Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක වරම වැදුනු පහරින් රේස් තක්බීරිව ගිය අතර, ඔහු පිටුපසට අඩියක් තබා ඇසිපිය ගැසීය. ඔහු මොහොතකට අවුරුදු දහයේ කොළුවෙකු බවට පෙරලිනි. මොහොතකට පමනක්. සැනෙකින් ඔහුගේ වෛරයෙන් යුතු බැල්ම නැවතත් ආපිට පැමිනියේය: එම පිලිකුල්ජනක, පිළුණු වූ බැල්ම.

"අර ඩයිනර් එක ලගදී උට අපි කතා කරන ඒවා ඇහුනා. ට්‍රක් කාරයට" වින්ස් කීය. ඔහු එය පැවසුවේ ඉවසීමෙන් යුතුවය. හරියටම මෙම තරුණයා දරුවෙකුව සිටි කලදී ඔහුට කථා කරන්නාක් බදුවය. මෙම තරුණයාව බේරා ගැනීමට, මොහොතකට කලින් ඔහු තම දිවි පරදුවට තබා තිබිනි. අහ්, එහෙත් එය හුදු සහජාශයක් පමණක් වූ අතර, ඔහුට එසේ කල නොහැකිව නොතිබිනි. මෙම බියකරු කාලකණ්ණි දිනයේදී සිදුවුනු එකම යහපත් සිද්ධිය එය විය. මෙම බයිසිකල් පරම්පරාවේ, තම සහජාශයෙන් ක්‍රියා කල එකම පුද්ගලයාද ඔහු පමණක් වූයේ නැත. "ඌ දැනගත්තා එතනදී උට අපිව බාවන්ඩ බැරි බව. ඒත් ඌට අපිව අතෑරලා දාන්ඩත් බැරිවුනා. එ හින්දා ඌ අපි එනකන් බලාගෙන හිටියා. ඌ අපි පේන තෙක් මානෙට එනකන් එක්කෝ හෙමින් යන්ඩ ඇති, නැත්තම් නැවතිලා ඉන්ඩ ඇති. ඊට පස්සේ ඌ අපිට ඌව පහුකරගෙන යන්ඩ ඉඩ ඇරියා."

"මට ඔහේ කියන්නේ මොන මල ඉලව්වක්ද කියලා තේරුමක් නෑ!" රේස් වේගයෙන් පැවසුවේය. එහෙත් ඔහු කලේ රගපෑමක් වූ අතර, ඔවුන් දෙදෙනම එය දැන සිටියෝය.

"මිනිහා මේ පාර ගැන දැනගනයි හිටියේ. පාර මිනිහට වාසි උන ගමන්ම ඌ අපි පස්සේ එලවගෙන එන්ඩ පටන් ගත්තා. මිනිහා හැසිරුනේ නියම සොල්දාදුවෙක් වගේ."

එසේය. ඉන්පසු ට්‍රක් රියදුරා තම සිතෙහි පැවති එකම කටයුත්ත ඉටු කිරීම පිණිස ඔවුන් පසුපස හඹා ආවේ, එයින් තමාට සිදුවන නියත හානිය ගැන හෝ නොසලකාය. ලාෆ්ලින් නිගරුවට පෙර මරණය දැකීමට තීරණය කොට තිබිනි. වින්ස් ඔහු ගැන කිසිත් නොදැන සිටියද, හදිසියේම තම පුත්‍රයාටද වඩා එම ට්‍රක් රියදුරා ගැන කැමැත්තක් ඔහු ගේ සිත තුල ඇති වී ගියේය. එවැනි දෙයක් සිතෙහි පහල වීම සිදුවිය නොහැක්කක් වූ නමුදු, සත්‍යය එය විය.

"ඔහෙට පිස්සු" රේස් කීය.

"මට එහෙම හිතෙන් නෑ. මට හිතෙන විදියට, ඩයිනර් එක ඉස්සරහා අපි මිනිහා ලග නතර කරද්දී, මිනිහා ඒ කෙල්ලව අද බලන්න යන්නයි හිටියේ. ඒ තාත්ත කෙනෙක් තමං ආදරේ කරන ලමයට කරන දෙයක්. දුම් පයිප්පේ උර උරා ඉන්නවට වඩා, තමන්ගේ ලමයත් එක්ක කරන්ඩ හොද දෙයක්. සමහර විට මිනිහා දුවත් එක්ක ට්‍රක් එකේ රවුමක් යන්ඩ හිතේ තියාගෙන ඉන්ඩ ඇති. සමහර විට ඉඩ කඩක් ලැබුනු වෙලාවට තමන්ගේ ලමයගේ සැප සනීප බලන්ඩ යන්ඩ හිතාගෙන ඉන්ඩ ඇති."

මෙහිදී ලෙමී ඔවුන් අසලට පැමිනියේය. "මිනිහා මැරිලා" ඔහු කීය.

වින්ස් හිස සැලුවේය.

"වයිසර් එක ඇතුලේ මේක තිබුනා". ලෙමී තමා අත තිබුනු දෙය වින්ස්ට දුන්නේය. වින්ස් එය දෙස බැලීමට නොකැමැති වූ නමුත්, ඔහු ඒ වෙත තම බැල්ම හෙලීය. එය සිනාසෙන කෙල්ලකගේ ඡායාරූපයක් විය. ඇගේ හිසකේ පොනී-ටේලයක් ලෙස ගොතලාය. ඈ ඇදගෙන සිටියේ, කෝර්මන් උසස් පාසැලේ ස්වෙට්-ශර්ටයකි (දිගු අත් සහිත ටී-ශර්ටය). ඒ, ඈ මිය ගිය මොහොතේදී ඈ ඇද සිටි ශර්ටයම විය. ඈ ලාෆ්ලින් ට්‍රකයේ බම්පරය මත හිදගෙන සිටි අතර, ඇගේ පිට ට්‍රකයේ රිදීමය ග්රිලය මතට බර වෙලාය. ඈ තම පියාගේ කැමෝ කැප් තොප්පිය (යුධ හමුදාවේ පළදින කොල සහ කළු පුල්ලි සහිත තොප්පි) පිටුපසට කරකවා පැලද සිටි අතර, විසිළු සැලූටයක් පාමින්, විරිත්තා නොසිටීමට උත්සාහ ගනිමින් සිටියාය. සැලූටය කා හටද? ඇත්තෙන්ම ලාෆ්ලින් හට. කැමරාව අතෙහි තබාගෙන සිටියේ ලාෆ්ලින්ය.

"ඒකිගෙ නම ජැකී ලාෆ්ලින්" රේස් කීය. "ඒකිත් දැං මැරිලා. ඉතින් ඒකිටත් හි*** ගියාවේ"

ලෙමී ඉදිරියට අඩියක් තැබුවේ, රේස්ව ඔහුගේ බයිකයෙන් ඔසවා ඉවතට ඇද, ඔහුගේ දත් ඇදි ඔහුටම කැවීමටය.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20883457, member: 495054"] [SIZE=4]එක වරම වැදුනු පහරින් රේස් තක්බීරිව ගිය අතර, ඔහු පිටුපසට අඩියක් තබා ඇසිපිය ගැසීය. ඔහු මොහොතකට අවුරුදු දහයේ කොළුවෙකු බවට පෙරලිනි. මොහොතකට පමනක්. සැනෙකින් ඔහුගේ වෛරයෙන් යුතු බැල්ම නැවතත් ආපිට පැමිනියේය: එම පිලිකුල්ජනක, පිළුණු වූ බැල්ම. "අර ඩයිනර් එක ලගදී උට අපි කතා කරන ඒවා ඇහුනා. ට්‍රක් කාරයට" වින්ස් කීය. ඔහු එය පැවසුවේ ඉවසීමෙන් යුතුවය. හරියටම මෙම තරුණයා දරුවෙකුව සිටි කලදී ඔහුට කථා කරන්නාක් බදුවය. මෙම තරුණයාව බේරා ගැනීමට, මොහොතකට කලින් ඔහු තම දිවි පරදුවට තබා තිබිනි. අහ්, එහෙත් එය හුදු සහජාශයක් පමණක් වූ අතර, ඔහුට එසේ කල නොහැකිව නොතිබිනි. මෙම බියකරු කාලකණ්ණි දිනයේදී සිදුවුනු එකම යහපත් සිද්ධිය එය විය. මෙම බයිසිකල් පරම්පරාවේ, තම සහජාශයෙන් ක්‍රියා කල එකම පුද්ගලයාද ඔහු පමණක් වූයේ නැත. "ඌ දැනගත්තා එතනදී උට අපිව බාවන්ඩ බැරි බව. ඒත් ඌට අපිව අතෑරලා දාන්ඩත් බැරිවුනා. එ හින්දා ඌ අපි එනකන් බලාගෙන හිටියා. ඌ අපි පේන තෙක් මානෙට එනකන් එක්කෝ හෙමින් යන්ඩ ඇති, නැත්තම් නැවතිලා ඉන්ඩ ඇති. ඊට පස්සේ ඌ අපිට ඌව පහුකරගෙන යන්ඩ ඉඩ ඇරියා." "මට ඔහේ කියන්නේ මොන මල ඉලව්වක්ද කියලා තේරුමක් නෑ!" රේස් වේගයෙන් පැවසුවේය. එහෙත් ඔහු කලේ රගපෑමක් වූ අතර, ඔවුන් දෙදෙනම එය දැන සිටියෝය. "මිනිහා මේ පාර ගැන දැනගනයි හිටියේ. පාර මිනිහට වාසි උන ගමන්ම ඌ අපි පස්සේ එලවගෙන එන්ඩ පටන් ගත්තා. මිනිහා හැසිරුනේ නියම සොල්දාදුවෙක් වගේ." එසේය. ඉන්පසු ට්‍රක් රියදුරා තම සිතෙහි පැවති එකම කටයුත්ත ඉටු කිරීම පිණිස ඔවුන් පසුපස හඹා ආවේ, එයින් තමාට සිදුවන නියත හානිය ගැන හෝ නොසලකාය. ලාෆ්ලින් නිගරුවට පෙර මරණය දැකීමට තීරණය කොට තිබිනි. වින්ස් ඔහු ගැන කිසිත් නොදැන සිටියද, හදිසියේම තම පුත්‍රයාටද වඩා එම ට්‍රක් රියදුරා ගැන කැමැත්තක් ඔහු ගේ සිත තුල ඇති වී ගියේය. එවැනි දෙයක් සිතෙහි පහල වීම සිදුවිය නොහැක්කක් වූ නමුදු, සත්‍යය එය විය. "ඔහෙට පිස්සු" රේස් කීය. "මට එහෙම හිතෙන් නෑ. මට හිතෙන විදියට, ඩයිනර් එක ඉස්සරහා අපි මිනිහා ලග නතර කරද්දී, මිනිහා ඒ කෙල්ලව අද බලන්න යන්නයි හිටියේ. ඒ තාත්ත කෙනෙක් තමං ආදරේ කරන ලමයට කරන දෙයක්. දුම් පයිප්පේ උර උරා ඉන්නවට වඩා, තමන්ගේ ලමයත් එක්ක කරන්ඩ හොද දෙයක්. සමහර විට මිනිහා දුවත් එක්ක ට්‍රක් එකේ රවුමක් යන්ඩ හිතේ තියාගෙන ඉන්ඩ ඇති. සමහර විට ඉඩ කඩක් ලැබුනු වෙලාවට තමන්ගේ ලමයගේ සැප සනීප බලන්ඩ යන්ඩ හිතාගෙන ඉන්ඩ ඇති." මෙහිදී ලෙමී ඔවුන් අසලට පැමිනියේය. "මිනිහා මැරිලා" ඔහු කීය. වින්ස් හිස සැලුවේය. "වයිසර් එක ඇතුලේ මේක තිබුනා". ලෙමී තමා අත තිබුනු දෙය වින්ස්ට දුන්නේය. වින්ස් එය දෙස බැලීමට නොකැමැති වූ නමුත්, ඔහු ඒ වෙත තම බැල්ම හෙලීය. එය සිනාසෙන කෙල්ලකගේ ඡායාරූපයක් විය. ඇගේ හිසකේ පොනී-ටේලයක් ලෙස ගොතලාය. ඈ ඇදගෙන සිටියේ, කෝර්මන් උසස් පාසැලේ ස්වෙට්-ශර්ටයකි (දිගු අත් සහිත ටී-ශර්ටය). ඒ, ඈ මිය ගිය මොහොතේදී ඈ ඇද සිටි ශර්ටයම විය. ඈ ලාෆ්ලින් ට්‍රකයේ බම්පරය මත හිදගෙන සිටි අතර, ඇගේ පිට ට්‍රකයේ රිදීමය ග්රිලය මතට බර වෙලාය. ඈ තම පියාගේ කැමෝ කැප් තොප්පිය (යුධ හමුදාවේ පළදින කොල සහ කළු පුල්ලි සහිත තොප්පි) පිටුපසට කරකවා පැලද සිටි අතර, විසිළු සැලූටයක් පාමින්, විරිත්තා නොසිටීමට උත්සාහ ගනිමින් සිටියාය. සැලූටය කා හටද? ඇත්තෙන්ම ලාෆ්ලින් හට. කැමරාව අතෙහි තබාගෙන සිටියේ ලාෆ්ලින්ය. "ඒකිගෙ නම ජැකී ලාෆ්ලින්" රේස් කීය. "ඒකිත් දැං මැරිලා. ඉතින් ඒකිටත් හි*** ගියාවේ" ලෙමී ඉදිරියට අඩියක් තැබුවේ, රේස්ව ඔහුගේ බයිකයෙන් ඔසවා ඉවතට ඇද, ඔහුගේ දත් ඇදි ඔහුටම කැවීමටය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom