Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් යතුරැ පැදි කරැවෙක් (ඩොක්, අහෝ ඩොක්) වම් පස මං තීරැවට විසි වී ගියේය. ඩොක් ගේ විශ්මයට පැමින සුදුමැලිව ගිය මුහුන දැක ගැනීමට වින්ස්ට තිබුනේ ඉතා මද වේලාවකි. ඔහුගේ මුව O හැඩයට විවරව ගොස් තිබූ අතර, එතුල තිබූ ඔහු ඉතා ආඩම්බරයෙන් සැලකූ වූ රත්රන් දත මොහොතකට දිස්නය දුන්නේය. පාලනයකින් තොරව වෙවුලමින් ගිය ඔහුගේ බයිකය ආරක්ෂක වැටෙහි හැපුනු අතර, ඩොක් බයිකයෙහි හැඩල් බාරයට උඩින් කැරකී විසිවී ගොස් ආකාශය කරා පියාඹා ගියේය. ඔහුගේ හාර්ලි බයිකය ඔහු පසුපසින් වැට මතින් පහතට පෙරලිනි. එහි හාඩ්කේසය (බඩු මුට්ටු ගබඩා කරන කොටස) පැලී විවර වීමෙන්, ඇදුම් ආදිය විසිරී ගියේය. ට්රකය පෙරළුනු යතුරැ පැදි සපා තලා දැමීය. එහි ග්රිලය වන සතෙකු දත්මිටි කමින් ගොරවන්නාක් බදු හඩක් නිකුත් කරන බවක් පෙනිනි.

වින්ස් සහ රේස් මාර්ගයේ තියුණු නැම්මක් කපමින් ධාවනය කලේ, මේ දැන් සිදුවුනු සියල්ල අතැර දමමිනි.

රැධිරය වින්ස් ගේ හදවතට ගලා ආවේය. මද වේලාවකට ඔහුගේ පපුව තුල බිය දනවන සුළු කෙනිත්තීමක් වැනි රිදුමක් ඔහුට දැනී ගියේය. ඔහුට තම ඊළග හුස්ම ගැනීම පිණිස සටන් කරන්නට සිදුවිය. මොහොතකට පෙර සිදු වූ මිනීමැරුම ඇස් මානයෙන් ඉවත්ව ගිය විට, එය සැබැවින්ම සිදුවූවා යැයි විශ්වාස කිරීම අපහසු කාරියක් විය (ඔබ ආදරය කරන කිසිවෙකු මිය ගියා යැයි ඇසූ විට, පලමුව ඔබට එය විශ්වාස කිරීම අපහසු වන්නාක් සේ). පෙරලී කැරකැවෙමින් රෝල් වෙමින් තිබූ බයිකයන් මතින් යාමේදී, සීග්ර ධාවනයේ යෙදෙන ට්රකය පෙරලී නොයාමත් විශ්වාස කිරීමට අපහසු දෙයක් විය. එහෙත් ට්රකයද මාර්ගයේ නැම්මෙන් හැරී ආවේය. එවිටම රේස් සහ වින්ස් ඉදිරි පිට වූ මාර්ගය මතට ඩොක් පියාඹා විත් පතිත විය. දෝංකාර දුන් ලෝහමය හඩක් නගමින් බයිකයද ඔහුගේ සිරැර මත පතිත විය. ඉන්පසු පාවෙමින් පැමිනියේ ඔහුගේ ඇදුම් ය. ඩොක් ගේ අත් නැති ඩෙනිම් ජැකටය, මොහොතකට උඩු සුළගට හසුවීමෙන් බැලුනයක් මෙන් පිම්ඹෙමින් පාවී විත් අවසානයේ පොලොට වැටින. එහි වූ වියට්නාමයේ ලාංඡනයක වටසනට උඩින්, රත්රන් නූලෙන් මෙසේ ගොතා තිබිනි: මා මිය ගිය කල, ඔවුන් මට ස්වර්ගයට පිවිසීමට ඉඩ දෙනු ඇත. මන්දයත් මා දැනටම නිරයේ ගතකොට ඇති බැවිනි. ශෛලමය ත්රිකෝණය (IRON TRIANGLE) 1968. ඇදුම්ද, ඇදුම් වල අයිතිකරැද, ඔහුගේ යතුරැ පැදියද ඉහල මාලයේ සිට පහත මාර්ගයට ඇද වැටී තිබුනේ, අඩි හැත්තෑවක් ගුවනේ ගමන් කරමිනි.

වින්ස් තම යතුරැ පැදියේ හැඩලය එක්වරම හැරවූයේ, ඩොක් ගේ සුන්බුන් ගොඩ මග හැරීමට ය. ඔහු තම එක් බූට් විළුඹක් බිම වද්දමින්, එතැන මාර්ගයට දමා තිබූ තාර පිරවීමක් වටා ලිස්සා ගියේය. වසර තිහක් පුරා ඔහුගේ මිතුරා වූ ඩොක් රෙජීස්, දැන් ලිහිසි තෙල් සදහා වන අකුරැ හයේ වචනයක් බවට පත් වී ඇත: grease (ග්රීස්). ඔහු වැතිර සිටියේ මුනින් තලාවය. එහෙත් ඔහුගේ දත් ඇදි ඔහුගේ කණ අසල තිබූ තෙල් බදු රැධිරය ධාරාව මැද දිලිසෙමින් තිබිනි. ඔහුගේ රත්රන් දතද ඒ මැදය. ඔහුගේ යටි කකුල් වල අශ්ටීන් නොපිට අතට කැඩී, ඔහුගේ කකුල් වල පිටුපසින් පිටතට පැමින තිබිනි. ඒවා ඔහුගේ ජීන්ස් කලිසමෙන් පිටතට නෙරා විත් තිබූ දිලිසෙන රතුවන් පොළු බදු විය. මේ සියල්ල වින්ස් මොහොතකට දැකගත් අතර, ඉන්පසු ඔහු ඒ දුටු දෙය තම දෑස් වලින් ඉවත් කිරීමට හැකි වේ නම් කොතරම් මනා දැයි පැතුවේය. ඔහුගේ උගුරේ මාංශ පේෂීන් තරංග නැගීමට පටන් ගත් අතර, ඔහු කෙල ගිල්ල විට පිත්තයෙහි දැවෙන රසය ඔහුට දැනී ගියේය.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20783380, member: 495054"] [SIZE=4]තවත් යතුරැ පැදි කරැවෙක් (ඩොක්, අහෝ ඩොක්) වම් පස මං තීරැවට විසි වී ගියේය. ඩොක් ගේ විශ්මයට පැමින සුදුමැලිව ගිය මුහුන දැක ගැනීමට වින්ස්ට තිබුනේ ඉතා මද වේලාවකි. ඔහුගේ මුව O හැඩයට විවරව ගොස් තිබූ අතර, එතුල තිබූ ඔහු ඉතා ආඩම්බරයෙන් සැලකූ වූ රත්රන් දත මොහොතකට දිස්නය දුන්නේය. පාලනයකින් තොරව වෙවුලමින් ගිය ඔහුගේ බයිකය ආරක්ෂක වැටෙහි හැපුනු අතර, ඩොක් බයිකයෙහි හැඩල් බාරයට උඩින් කැරකී විසිවී ගොස් ආකාශය කරා පියාඹා ගියේය. ඔහුගේ හාර්ලි බයිකය ඔහු පසුපසින් වැට මතින් පහතට පෙරලිනි. එහි හාඩ්කේසය (බඩු මුට්ටු ගබඩා කරන කොටස) පැලී විවර වීමෙන්, ඇදුම් ආදිය විසිරී ගියේය. ට්රකය පෙරළුනු යතුරැ පැදි සපා තලා දැමීය. එහි ග්රිලය වන සතෙකු දත්මිටි කමින් ගොරවන්නාක් බදු හඩක් නිකුත් කරන බවක් පෙනිනි. වින්ස් සහ රේස් මාර්ගයේ තියුණු නැම්මක් කපමින් ධාවනය කලේ, මේ දැන් සිදුවුනු සියල්ල අතැර දමමිනි. රැධිරය වින්ස් ගේ හදවතට ගලා ආවේය. මද වේලාවකට ඔහුගේ පපුව තුල බිය දනවන සුළු කෙනිත්තීමක් වැනි රිදුමක් ඔහුට දැනී ගියේය. ඔහුට තම ඊළග හුස්ම ගැනීම පිණිස සටන් කරන්නට සිදුවිය. මොහොතකට පෙර සිදු වූ මිනීමැරුම ඇස් මානයෙන් ඉවත්ව ගිය විට, එය සැබැවින්ම සිදුවූවා යැයි විශ්වාස කිරීම අපහසු කාරියක් විය (ඔබ ආදරය කරන කිසිවෙකු මිය ගියා යැයි ඇසූ විට, පලමුව ඔබට එය විශ්වාස කිරීම අපහසු වන්නාක් සේ). පෙරලී කැරකැවෙමින් රෝල් වෙමින් තිබූ බයිකයන් මතින් යාමේදී, සීග්ර ධාවනයේ යෙදෙන ට්රකය පෙරලී නොයාමත් විශ්වාස කිරීමට අපහසු දෙයක් විය. එහෙත් ට්රකයද මාර්ගයේ නැම්මෙන් හැරී ආවේය. එවිටම රේස් සහ වින්ස් ඉදිරි පිට වූ මාර්ගය මතට ඩොක් පියාඹා විත් පතිත විය. දෝංකාර දුන් ලෝහමය හඩක් නගමින් බයිකයද ඔහුගේ සිරැර මත පතිත විය. ඉන්පසු පාවෙමින් පැමිනියේ ඔහුගේ ඇදුම් ය. ඩොක් ගේ අත් නැති ඩෙනිම් ජැකටය, මොහොතකට උඩු සුළගට හසුවීමෙන් බැලුනයක් මෙන් පිම්ඹෙමින් පාවී විත් අවසානයේ පොලොට වැටින. එහි වූ වියට්නාමයේ ලාංඡනයක වටසනට උඩින්, රත්රන් නූලෙන් මෙසේ ගොතා තිබිනි: [SIZE=5][B]මා මිය ගිය කල, ඔවුන් මට ස්වර්ගයට පිවිසීමට ඉඩ දෙනු ඇත. මන්දයත් මා දැනටම නිරයේ ගතකොට ඇති බැවිනි. ශෛලමය ත්රිකෝණය (IRON TRIANGLE) 1968[/B][/SIZE]. ඇදුම්ද, ඇදුම් වල අයිතිකරැද, ඔහුගේ යතුරැ පැදියද ඉහල මාලයේ සිට පහත මාර්ගයට ඇද වැටී තිබුනේ, අඩි හැත්තෑවක් ගුවනේ ගමන් කරමිනි. වින්ස් තම යතුරැ පැදියේ හැඩලය එක්වරම හැරවූයේ, ඩොක් ගේ සුන්බුන් ගොඩ මග හැරීමට ය. ඔහු තම එක් බූට් විළුඹක් බිම වද්දමින්, එතැන මාර්ගයට දමා තිබූ තාර පිරවීමක් වටා ලිස්සා ගියේය. වසර තිහක් පුරා ඔහුගේ මිතුරා වූ ඩොක් රෙජීස්, දැන් ලිහිසි තෙල් සදහා වන අකුරැ හයේ වචනයක් බවට පත් වී ඇත: grease (ග්රීස්). ඔහු වැතිර සිටියේ මුනින් තලාවය. එහෙත් ඔහුගේ දත් ඇදි ඔහුගේ කණ අසල තිබූ තෙල් බදු රැධිරය ධාරාව මැද දිලිසෙමින් තිබිනි. ඔහුගේ රත්රන් දතද ඒ මැදය. ඔහුගේ යටි කකුල් වල අශ්ටීන් නොපිට අතට කැඩී, ඔහුගේ කකුල් වල පිටුපසින් පිටතට පැමින තිබිනි. ඒවා ඔහුගේ ජීන්ස් කලිසමෙන් පිටතට නෙරා විත් තිබූ දිලිසෙන රතුවන් පොළු බදු විය. මේ සියල්ල වින්ස් මොහොතකට දැකගත් අතර, ඉන්පසු ඔහු ඒ දුටු දෙය තම දෑස් වලින් ඉවත් කිරීමට හැකි වේ නම් කොතරම් මනා දැයි පැතුවේය. ඔහුගේ උගුරේ මාංශ පේෂීන් තරංග නැගීමට පටන් ගත් අතර, ඔහු කෙල ගිල්ල විට පිත්තයෙහි දැවෙන රසය ඔහුට දැනී ගියේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom