Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Today at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කල්ලිය වින්ස් ගේ වොල්කන් රථය හැදින්වූයේ "හාල් තම්බනයක්" ලෙසිනි. එමෙන්ම එය වින්ස් ගේ ටෝජෝ මෝජෝ එල් රෝජෝව ලෙසද හැදින්විනි. ඩොක්--දැන්, ඔවුන් පසු කර ආ මාර්ගය පුරා විසිරී ගිය මස් ගොඩක් වූ ඩොක්--එය හැදින්වූයේ 'මිස් ෆූජියාමා' ලෙසිනි. එහෙත් මේවාට වින්ස් සිදුකලේ, ඔවුන් කිසිවෙකු නොදන්නා දෙයක් තමා දැන සිටියාක් මෙන් සිනා පෑම පමනි. ඇතැම් විට, ඇත්තෙන්ම ඔහු එවැනි කිසියම් දෙයක් දැන සිටින්නටද ඇත. ඔහු වොල්කනයේ උපරිම වේග මට්ටම එකසිය විස්ස දක්වා වැඩි කොට සකස්කර ය තිබුනේ. එයින් එහා එහි වේගය වැඩි කිරීම ඔහු නතර කලේය. ඔහු ඊට වඩා අධි වේගයකට බිය විය. එහෙත් ඒ රේස් වූවා නම් ඔහු එසේ බිය නොවනු ඇත. එහෙත් රේස් තරුණ මිනිසෙකු වූ අතර, මරණය දක්වා හෝ තම සිතැගි ඉටු කිරීම තරුණයින්ගේ සැටි විය. එකසිය විස්ස වින්ස්ට සෑහින. එහෙත් ඊටද වඩා එය ඉහල දැමිය හැකි බව ඔහු දැන සිටියේය. දැන්, ඒ කොතරම් දැයි දැනගැනීමේ වේලාව ඔහු කරා පැමින ඇත.

ඔහු එක්වරම ඇක්සලේටරය අතැර, තිරිංග අඩියටම තද කලේය. වොල්කනය ගෙරවුමක් නොව, කෑගාන්නාක් බදු හඩක් පිට කල අතර, ඔහු බයිකයෙන් විසි වී නොගියාක් පමනි. තම පුත්රයා ඔහු පසු කරගෙන තම රොකටයෙන් ඉගිලී යද්දී, ඔහුගේ සදු මැලි මුහුනෙහි බොදව ගිය ඡායාවක් පමනක් වින්ස්ට දැකගත හැකි විය. දැන් රේස් සිටියේ ඉදිරියෙන් වූ අතර, කාන්තාරයේ ගන්ධයන් ඔහුගේ නාසය තුලට කා වැදී ගියේය. ඉදිරියෙන් තිබුනේ කුම්බා වෙත දිව යමින්, වම් පසට ආනතව ගිය කිලිටි තාර පාරය. රූට්-6 මාර්ගය දිගු සහ උදාසීන ආකාරයෙන් දිව ගියේ දකුණු පසටය -- ෂෝ-ලෝ වෙතට.

වින්ස් තම දකුණත කණ්ණාඩියෙන් පිටුපස බැලූ විට දුටුවේ, අනෙක් සියල්ලන් දැන් එක් රොත්තකට ධාවනය කරන ආකාරයයි. රෝයිද තවමත් හානියකින් තොරව ට්රකයට ඉදිරියෙන් ගමන් කරමින් සිටියේය. වින්ස් සිතුවේ ට්රකය පීචස්ව -- සහ ඇතැම් විට අනෙක් සියල්ලන්වම පවා -- චප්ප කර දමනු ඇතැයි කියාය. එහෙත් ලාෆ්ලින් මදක් වේගය අඩු කර තිබුනි. වින්ස් මෙන්ම ඔහුද නියත ලෙසම ඉදිරි මයිල විස්සකට මෙහා තිබෙන්නේ තැනිතලා මාර්ගය පමනක් බව දැන සිටින්නට ඇත. කුම්බා වෙත යන මාර්ගයෙන් එපිට, මාර්ගය මදින් මද ඉහල නැගී ගියේය. එම මාර්ගය දෙපසින්ම ආරක්ෂක වැටවල් දිවයනු දැකගත හැකි විය. දොරැවක දැමූ ගව රංචුවක් (දොරැවකට හෙවත් දෙපසින් වට කරන ලද ඇලියකට ගවයන් දැමීම, ඔවුන් මරා දැමීමට සූදානම් කරන විට සිදුකරන දෙයකි) පිලිබදව මූසල කල්පනාවක් වින්ස් වෙත මෙහිදී පැමිනියේය. මීලග මයිල විස්ස අයත් වූයේ ලාෆ්ලින්ටය.

දෙයියන්ගේ නාමෙන් මෙම ප්රයෝගය වැඩ කරත්වා.

වින්ස් ඇක්සලරේටය අත හරිමින්, හෑන්ඩ්-බ්රේකය තාලයකට අනුව මිරිකන්නට විය. ඔහු පිටුපසින් සිටි සතර දෙන බලා සිටින්නේ නම් දකිනු ඇත්තේ, බ්රේක් ලයිටය මත දිගු කාලයක් රදා පැවතුනු ආලෝකයක් . . . ඉන්පසු කෙටි ආලෝකයක් . . . නැවතත් දිගු ආලෝකයක් . . . ඉන්පසු මද නැවතීමක් . . . දැන් පෙර ආලෝක රටාවම නැවතත්. වින්ස්ට මෙම අදහස ලබා දුන්නේ ට්රකයෙහි සුළං නළාවයි. නළා ශබ්ධය මෝර්ස් කෝඩයක් (code) ලෙස ඇසුනා පමනි. එහෙත් වින්ස් තම බ්රේක් ලයිටයෙන් සිදුකල ආලෝක සංඥාව නියත ලෙස මෝර්ස් කෝඩයක් වූයේය.

ඔහු සංඥා කලේ R අකුර විය (Right සදහා).

රෝයි සහ පීචස් එය හදුනාගැනීමට ඉඩ ඇත. ලෙමී නියතයෙන්ම එය හදුනාගනු ඇත. රේස්? ඔවුන් තාමත් මෝර්ස් සංඥා උගන්වන්නේද? යුධ සේනාධිපතිවරැන් GPS උපාංග ගෙනයන සහ චන්ද්රිකා මාර්ගයෙන් ලෝක ගෝලය වටා බෝම්බ වල ගමන් මාර්ගය මෙහෙයවන මෙවැනි කලක, යුද්ධයේදී කොළුවා මෝර්ස් සංඥා ඉගෙන ගත්තේද?

කුම්බා වලට වැටෙන වම් පස හැරවුම ලගා වෙමින් තිබිනි. වින්ස්ට නැවතත් R සංඥාව එක් අවස්ථාවක් දැල්වීමට ඉඩක් ලැබිනි. දැන් අනෙකුන් සිටියේ ඔහු කරා ඉතා ආසන්නයෙනි. ඔහු තම අත වමතට වේගයෙන් දිගුකල අතර, කල්ලිය එම සංඥාව හොදින් දැන සිටියේය: ප්රධාන පාරෙන් අයින් වෙලා, මං පිටිපස්සෙන් වරෙල්ලා. වින්ස් අපේක්ෂා කල පරිදිම ලාෆ්ලින් එය දුටු අතර, ඔහු තම වේගය එක්වරම ඉහල දමමින් සුනාමියක් මෙන් එන්නට පටන් ගත්තේය. ඔහු එසේ කරන විටම, වින්ස් තම ඇක්සලරේටරය කැරකැවූ අතර, වොල්කනය කෑගෑමක් පිටකරමින් ඉදිරියට පිනුවේය. ඔහු බයිකය මාර්ගය මත දකුනතට ඇල කල අතර, අනෙකුන් ඔහුව අනුගමනය කලේය. එහෙත් ට්රකය දකුණට හැරවූයේ නැත. ලාෆ්ලින් දැනටමත් සිටියේ කුම්බා වෙත වැටෙන පටු මාර්ගය දෙසට හැරවවීම ආරම්භ කරමිනි. දැන් ඔහු තම වරද වටහා ගෙන නැවතත් ප්රධාන මාර්ගය වෙත ආපසු හැරවීමට උත්සාහ ගතහොත්, ඔහුගේ තෙල් ටැංකිය පෙරලී යනු ඇත.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20793591, member: 495054"] [SIZE=4]කල්ලිය වින්ස් ගේ වොල්කන් රථය හැදින්වූයේ "හාල් තම්බනයක්" ලෙසිනි. එමෙන්ම එය වින්ස් ගේ ටෝජෝ මෝජෝ එල් රෝජෝව ලෙසද හැදින්විනි. ඩොක්--දැන්, ඔවුන් පසු කර ආ මාර්ගය පුරා විසිරී ගිය මස් ගොඩක් වූ ඩොක්--එය හැදින්වූයේ 'මිස් ෆූජියාමා' ලෙසිනි. එහෙත් මේවාට වින්ස් සිදුකලේ, ඔවුන් කිසිවෙකු නොදන්නා දෙයක් තමා දැන සිටියාක් මෙන් සිනා පෑම පමනි. ඇතැම් විට, ඇත්තෙන්ම ඔහු එවැනි කිසියම් දෙයක් දැන සිටින්නටද ඇත. ඔහු වොල්කනයේ උපරිම වේග මට්ටම එකසිය විස්ස දක්වා වැඩි කොට සකස්කර ය තිබුනේ. එයින් එහා එහි වේගය වැඩි කිරීම ඔහු නතර කලේය. ඔහු ඊට වඩා අධි වේගයකට බිය විය. එහෙත් ඒ රේස් වූවා නම් ඔහු එසේ බිය නොවනු ඇත. එහෙත් රේස් තරුණ මිනිසෙකු වූ අතර, මරණය දක්වා හෝ තම සිතැගි ඉටු කිරීම තරුණයින්ගේ සැටි විය. එකසිය විස්ස වින්ස්ට සෑහින. එහෙත් ඊටද වඩා එය ඉහල දැමිය හැකි බව ඔහු දැන සිටියේය. දැන්, ඒ කොතරම් දැයි දැනගැනීමේ වේලාව ඔහු කරා පැමින ඇත. ඔහු එක්වරම ඇක්සලේටරය අතැර, තිරිංග අඩියටම තද කලේය. වොල්කනය ගෙරවුමක් නොව, කෑගාන්නාක් බදු හඩක් පිට කල අතර, ඔහු බයිකයෙන් විසි වී නොගියාක් පමනි. තම පුත්රයා ඔහු පසු කරගෙන තම රොකටයෙන් ඉගිලී යද්දී, ඔහුගේ සදු මැලි මුහුනෙහි බොදව ගිය ඡායාවක් පමනක් වින්ස්ට දැකගත හැකි විය. දැන් රේස් සිටියේ ඉදිරියෙන් වූ අතර, කාන්තාරයේ ගන්ධයන් ඔහුගේ නාසය තුලට කා වැදී ගියේය. ඉදිරියෙන් තිබුනේ කුම්බා වෙත දිව යමින්, වම් පසට ආනතව ගිය කිලිටි තාර පාරය. රූට්-6 මාර්ගය දිගු සහ උදාසීන ආකාරයෙන් දිව ගියේ දකුණු පසටය -- ෂෝ-ලෝ වෙතට. වින්ස් තම දකුණත කණ්ණාඩියෙන් පිටුපස බැලූ විට දුටුවේ, අනෙක් සියල්ලන් දැන් එක් රොත්තකට ධාවනය කරන ආකාරයයි. රෝයිද තවමත් හානියකින් තොරව ට්රකයට ඉදිරියෙන් ගමන් කරමින් සිටියේය. වින්ස් සිතුවේ ට්රකය පීචස්ව -- සහ ඇතැම් විට අනෙක් සියල්ලන්වම පවා -- චප්ප කර දමනු ඇතැයි කියාය. එහෙත් ලාෆ්ලින් මදක් වේගය අඩු කර තිබුනි. වින්ස් මෙන්ම ඔහුද නියත ලෙසම ඉදිරි මයිල විස්සකට මෙහා තිබෙන්නේ තැනිතලා මාර්ගය පමනක් බව දැන සිටින්නට ඇත. කුම්බා වෙත යන මාර්ගයෙන් එපිට, මාර්ගය මදින් මද ඉහල නැගී ගියේය. එම මාර්ගය දෙපසින්ම ආරක්ෂක වැටවල් දිවයනු දැකගත හැකි විය. දොරැවක දැමූ ගව රංචුවක් (දොරැවකට හෙවත් දෙපසින් වට කරන ලද ඇලියකට ගවයන් දැමීම, ඔවුන් මරා දැමීමට සූදානම් කරන විට සිදුකරන දෙයකි) පිලිබදව මූසල කල්පනාවක් වින්ස් වෙත මෙහිදී පැමිනියේය. මීලග මයිල විස්ස අයත් වූයේ ලාෆ්ලින්ටය. [I]දෙයියන්ගේ නාමෙන් මෙම ප්රයෝගය වැඩ කරත්වා.[/I] වින්ස් ඇක්සලරේටය අත හරිමින්, හෑන්ඩ්-බ්රේකය තාලයකට අනුව මිරිකන්නට විය. ඔහු පිටුපසින් සිටි සතර දෙන බලා සිටින්නේ නම් දකිනු ඇත්තේ, බ්රේක් ලයිටය මත දිගු කාලයක් රදා පැවතුනු ආලෝකයක් . . . ඉන්පසු කෙටි ආලෝකයක් . . . නැවතත් දිගු ආලෝකයක් . . . ඉන්පසු මද නැවතීමක් . . . දැන් පෙර ආලෝක රටාවම නැවතත්. වින්ස්ට මෙම අදහස ලබා දුන්නේ ට්රකයෙහි සුළං නළාවයි. නළා ශබ්ධය මෝර්ස් කෝඩයක් (code) ලෙස ඇසුනා පමනි. එහෙත් වින්ස් තම බ්රේක් ලයිටයෙන් සිදුකල ආලෝක සංඥාව නියත ලෙස මෝර්ස් කෝඩයක් වූයේය. ඔහු සංඥා කලේ R අකුර විය (Right සදහා). රෝයි සහ පීචස් එය හදුනාගැනීමට ඉඩ ඇත. ලෙමී නියතයෙන්ම එය හදුනාගනු ඇත. රේස්? ඔවුන් තාමත් මෝර්ස් සංඥා උගන්වන්නේද? යුධ සේනාධිපතිවරැන් GPS උපාංග ගෙනයන සහ චන්ද්රිකා මාර්ගයෙන් ලෝක ගෝලය වටා බෝම්බ වල ගමන් මාර්ගය මෙහෙයවන මෙවැනි කලක, යුද්ධයේදී කොළුවා මෝර්ස් සංඥා ඉගෙන ගත්තේද? කුම්බා වලට වැටෙන වම් පස හැරවුම ලගා වෙමින් තිබිනි. වින්ස්ට නැවතත් R සංඥාව එක් අවස්ථාවක් දැල්වීමට ඉඩක් ලැබිනි. දැන් අනෙකුන් සිටියේ ඔහු කරා ඉතා ආසන්නයෙනි. ඔහු තම අත වමතට වේගයෙන් දිගුකල අතර, කල්ලිය එම සංඥාව හොදින් දැන සිටියේය: [I]ප්රධාන පාරෙන් අයින් වෙලා, මං පිටිපස්සෙන් වරෙල්ලා[/I]. වින්ස් අපේක්ෂා කල පරිදිම ලාෆ්ලින් එය දුටු අතර, ඔහු තම වේගය එක්වරම ඉහල දමමින් සුනාමියක් මෙන් එන්නට පටන් ගත්තේය. ඔහු එසේ කරන විටම, වින්ස් තම ඇක්සලරේටරය කැරකැවූ අතර, වොල්කනය කෑගෑමක් පිටකරමින් ඉදිරියට පිනුවේය. ඔහු බයිකය මාර්ගය මත දකුනතට ඇල කල අතර, අනෙකුන් ඔහුව අනුගමනය කලේය. එහෙත් ට්රකය දකුණට හැරවූයේ නැත. ලාෆ්ලින් දැනටමත් සිටියේ කුම්බා වෙත වැටෙන පටු මාර්ගය දෙසට හැරවවීම ආරම්භ කරමිනි. දැන් ඔහු තම වරද වටහා ගෙන නැවතත් ප්රධාන මාර්ගය වෙත ආපසු හැරවීමට උත්සාහ ගතහොත්, ඔහුගේ තෙල් ටැංකිය පෙරලී යනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom