක කරේ, වෙසෙක්ටමියකට (ශෛල්‍ය කර්මයකින් වෘෂණ කෝශ ඉවත් කිරීම) සල්ලි යන්නේ එක පාරයි හින්දා. එහෙම නැතුව ඇබෝෂන් කොර කොර ඉන්ඩ ගියා නං කී පාරක් නං සල්ලි යයිද. කී පාරක් කියලා කරන්ඩද? හිලට දාන හැම කැ* ලොන්තුවකින්ම වෙන්නේ සල්ලි යන පොටක් පෑදෙන එක. එත් පාරහයො දෙතුන් දෙනෙක් හදලා උන්ට කන්ඩ අදින්ඩ දෙන්ඩ වෙනකං
    තොපිට ඕක තේරෙන් නෑ. එතකොට තමා උඹලාට තේරෙන්නේ, දෙයියම් පල්ලා මේ මල මගුලට වඩා සල්ලි වියදං කරන්ඩ වෙන පල ප්‍රෝජනයක් ඇති දේවල් තියනව නේද කියලා. අනික, පොඩි එකාව ටොයිලට් එකට දාලා වතුර ගැහුවට පස්සේ, ගෑනිත් එක්ක තියන සම්බන්දෙ වෙනස් වෙනවමයි. මේ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ බොලවු." පීචස්ට අනෙකුන් සිනා ගැස්වීමට විහිළු අවශ්‍ය වූයේ නැත. හුදෙක් ඔහු කියනා දෑ අසා සිටි විට සිනා යෑම වැලැක්විය නොහැකිය.
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ‍දැන් වින්ස්, රෙඩ්-අයි විස්කි (බාල විස්කි වර්ගයක්) වලින් පදම් ව තම තමන්ගේ ලෝකවල ගැලී සිටි පිරිස මැදින් ගමන් කරමින්, කවුන්ටරයෙහි හිදගෙන සිටි ලෙමී අසලින් තිබූ ස්ටූලයේ හිදගත්තේය.

    "වේගාස් වලට ගියායින් පස්සේ අපි මේ මගුලට මොකද්ද කරන්නේ කියලාද උඹ හිතන්නේ?" වින්ස් ඇසුවේය.

    "පැනලා දුවනවා," ලෙමී කියා සිටියේය. "කිසි කෙනෙකුට අපි යන දිහා කියන්නේ නෑ. ආපිට හැරෙන්නෙත් නෑ"

    වින්ස් සිනාසුනේය. එහෙත් ලෙමී සිනාසුනේ නැත. ලෙමී තම කෝපි කෝප්පය තම තොල් කරා එසවූ නමුත් එය බීවේ නැත. ඔහු කෝප්පය දෙස තත්පර කීපයක් බලා සිට එය නැවත කවුන්ටරය මත තැබීය.

    "මොකද කෝපි එක අවුල්ද?" වින්ස් ඇසුවේය.

    "කෝපි නෙමේ අවුල්."

    "පැනල යනවා කියලා උඹ කීවේ සීරියස් නෙවේ නේද?"

    "ඔන්න බලපන්, පැනල යන්නෙ අපි විතරක් නෙවෙයි." ලෙමී කීවේය. "රෝයි බාත්රෑම් එකේදී අර කෙල්ලට කරපු වැඩේ මතක නෙව?"

    "ඒත් ඒකී තව පොඩ්ඩෙන් උට වෙඩි තියනවා." වින්ස් ගේ හඩ කිසිවෙකුට නෑසෙන ලෙස පහත් වී තිබිනි. "ඒකිට අවුරැදු දාහතයි"

    වින්ස් පිලිතුරැ නොදුන් අතර, ලෙමී පිලිතුරක් බලාපොරොත්තු වූයේද නැත.

    "මෙතන ඉන්න හොගක් උන් එච්චර දරැණු සීන් එකක් දැකලම නැතුව ඇති. මුන්ගෙන් මොලේ ඇති එවුන් පුළුවං තරං ඉක්මනින් ලෝකේ හතර කොනට පැනලා යාවී, නැද්ද බලපන්. උන් ජීවත් වෙන්න වෙන ක්‍රමයක්, අරමුනක් හදා ගනීවි." වින්ස් නැවතත් සිනාසුන අතර, එහෙත් ලෙමි ඔහු දෙස ඇලයට බැලුවා පමනය. "මේ අහපන් කැප්ටන්. මම අවුරැදු දහ අටේදී කණ පැලෙන කං බීගෙන කාර් කල එලෝලා මගේ සහෝදරයව මැරැවා. මට වෙරි මත හිදිලා ඇහැරෙනකොට, උගේ ලේ ගද මග මුළු ඇගෙන්ම හමනවා මට දැනුනා. මම ඒකට මගෙන් පලිගන්න හමුදාවට බැදිලා වෙඩි කාලා මැරෙන්න හැදුවා. එත් කාලකන්නි සොල්ලාදුවෝ මට එ්කට ඉඩ තිබ්බේ නෑ. මට යුද්දෙ ගැන වැඩියෙන්ම මතක තියෙන දේ තමයි, කැලේ කුණු ජරාව ඇතුලේ මගෙ බූට් එබුනාම ඒවයින් හමාපු ගද. හරියට මගෙ කකුල් දෙකේ කක්කුස්සියක් බැදගෙන යනවා වගේ. උඹ වගේම මමත් හිරේ ඉදලා තියනවා. නරකම දේ වුනේ මං කරපු දේවල් වත් මං අනුන් කරනවා දැකපු දේවල් වත් නෙවෙයි. මට ජරාම දේ වුනේ හැමෝම ලග තිබුනු ගද. කිහිලියි පුකවලුයි. ජරාව. ඒත් ඒ කිසිදෙයක් අපි මේ පැටලිලා ඉන්න හත්ඉලවුව තරං නරක නෑ. මට අමතක වෙන්නෙම නැත්තේ, මිනී මැරිල්ල ඉවර උනායින් පස්සේ ගේ ඇතුලේ තිබුනු ගද. හරියට කවුරැ හරි රීපු කබඩ් එකක් අස්සේ හිර වෙලා හිටියා වගේ. හුස්ම ගන්ඩ වත් ඉඩක් තිබුනේ නෑ. එතන සිද්ද වුනු කිසි දේකට හරියි කියන්න බෑ." ඔහු නැවතී, වින්ස් දෙස බැලීමට තම ස්ටූලය මතින් ඔහු වෙත කරකැවුනේය. "අපි එතනින් පැනලා ආවයින් පස්සේ මම හිත හිතා ඉන්න දේ උඹ දන්නවද? ලොන් රිෆුස් ඩෙන්වර් වලට ගිහිං ගරාජ් එකක් දාලා තියන බව උඔ දන්නවද. මිනිහා මට පෝස්ට් කාර්ඩ් එකක් එවුවා, ගිනියං වෙච්ච යකඩෙක. මම මේ හිතන්නේ, ඉස්කුරැප්පු අඩුවක් කරකවන්න මිනිහට මං වගේ නාකි මිනිහෙක් ඇති වෙයිද කියලයි. පයින් ගස් වල සුවදට හුරැ වෙන්න මට පුළුවන් වේවි."
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ඔහු නැවතත් නිහඩ වූ අතර, ඔහු හැරී තම බැල්ම මේස වල සිටි අනෙකුන් කරා යොමු කරන්නට විය. "මුන් ගෙන් වැඩි දෙනෙක් උන්ට නැතිවුනු සල්ලි හොයාගන්න බලාවි. හොදින් හරි නරකින් හරි. උන් මොනවා කරත්, ඒවට ඇගිලි ගහන්න ගිහින් තවත් මඩ නාන්නේ නැතුව ඉන්න එකයි ඇගට ගුන. මේ පිස්සු මෙත් ජාවාරම මෙතනින් ඉවරයි කියලා හින්නඩ එපා. මේක තමා පටන් ගැනිල්ල. මේක තමයි පාරේ යනවට ගෙවන්න වෙන ගාස්තුව. මේක නවත්තන්න බෑ, මොකද මේකට සල්ලි කන්දක් යට කරලා තියන හින්දා. මෙත් විකුණන හැම එකාම මෙත් ගහනවා. ඒ වගේම ඒවා විකුණන හැම එකාමත් අන්තිමට නවතින්නේ පස්ස හම යන කං බිම ඇනගෙන. රෝයි ට වෙඩි තියන්න හදපු කෙල්ල මෙත් ගහලා හිටියේ, ඒකයි ඒකී ඌව මරන්න හැදුවේ. රෝයිත් මෙත් කෙලලා හිටියේ. ඒකයි මිනිහට ඕන උනේ උගේ අර හු*** මෙෂෙටි පිටියෙන් කෙල්ලට හතලිස් පාරක් කොටන්ඩ. මෙත් ගහන එකෙක් ඇර මෙෂටි පිහියක් කලිසමේ ගහගෙන යන්නේ වෙන මොකාද?

    "මට රෝයි ගැන මතක් කොරන්ඩ එපා. මට ආසයි මගේ පොඩි එකා උගෙ පු* දිගේ ඇරලා, උගේ ඇස් දෙක ඉලියට පනිනව බලාගෙන ඉන්ඩ." වින්ස් ඔහුට කී අතර, එවර එය සිනාසීමට ලෙමී ගේ වාරය විය. 'පොඩි එකා' සම්බන්ධ කොටගෙන විහිළු සහ උපහාස කීරීම් කල්ලියෙහි එකිනෙකා අතර සිදුවූ දෙයක් විය. "ඉතිං කියපන් උඹට කියන්න තියෙන දේ" වින්ස් කීය. "උඹ පහුගිය පැයේම ඕක ගැන හිත හිත නෙව හිටියේ."

    "උඹ කොහොමදැ ඒක දන්නේ?"

    "උඹ උඹේ බයික් එකේ උණ බටයක් වගෙ හරි කෙලින් ඉදගෙන පදිද්දී, ඒකෙන් මොකක් කියවෙනවද කියලා මං දන්නෙ නෑ කියලද උඹ හිතන්නෙ?"

    ලෙමී ගෙරවිල්ලක් සහිත ප්‍රශ්වාසයක් කොට, මෙසේ කීයේය, "ඉක්මනටම හරි පහුවෙලා හරි, පොලීසිය රෝයි හරි අනික් මෙත් කාරයින්ගෙන් එකෙක්ව හරි අල්ලගන්න එක ෂුවර්. ඒ අල්ලගත්තාම ඌ වටේ ඉන්න අ‍නික් එවුනුත් ඌත් එක්කම අහුවෙනවා. මොකද රෝයි වගේ පල් මෝඩයෝ දන්නෙ නෑ, මිනී මැරිල්ලක් උන තැනකින් හොරකං කරපුවා ලග තියාගන්ඩ හොද නෑ කියලා. ඒ වගේම, උන් කරපු දේවල් උන්ගේ කෙල්ලන්ට දෙසා බාන් නැතුව ඉන්ඩ තරං උන්ට මොලේකුත් නෑ. අම්මපල්ල, මගේ හිතේ උන්ගෙන් බාගයක්ම දැනුත් මෙත් හරි කොකේන් හරි ලග තියාගෙනයි ඉන්නේ. ඔච්චරයි මට කියන්ඩ තියෙන්නෙ."

    වින්ස් තම රැවුලේ එක් පැත්තක් දිගේ අත ගෙනියමින් එය කැසුවේය. "උඹ කීවා නේද උන්ගෙන් බාගයක් පැනල යනඩ ඉන්නේ, බාගයක් එහෙම නෑ කියලා. රේස් ඉන්නේ ඒකෙන් කොයි බාගෙන කියලා උඹ මට දැං කියනවද?"

    ලෙමී තම හිස හරවමින්, නොසතුටින් දත් විරිත්තා සිනාසුනේය. ඔහුගේ එක් දතක කැඩී ගිය කොටස පෙනී ගියේය. "ඕක අහන්ඩත් දෙයක්ද?"

    Image%2B031.jpg

     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113

    LAUGHLIN යනුවෙන් පැත්තක පින්තාරැ කරන ලද ට්‍රක් රථය කරා ඔවුන් ලගා වන විට, එය මහාමාර්ගයේ තිබූ කන්දක් ඉහලට බඩගාමීන් තිබිනි. ඒ වන විට වේලාව පස්වරැ 3 පමන විය.

    හුදකලා මාර්ගය දිගු කදු ප්‍රාන්තයක් හරහා කරකැවෙමින් ගමන් කලේය. මෙම කදු භූමිය රෝලකෝස්ටරයක් මෙන් තැනින් තැන හදිසි පල්ලම් සහ කදු වලින් යුතු වූයේය. මාර්ගය වෙත වැටුනු අතුරැ මාවත් කිසිත් දැකගත හැකි වූයේ නැත. නැවතද ඉදිරියෙන්ම යතුරැ පැදිය ධාවනය කරමින් සිටියේ රේස් ය. ඩයිනරයෙන් (කුඩා හෝටලයෙන්) පිටත් වූවාට පසු ඔහු තම බයිකය ධාවනයේ කලේ බුලටයක වේගයෙනි. ඔහු කල්ලියෙහි අනෙකුන්ව පසුකරමින් කොතරම් ඉදිරියෙන් ඉගිලී ගියේද යත්, ඇතැම් විට වින්ස්ට ඔහුව පෙනෙන තෙක් මානයේ දැකගත නොහැකි විය. එහෙත් ඔවුන් ට්‍රක් රථය වෙත ලගා වන විට, රේස් සිටියේ එහි බම්පරය පිටුපසින් බයිකය පදිමිනි.

    ඔවුන් දස දෙන කන්ද දිගේ යතුරැ පැදි ධාවනය කරන්නට වූයේ, තෙල් පිරවූ ට්‍රක් රියෙහි කැකෑරෙන තෙල් වලින් නැගෙන දුමාරය මැදිනි. වින්ස් ගේ දෑස් එයින් තෙත් වී ගොස් කදුළු ගලන්නට විය.

    "දෙයියම්පා, මේ හු*** ට්‍රක් එක." වින්ස් කෑගෑ අතර, ලෙමී හිස සැලුවේය. වින්ස් ගේ පෙනහළු තද වී ගොස් තිබූ අතර, පිටාර ගලන දුම ආශ්වාස කිරීමෙන් ඔහුගේ පපුව රිදුම් දුන්නේය. ඒ මදිවාට ඔහුගේ දෑස් කදුළු වලින් අන්ධ වෙලාය. "උඹේ මල ජරා පු*-තඩි ට්‍රක් එක අහකට ගනිංකො යකෝ!" වින්ස් යටි උගුරින් මරහඩ දුන්නේය.

    එම ට්‍රක් රථය වෙත මෙතැනදී ලගා වීම කිසියම් විශ්මයදායී හෝ අසාමාන්‍ය සිද්ධියක් විය. මන්ද, ඔවුන් ඩයිනරය පසු කර එතරම් දුරක් පැමින තිබුනේ නැත... මයිල විස්සක්, ඊට වඩා නැත. LAUGHLIN කොතැනක හෝ නතරව සිටින්නට ඇත. එහෙත් නතර වීමට වෙනත් කිසි තැනක් තිබුනේ නැත. ඇතැම් විට ඔහු ග්‍රීශ්මය නිසා බිල්බෝඩ් දැන්වීම් පුවරැවක සෙවනේ නිදාගෙන සිටින්නට ඇත. එසේ නැති නම් ටයරයක් පිපිරී යාම නිසා එය මාරැ කිරීමට නතරව සිටින්නට ඇත. එහෙත් මේවායෙහි වැදගත් කමක් තිබේද? නැත. තම මනසට එම සිතුවිලි ඇතුළු වූයේ මන්ද කියා හෝ වින්ස්ට නොවැටුහනද, කිසියම් හේතුවක් නිසා ඒවා ඔහුට වද දුන්නේය.

    ඊළග වංගුව පසුකරත්ම, පැමිනෙන රථ වාහන වලට ඉඩ දීමට රේස් තම සොෆ්ට්-ටේල්-ඩිවුස් යතුරැ පැදිය මාර්ගයේ ඇල කල අතර, ඉන්පසු තම හිස ඊ-හිසක් මෙන් පහත් කොටගෙන, තිහෙහි සිට හැත්තෑව දක්වා තම වේගය වැඩි කලේය. බයිකය කොටියෙකු මෙන් මුලින් පහත් වී, ඉන්පසු ඉදිරියට පිනුවේය. රේස් ට්‍රකය පසු කල විගස, නැවත ඔහු මාර්ගයේ දකුණත කොටසට බයිකය කපා ට්‍රකය ඉදිරියට පැමිනියේය. ඔහු බයිකය කපන විටම ලා-කහ පැහැති ලෙක්සස් මෝටර් රියක් ඔහුට මුහුණලා පැමින ඔහු පසු කර විදුලි වේගයෙන් ගිය අතර, එහි රියදුරා තම නලාවට තඩිබානු ඇසිනි. එහෙත් එහි මීප්-මීප් හඩ, ට්‍රකයෙහි සුළං-නළාවේ (Air-Horn) මහා හඩ ගෑමට යට වීමෙන් විගසින් අතුරැදන්ව ගියේය.

    ලෙක්සස් රථය පැමිනෙනු වින්ස් මොහොතකට දුටු අතර, ඔහු නියතයෙන්ම සිතුවේ රේස් එය හා මූණට මූණ ලා හැපෙනු ඇතැයි කියාය -- එක් තත්පරයකදී රේස්, අනෙක් තත්පරයේදී මාර්ගයෙහි විසිරැණු මස් ගොඩවල්.

    Image%2B032.jpg