Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වින්ස්ගේ හදවත ප්රමෝදයෙන් ගැස්මක් පිටකරනු ඔහුට දැනුනු අතර, ඔහුගේ වමත නොදැනුවත්වම ජයග්රාහීව මිටි කැවී ගියේය. ඔහුගේ උපාය වැඩ කර තිබුනි! **** හු*** අප ඔහුව පරදවා තිබිනි! ඌ එම පු*-තඩි ට්රකය තටමමින් ආපසු හරවාගෙන එන වේලාව වන විට, අපට මයිල නවයක් ඌට ඉදි--

ඔහු ආපසු තම පසුපස කණ්ණාඩිය දෙස බැලූ විට, ඔහුගේ එම සිතිවිල්ල දිරූ අත්තක් කැඩෙන්නාක් මෙන් බිදී ගියේය. ඔහු පසුපසින් තිබුනේ යතුරැ පැදි හතරක් නොව, තුනකි: ලෙමී, පීචස්, සහ රෝයි.

වින්ස් තම බයිකය මත වේගයෙන් වමතට කැරකුනු අතර, එයින් ඔහුගේ වියපත් කොදු ඇට පෙල 'චරස්' ගෑවේය. තමා දකින්නට යන දෙය කුමක්දැයි ඔහු දැන සිටියේය. ඔහු එය දුටුවේය. ට්රකය කුම්බා මාර්ගය දිගේ දිගටම ධාවනය කෙරෙමින් තිබිනි. එය පසුපසින් යෝධ රූස්ටර් කුකුලෙකුගේ නකුටු පිහාටුව බදු රතුවන් දූවිලි රැල්ලක් ඇදී ගියේය. එහි ටැංකිය හිරැ එලියට දිස්නය නොදෙන තරමට කිලිටි වෙලාය. එහෙත් එයට යාර තිහ හතලිහක් ඉදිරියෙන් දිස්නයක් දෙන දෙයක් තිබිනි. එම දිස්නය පිටවූයේ සොෆ්ට්-ටේල් ඩ්යුස් යතුරැ පැදියක රදීමය නළ වලින් සහ එහි එන්ජිමෙනි. රේස් එක්කෝ මෝර්ස් සංඥා නොදැන සිටියා හෝ වින්ස්ගේ මෝර්ස් සංඥාව විශ්වාස නොකලා හෝ එසේ නැතිනම් එය මුළුමනින්ම නොදැක්කා වන්නට පුළුවන. රේස් ගේ මුහුනේ තිබූ ඉටි රෑපයක් වැනි නොසෙල්වෙන පෙනුම වින්ස්ට සිහි වූ අතර, සිදුවන්නට බොහෝ විට ඉඩ තිබුනේ ඉහලින් සදහන් කෙරැනු අවසාන දෙය වන්නට ඇතැයි තීරණය කලේය. ලාෆ්ලින් යනු පිස්සෙකු පැදවූ අයාලේ යන ට්රකයක් නොව, එය තම කල්ලිය ඝාතනය කිරීමට ඉටා ගත් එකක් බව හැගී ගිය මොහොතේදීම, රේස් අනෙකුන් ගැන කල්පනා කරමින් සිටීම නවතා තිබිනි. එසේම ඔහුගේ දෘෂ්ටිකෝණයට අනුව, අනෙකුන් ලෝකයෙන් අතුරැදන්ව ගොස් තිබිනි. ඔහු යන්තමින් හෝ දුටු දෙය වූයේ වින්ස් ගේ හස්ත සංඥාවයි. එහෙත් අවට තිබූ අනෙක් සියල්ලම, සිදුරකින් බලන විටක මෙන් අතුරැදන්ව ගොස් තිබිනි.

ඔහුගේ චිත්ත ස්වභාවය කුමක් වුනිද? එය භීතිය මුසු කලබලයද? එසේත් නැතිනම් වන සතෙකු තුල ඇති කෲර ආත්මාර්ථයද? එසේද නැතිනම්, මෙවැනි අපේක්ෂා රහිත දෙයක් සිදු වූ විට මිනිසුන් වූ ඔවුන් සියල්ලන්ම ඇත්තෙන්ම රේස් බදු ස්වභාවයකට පත් වේද? (තමන් ගමන් කල නැව ගිලුනු පසු, සාගරය මැද බෝට්ටුවක අතරමං වූ මිනිසුන් තිදෙනෙකු පිලිබද කථාවක් මෙහිදී පරිවර්ථකට සිහිවේ. දින ගත වීමත් සමග කුසගින්නෙන් දැවෙන්නට පටන් ගත් ඔවුන් සිදු කලේ, එකිනෙකා ඝාතනය කර ඔහුගේ මිනී මස් කෑමට, කාසියක් උඩ දැමීමෙන් මිනිසෙකුව තෝරා ගැනීමය. ජීවිතයත් මරණයත් අතර සිර වුනු අන්තයටම අපේක්ෂා භංගත්වයට පැමිනුනු අවස්ථාවකදී සත්වයින් සහ මිනිසුන් වෙන් කිරීමට නොහැකි බව පරිවර්ථකගේ මතයයි. උදාහරණයකට, ලෝකය අන්ත දුර්භීක්ෂයකට වැනි තත්වයකට පැමිනුනහොත්, අප ජල බෝතලයකට එකිනෙකා මරා ගනු ඇත).

රේස් ගේ හාර්ලි බයිකය, ඉහලට නැගී යන මාර්ගය මත තිබූ පහත් කදු ගැටයක් උඩින් ගොස් ඊට එපිටින් අතුරැදන් වූ අතර, ට්රකයද එය පිටුපසින් ගොස් නොපෙනී ගියේය. ඉතිරි වූයේ පාවේන දුහුවිල්ල පමණකි. වින්ස් තමාගේ ඉගිලෙන සිතුවිලි අල්ලාගෙන, ඒවා කිසියම් සිහිබුද්ධියකින් යුතු පිලිවෙලකට සැකසීමට උත්සාහ ගත්තේය. ඔහුගේ මතකය නිවැරදි වූයේ නම්, (ඔහු තමාගේ සිතෙන් පමනට වඩා ආධාර ඉල්ලන බව ඔහු දැන සිටියේය. මන්දයත්, ඔහු මේ මගෙහි වසර කීපයකින් ගමන් කර තිබුනේ නැත හෙයිනි) එම පටු මාර්ගය කුම්බා හරහා දිවගොස්, ඉන්පසු මයිල නවයක් පමන ගිය තැනදී නැවතත් රූට්-6 මහාමාර්ගය කරා එක්වරම සම්බන්ධ වේ. එතෙක් රේස්ට ට්රකයට හසු නොවී ඉදිරියෙන් ධාවනය කිරීමට හැකිවුවහොත්--

එහෙත්.

එහෙත් තත්වයන් වෙනස් වී තිබුනහොත්.. කුම්බා පසු වූ විටදී, මාර්ගය ඝණ මැටි තට්ටුවකින් සෑදුනු කසල මගක් බවට පෙරලේ. එමෙන්ම වසරේ මෙම කාලයේදී මාර්ගය මතට දුහුවිලි එක්රැස් වීම ස්වභාවික දෙයකි. කෙසේ වේවා ට්රකයට මේවායින් පාඩුවක් හෝ හානියක් සිදු නොවනු ඇත. එහෙත් මෝටර් සයිකලයකට. . .

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20797132, member: 495054"] [SIZE=4]වින්ස්ගේ හදවත ප්රමෝදයෙන් ගැස්මක් පිටකරනු ඔහුට දැනුනු අතර, ඔහුගේ වමත නොදැනුවත්වම ජයග්රාහීව මිටි කැවී ගියේය. ඔහුගේ උපාය වැඩ කර තිබුනි! **** හු*** අප ඔහුව පරදවා තිබිනි! ඌ එම පු*-තඩි ට්රකය තටමමින් ආපසු හරවාගෙන එන වේලාව වන විට, අපට මයිල නවයක් ඌට ඉදි-- ඔහු ආපසු තම පසුපස කණ්ණාඩිය දෙස බැලූ විට, ඔහුගේ එම සිතිවිල්ල දිරූ අත්තක් කැඩෙන්නාක් මෙන් බිදී ගියේය. ඔහු පසුපසින් තිබුනේ යතුරැ පැදි හතරක් නොව, තුනකි: ලෙමී, පීචස්, සහ රෝයි. වින්ස් තම බයිකය මත වේගයෙන් වමතට කැරකුනු අතර, එයින් ඔහුගේ වියපත් කොදු ඇට පෙල 'චරස්' ගෑවේය. තමා දකින්නට යන දෙය කුමක්දැයි ඔහු දැන සිටියේය. ඔහු එය දුටුවේය. ට්රකය කුම්බා මාර්ගය දිගේ දිගටම ධාවනය කෙරෙමින් තිබිනි. එය පසුපසින් යෝධ රූස්ටර් කුකුලෙකුගේ නකුටු පිහාටුව බදු රතුවන් දූවිලි රැල්ලක් ඇදී ගියේය. එහි ටැංකිය හිරැ එලියට දිස්නය නොදෙන තරමට කිලිටි වෙලාය. එහෙත් එයට යාර තිහ හතලිහක් ඉදිරියෙන් දිස්නයක් දෙන දෙයක් තිබිනි. එම දිස්නය පිටවූයේ සොෆ්ට්-ටේල් ඩ්යුස් යතුරැ පැදියක රදීමය නළ වලින් සහ එහි එන්ජිමෙනි. රේස් එක්කෝ මෝර්ස් සංඥා නොදැන සිටියා හෝ වින්ස්ගේ මෝර්ස් සංඥාව විශ්වාස නොකලා හෝ එසේ නැතිනම් එය මුළුමනින්ම නොදැක්කා වන්නට පුළුවන. රේස් ගේ මුහුනේ තිබූ ඉටි රෑපයක් වැනි නොසෙල්වෙන පෙනුම වින්ස්ට සිහි වූ අතර, සිදුවන්නට බොහෝ විට ඉඩ තිබුනේ ඉහලින් සදහන් කෙරැනු අවසාන දෙය වන්නට ඇතැයි තීරණය කලේය. ලාෆ්ලින් යනු පිස්සෙකු පැදවූ අයාලේ යන ට්රකයක් නොව, එය තම කල්ලිය ඝාතනය කිරීමට ඉටා ගත් එකක් බව හැගී ගිය මොහොතේදීම, රේස් අනෙකුන් ගැන කල්පනා කරමින් සිටීම නවතා තිබිනි. එසේම ඔහුගේ දෘෂ්ටිකෝණයට අනුව, අනෙකුන් ලෝකයෙන් අතුරැදන්ව ගොස් තිබිනි. ඔහු යන්තමින් හෝ දුටු දෙය වූයේ වින්ස් ගේ හස්ත සංඥාවයි. එහෙත් අවට තිබූ අනෙක් සියල්ලම, සිදුරකින් බලන විටක මෙන් අතුරැදන්ව ගොස් තිබිනි. ඔහුගේ චිත්ත ස්වභාවය කුමක් වුනිද? එය භීතිය මුසු කලබලයද? එසේත් නැතිනම් වන සතෙකු තුල ඇති කෲර ආත්මාර්ථයද? එසේද නැතිනම්, මෙවැනි අපේක්ෂා රහිත දෙයක් සිදු වූ විට මිනිසුන් වූ ඔවුන් සියල්ලන්ම ඇත්තෙන්ම රේස් බදු ස්වභාවයකට පත් වේද? (තමන් ගමන් කල නැව ගිලුනු පසු, සාගරය මැද බෝට්ටුවක අතරමං වූ මිනිසුන් තිදෙනෙකු පිලිබද කථාවක් මෙහිදී පරිවර්ථකට සිහිවේ. දින ගත වීමත් සමග කුසගින්නෙන් දැවෙන්නට පටන් ගත් ඔවුන් සිදු කලේ, එකිනෙකා ඝාතනය කර ඔහුගේ මිනී මස් කෑමට, කාසියක් උඩ දැමීමෙන් මිනිසෙකුව තෝරා ගැනීමය. ජීවිතයත් මරණයත් අතර සිර වුනු අන්තයටම අපේක්ෂා භංගත්වයට පැමිනුනු අවස්ථාවකදී සත්වයින් සහ මිනිසුන් වෙන් කිරීමට නොහැකි බව පරිවර්ථකගේ මතයයි. උදාහරණයකට, ලෝකය අන්ත දුර්භීක්ෂයකට වැනි තත්වයකට පැමිනුනහොත්, අප ජල බෝතලයකට එකිනෙකා මරා ගනු ඇත). රේස් ගේ හාර්ලි බයිකය, ඉහලට නැගී යන මාර්ගය මත තිබූ පහත් කදු ගැටයක් උඩින් ගොස් ඊට එපිටින් අතුරැදන් වූ අතර, ට්රකයද එය පිටුපසින් ගොස් නොපෙනී ගියේය. ඉතිරි වූයේ පාවේන දුහුවිල්ල පමණකි. වින්ස් තමාගේ ඉගිලෙන සිතුවිලි අල්ලාගෙන, ඒවා කිසියම් සිහිබුද්ධියකින් යුතු පිලිවෙලකට සැකසීමට උත්සාහ ගත්තේය. ඔහුගේ මතකය නිවැරදි වූයේ නම්, (ඔහු තමාගේ සිතෙන් පමනට වඩා ආධාර ඉල්ලන බව ඔහු දැන සිටියේය. මන්දයත්, ඔහු මේ මගෙහි වසර කීපයකින් ගමන් කර තිබුනේ නැත හෙයිනි) එම පටු මාර්ගය කුම්බා හරහා දිවගොස්, ඉන්පසු මයිල නවයක් පමන ගිය තැනදී නැවතත් රූට්-6 මහාමාර්ගය කරා එක්වරම සම්බන්ධ වේ. එතෙක් රේස්ට ට්රකයට හසු නොවී ඉදිරියෙන් ධාවනය කිරීමට හැකිවුවහොත්-- එහෙත්. එහෙත් තත්වයන් වෙනස් වී තිබුනහොත්.. කුම්බා පසු වූ විටදී, මාර්ගය ඝණ මැටි තට්ටුවකින් සෑදුනු කසල මගක් බවට පෙරලේ. එමෙන්ම වසරේ මෙම කාලයේදී මාර්ගය මතට දුහුවිලි එක්රැස් වීම ස්වභාවික දෙයකි. කෙසේ වේවා ට්රකයට මේවායින් පාඩුවක් හෝ හානියක් සිදු නොවනු ඇත. එහෙත් මෝටර් සයිකලයකට. . .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom